MyDugsiStart learning

Surah An-Naba in Sinhala: translation and audio

Surah 78 · النبإ · The Tidings · 40 verses

Surah An-Naba verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah An-Naba word by word in English.

Verse 1

عَمَّ يَتَسَآءَلُونَ

Transliteration ʿamma yatasāalūna

Sinhala (නබිවරය) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.

Verse 2

عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ

Transliteration ʿani l-naba-i l-ʿaẓīmi

Sinhala මහඟු වූ ආරංචිය පිළිබඳව ය.

Verse 3

ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ

Transliteration alladhī hum fīhi mukh'talifūna

Sinhala එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.

Verse 4

كَلَّا سَيَعْلَمُونَ

Transliteration kallā sayaʿlamūna

Sinhala නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.

Verse 5

ثُمَّ كَلَّا سَيَعْلَمُونَ

Transliteration thumma kallā sayaʿlamūna

Sinhala යළි නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.

Verse 6

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًا

Transliteration alam najʿali l-arḍa mihādan

Sinhala අපි මහපොළොව ඇතිරිල්ලක් ලෙස පත් නොකළෙමු ද?

Verse 7

وَٱلْجِبَالَ أَوْتَادًا

Transliteration wal-jibāla awtādan

Sinhala තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)

Verse 8

وَخَلَقْنَـٰكُمْ أَزْوَٰجًا

Transliteration wakhalaqnākum azwājan

Sinhala තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් නොමැව්වෙමු ද?

Verse 9

وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا

Transliteration wajaʿalnā nawmakum subātan

Sinhala තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් නොකළෙමු ද?

Verse 10

وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا

Transliteration wajaʿalnā al-layla libāsan

Sinhala තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් නොකළෙමු ද?

Verse 11

وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا

Transliteration wajaʿalnā l-nahāra maʿāshan

Sinhala තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් නොකළෙමු ද?

Verse 12

وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا

Transliteration wabanaynā fawqakum sabʿan shidādan

Sinhala තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි නොකළෙමු ද?

Verse 13

وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا

Transliteration wajaʿalnā sirājan wahhājan

Sinhala තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් නොකළෙමු ද?

Verse 14

وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءً ثَجَّاجًا

Transliteration wa-anzalnā mina l-muʿ'ṣirāti māan thajjājan

Sinhala තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ නොකළෙමු ද?

Verse 15

لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا

Transliteration linukh'rija bihi ḥabban wanabātan

Sinhala එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.

Verse 16

وَجَنَّـٰتٍ أَلْفَافًا

Transliteration wajannātin alfāfan

Sinhala තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)

Verse 17

إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًا

Transliteration inna yawma l-faṣli kāna mīqātan

Sinhala නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.

Verse 18

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا

Transliteration yawma yunfakhu fī l-ṣūri fatatūna afwājan

Sinhala සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.

Verse 19

وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًا

Transliteration wafutiḥati l-samāu fakānat abwāban

Sinhala තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු බවට පත් වනු ඇත.

Verse 20

وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا

Transliteration wasuyyirati l-jibālu fakānat sarāban

Sinhala කඳු (තිබූ තැන් වලින්) ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් මෙන් වනු ඇත.

Verse 21

إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا

Transliteration inna jahannama kānat mir'ṣādan

Sinhala නියත වශයෙන්ම නිරය පහර දෙන ස්ථානයක් විය.

Verse 22

لِّلطَّـٰغِينَ مَـَٔابًا

Transliteration lilṭṭāghīna maāban

Sinhala (එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.

Verse 23

لَّـٰبِثِينَ فِيهَآ أَحْقَابًا

Transliteration lābithīna fīhā aḥqāban

Sinhala එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙති.

Verse 24

لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا

Transliteration lā yadhūqūna fīhā bardan walā sharāban

Sinhala ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.

Verse 25

إِلَّا حَمِيمًا وَغَسَّاقًا

Transliteration illā ḥamīman waghassāqan

Sinhala නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ වණ) සැරව මිස. (වෙන කිසිවක් නැත)

Verse 26

جَزَآءً وِفَاقًا

Transliteration jazāan wifāqan

Sinhala (එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.

Verse 27

إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًا

Transliteration innahum kānū lā yarjūna ḥisāban

Sinhala නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියහ.

Verse 28

وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كِذَّابًا

Transliteration wakadhabū biāyātinā kidhāban

Sinhala තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.

Verse 29

وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ كِتَـٰبًا

Transliteration wakulla shayin aḥṣaynāhu kitāban

Sinhala තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කළෙමු.

Verse 30

فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا

Transliteration fadhūqū falan nazīdakum illā ʿadhāban

Sinhala “එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” ‍(යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ.)

Verse 31

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا

Transliteration inna lil'muttaqīna mafāzan

Sinhala නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ද ඇත.

Verse 32

حَدَآئِقَ وَأَعْنَـٰبًا

Transliteration ḥadāiqa wa-aʿnāban

Sinhala වතු හා මිදි ද (ඇත.)

Verse 33

وَكَوَاعِبَ أَتْرَابًا

Transliteration wakawāʿiba atrāban

Sinhala තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).

Verse 34

وَكَأْسًا دِهَاقًا

Transliteration wakasan dihāqan

Sinhala (පානවලින්) පිරුණු කුසලාන ද ඇත.

Verse 35

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّٰبًا

Transliteration lā yasmaʿūna fīhā laghwan walā kidhāban

Sinhala නිෂ්ඵල කථා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.

Verse 36

جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا

Transliteration jazāan min rabbika ʿaṭāan ḥisāban

Sinhala (එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි.

Verse 37

رَّبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا

Transliteration rabbi l-samāwāti wal-arḍi wamā baynahumā l-raḥmāni lā yamlikūna min'hu khiṭāban

Sinhala (එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කථා කිරීමට ඔහුගෙන් ඔවුන් (කිසිවෙකු)ට බලය නොමැත.

Verse 38

يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا

Transliteration yawma yaqūmu l-rūḥu wal-malāikatu ṣaffan lā yatakallamūna illā man adhina lahu l-raḥmānu waqāla ṣawāban

Sinhala රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටින දින. (එදින) අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කථා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කථා නොකරයි.

Verse 39

ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا

Transliteration dhālika l-yawmu l-ḥaqu faman shāa ittakhadha ilā rabbihi maāban

Sinhala එයමය සත්‍යය වූ දිනයයි. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා !

Verse 40

إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا

Transliteration innā andharnākum ʿadhāban qarīban yawma yanẓuru l-maru mā qaddamat yadāhu wayaqūlu l-kāfiru yālaytanī kuntu turāban

Sinhala නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.

Read Surah An-Naba in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.