MyDugsiStart learning

Surah Az-Zumar in Sinhala: translation and audio

Surah 39 · الزمر · The Troops · 75 verses

Surah Az-Zumar verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Az-Zumar word by word in English.

Verse 1

تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

Transliteration tanzīlu l-kitābi mina l-lahi l-ʿazīzi l-ḥakīmi

Sinhala (මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි.

Verse 2

إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ فَٱعْبُدِ ٱللَّهَ مُخْلِصًا لَّهُ ٱلدِّينَ

Transliteration innā anzalnā ilayka l-kitāba bil-ḥaqi fa-uʿ'budi l-laha mukh'liṣan lahu l-dīna

Sinhala නියත වශයෙන්ම අපි ඔබ වෙත දේව ග්‍රන්ථය සත්‍යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට නැමදුම් කරනු.

Verse 3

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلْخَالِصُ ۚ وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلْفَىٰٓ إِنَّ ٱللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِى مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ كَـٰذِبٌ كَفَّارٌ

Transliteration alā lillahi l-dīnu l-khāliṣu wa-alladhīna ittakhadhū min dūnihi awliyāa mā naʿbuduhum illā liyuqarribūnā ilā l-lahi zul'fā inna l-laha yaḥkumu baynahum fī mā hum fīhi yakhtalifūna inna l-laha lā yahdī man huwa kādhibun kaffārun

Sinhala දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්‍රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි.

Verse 4

لَّوْ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدًا لَّٱصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَآءُ ۚ سُبْحَـٰنَهُۥ ۖ هُوَ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ

Transliteration law arāda l-lahu an yattakhidha waladan la-iṣ'ṭafā mimmā yakhluqu mā yashāu sub'ḥānahu huwa l-lahu l-wāḥidu l-qahāru

Sinhala අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු මවන දැයින්ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරුය. ඔහු මහා බලපරාක්‍රම ඒකීය වූ අල්ලාහ්ය.

Verse 5

خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ يُكَوِّرُ ٱلَّيْلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيْلِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى ۗ أَلَا هُوَ ٱلْعَزِيزُ ٱلْغَفَّـٰرُ

Transliteration khalaqa l-samāwāti wal-arḍa bil-ḥaqi yukawwiru al-layla ʿalā l-nahāri wayukawwiru l-nahāra ʿalā al-layli wasakhara l-shamsa wal-qamara kullun yajrī li-ajalin musamman alā huwa l-ʿazīzu l-ghafāru

Sinhala සත්‍යයෙන් යුතු ව අහස් හා මහපොළොව ඔහු මැව්වේය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු සර්ව බලධාරී අතික්ෂමාශීලී ඔහුය.

Verse 6

خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَـٰمِ ثَمَـٰنِيَةَ أَزْوَٰجٍ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ خَلْقًا مِّنۢ بَعْدِ خَلْقٍ فِى ظُلُمَـٰتٍ ثَلَـٰثٍ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ

Transliteration khalaqakum min nafsin wāḥidatin thumma jaʿala min'hā zawjahā wa-anzala lakum mina l-anʿāmi thamāniyata azwājin yakhluqukum fī buṭūni ummahātikum khalqan min baʿdi khalqin fī ẓulumātin thalāthin dhālikumu l-lahu rabbukum lahu l-mul'ku lā ilāha illā huwa fa-annā tuṣ'rafūna

Sinhala එකම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේය. පසු ව එයින් එහි සහකාරිය ඇති කළේය. ගොවිපළ සතුන්ගෙන් ජෝඩු අටක් නුඹලාට පහළ කළේය. තුන් ආකාර අන්ධකාරයන් තුළ මැවීමකින් පසු මැවීමක් ලෙසින් නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු නුඹලා මැව්වේය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්‍යයන් ඔහු සතුය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේද?

Verse 7

إِن تَكْفُرُوا۟ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنكُمْ ۖ وَلَا يَرْضَىٰ لِعِبَادِهِ ٱلْكُفْرَ ۖ وَإِن تَشْكُرُوا۟ يَرْضَهُ لَكُمْ ۗ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Transliteration in takfurū fa-inna l-laha ghaniyyun ʿankum walā yarḍā liʿibādihi l-kuf'ra wa-in tashkurū yarḍahu lakum walā taziru wāziratun wiz'ra ukh'rā thumma ilā rabbikum marjiʿukum fayunabbi-ukum bimā kuntum taʿmalūna innahu ʿalīmun bidhāti l-ṣudūri

Sinhala නුඹලා (ගුණමකු ලෙස) ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු,) නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතාවන්ගෙන් තොරය. තම ගැත්තන් සඳහා (ගුණමකු ලෙස) ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පව්) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය.

Verse 8

۞ وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعْمَةً مِّنْهُ نَسِىَ مَا كَانَ يَدْعُوٓا۟ إِلَيْهِ مِن قَبْلُ وَجَعَلَ لِلَّهِ أَندَادًا لِّيُضِلَّ عَن سَبِيلِهِۦ ۚ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا ۖ إِنَّكَ مِنْ أَصْحَـٰبِ ٱلنَّارِ

Transliteration wa-idhā massa l-insāna ḍurrun daʿā rabbahu munīban ilayhi thumma idhā khawwalahu niʿ'matan min'hu nasiya mā kāna yadʿū ilayhi min qablu wajaʿala lillahi andādan liyuḍilla ʿan sabīlihi qul tamattaʿ bikuf'rika qalīlan innaka min aṣḥābi l-nāri

Sinhala තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසු ව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ දේව ප්‍රතික්ෂේපය සමග ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන්ම ඔබ (නිරා)ගින්නේ සගයින් අතුරිනි” යැයි (නබි මුහම්මද්,) ඔබ පවසනු.

Verse 9

أَمَّنْ هُوَ قَـٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًا وَقَآئِمًا يَحْذَرُ ٱلْـَٔاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

Transliteration amman huwa qānitun ānāa al-layli sājidan waqāiman yaḥdharu l-ākhirata wayarjū raḥmata rabbihi qul hal yastawī alladhīna yaʿlamūna wa-alladhīna lā yaʿlamūna innamā yatadhakkaru ulū l-albābi

Sinhala මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේදී) සුජූද් කරන්නකු සේ ද නැගී සිටින්නෙකු සේ ද ගැතිකම් කිරීමට අවදි ව සිටින්නා (එසේ නොකරන්නෙකු මෙන්)ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැයි (නබි මුහම්මද්) ඔබ විමසනු. (මෙමගින්) උපදෙස් ලබනුයේ ප්‍රබුද්ධිමත් උදවියයි.

Verse 10

قُلْ يَـٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ ٱللَّهِ وَٰسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى ٱلصَّـٰبِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ

Transliteration qul yāʿibādi alladhīna āmanū ittaqū rabbakum lilladhīna aḥsanū fī hādhihi l-dun'yā ḥasanatun wa-arḍu l-lahi wāsiʿatun innamā yuwaffā l-ṣābirūna ajrahum bighayri ḥisābin

Sinhala අහෝ විශ්වාස කළාවූ මාගේ යහපත් ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපතය. අල්ලාහ්ගේ භූමිය විශාලය. ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති.

Verse 11

قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ مُخْلِصًا لَّهُ ٱلدِّينَ

Transliteration qul innī umir'tu an aʿbuda l-laha mukh'liṣan lahu l-dīna

Sinhala “නියත වශයෙන්ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.

Verse 12

وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ ٱلْمُسْلِمِينَ

Transliteration wa-umir'tu li-an akūna awwala l-mus'limīna

Sinhala තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි.

Verse 13

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍ

Transliteration qul innī akhāfu in ʿaṣaytu rabbī ʿadhāba yawmin ʿaẓīmin

Sinhala “මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි (නබිවරය) ඔබ පවසනු.

Verse 14

قُلِ ٱللَّهَ أَعْبُدُ مُخْلِصًا لَّهُۥ دِينِى

Transliteration quli l-laha aʿbudu mukh'liṣan lahu dīnī

Sinhala “මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි ඔබ පවසනු.

Verse 15

فَٱعْبُدُوا۟ مَا شِئْتُم مِّن دُونِهِۦ ۗ قُلْ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ

Transliteration fa-uʿ'budū mā shi'tum min dūnihi qul inna l-khāsirīna alladhīna khasirū anfusahum wa-ahlīhim yawma l-qiyāmati alā dhālika huwa l-khus'rānu l-mubīnu

Sinhala එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය,) “නියත වශයෙන්ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන්ය. දැන ගනු. එයයි ප්‍රකට පරාජය” යැයි පවසනු.

Verse 16

لَهُم مِّن فَوْقِهِمْ ظُلَلٌ مِّنَ ٱلنَّارِ وَمِن تَحْتِهِمْ ظُلَلٌ ۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥ ۚ يَـٰعِبَادِ فَٱتَّقُونِ

Transliteration lahum min fawqihim ẓulalun mina l-nāri wamin taḥtihim ẓulalun dhālika yukhawwifu l-lahu bihi ʿibādahu yāʿibādi fa-ittaqūni

Sinhala ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ ආවරණයක් ද ඔවුනට පහළින් ආවරණයක් ද ඔවුනට ඇත. එය අල්ලාහ් එමගින් තම ගැත්තන් බිය ඇති කරයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)

Verse 17

وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّـٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ

Transliteration wa-alladhīna ij'tanabū l-ṭāghūta an yaʿbudūhā wa-anābū ilā l-lahi lahumu l-bush'rā fabashir ʿibādi

Sinhala නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන් හට ඔබ සුබාරංචි දන්වනු.

Verse 18

ٱلَّذِينَ يَسْتَمِعُونَ ٱلْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُۥٓ ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمْ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

Transliteration alladhīna yastamiʿūna l-qawla fayattabiʿūna aḥsanahu ulāika alladhīna hadāhumu l-lahu wa-ulāika hum ulū l-albābi

Sinhala ප්‍රකාශයට සවන් දී එය වඩාත් අලංකාර අයුරින් අනුගමනය කරන්නන් වනාහි අල්ලාහ් ඔවුනට මග පෙන්වූ අය ඔවුහුමය. තවද ඔවුහුමය ප්‍රබුද්ධිමත් උදවිය වන්නෝ.

Verse 19

أَفَمَنْ حَقَّ عَلَيْهِ كَلِمَةُ ٱلْعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِى ٱلنَّارِ

Transliteration afaman ḥaqqa ʿalayhi kalimatu l-ʿadhābi afa-anta tunqidhu man fī l-nāri

Sinhala (නබිවරය!) කවුරුන් කෙරෙහි දඬුවම පිළිබඳ වදන ස්ථීර වුවේද, ගින්නෙහි සිටින ඔහුව ඔබට ආරක්ෂා කරන්නෙහිද?

Verse 20

لَـٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ ٱلْمِيعَادَ

Transliteration lākini alladhīna ittaqaw rabbahum lahum ghurafun min fawqihā ghurafun mabniyyatun tajrī min taḥtihā l-anhāru waʿda l-lahi lā yukh'lifu l-lahu l-mīʿāda

Sinhala නමුත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නොකරයි.

Verse 21

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَلَكَهُۥ يَنَـٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًا مُّخْتَلِفًا أَلْوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّا ثُمَّ يَجْعَلُهُۥ حُطَـٰمًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ

Transliteration alam tara anna l-laha anzala mina l-samāi māan fasalakahu yanābīʿa fī l-arḍi thumma yukh'riju bihi zarʿan mukh'talifan alwānuhu thumma yahīju fatarāhu muṣ'farran thumma yajʿaluhu ḥuṭāman inna fī dhālika ladhik'rā li-ulī l-albābi

Sinhala නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් අතර ගලා යන්නට සලස්වා එමගින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හට ගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසු ව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන්ම එහි බුද්ධිමතුන්ට උපදෙසක් ඇත.

Verse 22

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِ فَهُوَ عَلَىٰ نُورٍ مِّن رَّبِّهِۦ ۚ فَوَيْلٌ لِّلْقَـٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكْرِ ٱللَّهِ ۚ أُو۟لَـٰٓئِكَ فِى ضَلَـٰلٍ مُّبِينٍ

Transliteration afaman sharaḥa l-lahu ṣadrahu lil'is'lāmi fahuwa ʿalā nūrin min rabbihi fawaylun lil'qāsiyati qulūbuhum min dhik'ri l-lahi ulāika fī ḍalālin mubīnin

Sinhala අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කළේද සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගේ ආලෝකය මත සිටින්නේය. අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් දුරස් වූ බැවින් තම හදවත් රළුවූවන්ට විනාශය අත්වේවා! ඔවුහු පැහැදිලි නොමගෙහි වෙති.

Verse 23

ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَـٰبًا مُّتَشَـٰبِهًا مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ ثُمَّ تَلِينُ جُلُودُهُمْ وَقُلُوبُهُمْ إِلَىٰ ذِكْرِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ

Transliteration al-lahu nazzala aḥsana l-ḥadīthi kitāban mutashābihan mathāniya taqshaʿirru min'hu julūdu alladhīna yakhshawna rabbahum thumma talīnu julūduhum waqulūbuhum ilā dhik'ri l-lahi dhālika hudā l-lahi yahdī bihi man yashāu waman yuḍ'lili l-lahu famā lahu min hādin

Sinhala තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමගින් කිළිපොළා යන, නැවත නැවතත් (යුගල වශයෙන්) ප්‍රකාශ වන එකිනෙකට සමාන අලංකාර කතාව ග්‍රන්ථයක් වශයෙන් ඔහු පහළ කළේය. පසු ව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමගින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත.

Verse 24

أَفَمَن يَتَّقِى بِوَجْهِهِۦ سُوٓءَ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ وَقِيلَ لِلظَّـٰلِمِينَ ذُوقُوا۟ مَا كُنتُمْ تَكْسِبُونَ

Transliteration afaman yattaqī biwajhihi sūa l-ʿadhābi yawma l-qiyāmati waqīla lilẓẓālimīna dhūqū mā kuntum taksibūna

Sinhala මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තම මුහුණ ආරක්ෂා කර ගන්නා කවුද?“නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ.

Verse 25

كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

Transliteration kadhaba alladhīna min qablihim fa-atāhumu l-ʿadhābu min ḥaythu lā yashʿurūna

Sinhala ඔවුනට (මක්කාවේ විසූ ප්‍රතික්ෂේප කළවුන්ට) පෙර සිටියවුන් (දේව වදන්) බොරු කළෝය. එහෙයින් ඔවුන් නොදැන සිටියදී ඔවුන් වෙත දඬුවම පැමිණියේය.

Verse 26

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلْخِزْىَ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

Transliteration fa-adhāqahumu l-lahu l-khiz'ya fī l-ḥayati l-dun'yā walaʿadhābu l-ākhirati akbaru law kānū yaʿlamūna

Sinhala එවිට මෙලොව ජීවිතයේ අවමානය අල්ලාහ් ඔවුනට විඳින්නට සැලැස්වීය. තවද මතු ලොව දඬුවම අතිමහත්ය. ඔවුහු දැන සිටියාහු නම් !

Verse 27

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَـٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ

Transliteration walaqad ḍarabnā lilnnāsi fī hādhā l-qur'āni min kulli mathalin laʿallahum yatadhakkarūna

Sinhala ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ජනයාට ගෙන හැර දැක්වූයෙමු.

Verse 28

قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَ

Transliteration qur'ānan ʿarabiyyan ghayra dhī ʿiwajin laʿallahum yattaqūna

Sinhala ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස (අල්ලාහ් වෙතින්) කිසිදු ඇදයකින් තොර මෙම කුර්ආනය අරාබි භාෂවෙනි (පහළ කරනු ලැබුවේ).

Verse 29

ضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَآءُ مُتَشَـٰكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Transliteration ḍaraba l-lahu mathalan rajulan fīhi shurakāu mutashākisūna warajulan salaman lirajulin hal yastawiyāni mathalan l-ḥamdu lillahi bal aktharuhum lā yaʿlamūna

Sinhala මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එකම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක්වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

Verse 30

إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ

Transliteration innaka mayyitun wa-innahum mayyitūna

Sinhala නියත වශයෙන්ම ඔබ මිය යන අයෙකි. එමෙන්ම නියත වශයෙන්ම ඔවුන් ද මිය යන අයවලුන් වෙති.

Verse 31

ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ

Transliteration thumma innakum yawma l-qiyāmati ʿinda rabbikum takhtaṣimūna

Sinhala පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහුය.

Verse 32

۞ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدْقِ إِذْ جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًى لِّلْكَـٰفِرِينَ

Transliteration faman aẓlamu mimman kadhaba ʿalā l-lahi wakadhaba bil-ṣid'qi idh jāahu alaysa fī jahannama mathwan lil'kāfirīna

Sinhala අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්‍යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? (දෙවියන් කෙරෙහි විශ්වාසය) ප්‍රතික්ෂේප කළවුනට නිරයේ නවාතැනක් නොවේ ද?

Verse 33

وَٱلَّذِى جَآءَ بِٱلصِّدْقِ وَصَدَّقَ بِهِۦٓ ۙ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ

Transliteration wa-alladhī jāa bil-ṣid'qi waṣaddaqa bihi ulāika humu l-mutaqūna

Sinhala තවද සත්‍යය රැගෙන ආ තැනැත්තා සහ එම සත්‍යය ස්ථීර ලෙස පිළිගත් අය වනාහි, ඔවුහුමය බිය බැතිමතුන් වනුයේ.

Verse 34

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ

Transliteration lahum mā yashāūna ʿinda rabbihim dhālika jazāu l-muḥ'sinīna

Sinhala ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි.

Verse 35

لِيُكَفِّرَ ٱللَّهُ عَنْهُمْ أَسْوَأَ ٱلَّذِى عَمِلُوا۟ وَيَجْزِيَهُمْ أَجْرَهُم بِأَحْسَنِ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ

Transliteration liyukaffira l-lahu ʿanhum aswa-a alladhī ʿamilū wayajziyahum ajrahum bi-aḥsani alladhī kānū yaʿmalūna

Sinhala ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිසය.

Verse 36

أَلَيْسَ ٱللَّهُ بِكَافٍ عَبْدَهُۥ ۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ

Transliteration alaysa l-lahu bikāfin ʿabdahu wayukhawwifūnaka bi-alladhīna min dūnihi waman yuḍ'lili l-lahu famā lahu min hādin

Sinhala අල්ලාහ් තම ගැත්තාට ප්‍රමාණවත් අයකු නොවීද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් ඔබ බිය ගන්වන්නෙහුය. තවද අල්ලාහ් කවරෙකු නොමග හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත.

Verse 37

وَمَن يَهْدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّ ۗ أَلَيْسَ ٱللَّهُ بِعَزِيزٍ ذِى ٱنتِقَامٍ

Transliteration waman yahdi l-lahu famā lahu min muḍillin alaysa l-lahu biʿazīzin dhī intiqāmin

Sinhala තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නොවනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නොවේ ද?

Verse 38

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلْ أَفَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ إِنْ أَرَادَنِىَ ٱللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَـٰشِفَـٰتُ ضُرِّهِۦٓ أَوْ أَرَادَنِى بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَـٰتُ رَحْمَتِهِۦ ۚ قُلْ حَسْبِىَ ٱللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ ٱلْمُتَوَكِّلُونَ

Transliteration wala-in sa-altahum man khalaqa l-samāwāti wal-arḍa layaqūlunna l-lahu qul afara-aytum mā tadʿūna min dūni l-lahi in arādaniya l-lahu biḍurrin hal hunna kāshifātu ḍurrihi aw arādanī biraḥmatin hal hunna mum'sikātu raḥmatihi qul ḥasbiya l-lahu ʿalayhi yatawakkalu l-mutawakilūna

Sinhala අහස් හා මහපොළොව මැව්වේ කවුදැ?යි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. පවසනු, “අල්ලාහ්ගෙන් තොර ව නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහුද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත්ද? යැයි විමසනු. (නබිවරය) “අල්ලාහ් මා හට ප්‍රමාණවත්ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු.

Verse 39

قُلْ يَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَـٰمِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ

Transliteration qul yāqawmi iʿ'malū ʿalā makānatikum innī ʿāmilun fasawfa taʿlamūna

Sinhala මාගේ ජනයිනි! නුඹලාගේ ස්ථාවරය මත සිට නුඹලා කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.

Verse 40

مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ

Transliteration man yatīhi ʿadhābun yukh'zīhi wayaḥillu ʿalayhi ʿadhābun muqīmun

Sinhala තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද, ස්ථාවර දඬුවම කවුරුන් මත පහළ වන්නේ දැයි ද (ඔවුහු මතු දැන ගනු ඇත.)

Verse 41

إِنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ لِلنَّاسِ بِٱلْحَقِّ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَلِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

Transliteration innā anzalnā ʿalayka l-kitāba lilnnāsi bil-ḥaqi famani ih'tadā falinafsihi waman ḍalla fa-innamā yaḍillu ʿalayhā wamā anta ʿalayhim biwakīlin

Sinhala නියත වශයෙන්ම අපි සත්‍යයෙන් යුතු ව දහම් ග්‍රන්ථය ජනයා සඳහා, ඔබ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමගින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවමය. තවද ඔබ ඔවුන් කෙරෙහි භාරකරුවකු නොවේ.

Verse 42

ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا وَٱلَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا ۖ فَيُمْسِكُ ٱلَّتِى قَضَىٰ عَلَيْهَا ٱلْمَوْتَ وَيُرْسِلُ ٱلْأُخْرَىٰٓ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Transliteration al-lahu yatawaffā l-anfusa ḥīna mawtihā wa-allatī lam tamut fī manāmihā fayum'siku allatī qaḍā ʿalayhā l-mawta wayur'silu l-ukh'rā ilā ajalin musamman inna fī dhālika laāyātin liqawmin yatafakkarūna

Sinhala ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නොවූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ්ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේද එය (ආපසු නොයවා) ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත.

Verse 43

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَ ۚ قُلْ أَوَلَوْ كَانُوا۟ لَا يَمْلِكُونَ شَيْـًٔا وَلَا يَعْقِلُونَ

Transliteration ami ittakhadhū min dūni l-lahi shufaʿāa qul awalaw kānū lā yamlikūna shayan walā yaʿqilūna

Sinhala එසේ නැතහොත් ඔවුහු අල්ලාහ්ගෙන් තොර ව මැදිහත්කරුවන් ගත්තෝ ද? “ඔවුන් කිසිවකට හිමිකම් නොදරමින් බුද්ධිමත් නොවන්නන් ලෙස සිටිය ද (ඔවුන් මැදිහත්කරුවන් ලෙස ගන්නෙහු ද)“ යැයි (නබිවරය) ඔබ පවසනු.

Verse 44

قُل لِّلَّهِ ٱلشَّفَـٰعَةُ جَمِيعًا ۖ لَّهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

Transliteration qul lillahi l-shafāʿatu jamīʿan lahu mul'ku l-samāwāti wal-arḍi thumma ilayhi tur'jaʿūna

Sinhala “සියලු මැදිහත්වීම් අල්ලාහ් සතුය. අහස් හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. පසු ව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය”. යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.

Verse 45

وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحْدَهُ ٱشْمَأَزَّتْ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ ۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ

Transliteration wa-idhā dhukira l-lahu waḥdahu ish'ma-azzat qulūbu alladhīna lā yu'minūna bil-ākhirati wa-idhā dhukira alladhīna min dūnihi idhā hum yastabshirūna

Sinhala අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නොකරන්නන්ගේ හදවත් හැකිලී යයි. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට එවිට ඔවුහු සතුටු වෙති.

Verse 46

قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ عَـٰلِمَ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ أَنتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِى مَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

Transliteration quli l-lahuma fāṭira l-samāwāti wal-arḍi ʿālima l-ghaybi wal-shahādati anta taḥkumu bayna ʿibādika fī mā kānū fīhi yakhtalifūna

Sinhala අදෘශ්‍යමාන දෑ හා පිටතට පෙනෙන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණෙනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ යැයි (නබි මුහම්මද්) පවසනු.

Verse 47

وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا۟ مَا فِى ٱلْأَرْضِ جَمِيعًا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦ مِن سُوٓءِ ٱلْعَذَابِ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمْ يَكُونُوا۟ يَحْتَسِبُونَ

Transliteration walaw anna lilladhīna ẓalamū mā fī l-arḍi jamīʿan wamith'lahu maʿahu la-if'tadaw bihi min sūi l-ʿadhābi yawma l-qiyāmati wabadā lahum mina l-lahi mā lam yakūnū yaḥtasibūna

Sinhala අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමගම ඒ හා සමාන ව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් ඒවා දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නොකරමින් සිටී දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත.

Verse 48

وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Transliteration wabadā lahum sayyiātu mā kasabū waḥāqa bihim mā kānū bihi yastahziūna

Sinhala ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.

Verse 49

فَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَـٰهُ نِعْمَةً مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍۭ ۚ بَلْ هِىَ فِتْنَةٌ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Transliteration fa-idhā massa l-insāna ḍurrun daʿānā thumma idhā khawwalnāhu niʿ'matan minnā qāla innamā ūtītuhu ʿalā ʿil'min bal hiya fit'natun walākinna aktharahum lā yaʿlamūna

Sinhala මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසු ව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන්ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත එය පරීක්ෂණයකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.

Verse 50

قَدْ قَالَهَا ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ

Transliteration qad qālahā alladhīna min qablihim famā aghnā ʿanhum mā kānū yaksibūna

Sinhala සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන් ද එය පැවසුවේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.

Verse 51

فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ ۚ وَٱلَّذِينَ ظَلَمُوا۟ مِنْ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمْ سَيِّـَٔاتُ مَا كَسَبُوا۟ وَمَا هُم بِمُعْجِزِينَ

Transliteration fa-aṣābahum sayyiātu mā kasabū wa-alladhīna ẓalamū min hāulāi sayuṣībuhum sayyiātu mā kasabū wamā hum bimuʿ'jizīna

Sinhala එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව අල්වාගත්තේය. ඔවුන් අතුරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු අල්වාගන්නේය. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නොවෙති.

Verse 52

أَوَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Transliteration awalam yaʿlamū anna l-laha yabsuṭu l-riz'qa liman yashāu wayaqdiru inna fī dhālika laāyātin liqawmin yu'minūna

Sinhala නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් එමෙන්ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නොදන්නෝ ද? නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.

Verse 53

۞ قُلْ يَـٰعِبَادِىَ ٱلَّذِينَ أَسْرَفُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ لَا تَقْنَطُوا۟ مِن رَّحْمَةِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يَغْفِرُ ٱلذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

Transliteration qul yāʿibādiya alladhīna asrafū ʿalā anfusihim lā taqnaṭū min raḥmati l-lahi inna l-laha yaghfiru l-dhunūba jamīʿan innahu huwa l-ghafūru l-raḥīmu

Sinhala අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

Verse 54

وَأَنِيبُوٓا۟ إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا۟ لَهُۥ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ

Transliteration wa-anībū ilā rabbikum wa-aslimū lahu min qabli an yatiyakumu l-ʿadhābu thumma lā tunṣarūna

Sinhala තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.

Verse 55

وَٱتَّبِعُوٓا۟ أَحْسَنَ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم مِّن قَبْلِ أَن يَأْتِيَكُمُ ٱلْعَذَابُ بَغْتَةً وَأَنتُمْ لَا تَشْعُرُونَ

Transliteration wa-ittabiʿū aḥsana mā unzila ilaykum min rabbikum min qabli an yatiyakumu l-ʿadhābu baghtatan wa-antum lā tashʿurūna

Sinhala නුඹලා නොදැනෙන තත්වයෙහි සිටිය දී ක්‍ෂණික ව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.

Verse 56

أَن تَقُولَ نَفْسٌ يَـٰحَسْرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِى جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّـٰخِرِينَ

Transliteration an taqūla nafsun yāḥasratā ʿalā mā farraṭtu fī janbi l-lahi wa-in kuntu lamina l-sākhirīna

Sinhala අල්ලාහ් සම්බන්ධයෙන් මා වැරදි කර තිබීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන්ම මම සමච්චල් කරන්නන් අතුරින් වූයෙමි යැයි කෙනෙකු පවසා සිටීමට පෙර (නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.)

Verse 57

أَوْ تَقُولَ لَوْ أَنَّ ٱللَّهَ هَدَىٰنِى لَكُنتُ مِنَ ٱلْمُتَّقِينَ

Transliteration aw taqūla law anna l-laha hadānī lakuntu mina l-mutaqīna

Sinhala එසේ නැතහොත් නියත වශයෙන්ම අල්ලාහ් මට මග පෙන්වූයේ නම් මම බිය බැතිමතුන් අතුරින් වන්නට තිබුණි යැයි කෙනෙකු පවසා සිටීමට පෙර ද,

Verse 58

أَوْ تَقُولَ حِينَ تَرَى ٱلْعَذَابَ لَوْ أَنَّ لِى كَرَّةً فَأَكُونَ مِنَ ٱلْمُحْسِنِينَ

Transliteration aw taqūla ḥīna tarā l-ʿadhāba law anna lī karratan fa-akūna mina l-muḥ'sinīna

Sinhala එසේ නැතහොත් දඬුවම දකින විට “මට තවත් වාරයක් වී නම් මම දැහැමියන් අතුරින් වෙමි” යැයි කෙනෙකු පවසා සිටීමට පෙර ( නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.)

Verse 59

بَلَىٰ قَدْ جَآءَتْكَ ءَايَـٰتِى فَكَذَّبْتَ بِهَا وَٱسْتَكْبَرْتَ وَكُنتَ مِنَ ٱلْكَـٰفِرِينَ

Transliteration balā qad jāatka āyātī fakadhabta bihā wa-is'takbarta wakunta mina l-kāfirīna

Sinhala “එසේ නොව, සැබැවින්ම මාගේ වදන් ඔබ වෙත පැමිණියේය. එවිට ඔබ ඒවා බොරු කළෙහිය. තවද ඔබ උඩඟු වූයෙහිය. තවද ඔබ ප්‍රතික්ෂේප කරන්නන් අතුරින් වූයෙහිය.”

Verse 60

وَيَوْمَ ٱلْقِيَـٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُوا۟ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسْوَدَّةٌ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًى لِّلْمُتَكَبِّرِينَ

Transliteration wayawma l-qiyāmati tarā alladhīna kadhabū ʿalā l-lahi wujūhuhum mus'waddatun alaysa fī jahannama mathwan lil'mutakabbirīna

Sinhala තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නොවේද?

Verse 61

وَيُنَجِّى ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوْا۟ بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمْ يَحْزَنُونَ

Transliteration wayunajjī l-lahu alladhīna ittaqaw bimafāzatihim lā yamassuhumu l-sūu walā hum yaḥzanūna

Sinhala තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. ඔවුනට නපුර හට නොගනී. එමෙන්ම ඔවුහු දුකට පත් නොවෙති.

Verse 62

ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ وَكِيلٌ

Transliteration al-lahu khāliqu kulli shayin wahuwa ʿalā kulli shayin wakīlun

Sinhala අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය.

Verse 63

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ

Transliteration lahu maqālīdu l-samāwāti wal-arḍi wa-alladhīna kafarū biāyāti l-lahi ulāika humu l-khāsirūna

Sinhala අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහුමය පරාජිතයෝ.

Verse 64

قُلْ أَفَغَيْرَ ٱللَّهِ تَأْمُرُوٓنِّىٓ أَعْبُدُ أَيُّهَا ٱلْجَـٰهِلُونَ

Transliteration qul afaghayra l-lahi tamurūnnī aʿbudu ayyuhā l-jāhilūna

Sinhala “අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නොවන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ” යි (නබිවරය) ඔබ විමසනු.

Verse 65

وَلَقَدْ أُوحِىَ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلْخَـٰسِرِينَ

Transliteration walaqad ūḥiya ilayka wa-ilā alladhīna min qablika la-in ashrakta layaḥbaṭanna ʿamaluka walatakūnanna mina l-khāsirīna

Sinhala “ඔබ ආදේශ කළෙහි නම් ඔබගේ ක්‍රියා සැබැවින්ම නිෂ්ඵල වී යනු ඇත. තවද ඔබ පරාජිතයින් අතුරින් වනු ඇතැ”යි ඔබ වෙත හා ඔබට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබීය.

Verse 66

بَلِ ٱللَّهَ فَٱعْبُدْ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ

Transliteration bali l-laha fa-uʿ'bud wakun mina l-shākirīna

Sinhala එසේය. ඔබ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔබ ගුණගරුකයින් අතුරින් වනු.

Verse 67

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦ وَٱلْأَرْضُ جَمِيعًا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَٱلسَّمَـٰوَٰتُ مَطْوِيَّـٰتٌۢ بِيَمِينِهِۦ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Transliteration wamā qadarū l-laha ḥaqqa qadrihi wal-arḍu jamīʿan qabḍatuhu yawma l-qiyāmati wal-samāwātu maṭwiyyātun biyamīnihi sub'ḥānahu wataʿālā ʿammā yush'rikūna

Sinhala තවද අල්ලාහ් ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහව මහිමයට පත් නොකළහ. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. සුවිශුද්ධය.

Verse 68

وَنُفِخَ فِى ٱلصُّورِ فَصَعِقَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَ

Transliteration wanufikha fī l-ṣūri faṣaʿiqa man fī l-samāwāti waman fī l-arḍi illā man shāa l-lahu thumma nufikha fīhi ukh'rā fa-idhā hum qiyāmun yanẓurūna

Sinhala සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස් තුළ ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසු ව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගී සිටිමින් අවධානයෙන් බලා සිටිති.

Verse 69

وَأَشْرَقَتِ ٱلْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلْكِتَـٰبُ وَجِا۟ىٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ

Transliteration wa-ashraqati l-arḍu binūri rabbihā wawuḍiʿa l-kitābu wajīa bil-nabiyīna wal-shuhadāi waquḍiya baynahum bil-ḥaqi wahum lā yuẓ'lamūna

Sinhala මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති.

Verse 70

وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ

Transliteration wawuffiyat kullu nafsin mā ʿamilat wahuwa aʿlamu bimā yafʿalūna

Sinhala සෑම ආත්මයක්ම ඒවා සිදු කළ දෑට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ලැබේ. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය.

Verse 71

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ ءَايَـٰتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا ۚ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنْ حَقَّتْ كَلِمَةُ ٱلْعَذَابِ عَلَى ٱلْكَـٰفِرِينَ

Transliteration wasīqa alladhīna kafarū ilā jahannama zumaran ḥattā idhā jāūhā futiḥat abwābuhā waqāla lahum khazanatuhā alam yatikum rusulun minkum yatlūna ʿalaykum āyāti rabbikum wayundhirūnakum liqāa yawmikum hādhā qālū balā walākin ḥaqqat kalimatu l-ʿadhābi ʿalā l-kāfirīna

Sinhala දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන දහම් දූතවරුන් නුඹලා අතුරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය. යැයි ඔවුහු පවසති. එනමුත් දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වෙත දඬුවමේ ප්‍රකාශය නියම විය.

Verse 72

قِيلَ ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ

Transliteration qīla ud'khulū abwāba jahannama khālidīna fīhā fabi'sa mathwā l-mutakabirīna

Sinhala නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.

Verse 73

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ إِلَى ٱلْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَـٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَٱدْخُلُوهَا خَـٰلِدِينَ

Transliteration wasīqa alladhīna ittaqaw rabbahum ilā l-janati zumaran ḥattā idhā jāūhā wafutiḥat abwābuhā waqāla lahum khazanatuhā salāmun ʿalaykum ṭib'tum fa-ud'khulūhā khālidīna

Sinhala තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලා යහපත් අයුරින් කටුයුතු කර ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත.

Verse 74

وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى صَدَقَنَا وَعْدَهُۥ وَأَوْرَثَنَا ٱلْأَرْضَ نَتَبَوَّأُ مِنَ ٱلْجَنَّةِ حَيْثُ نَشَآءُ ۖ فَنِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ

Transliteration waqālū l-ḥamdu lillahi alladhī ṣadaqanā waʿdahu wa-awrathanā l-arḍa natabawwa-u mina l-janati ḥaythu nashāu faniʿ'ma ajru l-ʿāmilīna

Sinhala “තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළො ව අපට උරුමකර දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුහු පවසනු ඇත. එහෙයින් ක්‍රියාකාරීන්ගේ ප්‍රතිඵල යහපත් විය.

Verse 75

وَتَرَى ٱلْمَلَـٰٓئِكَةَ حَآفِّينَ مِنْ حَوْلِ ٱلْعَرْشِ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْحَقِّ وَقِيلَ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

Transliteration watarā l-malāikata ḥāffīna min ḥawli l-ʿarshi yusabbiḥūna biḥamdi rabbihim waquḍiya baynahum bil-ḥaqi waqīla l-ḥamdu lillahi rabbi l-ʿālamīna

Sinhala තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ.

Read Surah Az-Zumar in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.