Surah Al-Qalam in Sinhala: translation and audio
Surah 68 · القلم · The Pen · 52 verses
Surah Al-Qalam verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Qalam word by word in English.
Verse 1
نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ
Transliteration noon wal-qalami wamā yasṭurūna
Sinhala නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,
Verse 2
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ
Transliteration mā anta biniʿ'mati rabbika bimajnūnin
Sinhala නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නොවේ.
Verse 3
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ
Transliteration wa-inna laka la-ajran ghayra mamnūnin
Sinhala තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
Verse 4
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
Transliteration wa-innaka laʿalā khuluqin ʿaẓīmin
Sinhala තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.
Verse 5
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
Transliteration fasatub'ṣiru wayub'ṣirūna
Sinhala නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.
Verse 6
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ
Transliteration bi-ayyikumu l-maftūnu
Sinhala නුඹලා අතුරින් කවරෙකු පීඩාවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).
Verse 7
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ
Transliteration inna rabbaka huwa aʿlamu biman ḍalla ʿan sabīlihi wahuwa aʿlamu bil-muh'tadīna
Sinhala නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනැවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනැවින් දන්නාය.
Verse 8
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ
Transliteration falā tuṭiʿi l-mukadhibīna
Sinhala එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.
Verse 9
وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
Transliteration waddū law tud'hinu fayud'hinūna
Sinhala නුඹ ලිහිල් කළෙහි නම් එවිට ඔවුහුද ලිහිල් කරන්නට කැමති වෙති.
Verse 10
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ
Transliteration walā tuṭiʿ kulla ḥallāfin mahīnin
Sinhala තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම නුඹ අවනත නොවනු.
Verse 11
هَمَّازٍ مَّشَّآءٍۭ بِنَمِيمٍ
Transliteration hammāzin mashāin binamīmin
Sinhala ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.
Verse 12
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
Transliteration mannāʿin lil'khayri muʿ'tadin athīmin
Sinhala යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.
Verse 13
عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
Transliteration ʿutullin baʿda dhālika zanīmin
Sinhala හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.
Verse 14
أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ
Transliteration an kāna dhā mālin wabanīna
Sinhala ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්,
Verse 15
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ
Transliteration idhā tut'lā ʿalayhi āyātunā qāla asāṭīru l-awalīna
Sinhala ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ගොතපු කතා යැ”යි කියයි.
Verse 16
سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ
Transliteration sanasimuhu ʿalā l-khur'ṭūmi
Sinhala හොඬවැල මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.
Verse 17
إِنَّا بَلَوْنَـٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَـٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
Transliteration innā balawnāhum kamā balawnā aṣḥāba l-janati idh aqsamū layaṣrimunnahā muṣ'biḥīna
Sinhala උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට දිවුරුම් කර ගත්තෝය.
Verse 18
وَلَا يَسْتَثْنُونَ
Transliteration walā yastathnūna
Sinhala ඔවුන් අල්ලාහ් අභිමත කළේ නම් ( එනම් ඉන්ශා අල්ලාහ් ) යැයි ඔවුන් පැවැසුවේ නැත.
Verse 19
فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ
Transliteration faṭāfa ʿalayhā ṭāifun min rabbika wahum nāimūna
Sinhala ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.
Verse 20
فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ
Transliteration fa-aṣbaḥat kal-ṣarīmi
Sinhala එවිට එය (ගිනිබත් වී) ඝනාන්ධකාරයක් මෙන් විය.
Verse 21
فَتَنَادَوْا۟ مُصْبِحِينَ
Transliteration fatanādaw muṣ'biḥīna
Sinhala ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූහ.
Verse 22
أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَـٰرِمِينَ
Transliteration ani igh'dū ʿalā ḥarthikum in kuntum ṣārimīna
Sinhala නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූහ.)
Verse 23
فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَـٰفَتُونَ
Transliteration fa-inṭalaqū wahum yatakhāfatūna
Sinhala (ඔවුන්) රහසිගත ව කතා කරමින් ගමන් කළෝය.
Verse 24
أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ
Transliteration an lā yadkhulannahā l-yawma ʿalaykum mis'kīnun
Sinhala එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නොවිය යුතු යැයි (ඔවුන් අතර කතා කරගත්හ).
Verse 25
وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍ قَـٰدِرِينَ
Transliteration waghadaw ʿalā ḥardin qādirīna
Sinhala තවද නෙළීමට ශක්තිය ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූහ.
Verse 26
فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ
Transliteration falammā ra-awhā qālū innā laḍāllūna
Sinhala එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන්ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවැසූහ.
Verse 27
بَلْ نَحْنُ مَحْرُومُونَ
Transliteration bal naḥnu maḥrūmūna
Sinhala එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.
Verse 28
قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ
Transliteration qāla awsaṭuhum alam aqul lakum lawlā tusabbiḥūna
Sinhala නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නොවේ දැයි මම නුඹලාට නොකීවෙම් දැ?යි ඔවුන් අතුරින් මධ්‍යස්ථ අයෙකු කීවේය.
Verse 29
قَالُوا۟ سُبْحَـٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ
Transliteration qālū sub'ḥāna rabbinā innā kunnā ẓālimīna
Sinhala “අපගේ පරමාධිපති සුවිශුද්ධය. නියත වශයෙන්ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
Verse 30
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَـٰوَمُونَ
Transliteration fa-aqbala baʿḍuhum ʿalā baʿḍin yatalāwamūna
Sinhala එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආහ.
Verse 31
قَالُوا۟ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا طَـٰغِينَ
Transliteration qālū yāwaylanā innā kunnā ṭāghīna
Sinhala “අහෝ! අපගේ විනාශය. නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.
Verse 32
عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ
Transliteration ʿasā rabbunā an yub'dilanā khayran min'hā innā ilā rabbinā rāghibūna
Sinhala “මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත අපේක්ෂා කරන්නන් වෙමු.”
Verse 33
كَذَٰلِكَ ٱلْعَذَابُ ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ
Transliteration kadhālika l-ʿadhābu walaʿadhābu l-ākhirati akbaru law kānū yaʿlamūna
Sinhala එම දඬුවම එලෙසමය. තවද මතු ලොවෙහි දඬුවම අති බිහිසුණුය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.
Verse 34
إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ
Transliteration inna lil'muttaqīna ʿinda rabbihim jannāti l-naʿīmi
Sinhala නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.
Verse 35
أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ
Transliteration afanajʿalu l-mus'limīna kal-muj'rimīna
Sinhala එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?
Verse 36
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
Transliteration mā lakum kayfa taḥkumūna
Sinhala නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?
Verse 37
أَمْ لَكُمْ كِتَـٰبٌ فِيهِ تَدْرُسُونَ
Transliteration am lakum kitābun fīhi tadrusūna
Sinhala (ආදේශ කරන්නන් වන) නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි වීද?
Verse 38
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ
Transliteration inna lakum fīhi lamā takhayyarūna
Sinhala නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට ඇතැයි සඳහන් වී තිබේ.
Verse 39
أَمْ لَكُمْ أَيْمَـٰنٌ عَلَيْنَا بَـٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ
Transliteration am lakum aymānun ʿalaynā bālighatun ilā yawmi l-qiyāmati inna lakum lamā taḥkumūna
Sinhala එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන්ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේද? ( අප සතුව එවැනි දෙයක් නැත.)
Verse 40
سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
Transliteration salhum ayyuhum bidhālika zaʿīmun
Sinhala මෙයට ඇප වන්නේ ඔවුන්ගෙන් කවරෙකු දැයි නුඹ ඔවුන්ගෙන් විමසනු.
Verse 41
أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَـٰدِقِينَ
Transliteration am lahum shurakāu falyatū bishurakāihim in kānū ṣādiqīna
Sinhala එසේ නොමැතිනම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!
Verse 42
يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ
Transliteration yawma yuk'shafu ʿan sāqin wayud'ʿawna ilā l-sujūdi falā yastaṭīʿūna
Sinhala එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නොදරති.
Verse 43
خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَـٰلِمُونَ
Transliteration khāshiʿatan abṣāruhum tarhaquhum dhillatun waqad kānū yud'ʿawna ilā l-sujūdi wahum sālimūna
Sinhala ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූහ. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.)
Verse 44
فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَـٰذَا ٱلْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ
Transliteration fadharnī waman yukadhibu bihādhā l-ḥadīthi sanastadrijuhum min ḥaythu lā yaʿlamūna
Sinhala එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.
Verse 45
وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ
Transliteration wa-um'lī lahum inna kaydī matīnun
Sinhala තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ උපක්‍රමය තිරසාරය.
Verse 46
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ
Transliteration am tasaluhum ajran fahum min maghramin muth'qalūna
Sinhala එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලන්නෙහි ද? ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත්ද?
Verse 47
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
Transliteration am ʿindahumu l-ghaybu fahum yaktubūna
Sinhala එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝද?
Verse 48
فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ
Transliteration fa-iṣ'bir liḥuk'mi rabbika walā takun kaṣāḥibi l-ḥūti idh nādā wahuwa makẓūmun
Sinhala එහෙයින් නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නොවනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.
Verse 49
لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌ
Transliteration lawlā an tadārakahu niʿ'matun min rabbihi lanubidha bil-ʿarāi wahuwa madhmūmun
Sinhala ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහු වෙත ළඟා නොවූයේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.
Verse 50
فَٱجْتَبَـٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ
Transliteration fa-ij'tabāhu rabbuhu fajaʿalahu mina l-ṣāliḥīna
Sinhala නමුත් ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. තවද ඔහු ව දැහැමියන් අතරට පත් කළේය.
Verse 51
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَـٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌ
Transliteration wa-in yakādu alladhīna kafarū layuz'liqūnaka bi-abṣārihim lammā samiʿū l-dhik'ra wayaqūlūna innahu lamajnūnun
Sinhala තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
Verse 52
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ
Transliteration wamā huwa illā dhik'run lil'ʿālamīna
Sinhala එහෙත් එය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.
Read Surah Al-Qalam in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.