MyDugsiStart learning

Surah Al-Mursalat in Sinhala: translation and audio

Surah 77 · المرسلات · The Emissaries · 50 verses

Surah Al-Mursalat verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Mursalat word by word in English.

Verse 1

وَٱلْمُرْسَلَـٰتِ عُرْفًا

Transliteration wal-mur'salāti ʿur'fan

Sinhala අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්,

Verse 2

فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًا

Transliteration fal-ʿāṣifāti ʿaṣfan

Sinhala දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,

Verse 3

وَٱلنَّـٰشِرَٰتِ نَشْرًا

Transliteration wal-nāshirāti nashran

Sinhala (වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්.

Verse 4

فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًا

Transliteration fal-fāriqāti farqan

Sinhala වෙන් වෙන් ව වෙන් කරන දෑ මත දිවුරමින්,

Verse 5

فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا

Transliteration fal-mul'qiyāti dhik'ran

Sinhala මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන දෑ මත දිවුරමින්,

Verse 6

عُذْرًا أَوْ نُذْرًا

Transliteration ʿudh'ran aw nudh'ran

Sinhala (එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

Verse 7

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ

Transliteration innamā tūʿadūna lawāqiʿun

Sinhala නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.

Verse 8

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ

Transliteration fa-idhā l-nujūmu ṭumisat

Sinhala තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,

Verse 9

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ

Transliteration wa-idhā l-samāu furijat

Sinhala තවද අහස පුපුරා හරිනු ලබන විට,

Verse 10

وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ

Transliteration wa-idhā l-jibālu nusifat

Sinhala කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,

Verse 11

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ

Transliteration wa-idhā l-rusulu uqqitat

Sinhala තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,

Verse 12

لِأَىِّ يَوْمٍ أُجِّلَتْ

Transliteration li-ayyi yawmin ujjilat

Sinhala කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?

Verse 13

لِيَوْمِ ٱلْفَصْلِ

Transliteration liyawmi l-faṣli

Sinhala (එය) විනිශ්චය දිනය සඳහාය.

Verse 14

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ

Transliteration wamā adrāka mā yawmu l-faṣli

Sinhala විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

Verse 15

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 16

أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ

Transliteration alam nuh'liki l-awalīna

Sinhala මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?

Verse 17

ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ

Transliteration thumma nut'biʿuhumu l-ākhirīna

Sinhala පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.

Verse 18

كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ

Transliteration kadhālika nafʿalu bil-muj'rimīna

Sinhala අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.

Verse 19

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 20

أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ

Transliteration alam nakhluqkkum min māin mahīnin

Sinhala ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?

Verse 21

فَجَعَلْنَـٰهُ فِى قَرَارٍ مَّكِينٍ

Transliteration fajaʿalnāhu fī qarārin makīnin

Sinhala එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

Verse 22

إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ

Transliteration ilā qadarin maʿlūmin

Sinhala නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.

Verse 23

فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَـٰدِرُونَ

Transliteration faqadarnā faniʿ'ma l-qādirūna

Sinhala එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

Verse 24

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 25

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا

Transliteration alam najʿali l-arḍa kifātan

Sinhala මහපොළොව ප්‍රමාණවත් ලෙස අපි පත් නොකළෙමු ද?

Verse 26

أَحْيَآءً وَأَمْوَٰتًا

Transliteration aḥyāan wa-amwātan

Sinhala ජීවත් වන්නන්ට හා මළවුන්ට.

Verse 27

وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَـٰمِخَـٰتٍ وَأَسْقَيْنَـٰكُم مَّآءً فُرَاتًا

Transliteration wajaʿalnā fīhā rawāsiya shāmikhātin wa-asqaynākum māan furātan

Sinhala තවද එහි අපි උස් කඳු මුදුන් ඇති කළෙමු. තවද ඉමිහිරි ජලයද පෙව්වෙමු.

Verse 28

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 29

ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ

Transliteration inṭaliqū ilā mā kuntum bihi tukadhibūna

Sinhala නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.

Verse 30

ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّ ذِى ثَلَـٰثِ شُعَبٍ

Transliteration inṭaliqū ilā ẓillin dhī thalāthi shuʿabin

Sinhala ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.

Verse 31

لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ

Transliteration lā ẓalīlin walā yugh'nī mina l-lahabi

Sinhala එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා කරන්නක් ද නොවෙයි.

Verse 32

إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ

Transliteration innahā tarmī bishararin kal-qaṣri

Sinhala නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.

Verse 33

كَأَنَّهُۥ جِمَـٰلَتٌ صُفْرٌ

Transliteration ka-annahu jimālatun ṣuf'run

Sinhala එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.

Verse 34

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 35

هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ

Transliteration hādhā yawmu lā yanṭiqūna

Sinhala එය ඔවුන් කතා නොකරන දිනයකි.

Verse 36

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ

Transliteration walā yu'dhanu lahum fayaʿtadhirūna

Sinhala ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.

Verse 37

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 38

هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَـٰكُمْ وَٱلْأَوَّلِينَ

Transliteration hādhā yawmu l-faṣli jamaʿnākum wal-awalīna

Sinhala මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.

Verse 39

فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ

Transliteration fa-in kāna lakum kaydun fakīdūni

Sinhala එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.

Verse 40

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 41

إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَـٰلٍ وَعُيُونٍ

Transliteration inna l-mutaqīna fī ẓilālin waʿuyūnin

Sinhala නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.

Verse 42

وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ

Transliteration wafawākiha mimmā yashtahūna

Sinhala තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).

Verse 43

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration kulū wa-ish'rabū hanīan bimā kuntum taʿmalūna

Sinhala නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

Verse 44

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

Transliteration innā kadhālika najzī l-muḥ'sinīna

Sinhala නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

Verse 45

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 46

كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ

Transliteration kulū watamattaʿū qalīlan innakum muj'rimūna

Sinhala නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.

Verse 47

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 48

وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ

Transliteration wa-idhā qīla lahumu ir'kaʿū lā yarkaʿūna

Sinhala (මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.

Verse 49

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration waylun yawma-idhin lil'mukadhibīna

Sinhala බොරු කළවුනට එදින විනාශයයි.

Verse 50

فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ

Transliteration fabi-ayyi ḥadīthin baʿdahu yu'minūna

Sinhala මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?

Read Surah Al-Mursalat in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.