Surah Al-Haqqah in Sinhala: translation and audio
Surah 69 · الحاقة · The Reality · 52 verses
Surah Al-Haqqah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Haqqah word by word in English.
Verse 1
ٱلْحَآقَّةُ
Transliteration al-ḥāqatu
Sinhala තිරසාර සිදුවීම වනාහි,
Verse 2
مَا ٱلْحَآقَّةُ
Transliteration mā l-ḥāqatu
Sinhala එම තිරසාර සිදුවීම යනු කුමක් ද?
Verse 3
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ
Transliteration wamā adrāka mā l-ḥāqatu
Sinhala තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
Verse 4
كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ
Transliteration kadhabat thamūdu waʿādun bil-qāriʿati
Sinhala (හදවත්) තිගැස්සීමට පත් කරවන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.
Verse 5
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ
Transliteration fa-ammā thamūdu fa-uh'likū bil-ṭāghiyati
Sinhala සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබූහ.
Verse 6
وَأَمَّا عَادٌ فَأُهْلِكُوا۟ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ
Transliteration wa-ammā ʿādun fa-uh'likū birīḥin ṣarṣarin ʿātiyatin
Sinhala තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළී සුළඟකින් විනාශ කරනු ලැබීය.
Verse 7
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ
Transliteration sakharahā ʿalayhim sabʿa layālin wathamāniyata ayyāmin ḥusūman fatarā l-qawma fīhā ṣarʿā ka-annahum aʿjāzu nakhlin khāwiyatin
Sinhala එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. එවිට ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
Verse 8
فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ
Transliteration fahal tarā lahum min bāqiyatin
Sinhala එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දුටුවේද?
Verse 9
وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ
Transliteration wajāa fir'ʿawnu waman qablahu wal-mu'tafikātu bil-khāṭi-ati
Sinhala ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.
Verse 10
فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً
Transliteration faʿaṣaw rasūla rabbihim fa-akhadhahum akhdhatan rābiyatan
Sinhala ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑහ. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.
Verse 11
إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ
Transliteration innā lammā ṭaghā l-māu ḥamalnākum fī l-jāriyati
Sinhala ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.
Verse 12
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ
Transliteration linajʿalahā lakum tadhkiratan wataʿiyahā udhunun wāʿiyatun
Sinhala එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.
Verse 13
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌ وَٰحِدَةٌ
Transliteration fa-idhā nufikha fī l-ṣūri nafkhatun wāḥidatun
Sinhala හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට,
Verse 14
وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً
Transliteration waḥumilati l-arḍu wal-jibālu fadukkatā dakkatan wāḥidatan
Sinhala තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් හෙළනු ලබන විට,
Verse 15
فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ
Transliteration fayawma-idhin waqaʿati l-wāqiʿatu
Sinhala එදින සිදු වන දෑ සිදු වනු ඇත.
Verse 16
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَاهِيَةٌ
Transliteration wa-inshaqqati l-samāu fahiya yawma-idhin wāhiyatun
Sinhala තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
Verse 17
وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ
Transliteration wal-malaku ʿalā arjāihā wayaḥmilu ʿarsha rabbika fawqahum yawma-idhin thamāniyatun
Sinhala තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
Verse 18
يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ
Transliteration yawma-idhin tuʿ'raḍūna lā takhfā minkum khāfiyatun
Sinhala එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතුරින් සැඟවෙන්නේ නැත.
Verse 19
فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ
Transliteration fa-ammā man ūtiya kitābahu biyamīnihi fayaqūlu hāumu iq'raū kitābiyah
Sinhala තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
Verse 20
إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ
Transliteration innī ẓanantu annī mulāqin ḥisābiyah
Sinhala නියත වශයෙන්ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.
Verse 21
فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ
Transliteration fahuwa fī ʿīshatin rāḍiyatin
Sinhala එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.
Verse 22
فِى جَنَّةٍ عَالِيَةٍ
Transliteration fī jannatin ʿāliyatin
Sinhala උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
Verse 23
قُطُوفُهَا دَانِيَةٌ
Transliteration quṭūfuhā dāniyatun
Sinhala එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
Verse 24
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ
Transliteration kulū wa-ish'rabū hanīan bimā aslaftum fī l-ayāmi l-khāliyati
Sinhala “පසු ගිය දින වල ( ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
Verse 25
وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ
Transliteration wa-ammā man ūtiya kitābahu bishimālihi fayaqūlu yālaytanī lam ūta kitābiyah
Sinhala තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ ! මාගේ විනාශය ! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම් !” යැයි පවසයි.
Verse 26
وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ
Transliteration walam adri mā ḥisābiyah
Sinhala “තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම් !” (කොතරම් අගනේද?)
Verse 27
يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ
Transliteration yālaytahā kānati l-qāḍiyata
Sinhala “අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.
Verse 28
مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ
Transliteration mā aghnā ʿannī māliyah
Sinhala “මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
Verse 29
هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ
Transliteration halaka ʿannī sul'ṭāniyah
Sinhala “මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
Verse 30
خُذُوهُ فَغُلُّوهُ
Transliteration khudhūhu faghullūhu
Sinhala “නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
Verse 31
ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ
Transliteration thumma l-jaḥīma ṣallūhu
Sinhala පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.
Verse 32
ثُمَّ فِى سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَٱسْلُكُوهُ
Transliteration thumma fī sil'silatin dharʿuhā sabʿūna dhirāʿan fa-us'lukūhu
Sinhala ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
Verse 33
إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ
Transliteration innahu kāna lā yu'minu bil-lahi l-ʿaẓīmi
Sinhala නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
Verse 34
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
Transliteration walā yaḥuḍḍu ʿalā ṭaʿāmi l-mis'kīni
Sinhala තවද දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
Verse 35
فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌ
Transliteration falaysa lahu l-yawma hāhunā ḥamīmun
Sinhala එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
Verse 36
وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ
Transliteration walā ṭaʿāmun illā min ghis'līnin
Sinhala මාගේ (තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
Verse 37
لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِـُٔونَ
Transliteration lā yakuluhu illā l-khāṭiūna
Sinhala වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
Verse 38
فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ
Transliteration falā uq'simu bimā tub'ṣirūna
Sinhala නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
Verse 39
وَمَا لَا تُبْصِرُونَ
Transliteration wamā lā tub'ṣirūna
Sinhala නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
Verse 40
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
Transliteration innahu laqawlu rasūlin karīmin
Sinhala නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
Verse 41
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ
Transliteration wamā huwa biqawli shāʿirin qalīlan mā tu'minūna
Sinhala තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
Verse 42
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ
Transliteration walā biqawli kāhinin qalīlan mā tadhakkarūna
Sinhala එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
Verse 43
تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration tanzīlun min rabbi l-ʿālamīna
Sinhala (එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
Verse 44
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ
Transliteration walaw taqawwala ʿalaynā baʿḍa l-aqāwīli
Sinhala ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
Verse 45
لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ
Transliteration la-akhadhnā min'hu bil-yamīni
Sinhala අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
Verse 46
ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ
Transliteration thumma laqaṭaʿnā min'hu l-watīna
Sinhala පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
Verse 47
فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ
Transliteration famā minkum min aḥadin ʿanhu ḥājizīna
Sinhala එවිට නුඹලා අතුරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
Verse 48
وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ
Transliteration wa-innahu latadhkiratun lil'muttaqīna
Sinhala තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
Verse 49
وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
Transliteration wa-innā lanaʿlamu anna minkum mukadhibīna
Sinhala නියත වශයෙන්ම නුඹලා අතුරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
Verse 50
وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ
Transliteration wa-innahu laḥasratun ʿalā l-kāfirīna
Sinhala තවද නියත වශයෙන්ම එය දේව ප්‍රතික්ෂේපකයින්හට බලවත් ශෝකයකි.
Verse 51
وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ
Transliteration wa-innahu laḥaqqu l-yaqīni
Sinhala තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි.
Verse 52
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Transliteration fasabbiḥ bi-is'mi rabbika l-ʿaẓīmi
Sinhala එහෙයින් නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
Read Surah Al-Haqqah in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.