MyDugsiStart learning

Surah Al-Qiyamah in Sinhala: translation and audio

Surah 75 · القيامة · The Resurrection · 40 verses

Surah Al-Qiyamah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Qiyamah word by word in English.

Verse 1

لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ

Transliteration lā uq'simu biyawmi l-qiyāmati

Sinhala මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.

Verse 2

وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ

Transliteration walā uq'simu bil-nafsi l-lawāmati

Sinhala තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි.

Verse 3

أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ

Transliteration ayaḥsabu l-insānu allan najmaʿa ʿiẓāmahu

Sinhala ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?

Verse 4

بَلَىٰ قَـٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ

Transliteration balā qādirīna ʿalā an nusawwiya banānahu

Sinhala එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

Verse 5

بَلْ يُرِيدُ ٱلْإِنسَـٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ

Transliteration bal yurīdu l-insānu liyafjura amāmahu

Sinhala නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.

Verse 6

يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَـٰمَةِ

Transliteration yasalu ayyāna yawmu l-qiyāmati

Sinhala “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.

Verse 7

فَإِذَا بَرِقَ ٱلْبَصَرُ

Transliteration fa-idhā bariqa l-baṣaru

Sinhala දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට,

Verse 8

وَخَسَفَ ٱلْقَمَرُ

Transliteration wakhasafa l-qamaru

Sinhala තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,

Verse 9

وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ

Transliteration wajumiʿa l-shamsu wal-qamaru

Sinhala තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,

Verse 10

يَقُولُ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ

Transliteration yaqūlu l-insānu yawma-idhin ayna l-mafaru

Sinhala පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.

Verse 11

كَلَّا لَا وَزَرَ

Transliteration kallā lā wazara

Sinhala එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

Verse 12

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ

Transliteration ilā rabbika yawma-idhin l-mus'taqaru

Sinhala එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.

Verse 13

يُنَبَّؤُا۟ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ

Transliteration yunabba-u l-insānu yawma-idhin bimā qaddama wa-akhara

Sinhala ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

Verse 14

بَلِ ٱلْإِنسَـٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌ

Transliteration bali l-insānu ʿalā nafsihi baṣīratun

Sinhala එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.

Verse 15

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ

Transliteration walaw alqā maʿādhīrahu

Sinhala ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද

Verse 16

لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ

Transliteration lā tuḥarrik bihi lisānaka litaʿjala bihi

Sinhala එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.

Verse 17

إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ

Transliteration inna ʿalaynā jamʿahu waqur'ānahu

Sinhala එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

Verse 18

فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ

Transliteration fa-idhā qaranāhu fa-ittabiʿ qur'ānahu

Sinhala එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.

Verse 19

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ

Transliteration thumma inna ʿalaynā bayānahu

Sinhala පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.

Verse 20

كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ

Transliteration kallā bal tuḥibbūna l-ʿājilata

Sinhala නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය.

Verse 21

وَتَذَرُونَ ٱلْـَٔاخِرَةَ

Transliteration watadharūna l-ākhirata

Sinhala තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.

Verse 22

وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ

Transliteration wujūhun yawma-idhin nāḍiratun

Sinhala එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.

Verse 23

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ

Transliteration ilā rabbihā nāẓiratun

Sinhala තම පරමාධිපති දෙස බලමින් සිටිති.

Verse 24

وَوُجُوهٌ يَوْمَئِذٍۭ بَاسِرَةٌ

Transliteration wawujūhun yawma-idhin bāsiratun

Sinhala තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.

Verse 25

تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ

Transliteration taẓunnu an yuf'ʿala bihā fāqiratun

Sinhala කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

Verse 26

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ

Transliteration kallā idhā balaghati l-tarāqiya

Sinhala එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට

Verse 27

وَقِيلَ مَنْ ۜ رَاقٍ

Transliteration waqīla man rāqin

Sinhala තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට

Verse 28

وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ

Transliteration waẓanna annahu l-firāqu

Sinhala නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට

Verse 29

وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ

Transliteration wal-tafati l-sāqu bil-sāqi

Sinhala කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට

Verse 30

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ

Transliteration ilā rabbika yawma-idhin l-masāqu

Sinhala එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.

Verse 31

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

Transliteration falā ṣaddaqa walā ṣallā

Sinhala තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.

Verse 32

وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ

Transliteration walākin kadhaba watawallā

Sinhala නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.

Verse 33

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ

Transliteration thumma dhahaba ilā ahlihi yatamaṭṭā

Sinhala පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.

Verse 34

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

Transliteration awlā laka fa-awlā

Sinhala නුඹට ඛේදයයි. නුඹට ඛේදයමයි!

Verse 35

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ

Transliteration thumma awlā laka fa-awlā

Sinhala පසු ව ද නුඹට ඛේදයයි! නුඹට ඛේදයමයි!

Verse 36

أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى

Transliteration ayaḥsabu l-insānu an yut'raka sudan

Sinhala නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

Verse 37

أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ

Transliteration alam yaku nuṭ'fatan min maniyyin yum'nā

Sinhala විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?

Verse 38

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ

Transliteration thumma kāna ʿalaqatan fakhalaqa fasawwā

Sinhala පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය.

Verse 39

فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ

Transliteration fajaʿala min'hu l-zawjayni l-dhakara wal-unthā

Sinhala පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.

Verse 40

أَلَيْسَ ذَٰلِكَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ

Transliteration alaysa dhālika biqādirin ʿalā an yuḥ'yiya l-mawtā

Sinhala (මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?

Read Surah Al-Qiyamah in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.