Surah Ash-Shuraa in Sinhala: translation and audio
Surah 42 · الشورى · The Consultation · 53 verses
Surah Ash-Shuraa verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Ash-Shuraa word by word in English.
Verse 1
حمٓ
Transliteration hha-meem
Sinhala හා මීම්
Verse 2
عٓسٓقٓ
Transliteration ain-seen-qaf
Sinhala අයින් සීන් කාෆ්
Verse 3
كَذَٰلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Transliteration kadhālika yūḥī ilayka wa-ilā alladhīna min qablika l-lahu l-ʿazīzu l-ḥakīmu
Sinhala මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් ඔබ වෙත හා ඔබට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙසය.
Verse 4
لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ
Transliteration lahu mā fī l-samāwāti wamā fī l-arḍi wahuwa l-ʿaliyu l-ʿaẓīmu
Sinhala අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතුය. තවද ඔහු අති උත්තරීතරය. සර්වබලධාරීය.
Verse 5
تَكَادُ ٱلسَّمَـٰوَٰتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ ۚ وَٱلْمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
Transliteration takādu l-samāwātu yatafaṭṭarna min fawqihinna wal-malāikatu yusabbiḥūna biḥamdi rabbihim wayastaghfirūna liman fī l-arḍi alā inna l-laha huwa l-ghafūru l-raḥīmu
Sinhala අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට තැත් කරයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව ඇයද සිටිති. දැන ගනු නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.
Verse 6
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ
Transliteration wa-alladhīna ittakhadhū min dūnihi awliyāa l-lahu ḥafīẓun ʿalayhim wamā anta ʿalayhim biwakīlin
Sinhala ඔහුගෙන් තොර ව භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නාය. තවද ඔබ ඔවුන් වෙත භාරකරුවකු ලෙසින් නොමැත.
Verse 7
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌ فِى ٱلسَّعِيرِ
Transliteration wakadhālika awḥaynā ilayka qur'ānan ʿarabiyyan litundhira umma l-qurā waman ḥawlahā watundhira yawma l-jamʿi lā rayba fīhi farīqun fī l-janati wafarīqun fī l-saʿīri
Sinhala මව් නගරයට හා ඒ අවට සිටින්නන් හට ඔබ අවවාද කරනු පිණිසද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන ඔබ අවවාද කරනු පිණිස ද අපි ඔබ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙසය. (එදින) පිරිසක් ස්වර්ගයෙහිය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහිය.
Verse 8
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَٰحِدَةً وَلَـٰكِن يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِىٍّ وَلَا نَصِيرٍ
Transliteration walaw shāa l-lahu lajaʿalahum ummatan wāḥidatan walākin yud'khilu man yashāu fī raḥmatihi wal-ẓālimūna mā lahum min waliyyin walā naṣīrin
Sinhala තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද, අපරාධකරුවන්හට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත.
Verse 9
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Transliteration ami ittakhadhū min dūnihi awliyāa fal-lahu huwa l-waliyu wahuwa yuḥ'yī l-mawtā wahuwa ʿalā kulli shayin qadīrun
Sinhala එසේ නැතහොත් ඔහු හැර සෙසු අය භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහුමය භාරකරු, තවද ඔහු මළවුනට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
Verse 10
وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّى عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
Transliteration wamā ikh'talaftum fīhi min shayin faḥuk'muhu ilā l-lahi dhālikumu l-lahu rabbī ʿalayhi tawakkaltu wa-ilayhi unību
Sinhala නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙතය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතම මම යොමු වෙමි.
Verse 11
فَاطِرُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا وَمِنَ ٱلْأَنْعَـٰمِ أَزْوَٰجًا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ
Transliteration fāṭiru l-samāwāti wal-arḍi jaʿala lakum min anfusikum azwājan wamina l-anʿāmi azwājan yadhra-ukum fīhi laysa kamith'lihi shayon wahuwa l-samīʿu l-baṣīru
Sinhala (ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපකයාය. නුඹලා තුළින්ම නුඹලා සඳහා වූ ජෝඩු ද එමෙන්ම ගොවිපළ සතුන් අතුරින් ජෝඩු ද ඔහු ඇති කළේය. එහි නුඹලා ව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය. සර්ව නිරීක්ෂකය.
Verse 12
لَهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌ
Transliteration lahu maqālīdu l-samāwāti wal-arḍi yabsuṭu l-riz'qa liman yashāu wayaqdiru innahu bikulli shayin ʿalīmun
Sinhala අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
Verse 13
۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ ۚ كَبُرَ عَلَى ٱلْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ ٱللَّهُ يَجْتَبِىٓ إِلَيْهِ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَن يُنِيبُ
Transliteration sharaʿa lakum mina l-dīni mā waṣṣā bihi nūḥan wa-alladhī awḥaynā ilayka wamā waṣṣaynā bihi ib'rāhīma wamūsā waʿīsā an aqīmū l-dīna walā tatafarraqū fīhi kabura ʿalā l-mush'rikīna mā tadʿūhum ilayhi l-lahu yajtabī ilayhi man yashāu wayahdī ilayhi man yunību
Sinhala කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ඔහු දහම්ගත කළේය. ඔබ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම් වෙත ද මූසා වෙත ද ඊසා වෙත ද අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද දහම්ගත කළෙමු. මන්ද නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කොට එහි නුඹලා වෙන් ව නොයෑම සඳහාය. ඔබ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත (දූතයන් වශයෙන්) තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.
Verse 14
وَمَا تَفَرَّقُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى لَّقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُوا۟ ٱلْكِتَـٰبَ مِنۢ بَعْدِهِمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ
Transliteration wamā tafarraqū illā min baʿdi mā jāahumu l-ʿil'mu baghyan baynahum walawlā kalimatun sabaqat min rabbika ilā ajalin musamman laquḍiya baynahum wa-inna alladhīna ūrithū l-kitāba min baʿdihim lafī shakkin min'hu murībin
Sinhala ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව (ක්‍රෝධය) හේතුවෙන් මිස ඔවුහු වෙන් ව නොගියෝය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නොවූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද ඔවුන්ගෙන් පසු ව දේව ග්‍රන්ථය උරුම කරනු ලැබූ අය ඒ පිළිබඳ ව සැකයෙහි දෙගිඩියාවෙන් සිටියි.
Verse 15
فَلِذَٰلِكَ فَٱدْعُ ۖ وَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ ۖ وَقُلْ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَـٰبٍ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ ٱللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ
Transliteration falidhālika fa-ud'ʿu wa-is'taqim kamā umir'ta walā tattabiʿ ahwāahum waqul āmantu bimā anzala l-lahu min kitābin wa-umir'tu li-aʿdila baynakumu l-lahu rabbunā warabbukum lanā aʿmālunā walakum aʿmālukum lā ḥujjata baynanā wabaynakumu l-lahu yajmaʿu baynanā wa-ilayhi l-maṣīru
Sinhala එහෙයින් (නබිවරය) ඔබ ඒ (දේව විශ්වාසය) වෙත ඇරයුම් කරනු. තවද ඔබ අණ කරනු ලැබූ සේම ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ‘දේව ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ පිළිබඳ ව මම විශ්වාස කර ඇත්තෙමි. තවද නුඹලා අතර යුක්තිගරුක ව කටයුතු කිරීමට මම අණ කරනු ලැබුවෙමි. අල්ලාහ් අපගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. අපට අපගේ ක්‍රියාවන්. තවද නුඹලාට නුඹලාගේ ක්‍රියාවන්. මෙහි අප අතර හා නුඹලා අතර කිසිදු තර්කයක් නැත. අල්ලාහ් අප එක්රැස් කරයි. තවද නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතමය.’ යැයි පවසනු.
Verse 16
وَٱلَّذِينَ يُحَآجُّونَ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ٱسْتُجِيبَ لَهُۥ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ
Transliteration wa-alladhīna yuḥājjūna fī l-lahi min baʿdi mā us'tujība lahu ḥujjatuhum dāḥiḍatun ʿinda rabbihim waʿalayhim ghaḍabun walahum ʿadhābun shadīdun
Sinhala ඔහුට පිළිතුරු දෙනු ලැබුවායින් පසු අල්ලාහ් විෂයයෙහි වාද කරන්නෝ වනාහි ඔවුන්ගේ වාදය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵලය. තවද ඔවුන් වෙත කෝපය ඇත. තවද ඔවුනට දැඩි දඬුවමක් ද ඇත.
Verse 17
ٱللَّهُ ٱلَّذِىٓ أَنزَلَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ وَٱلْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٌ
Transliteration al-lahu alladhī anzala l-kitāba bil-ḥaqi wal-mīzāna wamā yud'rīka laʿalla l-sāʿata qarībun
Sinhala සත්‍යයෙන් යුතු ව දේව ග්‍රන්ථය හා තුලාව පහළ කළේ අල්ලාහ්ය. අවසන් හෝරාව සමීපයෙන් විය හැකි යැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?
Verse 18
يَسْتَعْجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا ٱلْحَقُّ ۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِى ٱلسَّاعَةِ لَفِى ضَلَـٰلٍۭ بَعِيدٍ
Transliteration yastaʿjilu bihā alladhīna lā yu'minūna bihā wa-alladhīna āmanū mush'fiqūna min'hā wayaʿlamūna annahā l-ḥaqu alā inna alladhīna yumārūna fī l-sāʿati lafī ḍalālin baʿīdin
Sinhala ඒ (අවසන් හෝරාව) පිළිබඳ විශ්වාස නොකරන්නෝ එය ඉක්මණින් පතති. තවද විශ්වාස කරන්නෝ ඒ ගැන බිය වන්නෝ වෙති. නියත වශයෙන්ම එය සැබෑවක් යැයි ඔවුහු දනිති. දැන ගනු. නියත වශයෙන්ම අවසන් හෝරාව පිළිබඳ තර්ක කරන්නෝ අන්ත මුළාවෙහිය.
Verse 19
ٱللَّهُ لَطِيفٌۢ بِعِبَادِهِۦ يَرْزُقُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ
Transliteration al-lahu laṭīfun biʿibādihi yarzuqu man yashāu wahuwa l-qawiyu l-ʿazīzu
Sinhala අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රිය. ඔහු අභිමත කරන අයට පෝෂණය පිරිනමයි. තවද ඔහු සර්ව ශක්තිය ඇති සර්ව බලධාරියාණන්ය.
Verse 20
مَن كَانَ يُرِيدُ حَرْثَ ٱلْـَٔاخِرَةِ نَزِدْ لَهُۥ فِى حَرْثِهِۦ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَا لَهُۥ فِى ٱلْـَٔاخِرَةِ مِن نَّصِيبٍ
Transliteration man kāna yurīdu ḥartha l-ākhirati nazid lahu fī ḥarthihi waman kāna yurīdu ḥartha l-dun'yā nu'tihi min'hā wamā lahu fī l-ākhirati min naṣībin
Sinhala කවරෙකු මතු ලොවෙහි ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුගේ ඵලදාවෙහි වර්ධනය ඇති කරමු. තවද කවරෙකු මෙලොව ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුට එයින් පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නැත.
Verse 21
أَمْ لَهُمْ شُرَكَـٰٓؤُا۟ شَرَعُوا۟ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمْ يَأْذَنۢ بِهِ ٱللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ ٱلْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ ۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
Transliteration am lahum shurakāu sharaʿū lahum mina l-dīni mā lam yadhan bihi l-lahu walawlā kalimatu l-faṣli laquḍiya baynahum wa-inna l-ẓālimīna lahum ʿadhābun alīmun
Sinhala අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නොදුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තවද පැහැදිලි ප්‍රකාශය නොවී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Verse 22
تَرَى ٱلظَّـٰلِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا۟ وَهُوَ وَاقِعٌۢ بِهِمْ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فِى رَوْضَاتِ ٱلْجَنَّاتِ ۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ
Transliteration tarā l-ẓālimīna mush'fiqīna mimmā kasabū wahuwa wāqiʿun bihim wa-alladhīna āmanū waʿamilū l-ṣāliḥāti fī rawḍāti l-janāti lahum mā yashāūna ʿinda rabbihim dhālika huwa l-faḍlu l-kabīru
Sinhala අපරාධකරුවන් තමන් ඉපැයූ දෑ පිළිබඳ බියෙන් පසුවන්නන් ලෙස ඔබ දකින්නෙහිය. තවද එය ඔවුනට සිදුවන්නකි. තවද දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු ස්වර්ග උයන් වලය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කරන දෑ ඔවුනට ඇත. එයයි අතිමහත් භාග්‍යය.
Verse 23
ذَٰلِكَ ٱلَّذِى يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا ٱلْمَوَدَّةَ فِى ٱلْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُۥ فِيهَا حُسْنًا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ شَكُورٌ
Transliteration dhālika alladhī yubashiru l-lahu ʿibādahu alladhīna āmanū waʿamilū l-ṣāliḥāti qul lā asalukum ʿalayhi ajran illā l-mawadata fī l-qur'bā waman yaqtarif ḥasanatan nazid lahu fīhā ḥus'nan inna l-laha ghafūrun shakūrun
Sinhala එය විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්හට අල්ලාහ් ශුභාරංචි දන්වා සිටී දෑය. “සමීප ඥාතීත්වය තුළ ආදරය දැක්වීමට මිස ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නොඉල්ලමි” යැයි (නබිවරය) ඔබ පවසනු. තවද කවරෙකු යහපතක් උපයන්නේ ද අපි ඔහුට එහි යහකම වර්ධනය කරමු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. ගුණගරුකය.
Verse 24
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ ٱللَّهُ ٱلْبَـٰطِلَ وَيُحِقُّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦٓ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
Transliteration am yaqūlūna if'tarā ʿalā l-lahi kadhiban fa-in yasha-i l-lahu yakhtim ʿalā qalbika wayamḥu l-lahu l-bāṭila wayuḥiqqu l-ḥaqa bikalimātihi innahu ʿalīmun bidhāti l-ṣudūri
Sinhala එසේ නැතහොත් “ඔහු (නබිවරයා) අල්ලාහ් වෙත බොරුවක් ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෝද? එහෙයින් අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔබේ හදවත මත ඔහු මුද්‍රා තබයි. තවද අල්ලාහ් අසත්‍යය මකා දමයි. තවද ඔහුගේ වදන් තුළින් සත්‍යය තහවුරු කරයි. නියත වශයෙන්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
Verse 25
وَهُوَ ٱلَّذِى يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَعْفُوا۟ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ
Transliteration wahuwa alladhī yaqbalu l-tawbata ʿan ʿibādihi wayaʿfū ʿani l-sayiāti wayaʿlamu mā tafʿalūna
Sinhala තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නාය. තවද ඔහු පාපකම් වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී.
Verse 26
وَيَسْتَجِيبُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۚ وَٱلْكَـٰفِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ
Transliteration wayastajību alladhīna āmanū waʿamilū l-ṣāliḥāti wayazīduhum min faḍlihi wal-kāfirūna lahum ʿadhābun shadīdun
Sinhala විශ්වාස කොට යහකම් සිදු කළවුන් ඔහු පිළිගනී. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අධික කරයි. තවද ප්රතික්ෂේපකයෝ වන ඔවුනට දැඩි දඬුවමක් ඇත.
Verse 27
۞ وَلَوْ بَسَطَ ٱللَّهُ ٱلرِّزْقَ لِعِبَادِهِۦ لَبَغَوْا۟ فِى ٱلْأَرْضِ وَلَـٰكِن يُنَزِّلُ بِقَدَرٍ مَّا يَشَآءُ ۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرٌۢ بَصِيرٌ
Transliteration walaw basaṭa l-lahu l-riz'qa liʿibādihi labaghaw fī l-arḍi walākin yunazzilu biqadarin mā yashāu innahu biʿibādihi khabīrun baṣīrun
Sinhala තවද අල්ලාහ් තම ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කළේ නම් මහපොළොවෙහි ඔවුහු සීමාව ඉක්මවා යනු ඇත. නමුත් ඔහු අභිමත කරන ප්‍රමාණයක් පහළ කරනු ඇත. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්තය. සර්ව නිරීක්ෂකය.
Verse 28
وَهُوَ ٱلَّذِى يُنَزِّلُ ٱلْغَيْثَ مِنۢ بَعْدِ مَا قَنَطُوا۟ وَيَنشُرُ رَحْمَتَهُۥ ۚ وَهُوَ ٱلْوَلِىُّ ٱلْحَمِيدُ
Transliteration wahuwa alladhī yunazzilu l-ghaytha min baʿdi mā qanaṭū wayanshuru raḥmatahu wahuwa l-waliyu l-ḥamīdu
Sinhala ඔවුන් (මිනිසුන්) බලාපොරොත්තු සුන් කර ගත් පසු වර්ෂාව පහළ කරනුයේ ඔහුය. තවද ඔහුගේ කරුණාව ඔහු පතුරුවයි. තවද ප්‍රශංසාලාභී භාරකරු ඔහුය.
Verse 29
وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَآءُ قَدِيرٌ
Transliteration wamin āyātihi khalqu l-samāwāti wal-arḍi wamā batha fīhimā min dābbatin wahuwa ʿalā jamʿihim idhā yashāu qadīrun
Sinhala අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙක තුළ ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතුරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තාය.
Verse 30
وَمَآ أَصَـٰبَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُوا۟ عَن كَثِيرٍ
Transliteration wamā aṣābakum min muṣībatin fabimā kasabat aydīkum wayaʿfū ʿan kathīrin
Sinhala යම් දුර්භාග්‍යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. තවද ඔහු බොහෝ දෑට සමාව දෙයි.
Verse 31
وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ
Transliteration wamā antum bimuʿ'jizīna fī l-arḍi wamā lakum min dūni l-lahi min waliyyin walā naṣīrin
Sinhala තවද නුඹලා මහපොළොවේ අබිබවා යන්නන් නොවේ. තවද අල්ලාහ්ගෙන් තොර ව නුඹලාට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත.
Verse 32
وَمِنْ ءَايَـٰتِهِ ٱلْجَوَارِ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ
Transliteration wamin āyātihi l-jawāri fī l-baḥri kal-aʿlāmi
Sinhala තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්‍රාද ඔහුගේ සංඥා අතුරිනි.
Verse 33
إِن يَشَأْ يُسْكِنِ ٱلرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ
Transliteration in yasha yus'kini l-rīḥa fayaẓlalna rawākida ʿalā ẓahrihi inna fī dhālika laāyātin likulli ṣabbārin shakūrin
Sinhala ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන්ම ගුණගරුක ඉවසිලිවන්ත සියල්ලන් හට එහි සංඥා ඇත.
Verse 34
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا۟ وَيَعْفُ عَن كَثِيرٍ
Transliteration aw yūbiq'hunna bimā kasabū wayaʿfu ʿan kathīrin
Sinhala එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. ඔහු බෙහෝ දෑට සමාව දෙයි.
Verse 35
وَيَعْلَمَ ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ
Transliteration wayaʿlama alladhīna yujādilūna fī āyātinā mā lahum min maḥīṣin
Sinhala තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට කිසිදු මිදීමක් නැත.
Verse 36
فَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
Transliteration famā ūtītum min shayin famatāʿu l-ḥayati l-dun'yā wamā ʿinda l-lahi khayrun wa-abqā lilladhīna āmanū waʿalā rabbihim yatawakkalūna
Sinhala එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. නමුත් අල්ලාහ් අබියස ඇති දෑ දෙවියන් විශ්වාස කළවුනට ශ්‍රේෂ්ඨය. තවද එය සදා පවතින්නකි. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති.
Verse 37
وَٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُوا۟ هُمْ يَغْفِرُونَ
Transliteration wa-alladhīna yajtanibūna kabāira l-ith'mi wal-fawāḥisha wa-idhā mā ghaḍibū hum yaghfirūna
Sinhala තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද ඔවුන් කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහුමය.
Verse 38
وَٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ
Transliteration wa-alladhīna is'tajābū lirabbihim wa-aqāmū l-ṣalata wa-amruhum shūrā baynahum wamimmā razaqnāhum yunfiqūna
Sinhala තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත් ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා අනුවය. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
Verse 39
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلْبَغْىُ هُمْ يَنتَصِرُونَ
Transliteration wa-alladhīna idhā aṣābahumu l-baghyu hum yantaṣirūna
Sinhala තවද ඔවුන් වනාහි ඔවුනට අපරාධ ඇති වූ විට ඔවුහු (සාධාරණ ලෙසින්) උදව් ලබන්නෝ වෙති.
Verse 40
وَجَزَٰٓؤُا۟ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ
Transliteration wajazāu sayyi-atin sayyi-atun mith'luhā faman ʿafā wa-aṣlaḥa fa-ajruhu ʿalā l-lahi innahu lā yuḥibbu l-ẓālimīna
Sinhala අයහපතට ප්රතිවිපාකය ඒ හා සමාන අයහපතකි. එහෙයින් කවරෙකු සමාව දී හැඩගැසෙන්නේද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් වෙතය. නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නොකරයි.
Verse 41
وَلَمَنِ ٱنتَصَرَ بَعْدَ ظُلْمِهِۦ فَأُو۟لَـٰٓئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ
Transliteration walamani intaṣara baʿda ẓul'mihi fa-ulāika mā ʿalayhim min sabīlin
Sinhala තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසු ව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහි ව කිසිදු මාර්ගයන් නැත්තෝ ඔවුහුමය.
Verse 42
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظْلِمُونَ ٱلنَّاسَ وَيَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
Transliteration innamā l-sabīlu ʿalā alladhīna yaẓlimūna l-nāsa wayabghūna fī l-arḍi bighayri l-ḥaqi ulāika lahum ʿadhābun alīmun
Sinhala නියත වශයෙන්ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණය. වේදනීය දඬුවමක් තමන්ට ඇත්තෝ ඔවුහුමය.
Verse 43
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ ٱلْأُمُورِ
Transliteration walaman ṣabara waghafara inna dhālika lamin ʿazmi l-umūri
Sinhala තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන්ම එය ස්ථාවර ක්‍රියාවන් අතුරිනි.
Verse 44
وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِىٍّ مِّنۢ بَعْدِهِۦ ۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِّن سَبِيلٍ
Transliteration waman yuḍ'lili l-lahu famā lahu min waliyyin min baʿdihi watarā l-ẓālimīna lammā ra-awū l-ʿadhāba yaqūlūna hal ilā maraddin min sabīlin
Sinhala තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසු ව කිසිදු භාරකරුවකු ඔහුට නැත. අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත්දැ?’යි විමසා සිටිනු ඔබ දකිනු ඇත.
Verse 45
وَتَرَىٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَـٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّ ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِى عَذَابٍ مُّقِيمٍ
Transliteration watarāhum yuʿ'raḍūna ʿalayhā khāshiʿīna mina l-dhuli yanẓurūna min ṭarfin khafiyyin waqāla alladhīna āmanū inna l-khāsirīna alladhīna khasirū anfusahum wa-ahlīhim yawma l-qiyāmati alā inna l-ẓālimīna fī ʿadhābin muqīmin
Sinhala තවද ඒ වෙත ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට, අවමානයෙන් යුතු ව හොර ඇසින් බලමින් ඔවුන් බියෙන් සිටිනු ඔබ දකිනු ඇත. “නියත වශයෙන්ම අලාභවන්තයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලට අලාභහානි කර ගත්තවුන්ය“ යැයි විශ්වාස කළවුන් පවසන්නෝය. දැන ගනු. නියත වශයෙන්ම අපරාධකරුවන් ස්ථීර දඬුවමෙහි වෙති.
Verse 46
وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ
Transliteration wamā kāna lahum min awliyāa yanṣurūnahum min dūni l-lahi waman yuḍ'lili l-lahu famā lahu min sabīlin
Sinhala තවද අල්ලාහ්ගෙන් තොර ව ඔවුනට උදව් කරන ආරක්ෂකයින් කිසිවෙකු ඔවුනට නොමැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මගක් ඔහුට නැත.
Verse 47
ٱسْتَجِيبُوا۟ لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍ يَوْمَئِذٍ وَمَا لَكُم مِّن نَّكِيرٍ
Transliteration is'tajībū lirabbikum min qabli an yatiya yawmun lā maradda lahu mina l-lahi mā lakum min malja-in yawma-idhin wamā lakum min nakīrin
Sinhala අල්ලාහ් වෙතින් එයට නැවත හැරීමක් නැති දිනයක් පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපතිට නුඹලා ප්‍රතිචාර දෙනු. එදින කිසිදු සරණාගත ස්ථානයන් නුඹලාට නැත. තවද (නුඹලාගේ පාපයන්) ප්‍රතිශේධනය කිරිමට නුඹලාට අවකාශය නැත.
Verse 48
فَإِنْ أَعْرَضُوا۟ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَـٰغُ ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَـٰنَ كَفُورٌ
Transliteration fa-in aʿraḍū famā arsalnāka ʿalayhim ḥafīẓan in ʿalayka illā l-balāghu wa-innā idhā adhaqnā l-insāna minnā raḥmatan fariḥa bihā wa-in tuṣib'hum sayyi-atun bimā qaddamat aydīhim fa-inna l-insāna kafūrun
Sinhala එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට (දැන ගනු) ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි ඔබව යැව්වේ නැත. (පණිවිඩය) දන්වා සිටීම හැර වෙනෙකක් ඔබ වෙත පැවරී නැත. තවද නියත වශයෙන්ම අපි මිනිසාට අපගෙන් වූ ආශිර්වාදයක් භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ඒ පිළිබඳ සතුටු විය. නමුත් ඔවුනට ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඇති වන්නේ නම් එවිට නියත වශයෙන්ම මිනිසා ගුණමකුය.
Verse 49
لِّلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَـٰثًا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ
Transliteration lillahi mul'ku l-samāwāti wal-arḍi yakhluqu mā yashāu yahabu liman yashāu ināthan wayahabu liman yashāu l-dhukūra
Sinhala අහස් හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත.
Verse 50
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَـٰثًا ۖ وَيَجْعَلُ مَن يَشَآءُ عَقِيمًا ۚ إِنَّهُۥ عَلِيمٌ قَدِيرٌ
Transliteration aw yuzawwijuhum dhuk'rānan wa-ināthan wayajʿalu man yashāu ʿaqīman innahu ʿalīmun qadīrun
Sinhala එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානීය. සර්ව ශක්තිය ඇත්තාය.
Verse 51
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآئِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌ
Transliteration wamā kāna libasharin an yukallimahu l-lahu illā waḥyan aw min warāi ḥijābin aw yur'sila rasūlan fayūḥiya bi-idh'nihi mā yashāu innahu ʿaliyyun ḥakīmun
Sinhala දේව පණිවිඩයක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස හෝ අල්ලාහ් තමන් සමග කතා කරන්නට කිසිදු මිනිසෙකු සුදුසු නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය මහා ප්‍රඥාවන්තය.
Verse 52
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ وَلَـٰكِن جَعَلْنَـٰهُ نُورًا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Transliteration wakadhālika awḥaynā ilayka rūḥan min amrinā mā kunta tadrī mā l-kitābu walā l-īmānu walākin jaʿalnāhu nūran nahdī bihi man nashāu min ʿibādinā wa-innaka latahdī ilā ṣirāṭin mus'taqīmin
Sinhala තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ආත්මයක් ඔබ වෙත වහී වශයෙන් එව්වෙමු. දේව ග්‍රන්ථය කුමක්ද යන්න හෝ දේව විශ්වාසය කුමක්ද යන්න ගැන ඔබ දැන සිටියේ නැත. නමුත් අපගේ ගැත්තන් අතුරින් අප අභිමත කරන අයට එමගින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙහිය.
Verse 53
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلْأُمُورُ
Transliteration ṣirāṭi l-lahi alladhī lahu mā fī l-samāwāti wamā fī l-arḍi alā ilā l-lahi taṣīru l-umūru
Sinhala අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ තමන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වේ. දැන ගනු සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙතය.
Read Surah Ash-Shuraa in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.