MyDugsiStart learning

Surah Al-Waqi'ah in Sinhala: translation and audio

Surah 56 · الواقعة · The Inevitable · 96 verses

Surah Al-Waqi'ah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Waqi'ah word by word in English.

Verse 1

إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ

Transliteration idhā waqaʿati l-wāqiʿatu

Sinhala සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට,

Verse 2

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ

Transliteration laysa liwaqʿatihā kādhibatun

Sinhala එම සිදුවීම බොරුවක් නොවෙයි.

Verse 3

خَافِضَةٌ رَّافِعَةٌ

Transliteration khāfiḍatun rāfiʿatun

Sinhala (එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.

Verse 4

إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا

Transliteration idhā rujjati l-arḍu rajjan

Sinhala මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට,

Verse 5

وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا

Transliteration wabussati l-jibālu bassan

Sinhala තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට,

Verse 6

فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا

Transliteration fakānat habāan munbathan

Sinhala එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.

Verse 7

وَكُنتُمْ أَزْوَٰجًا ثَلَـٰثَةً

Transliteration wakuntum azwājan thalāthatan

Sinhala එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.

Verse 8

فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ

Transliteration fa-aṣḥābu l-maymanati mā aṣḥābu l-maymanati

Sinhala එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද?

Verse 9

وَأَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ

Transliteration wa-aṣḥābu l-mashamati mā aṣḥābu l-mashamati

Sinhala තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද?

Verse 10

وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ

Transliteration wal-sābiqūna l-sābiqūna

Sinhala පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.

Verse 11

أُو۟لَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ

Transliteration ulāika l-muqarabūna

Sinhala ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.

Verse 12

فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ

Transliteration fī jannāti l-naʿīmi

Sinhala (ඔවුන්) සැපවත් උයන්හි සිටිති.

Verse 13

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ

Transliteration thullatun mina l-awalīna

Sinhala මුල් අයගෙන් වූ පිරිසකි.

Verse 14

وَقَلِيلٌ مِّنَ ٱلْـَٔاخِرِينَ

Transliteration waqalīlun mina l-ākhirīna

Sinhala තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.

Verse 15

عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ

Transliteration ʿalā sururin mawḍūnatin

Sinhala (ඔවුන්) අලංකාර කරන ලද ඇඳන් මත සිටිති.

Verse 16

مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ

Transliteration muttakiīna ʿalayhā mutaqābilīna

Sinhala ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.

Verse 17

يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ

Transliteration yaṭūfu ʿalayhim wil'dānun mukhalladūna

Sinhala ළමා විය සදාතනික වූ ළමුන් ( සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.

Verse 18

بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ

Transliteration bi-akwābin wa-abārīqa wakasin min maʿīnin

Sinhala දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)

Verse 19

لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ

Transliteration lā yuṣaddaʿūna ʿanhā walā yunzifūna

Sinhala එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.

Verse 20

وَفَـٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ

Transliteration wafākihatin mimmā yatakhayyarūna

Sinhala ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග

Verse 21

وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ

Transliteration walaḥmi ṭayrin mimmā yashtahūna

Sinhala ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග

Verse 22

وَحُورٌ عِينٌ

Transliteration waḥūrun ʿīnun

Sinhala තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.

Verse 23

كَأَمْثَـٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ

Transliteration ka-amthāli l-lu'lu-i l-maknūni

Sinhala (ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය

Verse 24

جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Transliteration jazāan bimā kānū yaʿmalūna

Sinhala ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.

Verse 25

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا

Transliteration lā yasmaʿūna fīhā laghwan walā tathīman

Sinhala ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.

Verse 26

إِلَّا قِيلًا سَلَـٰمًا سَلَـٰمًا

Transliteration illā qīlan salāman salāman

Sinhala ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති.)

Verse 27

وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ

Transliteration wa-aṣḥābu l-yamīni mā aṣḥābu l-yamīni

Sinhala දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?

Verse 28

فِى سِدْرٍ مَّخْضُودٍ

Transliteration fī sid'rin makhḍūdin

Sinhala (ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.

Verse 29

وَطَلْحٍ مَّنضُودٍ

Transliteration waṭalḥin manḍūdin

Sinhala තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.

Verse 30

وَظِلٍّ مَّمْدُودٍ

Transliteration waẓillin mamdūdin

Sinhala දිගු කරනු ලැබූ සෙවණැලි අතරය.

Verse 31

وَمَآءٍ مَّسْكُوبٍ

Transliteration wamāin maskūbin

Sinhala ගලා යවනු ලබන ජලය අතරය.

Verse 32

وَفَـٰكِهَةٍ كَثِيرَةٍ

Transliteration wafākihatin kathīratin

Sinhala බොහෝ පලතුරු අතරය.

Verse 33

لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ

Transliteration lā maqṭūʿatin walā mamnūʿatin

Sinhala කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

Verse 34

وَفُرُشٍ مَّرْفُوعَةٍ

Transliteration wafurushin marfūʿatin

Sinhala උස් ව තබන ලද ඇතිරිලි අතරය.

Verse 35

إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءً

Transliteration innā anshanāhunna inshāan

Sinhala නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු.

Verse 36

فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا

Transliteration fajaʿalnāhunna abkāran

Sinhala අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.

Verse 37

عُرُبًا أَتْرَابًا

Transliteration ʿuruban atrāban

Sinhala පෙම්බර සම වයසැති,

Verse 38

لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ

Transliteration li-aṣḥābi l-yamīni

Sinhala දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)

Verse 39

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ

Transliteration thullatun mina l-awalīna

Sinhala (ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.

Verse 40

وَثُلَّةٌ مِّنَ ٱلْـَٔاخِرِينَ

Transliteration wathullatun mina l-ākhirīna

Sinhala තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.

Verse 41

وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ

Transliteration wa-aṣḥābu l-shimāli mā aṣḥābu l-shimāli

Sinhala තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

Verse 42

فِى سَمُومٍ وَحَمِيمٍ

Transliteration fī samūmin waḥamīmin

Sinhala (ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.

Verse 43

وَظِلٍّ مِّن يَحْمُومٍ

Transliteration waẓillin min yaḥmūmin

Sinhala කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.

Verse 44

لَّا بَارِدٍ وَلَا كَرِيمٍ

Transliteration lā bāridin walā karīmin

Sinhala තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත.

Verse 45

إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ

Transliteration innahum kānū qabla dhālika mut'rafīna

Sinhala නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ.

Verse 46

وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ

Transliteration wakānū yuṣirrūna ʿalā l-ḥinthi l-ʿaẓīmi

Sinhala තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ.

Verse 47

وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ

Transliteration wakānū yaqūlūna a-idhā mit'nā wakunnā turāban waʿiẓāman a-innā lamabʿūthūna

Sinhala තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ.

Verse 48

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ

Transliteration awaābāunā l-awalūna

Sinhala “අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?” (යනුවෙන් ද පැවසූහ.)

Verse 49

قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ

Transliteration qul inna l-awalīna wal-ākhirīna

Sinhala “නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු.

Verse 50

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ

Transliteration lamajmūʿūna ilā mīqāti yawmin maʿlūmin

Sinhala නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.

Verse 51

ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ

Transliteration thumma innakum ayyuhā l-ḍālūna l-mukadhibūna

Sinhala ඉන් පසු: අහෝ බොරුකාරයන් වූ නොමග ගියවුනි! නිසකවම නුඹලාමය,

Verse 52

لَـَٔاكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ

Transliteration laākilūna min shajarin min zaqqūmin

Sinhala නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.

Verse 53

فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ

Transliteration famāliūna min'hā l-buṭūna

Sinhala එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.

Verse 54

فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ

Transliteration fashāribūna ʿalayhi mina l-ḥamīmi

Sinhala ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

Verse 55

فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ

Transliteration fashāribūna shur'ba l-hīmi

Sinhala පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.

Verse 56

هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ

Transliteration hādhā nuzuluhum yawma l-dīni

Sinhala මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

Verse 57

نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ

Transliteration naḥnu khalaqnākum falawlā tuṣaddiqūna

Sinhala අපය නුඹලා ව මැව්වේ. එහෙයින් ( නුඹලාව නැවත නැගිටුවන්නෙමු යනුවෙන්) නුඹලා සත්‍යය කළ යුතු නොවේ ද?

Verse 58

أَفَرَءَيْتُم مَّا تُمْنُونَ

Transliteration afara-aytum mā tum'nūna

Sinhala නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

Verse 59

ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ

Transliteration a-antum takhluqūnahu am naḥnu l-khāliqūna

Sinhala එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද?

Verse 60

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

Transliteration naḥnu qaddarnā baynakumu l-mawta wamā naḥnu bimasbūqīna

Sinhala නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපව අභිබවා යාමට (කිසිවෙකුට) නොහැක..

Verse 61

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ

Transliteration ʿalā an nubaddila amthālakum wanunshi-akum fī mā lā taʿlamūna

Sinhala නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත් (අපි ශක්තිය ලද්දෝ වෙමු).

Verse 62

وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ

Transliteration walaqad ʿalim'tumu l-nashata l-ūlā falawlā tadhakkarūna

Sinhala තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?

Verse 63

أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ

Transliteration afara-aytum mā taḥruthūna

Sinhala නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

Verse 64

ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ

Transliteration a-antum tazraʿūnahu am naḥnu l-zāriʿūna

Sinhala එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද?

Verse 65

لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ

Transliteration law nashāu lajaʿalnāhu ḥuṭāman faẓaltum tafakkahūna

Sinhala අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.

Verse 66

إِنَّا لَمُغْرَمُونَ

Transliteration innā lamugh'ramūna

Sinhala “නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”

Verse 67

بَلْ نَحْنُ مَحْرُومُونَ

Transliteration bal naḥnu maḥrūmūna

Sinhala “එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)

Verse 68

أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ

Transliteration afara-aytumu l-māa alladhī tashrabūna

Sinhala නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද?

Verse 69

ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ

Transliteration a-antum anzaltumūhu mina l-muz'ni am naḥnu l-munzilūna

Sinhala එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද?

Verse 70

لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ

Transliteration law nashāu jaʿalnāhu ujājan falawlā tashkurūna

Sinhala අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?

Verse 71

أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ

Transliteration afara-aytumu l-nāra allatī tūrūna

Sinhala නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද?

Verse 72

ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ

Transliteration a-antum anshatum shajaratahā am naḥnu l-munshiūna

Sinhala (එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද?

Verse 73

نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةً وَمَتَـٰعًا لِّلْمُقْوِينَ

Transliteration naḥnu jaʿalnāhā tadhkiratan wamatāʿan lil'muq'wīna

Sinhala අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.

Verse 74

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ

Transliteration fasabbiḥ bi-is'mi rabbika l-ʿaẓīmi

Sinhala එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.

Verse 75

۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ

Transliteration falā uq'simu bimawāqiʿi l-nujūmi

Sinhala එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.

Verse 76

وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ

Transliteration wa-innahu laqasamun law taʿlamūna ʿaẓīmun

Sinhala තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.

Verse 77

إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ

Transliteration innahu laqur'ānun karīmun

Sinhala නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.

Verse 78

فِى كِتَـٰبٍ مَّكْنُونٍ

Transliteration fī kitābin maknūnin

Sinhala ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය.

Verse 79

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ

Transliteration lā yamassuhu illā l-muṭaharūna

Sinhala එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.

Verse 80

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ

Transliteration tanzīlun min rabbi l-ʿālamīna

Sinhala ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.

Verse 81

أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ

Transliteration afabihādhā l-ḥadīthi antum mud'hinūna

Sinhala නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද?

Verse 82

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ

Transliteration watajʿalūna riz'qakum annakum tukadhibūna

Sinhala තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?

Verse 83

فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ

Transliteration falawlā idhā balaghati l-ḥul'qūma

Sinhala (කෙනෙකුගේ ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට,

Verse 84

وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ

Transliteration wa-antum ḥīna-idhin tanẓurūna

Sinhala නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.

Verse 85

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ

Transliteration wanaḥnu aqrabu ilayhi minkum walākin lā tub'ṣirūna

Sinhala තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත.

Verse 86

فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ

Transliteration falawlā in kuntum ghayra madīnīna

Sinhala එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්,

Verse 87

تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ

Transliteration tarjiʿūnahā in kuntum ṣādiqīna

Sinhala (නුඹලා සිතන පරිදි) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු.

Verse 88

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ

Transliteration fa-ammā in kāna mina l-muqarabīna

Sinhala එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්,

Verse 89

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

Transliteration farawḥun warayḥānun wajannatu naʿīmin

Sinhala සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද ඇත.

Verse 90

وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ

Transliteration wa-ammā in kāna min aṣḥābi l-yamīni

Sinhala ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්,

Verse 91

فَسَلَـٰمٌ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ

Transliteration fasalāmun laka min aṣḥābi l-yamīni

Sinhala එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි.

Verse 92

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ

Transliteration wa-ammā in kāna mina l-mukadhibīna l-ḍālīna

Sinhala ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්,

Verse 93

فَنُزُلٌ مِّنْ حَمِيمٍ

Transliteration fanuzulun min ḥamīmin

Sinhala එවිට ලෝ දියෙන් වූ නවාතැනකි.

Verse 94

وَتَصْلِيَةُ جَحِيمٍ

Transliteration wataṣliyatu jaḥīmin

Sinhala තවද නිරා ගින්නෙහි දැවීමකි.

Verse 95

إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ

Transliteration inna hādhā lahuwa ḥaqqu l-yaqīni

Sinhala ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.

Verse 96

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ

Transliteration fasabbiḥ bi-is'mi rabbika l-ʿaẓīmi

Sinhala එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

Read Surah Al-Waqi'ah in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.