MyDugsiStart learning

Surah At-Tur in Sinhala: translation and audio

Surah 52 · الطور · The Mount · 49 verses

Surah At-Tur verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah At-Tur word by word in English.

Verse 1

وَٱلطُّورِ

Transliteration wal-ṭūri

Sinhala තූර් කන්ද මත දිවුරමින්,

Verse 2

وَكِتَـٰبٍ مَّسْطُورٍ

Transliteration wakitābin masṭūrin

Sinhala ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්,

Verse 3

فِى رَقٍّ مَّنشُورٍ

Transliteration fī raqqin manshūrin

Sinhala දිගු හරින ලද ලේඛණයෙහි.

Verse 4

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ

Transliteration wal-bayti l-maʿmūri

Sinhala බයිතුල් මඃමූර් (හෙවත් සත් අහසට ඉහළින් ඇති මළක්වරුන්ගේ නැමැදුම් පළ) මත දිවුරමින්,

Verse 5

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ

Transliteration wal-saqfi l-marfūʿi

Sinhala ඉහළට ඔසවන ලද වියන මත දිවුරමින්

Verse 6

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ

Transliteration wal-baḥri l-masjūri

Sinhala ගිනි මොළවනු ලබන (රැලිවලින් යුත්) මුහුද මත දිවුරමින්,

Verse 7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ

Transliteration inna ʿadhāba rabbika lawāqiʿun

Sinhala නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ බරපතල දඬුවම සිදුවන්නක්මය.

Verse 8

مَّا لَهُۥ مِن دَافِعٍ

Transliteration mā lahu min dāfiʿin

Sinhala එය වළක්වන කිසිවෙකු නැත.

Verse 9

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا

Transliteration yawma tamūru l-samāu mawran

Sinhala එදින අහස තදබල චලනයකින් චලනය වන දිනයයි.

Verse 10

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا

Transliteration watasīru l-jibālu sayran

Sinhala තවද කඳු භයානක සලිතයකින් සලිත වෙයි.

Verse 11

فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Transliteration fawaylun yawma-idhin lil'mukadhibīna

Sinhala එහෙයින් බොරු කළවුනට එදින විනාශයයි.

Verse 12

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ

Transliteration alladhīna hum fī khawḍin yalʿabūna

Sinhala ඔවුහු වනාහි (පුහු කටයුතු වල) නිරත ව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.

Verse 13

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا

Transliteration yawma yudaʿʿūna ilā nāri jahannama daʿʿan

Sinhala එදින නිරයේ ගින්න වෙත දක්කාගෙන යමින් වැරෙන් තල්ලු කරනු ලැබේ.

Verse 14

هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ

Transliteration hādhihi l-nāru allatī kuntum bihā tukadhibūna

Sinhala “මෙය නුඹලා කවර ගින්නක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නයි.”

Verse 15

أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ

Transliteration afasiḥ'run hādhā am antum lā tub'ṣirūna

Sinhala මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නොදකින්නෙහු ද?

Verse 16

ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration iṣ'lawhā fa-iṣ'birū aw lā taṣbirū sawāon ʿalaykum innamā tuj'zawna mā kuntum taʿmalūna

Sinhala නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නොඉවසුව ද නුඹලාට එක සමානය. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහාය.

Verse 17

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَعِيمٍ

Transliteration inna l-mutaqīna fī jannātin wanaʿīmin

Sinhala නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා සැපතෙහි සිටින්නෝය.

Verse 18

فَـٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ

Transliteration fākihīna bimā ātāhum rabbuhum wawaqāhum rabbuhum ʿadhāba l-jaḥīmi

Sinhala ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව සතුටු වන්නන් ලෙස සිටින්නෝය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය.

Verse 19

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration kulū wa-ish'rabū hanīan bimā kuntum taʿmalūna

Sinhala නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු.(යැයි පවසනු ලැබේ)

Verse 20

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ

Transliteration muttakiīna ʿalā sururin maṣfūfatin wazawwajnāhum biḥūrin ʿīnin

Sinhala පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.

Verse 21

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌ

Transliteration wa-alladhīna āmanū wa-ittabaʿathum dhurriyyatuhum biīmānin alḥaqnā bihim dhurriyyatahum wamā alatnāhum min ʿamalihim min shayin kullu im'ri-in bimā kasaba rahīnun

Sinhala තවද කව්රුන් විශ්වාස කළෝද, තවද ඔවුන්ගේ පරපුර විශ්වාසයෙන් යුතු ව ඔවුන්ව අනුගමනය කරන්නේද, ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමග එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නොකරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේය.

Verse 22

وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ

Transliteration wa-amdadnāhum bifākihatin walaḥmin mimmā yashtahūna

Sinhala ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.

Verse 23

يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ

Transliteration yatanāzaʿūna fīhā kasan lā laghwun fīhā walā tathīmun

Sinhala ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පොලඹවීමක් හෝ එහි නැත.

Verse 24

۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ

Transliteration wayaṭūfu ʿalayhim ghil'mānun lahum ka-annahum lu'lu-on maknūnun

Sinhala තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන්ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.

Verse 25

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ

Transliteration wa-aqbala baʿḍuhum ʿalā baʿḍin yatasāalūna

Sinhala ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.

Verse 26

قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ

Transliteration qālū innā kunnā qablu fī ahlinā mush'fiqīna

Sinhala “මීට පෙර නියත වශයෙන්ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.

Verse 27

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ

Transliteration famanna l-lahu ʿalaynā wawaqānā ʿadhāba l-samūmi

Sinhala “එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේය.”

Verse 28

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ

Transliteration innā kunnā min qablu nadʿūhu innahu huwa l-baru l-raḥīmu

Sinhala “නියත වශයෙන්ම අපි පෙර සිටම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන්ම ඔහු උපාකාරශීලී මහා කරුණාවන්තය.”

Verse 29

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ

Transliteration fadhakkir famā anta biniʿ'mati rabbika bikāhinin walā majnūnin

Sinhala එහෙයින් නුඹ උපදෙස් දෙනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ පේන කියන්නෙකු හෝ උම්මත්තකයකු හෝ නොවේ.

Verse 30

أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ

Transliteration am yaqūlūna shāʿirun natarabbaṣu bihi rayba l-manūni

Sinhala “එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?

Verse 31

قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ

Transliteration qul tarabbaṣū fa-innī maʿakum mina l-mutarabiṣīna

Sinhala “නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන්ම මම ද බලාපෙරොත්තු වන්නන් අතුරින් වෙමි” යැයි (නබිවරය) නුඹ පවසනු.

Verse 32

أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ

Transliteration am tamuruhum aḥlāmuhum bihādhā am hum qawmun ṭāghūna

Sinhala එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?

Verse 33

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ

Transliteration am yaqūlūna taqawwalahu bal lā yu'minūna

Sinhala එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.

Verse 34

فَلْيَأْتُوا۟ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَـٰدِقِينَ

Transliteration falyatū biḥadīthin mith'lihi in kānū ṣādiqīna

Sinhala ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතුය.

Verse 35

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ

Transliteration am khuliqū min ghayri shayin am humu l-khāliqūna

Sinhala එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?

Verse 36

أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ

Transliteration am khalaqū l-samāwāti wal-arḍa bal lā yūqinūna

Sinhala එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.

Verse 37

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ

Transliteration am ʿindahum khazāinu rabbika am humu l-muṣayṭirūna

Sinhala එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ නිදානයන් තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?

Verse 38

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍ مُّبِينٍ

Transliteration am lahum sullamun yastamiʿūna fīhi falyati mus'tamiʿuhum bisul'ṭānin mubīnin

Sinhala නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි ( අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත්ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා !

Verse 39

أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ

Transliteration am lahu l-banātu walakumu l-banūna

Sinhala එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වීද?

Verse 40

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

Transliteration am tasaluhum ajran fahum min maghramin muth'qalūna

Sinhala එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?

Verse 41

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

Transliteration am ʿindahumu l-ghaybu fahum yaktubūna

Sinhala එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?

Verse 42

أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ

Transliteration am yurīdūna kaydan fa-alladhīna kafarū humu l-makīdūna

Sinhala එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.

Verse 43

أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ

Transliteration am lahum ilāhun ghayru l-lahi sub'ḥāna l-lahi ʿammā yush'rikūna

Sinhala එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.

Verse 44

وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ

Transliteration wa-in yaraw kis'fan mina l-samāi sāqiṭan yaqūlū saḥābun markūmun

Sinhala තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.

Verse 45

فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ

Transliteration fadharhum ḥattā yulāqū yawmahumu alladhī fīhi yuṣ'ʿaqūna

Sinhala එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් නුඹ ඔවුන් අතහැර දමනු.

Verse 46

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ

Transliteration yawma lā yugh'nī ʿanhum kayduhum shayan walā hum yunṣarūna

Sinhala එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු උදව් කරනු නොලබති.

Verse 47

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Transliteration wa-inna lilladhīna ẓalamū ʿadhāban dūna dhālika walākinna aktharahum lā yaʿlamūna

Sinhala තවද නියත වශයෙන්ම අපරාධ කළවුනට ඒ (ලොවේ දඬුවම) හැර තවත් දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

Verse 48

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ

Transliteration wa-iṣ'bir liḥuk'mi rabbika fa-innaka bi-aʿyuninā wasabbiḥ biḥamdi rabbika ḥīna taqūmu

Sinhala නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන්ම නුඹ සිටිනුයේ අපගේ ඇස් ඉදිරිපිටය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.

Verse 49

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ

Transliteration wamina al-layli fasabbiḥ'hu wa-id'bāra l-nujūmi

Sinhala තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

Read Surah At-Tur in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.