Surah Al-Mutaffifin in Sinhala: translation and audio
Surah 83 · المطففين · The Defrauding · 36 verses
Surah Al-Mutaffifin verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Mutaffifin word by word in English.
Verse 1
وَيْلٌ لِّلْمُطَفِّفِينَ
Transliteration waylun lil'muṭaffifīna
Sinhala කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය.
Verse 2
ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ
Transliteration alladhīna idhā ik'tālū ʿalā l-nāsi yastawfūna
Sinhala තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරාගන්නෝය. ,
Verse 3
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ
Transliteration wa-idhā kālūhum aw wazanūhum yukh'sirūna
Sinhala කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.
Verse 4
أَلَا يَظُنُّ أُو۟لَـٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ
Transliteration alā yaẓunnu ulāika annahum mabʿūthūna
Sinhala නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?
Verse 5
لِيَوْمٍ عَظِيمٍ
Transliteration liyawmin ʿaẓīmin
Sinhala මහත් වූ දිනයක.
Verse 6
يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration yawma yaqūmu l-nāsu lirabbi l-ʿālamīna
Sinhala එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
Verse 7
كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍ
Transliteration kallā inna kitāba l-fujāri lafī sijjīnin
Sinhala නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේය.
Verse 8
وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌ
Transliteration wamā adrāka mā sijjīnun
Sinhala (නබිවරයාණනි!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
Verse 9
كِتَـٰبٌ مَّرْقُومٌ
Transliteration kitābun marqūmun
Sinhala (එය මිනිසාගේ සියලු ක්‍රියාවන් ගැන) ලියන ලද වාර්තා පොතකි.
Verse 10
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
Transliteration waylun yawma-idhin lil'mukadhibīna
Sinhala මුසා බස් පවසන්නන් හට එදින විනාශයය.
Verse 11
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ
Transliteration alladhīna yukadhibūna biyawmi l-dīni
Sinhala මොවුන් වූ කලී විනිශ්චය දිනය බොරු කරමින් සිටිති.
Verse 12
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ
Transliteration wamā yukadhibu bihi illā kullu muʿ'tadin athīmin
Sinhala සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නොකරන්නේය.
Verse 13
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ
Transliteration idhā tut'lā ʿalayhi āyātunā qāla asāṭīru l-awalīna
Sinhala අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ මනඃකල්පිත කතා යැයි ඔහු පවසයි.
Verse 14
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ
Transliteration kallā bal rāna ʿalā qulūbihim mā kānū yaksibūna
Sinhala නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
Verse 15
كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ
Transliteration kallā innahum ʿan rabbihim yawma-idhin lamaḥjūbūna
Sinhala නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.
Verse 16
ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ
Transliteration thumma innahum laṣālū l-jaḥīmi
Sinhala තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
Verse 17
ثُمَّ يُقَالُ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Transliteration thumma yuqālu hādhā alladhī kuntum bihi tukadhibūna
Sinhala ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
Verse 18
كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ
Transliteration kallā inna kitāba l-abrāri lafī ʿilliyyīna
Sinhala නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිමය.
Verse 19
وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ
Transliteration wamā adrāka mā ʿilliyyūna
Sinhala තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
Verse 20
كِتَـٰبٌ مَّرْقُومٌ
Transliteration kitābun marqūmun
Sinhala (එය) ලියන ලද වාර්තා පොතකි.
Verse 21
يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ
Transliteration yashhaduhu l-muqarabūna
Sinhala (දේව) සමීපතයෝ එයට සාක්ෂි දරන්නෝය.
Verse 22
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ
Transliteration inna l-abrāra lafī naʿīmin
Sinhala නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් පිරුණු ස්වර්ගයන්හි වෙති.
Verse 23
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
Transliteration ʿalā l-arāiki yanẓurūna
Sinhala කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටින්නෝය.
Verse 24
تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ
Transliteration taʿrifu fī wujūhihim naḍrata l-naʿīmi
Sinhala (ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
Verse 25
يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ
Transliteration yus'qawna min raḥīqin makhtūmin
Sinhala මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබන්නෝය.
Verse 26
خِتَـٰمُهُۥ مِسْكٌ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَـٰفِسُونَ
Transliteration khitāmuhu mis'kun wafī dhālika falyatanāfasi l-mutanāfisūna
Sinhala එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
Verse 27
وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ
Transliteration wamizājuhu min tasnīmin
Sinhala තවද එහි මිශ්‍රණය තස්නීම්ගෙන්ය.
Verse 28
عَيْنًا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ
Transliteration ʿaynan yashrabu bihā l-muqarabūna
Sinhala එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතක්ය.
Verse 29
إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ
Transliteration inna alladhīna ajramū kānū mina alladhīna āmanū yaḍḥakūna
Sinhala නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
Verse 30
وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ
Transliteration wa-idhā marrū bihim yataghāmazūna
Sinhala තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගන්නෝය.
Verse 31
وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ
Transliteration wa-idhā inqalabū ilā ahlihimu inqalabū fakihīna
Sinhala තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට සමච්චල් කරමින් සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
Verse 32
وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ
Transliteration wa-idhā ra-awhum qālū inna hāulāi laḍāllūna
Sinhala තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් මුළාවූවන්මය” යැයි පවසති.
Verse 33
وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَـٰفِظِينَ
Transliteration wamā ur'silū ʿalayhim ḥāfiẓīna
Sinhala තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
Verse 34
فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ
Transliteration fal-yawma alladhīna āmanū mina l-kufāri yaḍḥakūna
Sinhala එහෙයින් අද දින විශ්වාස කළ අය, ( ප්‍රතික්ෂේපකයින් මෙලොවේදී විශ්වාස වන්තයින්ට සිනාසුනාක් මෙන් ඔවුන්) දෙස බලා සිනාසෙන්නෝය.
Verse 35
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
Transliteration ʿalā l-arāiki yanẓurūna
Sinhala සුව පහසු කවිච්චි මත වී (සිරි) නරඹන්නෝය.
Verse 36
هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ
Transliteration hal thuwwiba l-kufāru mā kānū yafʿalūna
Sinhala ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද? (යැයි විමසනු ලබනන්නේය.)
Read Surah Al-Mutaffifin in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.