MyDugsiStart learning

Surah Al-Fajr in Sinhala: translation and audio

Surah 89 · الفجر · The Dawn · 30 verses

Surah Al-Fajr verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Fajr word by word in English.

Verse 1

وَٱلْفَجْرِ

Transliteration wal-fajri

Sinhala අරුණෝදය මත ද දිවුරමින්.

Verse 2

وَلَيَالٍ عَشْرٍ

Transliteration walayālin ʿashrin

Sinhala දස රාත්‍රියන් මත ද (දිවුරමින්.)

Verse 3

وَٱلشَّفْعِ وَٱلْوَتْرِ

Transliteration wal-shafʿi wal-watri

Sinhala ඉරට්ටේ හා ඔත්තේ මත ද (දිවුරමින්.)

Verse 4

وَٱلَّيْلِ إِذَا يَسْرِ

Transliteration wa-al-layli idhā yasri

Sinhala රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.

Verse 5

هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ

Transliteration hal fī dhālika qasamun lidhī ḥij'rin

Sinhala නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?

Verse 6

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ

Transliteration alam tara kayfa faʿala rabbuka biʿādin

Sinhala ඉරම් නගරයේ ආද් ජනයාට නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?

Verse 7

إِرَمَ ذَاتِ ٱلْعِمَادِ

Transliteration irama dhāti l-ʿimādi

Sinhala එය කුලුනු වලින් යුක්තය.

Verse 8

ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ

Transliteration allatī lam yukh'laq mith'luhā fī l-bilādi

Sinhala ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබූ (හ).

Verse 9

وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ

Transliteration wathamūda alladhīna jābū l-ṣakhra bil-wādi

Sinhala නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයාටත්, (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?)

Verse 10

وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ

Transliteration wafir'ʿawna dhī l-awtādi

Sinhala රිටි වලට හිමිකම් පෑ ෆිර්අවුන්(ගේ වර්ගයාට)ත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ? )

Verse 11

ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَـٰدِ

Transliteration alladhīna ṭaghaw fī l-bilādi

Sinhala ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා සැරිසැරූහ.

Verse 12

فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ

Transliteration fa-aktharū fīhā l-fasāda

Sinhala ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.

Verse 13

فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ

Transliteration faṣabba ʿalayhim rabbuka sawṭa ʿadhābin

Sinhala එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත වේදනාවේ කසය (දඬුවම) හෙළුවේය.

Verse 14

إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ

Transliteration inna rabbaka labil-mir'ṣādi

Sinhala සැබැවින්ම නුඹගේ පරමාධිපති සුපරික්ෂාකාරී ව සිටින්නාය.

Verse 15

فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ

Transliteration fa-ammā l-insānu idhā mā ib'talāhu rabbuhu fa-akramahu wanaʿʿamahu fayaqūlu rabbī akramani

Sinhala එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.

Verse 16

وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ

Transliteration wa-ammā idhā mā ib'talāhu faqadara ʿalayhi riz'qahu fayaqūlu rabbī ahānani

Sinhala තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.

Verse 17

كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ

Transliteration kallā bal lā tuk'rimūna l-yatīma

Sinhala නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.

Verse 18

وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ

Transliteration walā taḥāḍḍūna ʿalā ṭaʿāmi l-mis'kīni

Sinhala තවද නුඹලා දුගියාට ආහාර සැපයීම කෙරෙහි දිරි නොගන්වන්නෙහුය.

Verse 19

وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًا لَّمًّا

Transliteration watakulūna l-turātha aklan lamman

Sinhala තවද නුඹලා උරුමයන් (නීත්‍යනුකූල නොවන පරිදි) දැඩි ලෙස අනුභව කරන්නෙහුය.

Verse 20

وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا

Transliteration watuḥibbūna l-māla ḥubban jamman

Sinhala එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.

Verse 21

كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا

Transliteration kallā idhā dukkati l-arḍu dakkan dakkan

Sinhala එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,

Verse 22

وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا

Transliteration wajāa rabbuka wal-malaku ṣaffan ṣaffan

Sinhala තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.

Verse 23

وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ

Transliteration wajīa yawma-idhin bijahannama yawma-idhin yatadhakkaru l-insānu wa-annā lahu l-dhik'rā

Sinhala තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?

Verse 24

يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى

Transliteration yaqūlu yālaytanī qaddamtu liḥayātī

Sinhala “අහෝ! මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි.

Verse 25

فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ

Transliteration fayawma-idhin lā yuʿadhibu ʿadhābahu aḥadun

Sinhala එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.

Verse 26

وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ

Transliteration walā yūthiqu wathāqahu aḥadun

Sinhala තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබන්නේය.

Verse 27

يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ

Transliteration yāayyatuhā l-nafsu l-muṭ'ma-inatu

Sinhala “අහෝ සැනසුමට පත් ආත්මය!

Verse 28

ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً

Transliteration ir'jiʿī ilā rabbiki rāḍiyatan marḍiyyatan

Sinhala නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට පත් කරනු ලබන්නෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.

Verse 29

فَٱدْخُلِى فِى عِبَـٰدِى

Transliteration fa-ud'khulī fī ʿibādī

Sinhala එවිට (අල්ලාහ් මෙසේ පවසයි) නුඹ මාගේ ගැත්තන් අතරට යනු.

Verse 30

وَٱدْخُلِى جَنَّتِى

Transliteration wa-ud'khulī jannatī

Sinhala තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.

Read Surah Al-Fajr in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.