Surah An-Nazi'at in Sinhala: translation and audio
Surah 79 · النازعات · Those who drag forth · 46 verses
Surah An-Nazi'at verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah An-Nazi'at word by word in English.
Verse 1
وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًا
Transliteration wal-nāziʿāti gharqan
Sinhala සාහසික ලෙස (දුෂ්ටයන්ගේ ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
Verse 2
وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًا
Transliteration wal-nāshiṭāti nashṭan
Sinhala තවද මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
Verse 3
وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًا
Transliteration wal-sābiḥāti sabḥan
Sinhala (කැරුණික ක්‍රියාවන්හි) පාවෙමින් පිහිනන්නන් මත ද දිවුරමින්.
Verse 4
فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًا
Transliteration fal-sābiqāti sabqan
Sinhala තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
Verse 5
فَٱلْمُدَبِّرَٰتِ أَمْرًا
Transliteration fal-mudabirāti amran
Sinhala තවද කටයුතු සැලසුම් කරන්නන් මත ද (දිවුරමින්)
Verse 6
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ
Transliteration yawma tarjufu l-rājifatu
Sinhala එදින මහත් කම්පනයකින් (ලොව) කම්පනය වේ.
Verse 7
تَتْبَعُهَا ٱلرَّادِفَةُ
Transliteration tatbaʿuhā l-rādifatu
Sinhala එයට අනුපිළිවෙළින් කම්පනය නැවත සිදු වනු ඇත.
Verse 8
قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ
Transliteration qulūbun yawma-idhin wājifatun
Sinhala එදින හදවත් (බියෙන්) තැති ගනියි.
Verse 9
أَبْصَـٰرُهَا خَـٰشِعَةٌ
Transliteration abṣāruhā khāshiʿatun
Sinhala ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
Verse 10
يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ
Transliteration yaqūlūna a-innā lamardūdūna fī l-ḥāfirati
Sinhala “නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්න්නෝ වන්නෙමුදැ” යි ඔවුහු පවසති.
Verse 11
أَءِذَا كُنَّا عِظَـٰمًا نَّخِرَةً
Transliteration a-idhā kunnā ʿiẓāman nakhiratan
Sinhala “අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ නම් ද?”
Verse 12
قَالُوا۟ تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
Transliteration qālū til'ka idhan karratun khāsiratun
Sinhala “එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
Verse 13
فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ
Transliteration fa-innamā hiya zajratun wāḥidatun
Sinhala එහෙත් එය එක් භයානක හඬක් පමණි.
Verse 14
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ
Transliteration fa-idhā hum bil-sāhirati
Sinhala එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
Verse 15
هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
Transliteration hal atāka ḥadīthu mūsā
Sinhala මූසාගේ තොරතුරු (නබිවරය) ඔබට ලැබුණේද?
Verse 16
إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى
Transliteration idh nādāhu rabbuhu bil-wādi l-muqadasi ṭuwan
Sinhala ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
Verse 17
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ
Transliteration idh'hab ilā fir'ʿawna innahu ṭaghā
Sinhala ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
Verse 18
فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ
Transliteration faqul hal laka ilā an tazakkā
Sinhala එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි විමසනු.
Verse 19
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ
Transliteration wa-ahdiyaka ilā rabbika fatakhshā
Sinhala තවද මා නුඹට මඟ පෙන්වන්නෙමි. එවිට නුඹ නුඹගේ පරමාධිපතිට බියබැතිමත් වෙයි.
Verse 20
فَأَرَىٰهُ ٱلْـَٔايَةَ ٱلْكُبْرَىٰ
Transliteration fa-arāhu l-āyata l-kub'rā
Sinhala එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.
Verse 21
فَكَذَّبَ وَعَصَىٰ
Transliteration fakadhaba waʿaṣā
Sinhala නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා (ඔහුට)පිටුපෑවේය.
Verse 22
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
Transliteration thumma adbara yasʿā
Sinhala පසු ව (ඔහුගෙන් වෙන් වී) පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.
Verse 23
فَحَشَرَ فَنَادَىٰ
Transliteration faḥashara fanādā
Sinhala එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට (ඔවුන් ව) ඇමතුවේය.
Verse 24
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ
Transliteration faqāla anā rabbukumu l-aʿlā
Sinhala එවිට “මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි“ යැයි ඔහු පැවසුවේය.
Verse 25
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْـَٔاخِرَةِ وَٱلْأُولَىٰٓ
Transliteration fa-akhadhahu l-lahu nakāla l-ākhirati wal-ūlā
Sinhala එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.
Verse 26
إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ
Transliteration inna fī dhālika laʿib'ratan liman yakhshā
Sinhala නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
Verse 27
ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا
Transliteration a-antum ashaddu khalqan ami l-samāu banāhā
Sinhala මැවීමට බලවත් වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.
Verse 28
رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا
Transliteration rafaʿa samkahā fasawwāhā
Sinhala ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.
Verse 29
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا
Transliteration wa-aghṭasha laylahā wa-akhraja ḍuḥāhā
Sinhala තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.
Verse 30
وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ
Transliteration wal-arḍa baʿda dhālika daḥāhā
Sinhala තවද මහපොළොව ඉන් පසුව (නියමාකාරයෙන්) ඔහු එය දිග හැරියේය.
Verse 31
أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا
Transliteration akhraja min'hā māahā wamarʿāhā
Sinhala ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද බිහි කළේය.
Verse 32
وَٱلْجِبَالَ أَرْسَىٰهَا
Transliteration wal-jibāla arsāhā
Sinhala තවද කඳු එය ඔහු ස්ථාවරව ස්ථාපිත කළේය.
Verse 33
مَتَـٰعًا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ
Transliteration matāʿan lakum wali-anʿāmikum
Sinhala (එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
Verse 34
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ
Transliteration fa-idhā jāati l-ṭāmatu l-kub'rā
Sinhala එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
Verse 35
يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ مَا سَعَىٰ
Transliteration yawma yatadhakkaru l-insānu mā saʿā
Sinhala එදින මිනිසා තමන් (මෙලොව) ප්රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.
Verse 36
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ
Transliteration waburrizati l-jaḥīmu liman yarā
Sinhala තවද නරඹන්නන්හට නිරය ප්රත්යක්ෂ කරනු ලබයි.
Verse 37
فَأَمَّا مَن طَغَىٰ
Transliteration fa-ammā man ṭaghā
Sinhala "එහෙයින් සීමාව උල්ලංඝනය කර"
Verse 38
وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
Transliteration waāthara l-ḥayata l-dun'yā
Sinhala "මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
Verse 39
فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ
Transliteration fa-inna l-jaḥīma hiya l-mawā
Sinhala සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Verse 40
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ
Transliteration wa-ammā man khāfa maqāma rabbihi wanahā l-nafsa ʿani l-hawā
Sinhala "තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"
Verse 41
فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ
Transliteration fa-inna l-janata hiya l-mawā
Sinhala සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Verse 42
يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا
Transliteration yasalūnaka ʿani l-sāʿati ayyāna mur'sāhā
Sinhala එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.
Verse 43
فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ
Transliteration fīma anta min dhik'rāhā
Sinhala ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?
Verse 44
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ
Transliteration ilā rabbika muntahāhā
Sinhala එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
Verse 45
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا
Transliteration innamā anta mundhiru man yakhshāhā
Sinhala ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
Verse 46
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا
Transliteration ka-annahum yawma yarawnahā lam yalbathū illā ʿashiyyatan aw ḍuḥāhā
Sinhala සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.
Read Surah An-Nazi'at in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.