Surah Ash-Shu'ara in Sinhala: translation and audio
Surah 26 · الشعراء · The Poets · 227 verses
Surah Ash-Shu'ara verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Ash-Shu'ara word by word in English.
Verse 1
طسٓمٓ
Transliteration tta-seen-meem
Sinhala තා, සීන්, මීම්
Verse 2
تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ
Transliteration til'ka āyātu l-kitābi l-mubīni
Sinhala එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන්ය.
Verse 3
لَعَلَّكَ بَـٰخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ
Transliteration laʿallaka bākhiʿun nafsaka allā yakūnū mu'minīna
Sinhala ඔවුහු දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට තැත් කරන්නාක් මෙනි.
Verse 4
إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةً فَظَلَّتْ أَعْنَـٰقُهُمْ لَهَا خَـٰضِعِينَ
Transliteration in nasha nunazzil ʿalayhim mina l-samāi āyatan faẓallat aʿnāquhum lahā khāḍiʿīna
Sinhala අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහි ව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.
Verse 5
وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ ٱلرَّحْمَـٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا۟ عَنْهُ مُعْرِضِينَ
Transliteration wamā yatīhim min dhik'rin mina l-raḥmāni muḥ'dathin illā kānū ʿanhu muʿ'riḍīna
Sinhala මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කළ ඔවුහු ඒ ගැන පිටුපාමින් සිටියා මිස නැත.
Verse 6
فَقَدْ كَذَّبُوا۟ فَسَيَأْتِيهِمْ أَنۢبَـٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Transliteration faqad kadhabū fasayatīhim anbāu mā kānū bihi yastahziūna
Sinhala එවිට සැබැවින්ම ඔවුහු බොරු කළෝය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෙහු ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
Verse 7
أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ
Transliteration awalam yaraw ilā l-arḍi kam anbatnā fīhā min kulli zawjin karīmin
Sinhala එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින්ම කොපමණක් දෑ හට ගන්වා ඇති දැයි මහපොළොව දෙස ඔවුහු නොබැලුවෙහු ද?
Verse 8
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ.
Verse 9
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන්, මහා කරුණාන්විතයාණන් වූ සර්ව බලධාරී ඔහුමය.
Verse 10
وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ
Transliteration wa-idh nādā rabbuka mūsā ani i'ti l-qawma l-ẓālimīna
Sinhala අපරාධකාරී ජනයා වෙත නුඹ යනු යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව සිහියට නගනු.
Verse 11
قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ
Transliteration qawma fir'ʿawna alā yattaqūna
Sinhala ෆිර්අවුන්ගේ ජනයා, (වෙත) ඔවුහු බිය බැතිමත් විය යුතු නොවේ ද?
Verse 12
قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ
Transliteration qāla rabbi innī akhāfu an yukadhibūni
Sinhala මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
Verse 13
وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَـٰرُونَ
Transliteration wayaḍīqu ṣadrī walā yanṭaliqu lisānī fa-arsil ilā hārūna
Sinhala මාගේ හදවත පීඩනයට පත් ව ඇත. මාගේ දිව ක්‍රියාකාරී නොවෙයි. එහෙයින් හාරූන් වෙත ද (දේව පණිවිඩ) නුඹ එවනු.
Verse 14
وَلَهُمْ عَلَىَّ ذَنۢبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ
Transliteration walahum ʿalayya dhanbun fa-akhāfu an yaqtulūni
Sinhala මා වෙත පැටවුණු පාපයක් ඔවුන් සතු ව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.
Verse 15
قَالَ كَلَّا ۖ فَٱذْهَبَا بِـَٔايَـٰتِنَآ ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ
Transliteration qāla kallā fa-idh'habā biāyātinā innā maʿakum mus'tamiʿūna
Sinhala එසේ නොව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන්ම අපි නුඹලා සමග සිට සවන් දෙන්නෝ වෙමු.
Verse 16
فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration fatiyā fir'ʿawna faqūlā innā rasūlu rabbi l-ʿālamīna
Sinhala එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයන් වෙමු යැයි පවසනු.
Verse 17
أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ
Transliteration an arsil maʿanā banī is'rāīla
Sinhala එබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.
Verse 18
قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ
Transliteration qāla alam nurabbika fīnā walīdan walabith'ta fīnā min ʿumurika sinīna
Sinhala අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි (ෆිර්අවුන්) ඔහු පැවසීය.
Verse 19
وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَـٰفِرِينَ
Transliteration wafaʿalta faʿlataka allatī faʿalta wa-anta mina l-kāfirīna
Sinhala තවද නුඹ ගුණමකුවන් අතුරින් සිටිය දී නුඹ සිදු කළා වූ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කළෙහිය.
Verse 20
قَالَ فَعَلْتُهَآ إِذًا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ
Transliteration qāla faʿaltuhā idhan wa-anā mina l-ḍālīna
Sinhala මුළාවූවන් අතුරින් කෙනෙකු ව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසීය.
Verse 21
فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِى رَبِّى حُكْمًا وَجَعَلَنِى مِنَ ٱلْمُرْسَلِينَ
Transliteration fafarartu minkum lammā khif'tukum fawahaba lī rabbī ḥuk'man wajaʿalanī mina l-mur'salīna
Sinhala එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. මා දහම් දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කළේය.
Verse 22
وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٰٓءِيلَ
Transliteration watil'ka niʿ'matun tamunnuhā ʿalayya an ʿabbadtta banī is'rāīla
Sinhala තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහිය.
Verse 23
قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَـٰلَمِينَ
Transliteration qāla fir'ʿawnu wamā rabbu l-ʿālamīna
Sinhala සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසීය.
Verse 24
قَالَ رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ
Transliteration qāla rabbu l-samāwāti wal-arḍi wamā baynahumā in kuntum mūqinīna
Sinhala නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස් හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
Verse 25
قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ
Transliteration qāla liman ḥawlahu alā tastamiʿūna
Sinhala නුඹලා සවන් නොදෙන්නේ දැයි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසීය.
Verse 26
قَالَ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
Transliteration qāla rabbukum warabbu ābāikumu l-awalīna
Sinhala (ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසීය.
Verse 27
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ
Transliteration qāla inna rasūlakumu alladhī ur'sila ilaykum lamajnūnun
Sinhala නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ දහම් දූතයා නියත වශයෙන්ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
Verse 28
قَالَ رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ
Transliteration qāla rabbu l-mashriqi wal-maghribi wamā baynahumā in kuntum taʿqilūna
Sinhala නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
Verse 29
قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَـٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ
Transliteration qāla la-ini ittakhadhta ilāhan ghayrī la-ajʿalannaka mina l-masjūnīna
Sinhala මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
Verse 30
قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍ مُّبِينٍ
Transliteration qāla awalaw ji'tuka bishayin mubīnin
Sinhala මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන පැමිණිවිට වුව දැයි ඔහු (මූසා) විමසීය.
Verse 31
قَالَ فَأْتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
Transliteration qāla fati bihi in kunta mina l-ṣādiqīna
Sinhala එසේ නම් නුඹ සත්‍යවාදීන් අතුරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
Verse 32
فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌ مُّبِينٌ
Transliteration fa-alqā ʿaṣāhu fa-idhā hiya thuʿ'bānun mubīnun
Sinhala එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේය. එවිට එය පැහැදිලි නාගයකු විය.
Verse 33
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّـٰظِرِينَ
Transliteration wanazaʿa yadahu fa-idhā hiya bayḍāu lilnnāẓirīna
Sinhala තවද ඔහුගේ අත ඉවතට ගත්තේය. එවිට එය නරඹන්නන් හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.
Verse 34
قَالَ لِلْمَلَإِ حَوْلَهُۥٓ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ عَلِيمٌ
Transliteration qāla lil'mala-i ḥawlahu inna hādhā lasāḥirun ʿalīmun
Sinhala නියත වශයෙන්ම මොහු මනා දැනුමැති හූනියම් කරවෙකි යැයි තමන් අවට සිටි ප්‍රධානීන් හට (ෆිර්අවුන්) ඔහු පැවසීය.
Verse 35
يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِۦ فَمَاذَا تَأْمُرُونَ
Transliteration yurīdu an yukh'rijakum min arḍikum bisiḥ'rihi famādhā tamurūna
Sinhala ඔහුගේ හූනියම මගින් නුඹලා ව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?
Verse 36
قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَٱبْعَثْ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ
Transliteration qālū arjih wa-akhāhu wa-ib'ʿath fī l-madāini ḥāshirīna
Sinhala ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝය.
Verse 37
يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ
Transliteration yatūka bikulli saḥḥārin ʿalīmin
Sinhala මනා දැනුමැති සියලුම හූනියම්කරුවන් නුඹ වෙත ඔවුහු ගෙන එනු ඇත.
Verse 38
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ
Transliteration fajumiʿa l-saḥaratu limīqāti yawmin maʿlūmin
Sinhala එසේ නියමිත දිනක නියමිත වේලාවක හූනියම් කරුවන් එක්රැස් කරන ලදී.
Verse 39
وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ
Transliteration waqīla lilnnāsi hal antum muj'tamiʿūna
Sinhala තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැයි ජනයාගෙන් විමසන ලදී.
Verse 40
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُوا۟ هُمُ ٱلْغَـٰلِبِينَ
Transliteration laʿallanā nattabiʿu l-saḥarata in kānū humu l-ghālibīna
Sinhala හූනියම් කරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයෙහු නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.
Verse 41
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُوا۟ لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَـٰلِبِينَ
Transliteration falammā jāa l-saḥaratu qālū lifir'ʿawna a-inna lanā la-ajran in kunnā naḥnu l-ghālibīna
Sinhala හූනියම්කරුවෝ පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැයි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.
Verse 42
قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ ٱلْمُقَرَّبِينَ
Transliteration qāla naʿam wa-innakum idhan lamina l-muqarabīna
Sinhala එසේය: එවිට නියත වශයෙන්ම නුඹලා (මට) සමීපතයින් අතුරින් වන්නෙහුය.
Verse 43
قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ
Transliteration qāla lahum mūsā alqū mā antum mul'qūna
Sinhala නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසීය.
Verse 44
فَأَلْقَوْا۟ حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا۟ بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ ٱلْغَـٰلِبُونَ
Transliteration fa-alqaw ḥibālahum waʿiṣiyyahum waqālū biʿizzati fir'ʿawna innā lanaḥnu l-ghālibūna
Sinhala එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ අනුහසින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ.
Verse 45
فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ
Transliteration fa-alqā mūsā ʿaṣāhu fa-idhā hiya talqafu mā yafikūna
Sinhala එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළීය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේය.
Verse 46
فَأُلْقِىَ ٱلسَّحَرَةُ سَـٰجِدِينَ
Transliteration fa-ul'qiya l-saḥaratu sājidīna
Sinhala පසුව හූනියම්කරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදී.
Verse 47
قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration qālū āmannā birabbi l-ʿālamīna
Sinhala සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 48
رَبِّ مُوسَىٰ وَهَـٰرُونَ
Transliteration rabbi mūsā wahārūna
Sinhala ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.
Verse 49
قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ
Transliteration qāla āmantum lahu qabla an ādhana lakum innahu lakabīrukumu alladhī ʿallamakumu l-siḥ'ra falasawfa taʿlamūna la-uqaṭṭiʿanna aydiyakum wa-arjulakum min khilāfin wala-uṣallibannakum ajmaʿīna
Sinhala මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද?. නුඹලාට හූනියම ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ දමා ඇණ ගසමි යැයි පැවසීය.
Verse 50
قَالُوا۟ لَا ضَيْرَ ۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ
Transliteration qālū lā ḍayra innā ilā rabbinā munqalibūna
Sinhala කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 51
إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَـٰيَـٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلْمُؤْمِنِينَ
Transliteration innā naṭmaʿu an yaghfira lanā rabbunā khaṭāyānā an kunnā awwala l-mu'minīna
Sinhala අප දෙවියන් කෙරෙහි විශ්වාස තැබූ මුල් අය වූ බැවින් අපගේ වැරදි වලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි ප්‍රිය කරන්නෙමු.
Verse 52
۞ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ إِنَّكُم مُّتَّبَعُونَ
Transliteration wa-awḥaynā ilā mūsā an asri biʿibādī innakum muttabaʿūna
Sinhala තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත් ව යනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.
Verse 53
فَأَرْسَلَ فِرْعَوْنُ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ
Transliteration fa-arsala fir'ʿawnu fī l-madāini ḥāshirīna
Sinhala එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගර වලට රැස් කරන්නන් එවීය.
Verse 54
إِنَّ هَـٰٓؤُلَآءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ
Transliteration inna hāulāi lashir'dhimatun qalīlūna
Sinhala නියත වශයෙන්ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.
Verse 55
وَإِنَّهُمْ لَنَا لَغَآئِظُونَ
Transliteration wa-innahum lanā laghāiẓūna
Sinhala තවද නියත වශයෙන්ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.
Verse 56
وَإِنَّا لَجَمِيعٌ حَـٰذِرُونَ
Transliteration wa-innā lajamīʿun ḥādhirūna
Sinhala තවද නියත වශයෙන්ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.
Verse 57
فَأَخْرَجْنَـٰهُم مِّن جَنَّـٰتٍ وَعُيُونٍ
Transliteration fa-akhrajnāhum min jannātin waʿuyūnin
Sinhala එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන් වලින් හා උල්පත් වලින් ද අපි ඔවුන් බැහැර කළෙමු.
Verse 58
وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ
Transliteration wakunūzin wamaqāmin karīmin
Sinhala නිධන් වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)
Verse 59
كَذَٰلِكَ وَأَوْرَثْنَـٰهَا بَنِىٓ إِسْرَٰٓءِيلَ
Transliteration kadhālika wa-awrathnāhā banī is'rāīla
Sinhala එලෙස අපි එ(ම සම්පත්වලින් පිරුණු දේශ)ය ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.
Verse 60
فَأَتْبَعُوهُم مُّشْرِقِينَ
Transliteration fa-atbaʿūhum mush'riqīna
Sinhala පසුව උදෑසන උදාවූවන් ලෙසින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝය.
Verse 61
فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَـٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ
Transliteration falammā tarāā l-jamʿāni qāla aṣḥābu mūsā innā lamud'rakūna
Sinhala කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නන් වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.
Verse 62
قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ
Transliteration qāla kallā inna maʿiya rabbī sayahdīni
Sinhala එසේ නොව නියත වශයෙන්ම මා සමග මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසීය.
Verse 63
فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ
Transliteration fa-awḥaynā ilā mūsā ani iḍ'rib biʿaṣāka l-baḥra fa-infalaqa fakāna kullu fir'qin kal-ṭawdi l-ʿaẓīmi
Sinhala ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.
Verse 64
وَأَزْلَفْنَا ثَمَّ ٱلْـَٔاخَرِينَ
Transliteration wa-azlafnā thamma l-ākharīna
Sinhala තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.
Verse 65
وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ
Transliteration wa-anjaynā mūsā waman maʿahu ajmaʿīna
Sinhala තවද අපි මූසා හා ඔහු සමග සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.
Verse 66
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ
Transliteration thumma aghraqnā l-ākharīna
Sinhala පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.
Verse 67
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 68
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව බලධාරියාණන් මහා කරුණාන්විතයාණන්.
Verse 69
وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ
Transliteration wa-ut'lu ʿalayhim naba-a ib'rāhīma
Sinhala තවද නුඹ ඔවුන් වෙත ඉබ්‍රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.
Verse 70
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ
Transliteration idh qāla li-abīhi waqawmihi mā taʿbudūna
Sinhala නුඹලා කුමක් නමදින්නෙහුදැයි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසීය.
Verse 71
قَالُوا۟ نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَـٰكِفِينَ
Transliteration qālū naʿbudu aṣnāman fanaẓallu lahā ʿākifīna
Sinhala අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන්ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 72
قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ
Transliteration qāla hal yasmaʿūnakum idh tadʿūna
Sinhala නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද?
Verse 73
أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ
Transliteration aw yanfaʿūnakum aw yaḍurrūna
Sinhala එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි ඔහු (ඉබ්රාහීම්) විමසීය.
Verse 74
قَالُوا۟ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ
Transliteration qālū bal wajadnā ābāanā kadhālika yafʿalūna
Sinhala නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසූහ.
Verse 75
قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ
Transliteration qāla afara-aytum mā kuntum taʿbudūna
Sinhala නුඹලා සිතා බැලුවෙහු දැ?යි ඔහු (ඉබ්‍රාහිම්) විමසීය.
Verse 76
أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ
Transliteration antum waābāukumu l-aqdamūna
Sinhala නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් නමදිමින් සිටින දෑ ගැන
Verse 77
فَإِنَّهُمْ عَدُوٌّ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَـٰلَمِينَ
Transliteration fa-innahum ʿaduwwun lī illā rabba l-ʿālamīna
Sinhala හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.
Verse 78
ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ
Transliteration alladhī khalaqanī fahuwa yahdīni
Sinhala ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.
Verse 79
وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ
Transliteration wa-alladhī huwa yuṭ'ʿimunī wayasqīni
Sinhala තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.
Verse 80
وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ
Transliteration wa-idhā mariḍ'tu fahuwa yashfīni
Sinhala තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.
Verse 81
وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ
Transliteration wa-alladhī yumītunī thumma yuḥ'yīni
Sinhala තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවිය දෙයි.
Verse 82
وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓـَٔتِى يَوْمَ ٱلدِّينِ
Transliteration wa-alladhī aṭmaʿu an yaghfira lī khaṭīatī yawma l-dīni
Sinhala තවද ඔහු වනාහි මාගේ වැරදි වලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මම ආශා කරන්නෙමි.
Verse 83
رَبِّ هَبْ لِى حُكْمًا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ
Transliteration rabbi hab lī ḥuk'man wa-alḥiq'nī bil-ṣāliḥīna
Sinhala මාගේ පරමාධිපතියාණෙනි, මට ප්‍රඥාව පිරිනමනු මැනව ! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
Verse 84
وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍ فِى ٱلْـَٔاخِرِينَ
Transliteration wa-ij'ʿal lī lisāna ṣid'qin fī l-ākhirīna
Sinhala තවද පසු ව පැමිණෙන්නන් අතර සැබෑ ලෙස අගයන කතාවක් බවට මා පත් කරනු මැනව !
Verse 85
وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ
Transliteration wa-ij'ʿalnī min warathati jannati l-naʿīmi
Sinhala සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතුරින් මා පත් කරනු මැනව !
Verse 86
وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ
Transliteration wa-igh'fir li-abī innahu kāna mina l-ḍālīna
Sinhala තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව ! නියත වශයෙන්ම ඔහු මුළා වූවන් අතුරින් කෙනෙකු විය.
Verse 87
وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ
Transliteration walā tukh'zinī yawma yub'ʿathūna
Sinhala (ජනයා) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ මා දුකට පත් නොකරනු මැනව !
Verse 88
يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ
Transliteration yawma lā yanfaʿu mālun walā banūna
Sinhala (එය) ධනය හා දරුවන් ප්‍රයෝජනවත් නොවන දිනකි.
Verse 89
إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ
Transliteration illā man atā l-laha biqalbin salīmin
Sinhala නමුත් ශාන්තමය හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
Verse 90
وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ
Transliteration wa-uz'lifati l-janatu lil'muttaqīna
Sinhala බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
Verse 91
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ
Transliteration waburrizati l-jaḥīmu lil'ghāwīna
Sinhala තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
Verse 92
وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ
Transliteration waqīla lahum ayna mā kuntum taʿbudūna
Sinhala අල්ලාහ්ගෙන් තොර නුඹලා නමදිමින් සිටි දෑ කොහේදැ?යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
Verse 93
مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ
Transliteration min dūni l-lahi hal yanṣurūnakum aw yantaṣirūna
Sinhala ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝද?
Verse 94
فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ
Transliteration fakub'kibū fīhā hum wal-ghāwūna
Sinhala එවිට එහි ඔවුන් හා සීමාව ඉක්මවූවන් මුණින් අතට හෙළනු ලැබේ.
Verse 95
وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ
Transliteration wajunūdu ib'līsa ajmaʿūna
Sinhala ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද මුණින් අතට හෙළනු ලැබේ.
Verse 96
قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ
Transliteration qālū wahum fīhā yakhtaṣimūna
Sinhala තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.
Verse 97
تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَـٰلٍ مُّبِينٍ
Transliteration tal-lahi in kunnā lafī ḍalālin mubīnin
Sinhala අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.
Verse 98
إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration idh nusawwīkum birabbi l-ʿālamīna
Sinhala සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලා ව පත් කළ අවස්ථාවේ
Verse 99
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ
Transliteration wamā aḍallanā illā l-muj'rimūna
Sinhala අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අප ව නොමග නොයැවීය.
Verse 100
فَمَا لَنَا مِن شَـٰفِعِينَ
Transliteration famā lanā min shāfiʿīna
Sinhala එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.
Verse 101
وَلَا صَدِيقٍ حَمِيمٍ
Transliteration walā ṣadīqin ḥamīmin
Sinhala තවද උණු වන (හදවතක් ඇති) මිතුරෙකු හෝ නොමැත.
Verse 102
فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ
Transliteration falaw anna lanā karratan fanakūna mina l-mu'minīna
Sinhala එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් වන්නෙමු.
Verse 103
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 104
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 105
كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ
Transliteration kadhabat qawmu nūḥin l-mur'salīna
Sinhala නූහ්ගේ ජනයා දූතවරුන් බොරු කළහ.
Verse 106
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ
Transliteration idh qāla lahum akhūhum nūḥun alā tattaqūna
Sinhala නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාවේ..
Verse 107
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Transliteration innī lakum rasūlun amīnun
Sinhala නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.
Verse 108
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 109
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration wamā asalukum ʿalayhi min ajrin in ajriya illā ʿalā rabbi l-ʿālamīna
Sinhala තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 110
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 111
۞ قَالُوٓا۟ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ
Transliteration qālū anu'minu laka wa-ittabaʿaka l-ardhalūna
Sinhala පහත් අය නුඹ ව අනුගමනය කරමින් සිටියදී අපි නුඹ ව විශ්වාස කරන්නෙමු දැයි ඔවුහු විමසූහ.
Verse 112
قَالَ وَمَا عِلْمِى بِمَا كَانُوا۟ يَعْمَلُونَ
Transliteration qāla wamā ʿil'mī bimā kānū yaʿmalūna
Sinhala ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මට දැනුම නොමැතැයි ඔහු පැවසුවේය.
Verse 113
إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى ۖ لَوْ تَشْعُرُونَ
Transliteration in ḥisābuhum illā ʿalā rabbī law tashʿurūna
Sinhala නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස නැත.
Verse 114
وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ
Transliteration wamā anā biṭāridi l-mu'minīna
Sinhala තවද මම දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නොවෙමි.
Verse 115
إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ
Transliteration in anā illā nadhīrun mubīnun
Sinhala මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.
Verse 116
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ
Transliteration qālū la-in lam tantahi yānūḥu latakūnanna mina l-marjūmīna
Sinhala අහෝ ! නූහ්, නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතුරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
Verse 117
قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ
Transliteration qāla rabbi inna qawmī kadhabūni
Sinhala මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මාගේ ජනයා මා බොරු කළහ යැයි ඔහු පැවසීය.
Verse 118
فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ
Transliteration fa-if'taḥ baynī wabaynahum fatḥan wanajjinī waman maʿiya mina l-mu'minīna
Sinhala එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින්නවුන් අතුරින් දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
Verse 119
فَأَنجَيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ
Transliteration fa-anjaynāhu waman maʿahu fī l-ful'ki l-mashḥūni
Sinhala එවිට (ජීවීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු ද ඔහු සමග සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.
Verse 120
ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ
Transliteration thumma aghraqnā baʿdu l-bāqīna
Sinhala ඉන් අනතුරු ව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.
Verse 121
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 122
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 123
كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ
Transliteration kadhabat ʿādun l-mur'salīna
Sinhala ආද් ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
Verse 124
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ
Transliteration idh qāla lahum akhūhum hūdun alā tattaqūna
Sinhala නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැයි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 125
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Transliteration innī lakum rasūlun amīnun
Sinhala නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකි.
Verse 126
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 127
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration wamā asalukum ʿalayhi min ajrin in ajriya illā ʿalā rabbi l-ʿālamīna
Sinhala තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 128
أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةً تَعْبَثُونَ
Transliteration atabnūna bikulli rīʿin āyatan taʿbathūna
Sinhala සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුලුනු) තනන්නෙහු ද?
Verse 129
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ
Transliteration watattakhidhūna maṣāniʿa laʿallakum takhludūna
Sinhala නුඹලා සදා ජීවත් විය හැකි වනු පිණිස මන්දිර තනා ගන්නෙහු ද?
Verse 130
وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ
Transliteration wa-idhā baṭashtum baṭashtum jabbārīna
Sinhala තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහුය.
Verse 131
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 132
وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ
Transliteration wa-ittaqū alladhī amaddakum bimā taʿlamūna
Sinhala නුඹලා දන්නා දෑ මගින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
Verse 133
أَمَدَّكُم بِأَنْعَـٰمٍ وَبَنِينَ
Transliteration amaddakum bi-anʿāmin wabanīna
Sinhala ගොවිපළ සතුන් මෙන්ම පිරිමි දරුවන් ඔහු නුඹලාට උපකාර කළේය.
Verse 134
وَجَنَّـٰتٍ وَعُيُونٍ
Transliteration wajannātin waʿuyūnin
Sinhala උයන් හා උල්පත් මගින් ද ඔහු නුඹලාට උපකාර කළේය.
Verse 135
إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
Transliteration innī akhāfu ʿalaykum ʿadhāba yawmin ʿaẓīmin
Sinhala නියත වශයෙන්ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
Verse 136
قَالُوا۟ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٰعِظِينَ
Transliteration qālū sawāon ʿalaynā awaʿaẓta am lam takun mina l-wāʿiẓīna
Sinhala නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතුරින් නොවූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.
Verse 137
إِنْ هَـٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ
Transliteration in hādhā illā khuluqu l-awalīna
Sinhala මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නොවීය.
Verse 138
وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
Transliteration wamā naḥnu bimuʿadhabīna
Sinhala තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.
Verse 139
فَكَذَّبُوهُ فَأَهْلَكْنَـٰهُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration fakadhabūhu fa-ahlaknāhum inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala එසේ ඔවුහු බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 140
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය මහාකරුණාන්විත සර්ව බලධාරියාණන්.
Verse 141
كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ
Transliteration kadhabat thamūdu l-mur'salīna
Sinhala සමූද් ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
Verse 142
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَـٰلِحٌ أَلَا تَتَّقُونَ
Transliteration idh qāla lahum akhūhum ṣāliḥun alā tattaqūna
Sinhala නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැ?යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 143
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Transliteration innī lakum rasūlun amīnun
Sinhala නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකු වෙමි.
Verse 144
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 145
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration wamā asalukum ʿalayhi min ajrin in ajriya illā ʿalā rabbi l-ʿālamīna
Sinhala තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 146
أَتُتْرَكُونَ فِى مَا هَـٰهُنَآ ءَامِنِينَ
Transliteration atut'rakūna fī mā hāhunā āminīna
Sinhala මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
Verse 147
فِى جَنَّـٰتٍ وَعُيُونٍ
Transliteration fī jannātin waʿuyūnin
Sinhala උයන් හා උල්පත් වල ඇති දෑ සමග,
Verse 148
وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ
Transliteration wazurūʿin wanakhlin ṭalʿuhā haḍīmun
Sinhala තවද කෙත් වතු හා පැහුණු වලුබරැති ඉඳි ගස්හි ද ඇති දෑ සමග,
Verse 149
وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا فَـٰرِهِينَ
Transliteration watanḥitūna mina l-jibāli buyūtan fārihīna
Sinhala තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු තුළ හාරා නිවෙස් තනා ගන්නෙහුය.
Verse 150
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 151
وَلَا تُطِيعُوٓا۟ أَمْرَ ٱلْمُسْرِفِينَ
Transliteration walā tuṭīʿū amra l-mus'rifīna
Sinhala තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නොවනු.
Verse 152
ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ
Transliteration alladhīna yuf'sidūna fī l-arḍi walā yuṣ'liḥūna
Sinhala ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත් ව කටයුතු නොකරති.
Verse 153
قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ
Transliteration qālū innamā anta mina l-musaḥarīna
Sinhala නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතුරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.
Verse 154
مَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
Transliteration mā anta illā basharun mith'lunā fati biāyatin in kunta mina l-ṣādiqīna
Sinhala නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතුරින් නම් සංඥාවක් ගෙන එනු.
Verse 155
قَالَ هَـٰذِهِۦ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ
Transliteration qāla hādhihi nāqatun lahā shir'bun walakum shir'bu yawmin maʿlūmin
Sinhala මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පානය (සඳහා වූ දිනය)කි. තවද නුඹලා වෙනුවෙන් පානය සඳහා නම් කරනු ලැබූ දිනයකි.
Verse 156
وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ
Transliteration walā tamassūhā bisūin fayakhudhakum ʿadhābu yawmin ʿaẓīmin
Sinhala තවද නුඹලා නපුරු අයුරින් ඌ ස්පර්ශ නොකරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත.
Verse 157
فَعَقَرُوهَا فَأَصْبَحُوا۟ نَـٰدِمِينَ
Transliteration faʿaqarūhā fa-aṣbaḥū nādimīna
Sinhala නමුත් ඔවුහු උගේ නහර කපා මරා දැමූහ. එවිට ඔවුහු වැලපෙන්නන් බවට පත් වූහ.
Verse 158
فَأَخَذَهُمُ ٱلْعَذَابُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration fa-akhadhahumu l-ʿadhābu inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala එවිට එම දඬුවම ඔවුහු ග්‍රහණය කළෝය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් නොවූහ.
Verse 159
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 160
كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ
Transliteration kadhabat qawmu lūṭin l-mur'salīna
Sinhala ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළහ.
Verse 161
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ
Transliteration idh qāla lahum akhūhum lūṭun alā tattaqūna
Sinhala නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 162
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Transliteration innī lakum rasūlun amīnun
Sinhala නියත වශයෙන්ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය දූතයකු වෙමි.
Verse 163
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 164
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration wamā asalukum ʿalayhi min ajrin in ajriya illā ʿalā rabbi l-ʿālamīna
Sinhala තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 165
أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَـٰلَمِينَ
Transliteration atatūna l-dhuk'rāna mina l-ʿālamīna
Sinhala නුඹලා ලෝවැසියන් අතුරින් පිරිමින් වෙත (සම ලිංගික අවශ්‍යතා සඳහා) යන්නෙහු ද?
Verse 166
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٰجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ
Transliteration watadharūna mā khalaqa lakum rabbukum min azwājikum bal antum qawmun ʿādūna
Sinhala නුඹලාගේ බිරියන් අතුරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මැවූ දෑ අත හැර දමා (පිරිමින් වෙත) යන්නෙහුය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.
Verse 167
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ
Transliteration qālū la-in lam tantahi yālūṭu latakūnanna mina l-mukh'rajīna
Sinhala අහෝ! ලූත්, නුඹ එයින් නොවැළකුණෙහි නම්, සැබැවින්ම නුඹ බැහැර කරනු ලබන්නන් අතුරින් වන්නෙහුය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝය.
Verse 168
قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ
Transliteration qāla innī liʿamalikum mina l-qālīna
Sinhala නියත වශයෙන්ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි (ලූත්) ඔහු පැවසීය.
Verse 169
رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ
Transliteration rabbi najjinī wa-ahlī mimmā yaʿmalūna
Sinhala පරමාධිපතියාණෙනි, ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!
Verse 170
فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ
Transliteration fanajjaynāhu wa-ahlahu ajmaʿīna
Sinhala ඔහු හා ඔහුගේ දරුපවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.
Verse 171
إِلَّا عَجُوزًا فِى ٱلْغَـٰبِرِينَ
Transliteration illā ʿajūzan fī l-ghābirīna
Sinhala එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර
Verse 172
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ
Transliteration thumma dammarnā l-ākharīna
Sinhala පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.
Verse 173
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ
Transliteration wa-amṭarnā ʿalayhim maṭaran fasāa maṭaru l-mundharīna
Sinhala තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.
Verse 174
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 175
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 176
كَذَّبَ أَصْحَـٰبُ لْـَٔيْكَةِ ٱلْمُرْسَلِينَ
Transliteration kadhaba aṣḥābu al'aykati l-mur'salīna
Sinhala අය්කා වාසීහු ද දහම් දූතයින් බොරු කළහ.
Verse 177
إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ
Transliteration idh qāla lahum shuʿaybun alā tattaqūna
Sinhala නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහියට නගනු.
Verse 178
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Transliteration innī lakum rasūlun amīnun
Sinhala නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය දූතයකු වෙමි.
Verse 179
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
Verse 180
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration wamā asalukum ʿalayhi min ajrin in ajriya illā ʿalā rabbi l-ʿālamīna
Sinhala තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස නැත.
Verse 181
۞ أَوْفُوا۟ ٱلْكَيْلَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُخْسِرِينَ
Transliteration awfū l-kayla walā takūnū mina l-mukh'sirīna
Sinhala නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා පාඩු කරන්නන් අතුරින් නොවනු.
Verse 182
وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ
Transliteration wazinū bil-qis'ṭāsi l-mus'taqīmi
Sinhala ඍජු තුලනයෙන් නුඹලා කිරනු.
Verse 183
وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ
Transliteration walā tabkhasū l-nāsa ashyāahum walā taʿthaw fī l-arḍi muf'sidīna
Sinhala තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස සැරිනොසරනු.
Verse 184
وَٱتَّقُوا۟ ٱلَّذِى خَلَقَكُمْ وَٱلْجِبِلَّةَ ٱلْأَوَّلِينَ
Transliteration wa-ittaqū alladhī khalaqakum wal-jibilata l-awalīna
Sinhala නුඹලා හා මුල් මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
Verse 185
قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ
Transliteration qālū innamā anta mina l-musaḥarīna
Sinhala නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතුරිනි යැයි ඔවුහු පැවසූහ.
Verse 186
وَمَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلْكَـٰذِبِينَ
Transliteration wamā anta illā basharun mith'lunā wa-in naẓunnuka lamina l-kādhibīna
Sinhala තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. තවද අපි නුඹ බොරුකාරයින් අතුරින් යැයි සිතමු.
Verse 187
فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
Transliteration fa-asqiṭ ʿalaynā kisafan mina l-samāi in kunta mina l-ṣādiqīna
Sinhala එසේ නම් නුඹ සත්‍යවාදීන් අතුරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.
Verse 188
قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ
Transliteration qāla rabbī aʿlamu bimā taʿmalūna
Sinhala නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
Verse 189
فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ ۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ
Transliteration fakadhabūhu fa-akhadhahum ʿadhābu yawmi l-ẓulati innahu kāna ʿadhāba yawmin ʿaẓīmin
Sinhala එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය.
Verse 190
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
Transliteration inna fī dhālika laāyatan wamā kāna aktharuhum mu'minīna
Sinhala නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූහ.
Verse 191
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration wa-inna rabbaka lahuwa l-ʿazīzu l-raḥīmu
Sinhala තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්වබලධාරී මහාකරුණාන්විතයාණන්.
Verse 192
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration wa-innahu latanzīlu rabbi l-ʿālamīna
Sinhala තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
Verse 193
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ
Transliteration nazala bihi l-rūḥu l-amīnu
Sinhala විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.
Verse 194
عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ
Transliteration ʿalā qalbika litakūna mina l-mundhirīna
Sinhala (නබිවරය) නුඹේ හදවත වෙත, නුඹ අවවාද කරන්නන් අතුරින් වනු පිණිස,
Verse 195
بِلِسَانٍ عَرَبِىٍّ مُّبِينٍ
Transliteration bilisānin ʿarabiyyin mubīnin
Sinhala පැහැදිලි අරාබි බසින්.
Verse 196
وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ
Transliteration wa-innahu lafī zuburi l-awalīna
Sinhala තවද නියත වශයෙන්ම එය මුතුන් මිත්තන්ගේ ග්‍රන්ථ වල විය.
Verse 197
أَوَلَمْ يَكُن لَّهُمْ ءَايَةً أَن يَعْلَمَهُۥ عُلَمَـٰٓؤُا۟ بَنِىٓ إِسْرَٰٓءِيلَ
Transliteration awalam yakun lahum āyatan an yaʿlamahu ʿulamāu banī is'rāīla
Sinhala තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වත්හු ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නොවී ද?
Verse 198
وَلَوْ نَزَّلْنَـٰهُ عَلَىٰ بَعْضِ ٱلْأَعْجَمِينَ
Transliteration walaw nazzalnāhu ʿalā baʿḍi l-aʿjamīna
Sinhala තවද අරාබි නොවන ඇතැමුන් වෙත අපි එය පහළ කොට,
Verse 199
فَقَرَأَهُۥ عَلَيْهِم مَّا كَانُوا۟ بِهِۦ مُؤْمِنِينَ
Transliteration faqara-ahu ʿalayhim mā kānū bihi mu'minīna
Sinhala එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුහු ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.
Verse 200
كَذَٰلِكَ سَلَكْنَـٰهُ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ
Transliteration kadhālika salaknāhu fī qulūbi l-muj'rimīna
Sinhala වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙසය.
Verse 201
لَا يُؤْمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ
Transliteration lā yu'minūna bihi ḥattā yarawū l-ʿadhāba l-alīma
Sinhala වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳ ව ඔවුහු විශ්වාස නොකරති.
Verse 202
فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
Transliteration fayatiyahum baghtatan wahum lā yashʿurūna
Sinhala එහෙයින් ඔවුන් නොදැන සිටියදී ක්ෂණික ව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.
Verse 203
فَيَقُولُوا۟ هَلْ نَحْنُ مُنظَرُونَ
Transliteration fayaqūlū hal naḥnu munẓarūna
Sinhala එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ?යි අසති.
Verse 204
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ
Transliteration afabiʿadhābinā yastaʿjilūna
Sinhala එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෙහු ද?
Verse 205
أَفَرَءَيْتَ إِن مَّتَّعْنَـٰهُمْ سِنِينَ
Transliteration afara-ayta in mattaʿnāhum sinīna
Sinhala ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,
Verse 206
ثُمَّ جَآءَهُم مَّا كَانُوا۟ يُوعَدُونَ
Transliteration thumma jāahum mā kānū yūʿadūna
Sinhala පසු ව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටී දෑ ඔවුන් වෙත පැමිණි විට,
Verse 207
مَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يُمَتَّعُونَ
Transliteration mā aghnā ʿanhum mā kānū yumattaʿūna
Sinhala ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවනු ඇති බව ඔබ නොදන්නෙහි ද?
Verse 208
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ
Transliteration wamā ahlaknā min qaryatin illā lahā mundhirūna
Sinhala තවද කිසිදු ගම්මානයක් එහි අනතුරු අඟවන්නන්ගෙන් තොර ව අපි විනාශ නොකළෙමු.
Verse 209
ذِكْرَىٰ وَمَا كُنَّا ظَـٰلِمِينَ
Transliteration dhik'rā wamā kunnā ẓālimīna
Sinhala (මෙය අල්ලාහ්ගේ දඬුවම ගැන) මෙනෙහි කිරීමකි. තවද අපි අපරාධකරුවන් නොවූයෙමු.
Verse 210
وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَـٰطِينُ
Transliteration wamā tanazzalat bihi l-shayāṭīnu
Sinhala තවද ෂෙයිතානුන් එය (මෙම දේව වදන්) පහළ නොකළහ.
Verse 211
وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ
Transliteration wamā yanbaghī lahum wamā yastaṭīʿūna
Sinhala තවද ඔවුනට එය අවශ්‍ය (කාර්යයක්) නොවීය. තවද ඔවුහු එයට ශක්තිය නොදරති.
Verse 212
إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ
Transliteration innahum ʿani l-samʿi lamaʿzūlūna
Sinhala නියත වශයෙන්ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවන් වෙති.
Verse 213
فَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلْمُعَذَّبِينَ
Transliteration falā tadʿu maʿa l-lahi ilāhan ākhara fatakūna mina l-muʿadhabīna
Sinhala එහෙයින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතුරින් කෙනෙකු වන්නෙහිය.
Verse 214
وَأَنذِرْ عَشِيرَتَكَ ٱلْأَقْرَبِينَ
Transliteration wa-andhir ʿashīrataka l-aqrabīna
Sinhala තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.
Verse 215
وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ
Transliteration wa-ikh'fiḍ janāḥaka limani ittabaʿaka mina l-mu'minīna
Sinhala තවද දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන් අතුරින් නුඹ ව අනුගමනය කළවුන් හට නුඹගේ පියාපත් පහත් කරනු.
Verse 216
فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌ مِّمَّا تَعْمَلُونَ
Transliteration fa-in ʿaṣawka faqul innī barīon mimmā taʿmalūna
Sinhala නමුත් ඔවුහු නුඹට පිටුපෑවෙහු නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.
Verse 217
وَتَوَكَّلْ عَلَى ٱلْعَزِيزِ ٱلرَّحِيمِ
Transliteration watawakkal ʿalā l-ʿazīzi l-raḥīmi
Sinhala තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.
Verse 218
ٱلَّذِى يَرَىٰكَ حِينَ تَقُومُ
Transliteration alladhī yarāka ḥīna taqūmu
Sinhala ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට දකින්නාය.
Verse 219
وَتَقَلُّبَكَ فِى ٱلسَّـٰجِدِينَ
Transliteration wataqallubaka fī l-sājidīna
Sinhala තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද ඔහු දකින්නාය.
Verse 220
إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Transliteration innahu huwa l-samīʿu l-ʿalīmu
Sinhala නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.
Verse 221
هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَـٰطِينُ
Transliteration hal unabbi-ukum ʿalā man tanazzalu l-shayāṭīnu
Sinhala ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැයි මම නුඹලාට දන්වන්න ද?
Verse 222
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ
Transliteration tanazzalu ʿalā kulli affākin athīmin
Sinhala පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙතම ඔහු පහළ වෙයි.
Verse 223
يُلْقُونَ ٱلسَّمْعَ وَأَكْثَرُهُمْ كَـٰذِبُونَ
Transliteration yul'qūna l-samʿa wa-aktharuhum kādhibūna
Sinhala සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහුය.
Verse 224
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ
Transliteration wal-shuʿarāu yattabiʿuhumu l-ghāwūna
Sinhala තවද කවිවරුන් වන ඔවුන් ව නොමග ගියවුන් අනුගමනය කරති.
Verse 225
أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍ يَهِيمُونَ
Transliteration alam tara annahum fī kulli wādin yahīmūna
Sinhala නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නොදුටුවෙහි ද?
Verse 226
وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ
Transliteration wa-annahum yaqūlūna mā lā yafʿalūna
Sinhala තවද නියත වශයෙන්ම ඔවුහු තමන් සිදු නොකරන දෑ පවසති.
Verse 227
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍ يَنقَلِبُونَ
Transliteration illā alladhīna āmanū waʿamilū l-ṣāliḥāti wadhakarū l-laha kathīran wa-intaṣarū min baʿdi mā ẓulimū wasayaʿlamu alladhīna ẓalamū ayya munqalabin yanqalibūna
Sinhala නමුත් විශ්වාස කර යහකම් කර අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු උදව් කරනු ලැබූවන් හැර. තමන් කවර තැනකට යොමු කරනු ලබන්නේ දැයි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.
Read Surah Ash-Shu'ara in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.