Surah Az-Zukhruf in Sinhala: translation and audio
Surah 43 · الزخرف · The Ornaments of Gold · 89 verses
Surah Az-Zukhruf verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Az-Zukhruf word by word in English.
Verse 1
حمٓ
Transliteration hha-meem
Sinhala හා මීම්
Verse 2
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ
Transliteration wal-kitābi l-mubīni
Sinhala පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්,
Verse 3
إِنَّا جَعَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
Transliteration innā jaʿalnāhu qur'ānan ʿarabiyyan laʿallakum taʿqilūna
Sinhala නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන්ම අපි එය පත් කළෙමු.
Verse 4
وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ
Transliteration wa-innahu fī ummi l-kitābi ladaynā laʿaliyyun ḥakīmun
Sinhala තවද නියත වශයෙන්ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.
Verse 5
أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ
Transliteration afanaḍribu ʿankumu l-dhik'ra ṣafḥan an kuntum qawman mus'rifīna
Sinhala නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් උපදෙස් කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?
Verse 6
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّ فِى ٱلْأَوَّلِينَ
Transliteration wakam arsalnā min nabiyyin fī l-awalīna
Sinhala අපි කොපමණක් නබිවරුන් මුතුන් මිත්තන් අතරට එවා ඇත්තෙමු ද?
Verse 7
وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Transliteration wamā yatīhim min nabiyyin illā kānū bihi yastahziūna
Sinhala කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.
Verse 8
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ
Transliteration fa-ahlaknā ashadda min'hum baṭshan wamaḍā mathalu l-awalīna
Sinhala එහෙයින් අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කළෙමු. මුතුන් මිත්තන්ගේ උපමාව ඉකුත් ව ගොස් ඇත.
Verse 9
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ
Transliteration wala-in sa-altahum man khalaqa l-samāwāti wal-arḍa layaqūlunna khalaqahunna l-ʿazīzu l-ʿalīmu
Sinhala අහස් හා මහපොළොව මැව්වේ කවුරුන්දැයි ඔබ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම්. සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින්ම ඔවුන් පවසනු ඇත.
Verse 10
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ
Transliteration alladhī jaʿala lakumu l-arḍa mahdan wajaʿala lakum fīhā subulan laʿallakum tahtadūna
Sinhala ඔහු වනාහි ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේය.
Verse 11
وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ
Transliteration wa-alladhī nazzala mina l-samāi māan biqadarin fa-ansharnā bihi baldatan maytan kadhālika tukh'rajūna
Sinhala තවද ඔහු වනාහි ඔහු අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමගින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
Verse 12
وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَـٰمِ مَا تَرْكَبُونَ
Transliteration wa-alladhī khalaqa l-azwāja kullahā wajaʿala lakum mina l-ful'ki wal-anʿāmi mā tarkabūna
Sinhala තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේය. තවද නැව් හා ගොවිපළ සතුන්ගෙන් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේය.
Verse 13
لِتَسْتَوُۥا۟ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُوا۟ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا۟ سُبْحَـٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَـٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ
Transliteration litastawū ʿalā ẓuhūrihi thumma tadhkurū niʿ'mata rabbikum idhā is'tawaytum ʿalayhi wataqūlū sub'ḥāna alladhī sakhara lanā hādhā wamā kunnā lahu muq'rinīna
Sinhala එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසු ව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. අපි එයට ශතක්තිමත් අය නොවෙමු යැයි නුඹලා කිව යුතු පිණිසත් (ඇති කළේය).
Verse 14
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ
Transliteration wa-innā ilā rabbinā lamunqalibūna
Sinhala තවද නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝමය’ යැයි ඔවුන් පවසනු පිණිසත්ය.
Verse 15
وَجَعَلُوا۟ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا ۚ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌ مُّبِينٌ
Transliteration wajaʿalū lahu min ʿibādihi juz'an inna l-insāna lakafūrun mubīnun
Sinhala නමුත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝය. නියත වශයෙන්ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.
Verse 16
أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ
Transliteration ami ittakhadha mimmā yakhluqu banātin wa-aṣfākum bil-banīna
Sinhala එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු දූවරුන් ගෙන නුඹලාට ඔහු පුතුන් තෝරා දුන්නේ ද?
Verse 17
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَـٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ
Transliteration wa-idhā bushira aḥaduhum bimā ḍaraba lilrraḥmāni mathalan ẓalla wajhuhu mus'waddan wahuwa kaẓīmun
Sinhala මහා කරුණාන්විතයාණන්හට උපමාවක් ලෙස ගෙන හැර දැක් වූ දෙයක් පිළිබඳ ව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත් ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.
Verse 18
أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍ
Transliteration awaman yunasha-u fī l-ḥil'yati wahuwa fī l-khiṣāmi ghayru mubīnin
Sinhala ඔහු වාද කිරීමෙහි පැහැදිලි කළ නොහැකි ව සිටිය දී ආභරණයන්ගෙන් (සරසවමින්) වැඩී එන ඔවුන්ටද? (ඔවුහු ගැතිකම් කරන්නේ)
Verse 19
وَجَعَلُوا۟ ٱلْمَلَـٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَـٰدُ ٱلرَّحْمَـٰنِ إِنَـٰثًا ۚ أَشَهِدُوا۟ خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَـٰدَتُهُمْ وَيُسْـَٔلُونَ
Transliteration wajaʿalū l-malāikata alladhīna hum ʿibādu l-raḥmāni ināthan ashahidū khalqahum satuk'tabu shahādatuhum wayus'alūna
Sinhala මලක්වරුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී ඔවුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු පෙනී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලැබේ. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබති.
Verse 20
وَقَالُوا۟ لَوْ شَآءَ ٱلرَّحْمَـٰنُ مَا عَبَدْنَـٰهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ
Transliteration waqālū law shāa l-raḥmānu mā ʿabadnāhum mā lahum bidhālika min ʿil'min in hum illā yakhruṣūna
Sinhala තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නොකරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
Verse 21
أَمْ ءَاتَيْنَـٰهُمْ كِتَـٰبًا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ
Transliteration am ātaynāhum kitāban min qablihi fahum bihi mus'tamsikūna
Sinhala එසේ නැතහොත් මීට පෙර දේව ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?
Verse 22
بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّهْتَدُونَ
Transliteration bal qālū innā wajadnā ābāanā ʿalā ummatin wa-innā ʿalā āthārihim muh'tadūna
Sinhala එසේ නොව, “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ.
Verse 23
وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ
Transliteration wakadhālika mā arsalnā min qablika fī qaryatin min nadhīrin illā qāla mut'rafūhā innā wajadnā ābāanā ʿalā ummatin wa-innā ʿalā āthārihim muq'tadūna
Sinhala එලෙසය ඔබට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සිටි ප්‍රභූවරුන් “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත.
Verse 24
۞ قَـٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ
Transliteration qāla awalaw ji'tukum bi-ahdā mimmā wajadttum ʿalayhi ābāakum qālū innā bimā ur'sil'tum bihi kāfirūna
Sinhala කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නොගෙනාවෙම් දැයි ඔහු විමසීය. එයට “කවර දෙයක් සමග නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.
Verse 25
فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ
Transliteration fa-intaqamnā min'hum fa-unẓur kayfa kāna ʿāqibatu l-mukadhibīna
Sinhala එවිට අපි ඔවුනට දඬුවම් කළෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි ඔබ අධීක්ෂණයෙන් බලනු.
Verse 26
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌ مِّمَّا تَعْبُدُونَ
Transliteration wa-idh qāla ib'rāhīmu li-abīhi waqawmihi innanī barāon mimmā taʿbudūna
Sinhala තවද “නියත වශයෙන්ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි යැයි ඉබ්‍රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Verse 27
إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ
Transliteration illā alladhī faṭaranī fa-innahu sayahdīni
Sinhala මා මැවූ අය හැර, නියත වශයෙන්ම ඔහු මට මග පෙන්වනු ඇත.
Verse 28
وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةً فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ
Transliteration wajaʿalahā kalimatan bāqiyatan fī ʿaqibihi laʿallahum yarjiʿūna
Sinhala තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ඔහු එය(එම ප්‍රකාශය) ඔහුගෙන් පැවත එන්නන් අතර පවතින ප්‍රකාශයක් බවට පත් කළේය.
Verse 29
بَلْ مَتَّعْتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌ مُّبِينٌ
Transliteration bal mattaʿtu hāulāi waābāahum ḥattā jāahumu l-ḥaqu warasūlun mubīnun
Sinhala නමුත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි දහම් දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.
Verse 30
وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُوا۟ هَـٰذَا سِحْرٌ وَإِنَّا بِهِۦ كَـٰفِرُونَ
Transliteration walammā jāahumu l-ḥaqu qālū hādhā siḥ'run wa-innā bihi kāfirūna
Sinhala තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසූහ.
Verse 31
وَقَالُوا۟ لَوْلَا نُزِّلَ هَـٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ
Transliteration waqālū lawlā nuzzila hādhā l-qur'ānu ʿalā rajulin mina l-qaryatayni ʿaẓīmin
Sinhala තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේද?” යැයි ඔවුහු පැවසූහ.
Verse 32
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَـٰتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
Transliteration ahum yaqsimūna raḥmata rabbika naḥnu qasamnā baynahum maʿīshatahum fī l-ḥayati l-dun'yā warafaʿnā baʿḍahum fawqa baʿḍin darajātin liyattakhidha baʿḍuhum baʿḍan sukh'riyyan waraḥmatu rabbika khayrun mimmā yajmaʿūna
Sinhala ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අපය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම් වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
Verse 33
وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ
Transliteration walawlā an yakūna l-nāsu ummatan wāḥidatan lajaʿalnā liman yakfuru bil-raḥmāni libuyūtihim suqufan min fiḍḍatin wamaʿārija ʿalayhā yaẓharūna
Sinhala ජනයා එකම සමූහයක් නොවන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද,
Verse 34
وَلِبُيُوتِهِمْ أَبْوَٰبًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ
Transliteration walibuyūtihim abwāban wasururan ʿalayhā yattakiūna
Sinhala තවද ඔවුන්ගේ නිවෙස් දොරටු වලින් ද ඔවුන් ඒ මත හාන්සි ව සිටින කවිච්චි වලින් ද අපි ඇති කරන්නට තිබුණි.
Verse 35
وَزُخْرُفًا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَٱلْـَٔاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ
Transliteration wazukh'rufan wa-in kullu dhālika lammā matāʿu l-ḥayati l-dun'yā wal-ākhiratu ʿinda rabbika lil'muttaqīna
Sinhala තවද විසිතුරු භාණ්ඩ වලින්ද (අපි ඇති කරන්නට තිබුණි.) මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද ඔබේ පරමාධිපති අබියස මතු ලොව පිහිටනුයේ බිය බැතිමතුන්හටය.
Verse 36
وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَـٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَـٰنًا فَهُوَ لَهُۥ قَرِينٌ
Transliteration waman yaʿshu ʿan dhik'ri l-raḥmāni nuqayyiḍ lahu shayṭānan fahuwa lahu qarīnun
Sinhala මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවෙකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වෙයි.
Verse 37
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ
Transliteration wa-innahum layaṣuddūnahum ʿani l-sabīli wayaḥsabūna annahum muh'tadūna
Sinhala තවද නියත වශයෙන්ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන්ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති.
Verse 38
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ
Transliteration ḥattā idhā jāanā qāla yālayta baynī wabaynaka buʿ'da l-mashriqayni fabi'sa l-qarīnu
Sinhala ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නොවේ ද?’ යැයි ඔහු පවසයි. එහෙයින් එම සමීප මිතුරා නපුරුය.
Verse 39
وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ
Transliteration walan yanfaʿakumu l-yawma idh ẓalamtum annakum fī l-ʿadhābi mush'tarikūna
Sinhala නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. නියත වශයෙන්ම නුඹලා දඬුවමෙහි සහකාරයෝය.
Verse 40
أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَـٰلٍ مُّبِينٍ
Transliteration afa-anta tus'miʿu l-ṣuma aw tahdī l-ʿum'ya waman kāna fī ḍalālin mubīnin
Sinhala ඔබ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට ඔබ මග පෙන්වන්නෙහි ද?
Verse 41
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ
Transliteration fa-immā nadhhabanna bika fa-innā min'hum muntaqimūna
Sinhala එහෙයින් (මුහම්මද්) අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින්ම අපි ඔවුනට දඬුවම් කරන්නන් වෙමු.
Verse 42
أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَـٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ
Transliteration aw nuriyannaka alladhī waʿadnāhum fa-innā ʿalayhim muq'tadirūna
Sinhala එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි ඔබට පෙන්වන්නෙමු. සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.
Verse 43
فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Transliteration fa-is'tamsik bi-alladhī ūḥiya ilayka innaka ʿalā ṣirāṭin mus'taqīmin
Sinhala එහෙයින් ඔබ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ ඔබ ග්‍රහණය කර ගනු. නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය මතය.
Verse 44
وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ
Transliteration wa-innahu ladhik'run laka waliqawmika wasawfa tus'alūna
Sinhala තවද නියත වශයෙන්ම මෙය ඔබට හා ඔබේ සමූහයාට මෙනෙහි කිරීමකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.
Verse 45
وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَـٰنِ ءَالِهَةً يُعْبَدُونَ
Transliteration wasal man arsalnā min qablika min rusulinā ajaʿalnā min dūni l-raḥmāni ālihatan yuʿ'badūna
Sinhala මහා කරුණාන්විතයාණන්ගෙන් තොර ව ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැයි ඔබට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් ඔබ විමසනු.
Verse 46
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration walaqad arsalnā mūsā biāyātinā ilā fir'ʿawna wamala-ihi faqāla innī rasūlu rabbi l-ʿālamīna
Sinhala ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින්ම අපි අපගේ සාධක සමග මූසා ව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන්ම මම ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයා වෙමි” යැයි පැවසීය.
Verse 47
فَلَمَّا جَآءَهُم بِـَٔايَـٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ
Transliteration falammā jāahum biāyātinā idhā hum min'hā yaḍḥakūna
Sinhala අපගේ සාධක සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඒ ගැන ඔවුහු (සමච්චලයට) සිනහසුනහ.
Verse 48
وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَـٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ
Transliteration wamā nurīhim min āyatin illā hiya akbaru min ukh'tihā wa-akhadhnāhum bil-ʿadhābi laʿallahum yarjiʿūna
Sinhala අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එවැන්නට වඩා විශාල දෙයක් මිස වෙනකක් නොවීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.
Verse 49
وَقَالُوا۟ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ
Transliteration waqālū yāayyuha l-sāḥiru ud'ʿu lanā rabbaka bimā ʿahida ʿindaka innanā lamuh'tadūna
Sinhala “අහෝ හූනියම් කරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන්ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 50
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ
Transliteration falammā kashafnā ʿanhumu l-ʿadhāba idhā hum yankuthūna
Sinhala ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට ඔවුහු (දිවුරුම) කඩ කරති.
Verse 51
وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَـٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَـٰذِهِ ٱلْأَنْهَـٰرُ تَجْرِى مِن تَحْتِىٓ ۖ أَفَلَا تُبْصِرُونَ
Transliteration wanādā fir'ʿawnu fī qawmihi qāla yāqawmi alaysa lī mul'ku miṣ'ra wahādhihi l-anhāru tajrī min taḥtī afalā tub'ṣirūna
Sinhala තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නොවේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නොදකින්නෙහු ද?
Verse 52
أَمْ أَنَا۠ خَيْرٌ مِّنْ هَـٰذَا ٱلَّذِى هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ
Transliteration am anā khayrun min hādhā alladhī huwa mahīnun walā yakādu yubīnu
Sinhala එසේ නැතහොත් පැහැදිලි ව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නොවේ ද?
Verse 53
فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَـٰٓئِكَةُ مُقْتَرِنِينَ
Transliteration falawlā ul'qiya ʿalayhi aswiratun min dhahabin aw jāa maʿahu l-malāikatu muq'tarinīna
Sinhala එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු සමග පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”
Verse 54
فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ
Transliteration fa-is'takhaffa qawmahu fa-aṭāʿūhu innahum kānū qawman fāsiqīna
Sinhala එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූහ. නියත වශයෙන්ම ඔවුහු (අල්ලාහ්ට එරෙහි වු) කලහකාරී පිරිසක් වූහ.
Verse 55
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَـٰهُمْ أَجْمَعِينَ
Transliteration falammā āsafūnā intaqamnā min'hum fa-aghraqnāhum ajmaʿīna
Sinhala ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.
Verse 56
فَجَعَلْنَـٰهُمْ سَلَفًا وَمَثَلًا لِّلْـَٔاخِرِينَ
Transliteration fajaʿalnāhum salafan wamathalan lil'ākhirīna
Sinhala එවිට ඉකුත් ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උපමාවක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු.
Verse 57
۞ وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ
Transliteration walammā ḍuriba ub'nu maryama mathalan idhā qawmuka min'hu yaṣiddūna
Sinhala මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට ඔබේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනහ.
Verse 58
وَقَالُوٓا۟ ءَأَـٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ
Transliteration waqālū aālihatunā khayrun am huwa mā ḍarabūhu laka illā jadalan bal hum qawmun khaṣimūna
Sinhala තවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසූහ. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නොකළෝය. එසේය. ඔවුහු තර්ක කරන පිරිසකි.
Verse 59
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَـٰهُ مَثَلًا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ
Transliteration in huwa illā ʿabdun anʿamnā ʿalayhi wajaʿalnāhu mathalan libanī is'rāīla
Sinhala අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.
Verse 60
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَـٰٓئِكَةً فِى ٱلْأَرْضِ يَخْلُفُونَ
Transliteration walaw nashāu lajaʿalnā minkum malāikatan fī l-arḍi yakhlufūna
Sinhala තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතුරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.
Verse 61
وَإِنَّهُۥ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَـٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ
Transliteration wa-innahu laʿil'mun lilssāʿati falā tamtarunna bihā wa-ittabiʿūni hādhā ṣirāṭun mus'taqīmun
Sinhala තවද නියත වශයෙන්ම (යේසුස් වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නොකරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.
Verse 62
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَـٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ
Transliteration walā yaṣuddannakumu l-shayṭānu innahu lakum ʿaduwwun mubīnun
Sinhala ෂෙයිතාන් නුඹලා නොවැළක්විය යුතුය, නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
Verse 63
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَـٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ
Transliteration walammā jāa ʿīsā bil-bayināti qāla qad ji'tukum bil-ḥik'mati wali-ubayyina lakum baʿḍa alladhī takhtalifūna fīhi fa-ittaqū l-laha wa-aṭīʿūni
Sinhala ඊසා පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමග පැමිණියෙමි. තවද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස (පැමිණියෙමි.) එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසීය.
Verse 64
إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَـٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ
Transliteration inna l-laha huwa rabbī warabbukum fa-uʿ'budūhu hādhā ṣirāṭun mus'taqīmun
Sinhala “නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”
Verse 65
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا۟ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ
Transliteration fa-ikh'talafa l-aḥzābu min baynihim fawaylun lilladhīna ẓalamū min ʿadhābi yawmin alīmin
Sinhala එවිට ඔවුන් අතුරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශ අත්වේවා!
Verse 66
هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
Transliteration hal yanẓurūna illā l-sāʿata an tatiyahum baghtatan wahum lā yashʿurūna
Sinhala ඔවුන් නොහගමින් සිටිය දී ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙන අවසන් හෝරාව ගැන හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?
Verse 67
ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ
Transliteration al-akhilāu yawma-idhin baʿḍuhum libaʿḍin ʿaduwwun illā l-mutaqīna
Sinhala දේව බිය බැතිමතුන් හැර, එම මිතුරන් එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු වෙති.
Verse 68
يَـٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ
Transliteration yāʿibādi lā khawfun ʿalaykumu l-yawma walā antum taḥzanūna
Sinhala අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නොවන්නෙහුය.
Verse 69
ٱلَّذِينَ ءَامَنُوا۟ بِـَٔايَـٰتِنَا وَكَانُوا۟ مُسْلِمِينَ
Transliteration alladhīna āmanū biāyātinā wakānū mus'limīna
Sinhala ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.
Verse 70
ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ
Transliteration ud'khulū l-janata antum wa-azwājukum tuḥ'barūna
Sinhala නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)
Verse 71
يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَـٰلِدُونَ
Transliteration yuṭāfu ʿalayhim biṣiḥāfin min dhahabin wa-akwābin wafīhā mā tashtahīhi l-anfusu wataladhu l-aʿyunu wa-antum fīhā khālidūna
Sinhala රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පිනවන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝය.
Verse 72
وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ
Transliteration watil'ka l-janatu allatī ūrith'tumūhā bimā kuntum taʿmalūna
Sinhala නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.
Verse 73
لَكُمْ فِيهَا فَـٰكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ
Transliteration lakum fīhā fākihatun kathīratun min'hā takulūna
Sinhala නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරන්නෙහුය යැයි (කියනු ලැබේ.)
Verse 74
إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَـٰلِدُونَ
Transliteration inna l-muj'rimīna fī ʿadhābi jahannama khālidūna
Sinhala නියත වශයෙන්ම වැරදිකරුවන් නිරයේ දඬුවමෙහි සදාතනිකයෝ වෙති.
Verse 75
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ
Transliteration lā yufattaru ʿanhum wahum fīhi mub'lisūna
Sinhala ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නොලැබේ.ඔවුහු එහි බලාපොරොත්තු සුන් වී සිටිති.
Verse 76
وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن كَانُوا۟ هُمُ ٱلظَّـٰلِمِينَ
Transliteration wamā ẓalamnāhum walākin kānū humu l-ẓālimīna
Sinhala තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහු තමන් විසින්ම තමන්ට අපරාධකර ගත්හ.
Verse 77
وَنَادَوْا۟ يَـٰمَـٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّـٰكِثُونَ
Transliteration wanādaw yāmāliku liyaqḍi ʿalaynā rabbuka qāla innakum mākithūna
Sinhala අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප වෙත තීන්දු කරත්වා ! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.
Verse 78
لَقَدْ جِئْنَـٰكُم بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَـٰرِهُونَ
Transliteration laqad ji'nākum bil-ḥaqi walākinna aktharakum lil'ḥaqqi kārihūna
Sinhala සැබැවින්ම අපි සත්‍යය සමග නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.
Verse 79
أَمْ أَبْرَمُوٓا۟ أَمْرًا فَإِنَّا مُبْرِمُونَ
Transliteration am abramū amran fa-innā mub'rimūna
Sinhala එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කළෝ ද? එවිට නියත වශයෙන්ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.
Verse 80
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ
Transliteration am yaḥsabūna annā lā nasmaʿu sirrahum wanajwāhum balā warusulunā ladayhim yaktubūna
Sinhala ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡා වලට සැබැවින්ම අප සවන් නොදෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.
Verse 81
قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌ فَأَنَا۠ أَوَّلُ ٱلْعَـٰبِدِينَ
Transliteration qul in kāna lilrraḥmāni waladun fa-anā awwalu l-ʿābidīna
Sinhala “මහා කරුණාන්විතයාණන් හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතුරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය,) ඔබ පවසනු.
Verse 82
سُبْحَـٰنَ رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ
Transliteration sub'ḥāna rabbi l-samāwāti wal-arḍi rabbi l-ʿarshi ʿammā yaṣifūna
Sinhala අහස් හි හා මහපොළොවේ හිමිපාණන් වූ එමෙන්ම අර්ෂ්හි හිමිපාණන් (වූ ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
Verse 83
فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ
Transliteration fadharhum yakhūḍū wayalʿabū ḥattā yulāqū yawmahumu alladhī yūʿadūna
Sinhala එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමුවන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.
Verse 84
وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَـٰهٌ وَفِى ٱلْأَرْضِ إِلَـٰهٌ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ
Transliteration wahuwa alladhī fī l-samāi ilāhun wafī l-arḍi ilāhun wahuwa l-ḥakīmu l-ʿalīmu
Sinhala ඔහු වනාහි අහස් හි දෙවිඳාය. මහපොළොවෙහි ද දෙවිඳාය. තවද මහා ප්‍රඥාවන්තය. සර්වඥානීය.
Verse 85
وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ
Transliteration watabāraka alladhī lahu mul'ku l-samāwāti wal-arḍi wamā baynahumā waʿindahu ʿil'mu l-sāʿati wa-ilayhi tur'jaʿūna
Sinhala අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වූ ඔහු අති උත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙතය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
Verse 86
وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَـٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ
Transliteration walā yamliku alladhīna yadʿūna min dūnihi l-shafāʿata illā man shahida bil-ḥaqi wahum yaʿlamūna
Sinhala ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, ඔවුන් දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.
Verse 87
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ
Transliteration wala-in sa-altahum man khalaqahum layaqūlunna l-lahu fa-annā yu'fakūna
Sinhala තවද ඔවුන් මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින්ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?
Verse 88
وَقِيلِهِۦ يَـٰرَبِّ إِنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ
Transliteration waqīlihi yārabbi inna hāulāi qawmun lā yu'minūna
Sinhala තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මොවුහු විශ්වාස නොකරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශයද (අල්ලාහ් දනී).
Verse 89
فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَـٰمٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ
Transliteration fa-iṣ'faḥ ʿanhum waqul salāmun fasawfa yaʿlamūna
Sinhala එහෙයින් ඔබ ඔවුන් නොසළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
Read Surah Az-Zukhruf in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.