MyDugsiStart learning

Surah Al-'Ankabut in Sinhala: translation and audio

Surah 29 · العنكبوت · The Spider · 69 verses

Surah Al-'Ankabut verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-'Ankabut word by word in English.

Verse 1

الٓمٓ

Transliteration alif-lam-meem

Sinhala අලිෆ්, ලාම්, මීම්

Verse 2

أَحَسِبَ ٱلنَّاسُ أَن يُتْرَكُوٓا۟ أَن يَقُولُوٓا۟ ءَامَنَّا وَهُمْ لَا يُفْتَنُونَ

Transliteration aḥasiba l-nāsu an yut'rakū an yaqūlū āmannā wahum lā yuf'tanūna

Sinhala මිනිසා තමන් පරීක්ෂාවට ලක් කරනු නොලැබ, අපි විශ්වාස කළෙමු යැයි පැවසීමෙන් පමණක් තමන් අතහැර දමනු ලබනු ඇතැයි සිතුවේ ද?

Verse 3

وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْكَـٰذِبِينَ

Transliteration walaqad fatannā alladhīna min qablihim falayaʿlamanna l-lahu alladhīna ṣadaqū walayaʿlamanna l-kādhibīna

Sinhala තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවන්ට ලක් කළෙමු. එහෙයින් සත්‍යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු දනී.

Verse 4

أَمْ حَسِبَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسْبِقُونَا ۚ سَآءَ مَا يَحْكُمُونَ

Transliteration am ḥasiba alladhīna yaʿmalūna l-sayiāti an yasbiqūnā sāa mā yaḥkumūna

Sinhala නපුරුකම් සිදු කරන්නන් අප සමග ඔවුනට තරඟ වැදිය හැකි යැයි සිතුවෙහු ද? ඔවුන් තීන්දු කරන දෑ නරක විය.

Verse 5

مَن كَانَ يَرْجُوا۟ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَـَٔاتٍ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Transliteration man kāna yarjū liqāa l-lahi fa-inna ajala l-lahi laātin wahuwa l-samīʿu l-ʿalīmu

Sinhala කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.

Verse 6

وَمَن جَـٰهَدَ فَإِنَّمَا يُجَـٰهِدُ لِنَفْسِهِۦٓ ۚ إِنَّ ٱللَّهَ لَغَنِىٌّ عَنِ ٱلْعَـٰلَمِينَ

Transliteration waman jāhada fa-innamā yujāhidu linafsihi inna l-laha laghaniyyun ʿani l-ʿālamīna

Sinhala තවද කවරෙකු ( අල්ලාහ්ගේ මාර්ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් (පිහිට) අවශ්‍ය නැත්තෙකු ලෙස සිටින්නේය.

Verse 7

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ

Transliteration wa-alladhīna āmanū waʿamilū l-ṣāliḥāti lanukaffiranna ʿanhum sayyiātihim walanajziyannahum aḥsana alladhī kānū yaʿmalūna

Sinhala තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි ඉවත් කරන්නෙමු. තවද ඔවුන් සිදුකරමින් සිටී දෑට වඩා අලංකාර දෑ අපි ඔවුනට ප්‍රතිඵල වශයෙන් පිරිනමන්නෙමු.

Verse 8

وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَٰلِدَيْهِ حُسْنًا ۖ وَإِن جَـٰهَدَاكَ لِتُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ فَلَا تُطِعْهُمَآ ۚ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration wawaṣṣaynā l-insāna biwālidayhi ḥus'nan wa-in jāhadāka litush'rika bī mā laysa laka bihi ʿil'mun falā tuṭiʿ'humā ilayya marjiʿukum fa-unabbi-ukum bimā kuntum taʿmalūna

Sinhala තවද තම දෙමව්පියන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔබට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබ මට ආදේශ කරන මෙන් ඔවුන් දෙදෙනා ඔබ වෙත (බල කරන්නට) උත්සාහ දැරුවේ නම්, එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. නුඹලාගේ නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය. එහෙයින් නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නෙමු.

Verse 9

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَنُدْخِلَنَّهُمْ فِى ٱلصَّـٰلِحِينَ

Transliteration wa-alladhīna āmanū waʿamilū l-ṣāliḥāti lanud'khilannahum fī l-ṣāliḥīna

Sinhala තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි සැබැවින්ම අපි ඔවුන් දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු.

Verse 10

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِىَ فِى ٱللَّهِ جَعَلَ فِتْنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِ وَلَئِن جَآءَ نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِمَا فِى صُدُورِ ٱلْعَـٰلَمِينَ

Transliteration wamina l-nāsi man yaqūlu āmannā bil-lahi fa-idhā ūdhiya fī l-lahi jaʿala fit'nata l-nāsi kaʿadhābi l-lahi wala-in jāa naṣrun min rabbika layaqūlunna innā kunnā maʿakum awalaysa l-lahu bi-aʿlama bimā fī ṣudūri l-ʿālamīna

Sinhala ‘සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසා ඔහු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට, ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකන අය ද ජනයා අතුරින් වෙති. නමුත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන්ම අපි නුඹලා සමග යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?

Verse 11

وَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْمُنَـٰفِقِينَ

Transliteration walayaʿlamanna l-lahu alladhīna āmanū walayaʿlamanna l-munāfiqīna

Sinhala සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන් ගැන දන්නේය. තවද කුහකයින් ගැන ද සැබැවින්ම ඔහු දන්නේය.

Verse 12

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبِعُوا۟ سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَـٰيَـٰكُمْ وَمَا هُم بِحَـٰمِلِينَ مِنْ خَطَـٰيَـٰهُم مِّن شَىْءٍ ۖ إِنَّهُمْ لَكَـٰذِبُونَ

Transliteration waqāla alladhīna kafarū lilladhīna āmanū ittabiʿū sabīlanā walnaḥmil khaṭāyākum wamā hum biḥāmilīna min khaṭāyāhum min shayin innahum lakādhibūna

Sinhala දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපයන්ගෙන් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.

Verse 13

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْـَٔلُنَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَمَّا كَانُوا۟ يَفْتَرُونَ

Transliteration walayaḥmilunna athqālahum wa-athqālan maʿa athqālihim walayus'alunna yawma l-qiyāmati ʿammā kānū yaftarūna

Sinhala තවද නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද උසුලනු ඇත. ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරනු ලැබේ.

Verse 14

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمْ ظَـٰلِمُونَ

Transliteration walaqad arsalnā nūḥan ilā qawmihi falabitha fīhim alfa sanatin illā khamsīna ʿāman fa-akhadhahumu l-ṭūfānu wahum ẓālimūna

Sinhala තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිටියේය. එවිට ඔවුන් අපරාධකරුවන් ව සිටිය දී මහා ගංවතුරක් ඔවුන් හසු කළේය.

Verse 15

فَأَنجَيْنَـٰهُ وَأَصْحَـٰبَ ٱلسَّفِينَةِ وَجَعَلْنَـٰهَآ ءَايَةً لِّلْعَـٰلَمِينَ

Transliteration fa-anjaynāhu wa-aṣḥāba l-safīnati wajaʿalnāhā āyatan lil'ʿālamīna

Sinhala එවිට අපි ඔහු(නූහ්) හා නැවේ සිටී සගයින් බේරා ගත්තෙමු. තවද ලෝ වැසියන්ට සංඥාවක් බවට අපි එය පත් කළෙමු.

Verse 16

وَإِبْرَٰهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Transliteration wa-ib'rāhīma idh qāla liqawmihi uʿ'budū l-laha wa-ittaqūhu dhālikum khayrun lakum in kuntum taʿlamūna

Sinhala තවද ඉබ්‍රාහීම් ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු.

Verse 17

إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوْثَـٰنًا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَٱبْتَغُوا۟ عِندَ ٱللَّهِ ٱلرِّزْقَ وَٱعْبُدُوهُ وَٱشْكُرُوا۟ لَهُۥٓ ۖ إِلَيْهِ تُرْجَعُونَ

Transliteration innamā taʿbudūna min dūni l-lahi awthānan watakhluqūna if'kan inna alladhīna taʿbudūna min dūni l-lahi lā yamlikūna lakum riz'qan fa-ib'taghū ʿinda l-lahi l-riz'qa wa-uʿ'budūhu wa-ush'kurū lahu ilayhi tur'jaʿūna

Sinhala නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා නැමදුම් කරනුයේ පිළිම වලටය. තවද නුඹලා බොරු නිර්මාණය කරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑ වනාහි නුඹලාට පෝෂණය ලබා දෙන්නට ඔවුනට හැකියාව නොමැත්තෝය. එහෙයින් අල්ලාහ් වෙතින් පෝෂණ සම්පත් සොයනු. තවද ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට කෘතවේදී වනු. නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.

Verse 18

وَإِن تُكَذِّبُوا۟ فَقَدْ كَذَّبَ أُمَمٌ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ

Transliteration wa-in tukadhibū faqad kadhaba umamun min qablikum wamā ʿalā l-rasūli illā l-balāghu l-mubīnu

Sinhala තවද නුඹලා බොරු කරන්නෙහු නම් එවිට (දැනගනු) සැබැවින්ම නුඹලාට පෙර සිටී සමූහයන්ද බොරු කළෝය. තවද පැහැදිලි ව (අල්ලාහ්ගේ නියෝග) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් (රසූල්වරයා) පණිවිඩකරුවා වෙත නැත.

Verse 19

أَوَلَمْ يَرَوْا۟ كَيْفَ يُبْدِئُ ٱللَّهُ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥٓ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ

Transliteration awalam yaraw kayfa yub'di-u l-lahu l-khalqa thumma yuʿīduhu inna dhālika ʿalā l-lahi yasīrun

Sinhala අල්ලාහ් මැවීම් ප්‍රථමෝත්පාදනය කර පසු ව ඔහු එය නැවත ගෙන එන්නේ කෙසේ දැයි ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.

Verse 20

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ بَدَأَ ٱلْخَلْقَ ۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشْأَةَ ٱلْـَٔاخِرَةَ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Transliteration qul sīrū fī l-arḍi fa-unẓurū kayfa bada-a l-khalqa thumma l-lahu yunshi-u l-nashata l-ākhirata inna l-laha ʿalā kulli shayin qadīrun

Sinhala මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්‍රථමෝත්පාදනය කළේ කෙසේ දැයි අධීක්ෂණයෙන් බලනු. පසු ව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

Verse 21

يُعَذِّبُ مَن يَشَآءُ وَيَرْحَمُ مَن يَشَآءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ

Transliteration yuʿadhibu man yashāu wayarḥamu man yashāu wa-ilayhi tuq'labūna

Sinhala ඔහු අභිමත කරන අයට ඔහු දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට කරුණාව පෙන්වයි. තවද නුඹලා පෙරළා ගෙන එනු ලබනුයේ ඔහු වෙතටය.

Verse 22

وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ

Transliteration wamā antum bimuʿ'jizīna fī l-arḍi walā fī l-samāi wamā lakum min dūni l-lahi min waliyyin walā naṣīrin

Sinhala නුඹලා (ට) මහපොළොවේ හෝ අහස්හි හෝ (අල්ලාහ්ව) පරාජය කළ හැකි නොවේ. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.

Verse 23

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُو۟لَـٰٓئِكَ يَئِسُوا۟ مِن رَّحْمَتِى وَأُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

Transliteration wa-alladhīna kafarū biāyāti l-lahi waliqāihi ulāika ya-isū min raḥmatī wa-ulāika lahum ʿadhābun alīmun

Sinhala තවද අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. තවද තමන්ට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහුමය.

Verse 24

فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Transliteration famā kāna jawāba qawmihi illā an qālū uq'tulūhu aw ḥarriqūhu fa-anjāhu l-lahu mina l-nāri inna fī dhālika laāyātin liqawmin yu'minūna

Sinhala (එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.

Verse 25

وَقَالَ إِنَّمَا ٱتَّخَذْتُم مِّن دُونِ ٱللَّهِ أَوْثَـٰنًا مَّوَدَّةَ بَيْنِكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ

Transliteration waqāla innamā ittakhadhtum min dūni l-lahi awthānan mawaddata baynikum fī l-ḥayati l-dun'yā thumma yawma l-qiyāmati yakfuru baʿḍukum bibaʿḍin wayalʿanu baʿḍukum baʿḍan wamawākumu l-nāru wamā lakum min nāṣirīna

Sinhala තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ඇල්ම ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොර ව ගෙන ඇත්තේ පිළිම(වන්දනාව)ය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත.

Verse 26

۞ فَـَٔامَنَ لَهُۥ لُوطٌ ۘ وَقَالَ إِنِّى مُهَاجِرٌ إِلَىٰ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Transliteration faāmana lahu lūṭun waqāla innī muhājirun ilā rabbī innahu huwa l-ʿazīzu l-ḥakīmu

Sinhala තවද ලූත්(නබිවරයා) ඔහු(ඉබ්‍රාහීම්) විශ්වාස කළේය. නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් නික්ම ආ කෙනෙකි. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය.

Verse 27

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلْكِتَـٰبَ وَءَاتَيْنَـٰهُ أَجْرَهُۥ فِى ٱلدُّنْيَا ۖ وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ

Transliteration wawahabnā lahu is'ḥāqa wayaʿqūba wajaʿalnā fī dhurriyyatihi l-nubuwata wal-kitāba waātaynāhu ajrahu fī l-dun'yā wa-innahu fī l-ākhirati lamina l-ṣāliḥīna

Sinhala තවද අපි ඔහු (ඉබ්රාහීම්)ට ඉස්හාක් හා යඃකූබ් තිළිණයක්සේ පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ නබිත්වය හා දේව ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ කුලිය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතුරින් සිටින්නේය.

Verse 28

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ إِنَّكُمْ لَتَأْتُونَ ٱلْفَـٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ ٱلْعَـٰلَمِينَ

Transliteration walūṭan idh qāla liqawmihi innakum latatūna l-fāḥishata mā sabaqakum bihā min aḥadin mina l-ʿālamīna

Sinhala තවද ලූත් ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශික්ෂිත දෑහි නිරත වන්නෙහුය. මෙවැනි දෙයක් ලෝවැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවෙක් නොකළේය.

Verse 29

أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ وَتَقْطَعُونَ ٱلسَّبِيلَ وَتَأْتُونَ فِى نَادِيكُمُ ٱلْمُنكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱئْتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ

Transliteration a-innakum latatūna l-rijāla wataqṭaʿūna l-sabīla watatūna fī nādīkumu l-munkara famā kāna jawāba qawmihi illā an qālū i'tinā biʿadhābi l-lahi in kunta mina l-ṣādiqīna

Sinhala නියත වශයෙන්ම නුඹලා පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) එන්නෙහු ද? නිවැරදි මග කපා හරින්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්‍යවාදීන් අතුරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නොවීය.

Verse 30

قَالَ رَبِّ ٱنصُرْنِى عَلَى ٱلْقَوْمِ ٱلْمُفْسِدِينَ

Transliteration qāla rabbi unṣur'nī ʿalā l-qawmi l-muf'sidīna

Sinhala මාගේ පරමාධිපතියණෙනි, කලහකාරී පිරිසට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේය.

Verse 31

وَلَمَّا جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوٓا۟ إِنَّا مُهْلِكُوٓا۟ أَهْلِ هَـٰذِهِ ٱلْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا۟ ظَـٰلِمِينَ

Transliteration walammā jāat rusulunā ib'rāhīma bil-bush'rā qālū innā muh'likū ahli hādhihi l-qaryati inna ahlahā kānū ẓālimīna

Sinhala තවද අපගේ දූත වරුන් ඉබ්‍රාහීම් වෙත ශුභාරංචිය ගෙන ආ කල්හි ‘නියත වශයෙන්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නෝ වෙමු. නියත වශයෙන්ම එහි වැසියෝ අපරාධකරුවන් වූහැ’යි ඔවුහු පැවසූහ.

Verse 32

قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا۟ نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا ۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ

Transliteration qāla inna fīhā lūṭan qālū naḥnu aʿlamu biman fīhā lanunajjiyannahu wa-ahlahu illā im'ra-atahu kānat mina l-ghābirīna

Sinhala නියත වශයෙන්ම එහි ලූත් සිටින්නේ යැයි ඔහු(ඉබ්‍රාහීම්) පැවසීය. එහි සිටින්නේ කවරෙකු දැයි අපි මැනවින් දන්නෙමු. ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි මුදවා ගන්නෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය.

Verse 33

وَلَمَّآ أَن جَآءَتْ رُسُلُنَا لُوطًا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا۟ لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا ٱمْرَأَتَكَ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ

Transliteration walammā an jāat rusulunā lūṭan sīa bihim waḍāqa bihim dharʿan waqālū lā takhaf walā taḥzan innā munajjūka wa-ahlaka illā im'ra-ataka kānat mina l-ghābirīna

Sinhala තවද අපගේ දූත වරුන් ලූත් වෙත පැමිණි විට ඔවුන් හේතුවෙන් ඔහු දුකට පත් විය. තවද ඔවුන් හේතුවෙන් හදවත පීඩනයට පත් විය. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් නොවනු. නියත වශයෙන්ම ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අය අපි මුදවාගන්නෝ වෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය යැයි පැවසූහ.

Verse 34

إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهْلِ هَـٰذِهِ ٱلْقَرْيَةِ رِجْزًا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

Transliteration innā munzilūna ʿalā ahli hādhihi l-qaryati rij'zan mina l-samāi bimā kānū yafsuqūna

Sinhala නියත වශයෙන්ම මෙම නගරවාසීන් පාපකම් සිදු කරමින් සිටී හෙයින් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත පහළ කරන්නෙමු.

Verse 35

وَلَقَد تَّرَكْنَا مِنْهَآ ءَايَةًۢ بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ

Transliteration walaqad taraknā min'hā āyatan bayyinatan liqawmin yaʿqilūna

Sinhala තවද වටහා ගන්නා ජනයාට සැබැවින්ම අපි පැහැදිලි සංඥාවක් එහි හැර දමා ඇත්තෙමු.

Verse 36

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱرْجُوا۟ ٱلْيَوْمَ ٱلْـَٔاخِرَ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

Transliteration wa-ilā madyana akhāhum shuʿayban faqāla yāqawmi uʿ'budū l-laha wa-ir'jū l-yawma l-ākhira walā taʿthaw fī l-arḍi muf'sidīna

Sinhala තවද මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව (එව්වෙමු.) එවිට මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද පරමාන්ත දිනය අපේක්ෂා කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු යැයි ඔහු පැවසීය.

Verse 37

فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَـٰثِمِينَ

Transliteration fakadhabūhu fa-akhadhathumu l-rajfatu fa-aṣbaḥū fī dārihim jāthimīna

Sinhala එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමි කම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූහ.

Verse 38

وَعَادًا وَثَمُودَا۟ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَـٰكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ وَكَانُوا۟ مُسْتَبْصِرِينَ

Transliteration waʿādan wathamūdā waqad tabayyana lakum min masākinihim wazayyana lahumu l-shayṭānu aʿmālahum faṣaddahum ʿani l-sabīli wakānū mus'tabṣirīna

Sinhala තවද ආද් ජනයා සහ සමූද් ජනයා ද (විනාශ කළෙමු.) තවද සැබැවින්ම ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් (ඔවුන්ගේ තත්ත්වය) නුඹලාට පැහැදිලි වී ඇත. ඔවුන් බුද්ධිමතුන් ව සිටිය දී ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක්වීය.

Verse 39

وَقَـٰرُونَ وَفِرْعَوْنَ وَهَـٰمَـٰنَ ۖ وَلَقَدْ جَآءَهُم مُّوسَىٰ بِٱلْبَيِّنَـٰتِ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ وَمَا كَانُوا۟ سَـٰبِقِينَ

Transliteration waqārūna wafir'ʿawna wahāmāna walaqad jāahum mūsā bil-bayināti fa-is'takbarū fī l-arḍi wamā kānū sābiqīna

Sinhala තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින්ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේය. නමුත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුන් ජයග්‍රාහකයන් නොවූහ.

Verse 40

فَكُلًّا أَخَذْنَا بِذَنۢبِهِۦ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ ٱلصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ ٱلْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Transliteration fakullan akhadhnā bidhanbihi famin'hum man arsalnā ʿalayhi ḥāṣiban wamin'hum man akhadhathu l-ṣayḥatu wamin'hum man khasafnā bihi l-arḍa wamin'hum man aghraqnā wamā kāna l-lahu liyaẓlimahum walākin kānū anfusahum yaẓlimūna

Sinhala එබැවින් සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. එහෙයින් ඔවුන් අතුරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරින් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතුරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතුරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට (රිසි) නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය.

Verse 41

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ كَمَثَلِ ٱلْعَنكَبُوتِ ٱتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ ٱلْبُيُوتِ لَبَيْتُ ٱلْعَنكَبُوتِ ۖ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

Transliteration mathalu alladhīna ittakhadhū min dūni l-lahi awliyāa kamathali l-ʿankabūti ittakhadhat baytan wa-inna awhana l-buyūti labaytu l-ʿankabūti law kānū yaʿlamūna

Sinhala අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. ඔවුන් දැන සිටියාහු නම්, නියත වශයෙන්ම නිවෙස් අතුරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි.

Verse 42

إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِۦ مِن شَىْءٍ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Transliteration inna l-laha yaʿlamu mā yadʿūna min dūnihi min shayin wahuwa l-ʿazīzu l-ḥakīmu

Sinhala නියත වශයෙන්ම ඔහු හැර ඔවුහු කවර දෙයකින් ඇරයුම් කරන්නෝ ද ඒ පිළිබඳ ව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරී මහා ප්‍රඥාවන්තය.

Verse 43

وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَآ إِلَّا ٱلْعَـٰلِمُونَ

Transliteration watil'ka l-amthālu naḍribuhā lilnnāsi wamā yaʿqiluhā illā l-ʿālimūna

Sinhala එම උපමාවන් අපි ජනයාට පවසන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නොගනියි.

Verse 44

خَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّلْمُؤْمِنِينَ

Transliteration khalaqa l-lahu l-samāwāti wal-arḍa bil-ḥaqi inna fī dhālika laāyatan lil'mu'minīna

Sinhala අල්ලාහ් අහස් සහ මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේය. නියත වශයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් හට එහි සංඥාවක් ඇත.

Verse 45

ٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِنَ ٱلْكِتَـٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَ ۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۗ وَلَذِكْرُ ٱللَّهِ أَكْبَرُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

Transliteration ut'lu mā ūḥiya ilayka mina l-kitābi wa-aqimi l-ṣalata inna l-ṣalata tanhā ʿani l-faḥshāi wal-munkari waladhik'ru l-lahi akbaru wal-lahu yaʿlamu mā taṣnaʿūna

Sinhala දේව ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වයි. අල්ලාහ් ව මෙනෙහි කිරීම අතිමහත්ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී.

Verse 46

۞ وَلَا تُجَـٰدِلُوٓا۟ أَهْلَ ٱلْكِتَـٰبِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ ۖ وَقُولُوٓا۟ ءَامَنَّا بِٱلَّذِىٓ أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَـٰهُنَا وَإِلَـٰهُكُمْ وَٰحِدٌ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

Transliteration walā tujādilū ahla l-kitābi illā bi-allatī hiya aḥsanu illā alladhīna ẓalamū min'hum waqūlū āmannā bi-alladhī unzila ilaynā wa-unzila ilaykum wa-ilāhunā wa-ilāhukum wāḥidun wanaḥnu lahu mus'limūna

Sinhala දේව ග්‍රන්ථ ලත් අය අතුරින් අපරාධ කළවුන් සමග හැර සෙසු අය සමග කවර දෙයක් යහපත් වන්නේ ද එය මිස වෙනත් කිසිවක් ගැන තර්ක නොකරනු. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. තවද අපි ඔහුට අවනත (වන මුස්ලිම්වරු) වෙමු.’ යැයි නුඹලා පවසනු.

Verse 47

وَكَذَٰلِكَ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ ۚ فَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يُؤْمِنُونَ بِهِۦ ۖ وَمِنْ هَـٰٓؤُلَآءِ مَن يُؤْمِنُ بِهِۦ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَـٰتِنَآ إِلَّا ٱلْكَـٰفِرُونَ

Transliteration wakadhālika anzalnā ilayka l-kitāba fa-alladhīna ātaynāhumu l-kitāba yu'minūna bihi wamin hāulāi man yu'minu bihi wamā yajḥadu biāyātinā illā l-kāfirūna

Sinhala එලෙස අපි ඔබ වෙතට ද දේව ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි දේව ග්‍රන්ථය පහළ කළා වූ අය එය විශ්වාස කරති. තවද මොවුන් අතුරින් එය විශ්වාස කරන්නන් ද වෙති. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නොදකිති.

Verse 48

وَمَا كُنتَ تَتْلُوا۟ مِن قَبْلِهِۦ مِن كِتَـٰبٍ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَ ۖ إِذًا لَّٱرْتَابَ ٱلْمُبْطِلُونَ

Transliteration wamā kunta tatlū min qablihi min kitābin walā takhuṭṭuhu biyamīnika idhan la-ir'tāba l-mub'ṭilūna

Sinhala මීට පෙර කිසිදු දේව ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්‍යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය.

Verse 49

بَلْ هُوَ ءَايَـٰتٌۢ بَيِّنَـٰتٌ فِى صُدُورِ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَـٰتِنَآ إِلَّا ٱلظَّـٰلِمُونَ

Transliteration bal huwa āyātun bayyinātun fī ṣudūri alladhīna ūtū l-ʿil'ma wamā yajḥadu biāyātinā illā l-ẓālimūna

Sinhala නමුත් එය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන්ය. අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නොදකිති.

Verse 50

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَـٰتٌ مِّن رَّبِّهِۦ ۖ قُلْ إِنَّمَا ٱلْـَٔايَـٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ

Transliteration waqālū lawlā unzila ʿalayhi āyātun min rabbihi qul innamā l-āyātu ʿinda l-lahi wa-innamā anā nadhīrun mubīnun

Sinhala තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් ( පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන් ) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?යි ඔවුහු විමසූහ. (අහෝ! මුහම්මද්) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි ඔබ පවසනු.

Verse 51

أَوَلَمْ يَكْفِهِمْ أَنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ

Transliteration awalam yakfihim annā anzalnā ʿalayka l-kitāba yut'lā ʿalayhim inna fī dhālika laraḥmatan wadhik'rā liqawmin yu'minūna

Sinhala නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම දේව ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි දෙවියන් විශ්වාස කරන ජනයාට ආශිර්වාදය හා මෙනෙහි කිරීමක් ඇත.

Verse 52

قُلْ كَفَىٰ بِٱللَّهِ بَيْنِى وَبَيْنَكُمْ شَهِيدًا ۖ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْبَـٰطِلِ وَكَفَرُوا۟ بِٱللَّهِ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ

Transliteration qul kafā bil-lahi baynī wabaynakum shahīdan yaʿlamu mā fī l-samāwāti wal-arḍi wa-alladhīna āmanū bil-bāṭili wakafarū bil-lahi ulāika humu l-khāsirūna

Sinhala සාක්ෂිකරුවකු වශයෙන්ම මා අතර හා නුඹලා අතර අල්ලාහ් ප්‍රමාණවත් විය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දනී. අසත්‍යය විශ්වාස කොට අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහුමය අලාභවන්තයෝ යැයි (නබිවරය) ඔබ පවසනු.

Verse 53

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ ۚ وَلَوْلَآ أَجَلٌ مُّسَمًّى لَّجَآءَهُمُ ٱلْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

Transliteration wayastaʿjilūnaka bil-ʿadhābi walawlā ajalun musamman lajāahumu l-ʿadhābu walayatiyannahum baghtatan wahum lā yashʿurūna

Sinhala තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නොවී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. ඔවුන් නොදැනුවත් ව සිටිය දී එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙනු ඇත.

Verse 54

يَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَـٰفِرِينَ

Transliteration yastaʿjilūnaka bil-ʿadhābi wa-inna jahannama lamuḥīṭatun bil-kāfirīna

Sinhala ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන්ම නිරය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි.

Verse 55

يَوْمَ يَغْشَىٰهُمُ ٱلْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا۟ مَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration yawma yaghshāhumu l-ʿadhābu min fawqihim wamin taḥti arjulihim wayaqūlu dhūqū mā kuntum taʿmalūna

Sinhala එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද දඬුවම ඔවුන් ව ආවරණය කරනු ඇත. "තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු" යැයි ඔහු පවසන්නේය.

Verse 56

يَـٰعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ أَرْضِى وَٰسِعَةٌ فَإِيَّـٰىَ فَٱعْبُدُونِ

Transliteration yāʿibādiya alladhīna āmanū inna arḍī wāsiʿatun fa-iyyāya fa-uʿ'budūni

Sinhala අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි, නියත වශයෙන්ම මාගේ භූමිය විශාලය. එහෙයින් නුඹලා මටම නැමදුම් කරනු.

Verse 57

كُلُّ نَفْسٍ ذَآئِقَةُ ٱلْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ

Transliteration kullu nafsin dhāiqatu l-mawti thumma ilaynā tur'jaʿūna

Sinhala සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. පසු ව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහුය.

Verse 58

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلْجَنَّةِ غُرَفًا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ

Transliteration wa-alladhīna āmanū waʿamilū l-ṣāliḥāti lanubawwi-annahum mina l-janati ghurafan tajrī min taḥtihā l-anhāru khālidīna fīhā niʿ'ma ajru l-ʿāmilīna

Sinhala තවද විශ්වාස කොට යහකම් සිදු කළ අය වනාහි, අපි ඔවුන් ස්වර්ග උයනෙහි ඊට යටින් ගංගාවන් ගලා බස්නා කුටි වල පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාතනිකයින්ය. යහකම් සිදු කරන්නන්ගේ කුලිය යහපත් විය.

Verse 59

ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

Transliteration alladhīna ṣabarū waʿalā rabbihim yatawakkalūna

Sinhala තවද ඔවුන් වනාහි ඉවසිලිමත් වූහ. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති.

Verse 60

وَكَأَيِّن مِّن دَآبَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا ٱللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Transliteration waka-ayyin min dābbatin lā taḥmilu riz'qahā l-lahu yarzuquhā wa-iyyākum wahuwa l-samīʿu l-ʿalīmu

Sinhala කොපමණක් ප්‍රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

Verse 61

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

Transliteration wala-in sa-altahum man khalaqa l-samāwāti wal-arḍa wasakhara l-shamsa wal-qamara layaqūlunna l-lahu fa-annā yu'fakūna

Sinhala අහස් හා මහපොළොව මවා හිරු හා සඳු වසඟ කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?

Verse 62

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥٓ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

Transliteration al-lahu yabsuṭu l-riz'qa liman yashāu min ʿibādihi wayaqdiru lahu inna l-laha bikulli shayin ʿalīmun

Sinhala අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ඔහුට ප්‍රමාණ කොට දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

Verse 63

وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحْيَا بِهِ ٱلْأَرْضَ مِنۢ بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

Transliteration wala-in sa-altahum man nazzala mina l-samāi māan fa-aḥyā bihi l-arḍa min baʿdi mawtihā layaqūlunna l-lahu quli l-ḥamdu lillahi bal aktharuhum lā yaʿqilūna

Sinhala තවද අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව මියගිය පසුව එය ප්‍රාණවත් කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන්ම ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නොගනිති යැයි ඔබ පවසනු.

Verse 64

وَمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَهْوٌ وَلَعِبٌ ۚ وَإِنَّ ٱلدَّارَ ٱلْـَٔاخِرَةَ لَهِىَ ٱلْحَيَوَانُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

Transliteration wamā hādhihi l-ḥayatu l-dun'yā illā lahwun walaʿibun wa-inna l-dāra l-ākhirata lahiya l-ḥayawānu law kānū yaʿlamūna

Sinhala තවද මෙලොව ජීවිතය විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. තවද නියත වශයෙන්ම මතු ලොව ජීවිතය එයමය නියම ජීවිතය. ඔවුහු දැන සිටියාහු නම්.

Verse 65

فَإِذَا رَكِبُوا۟ فِى ٱلْفُلْكِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

Transliteration fa-idhā rakibū fī l-ful'ki daʿawū l-laha mukh'liṣīna lahu l-dīna falammā najjāhum ilā l-bari idhā hum yush'rikūna

Sinhala එහෙයින් ඔවුහු නැවට ගොඩ වී ගමන් ගත්තේ නම්, ( විපතෙන් මිදීමට) දහම ඔහු වෙත පමණක් පුද කරමින් අවංකයින් ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. පසු ව ඔවුන් ගොඩබිම වෙත මුදවා ගෙන පැමිණි කල්හි එවිට ඔවුහු දෙවියන්ට ආදේශ කරන්නෝ වෙති.

Verse 66

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَـٰهُمْ وَلِيَتَمَتَّعُوا۟ ۖ فَسَوْفَ يَعْلَمُونَ

Transliteration liyakfurū bimā ātaynāhum waliyatamattaʿū fasawfa yaʿlamūna

Sinhala (එසේ ඔවුන් සිදු කරනුයේ) අපි ඔවුනට පිරිනැමූ දෑ ප්‍රතික්ෂේප කරනු පිණිස හා ඔවුහු (පතන පරිදි) භුක්ති විදිනු පිණිසය. එහෙත් ඔවුහු මතු දැනගන්නෝය.

Verse 67

أَوَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا حَرَمًا ءَامِنًا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِٱلْبَـٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ ٱللَّهِ يَكْفُرُونَ

Transliteration awalam yaraw annā jaʿalnā ḥaraman āminan wayutakhaṭṭafu l-nāsu min ḥawlihim afabil-bāṭili yu'minūna wabiniʿ'mati l-lahi yakfurūna

Sinhala ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබමින් තිබිය දී (මක්කාව) සුරක්ෂිත ශුද්ධ (වූ භූමියක්) බවට අප පත් කර තිබෙන බව ඔවුහු නොදුටුවෝ ද? එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරමින් අසත්‍යය ඔවුහු විශ්වාස කරන්නෝ ද?

Verse 68

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِٱلْحَقِّ لَمَّا جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًى لِّلْكَـٰفِرِينَ

Transliteration waman aẓlamu mimmani if'tarā ʿalā l-lahi kadhiban aw kadhaba bil-ḥaqi lammā jāahu alaysa fī jahannama mathwan lil'kāfirīna

Sinhala අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ සත්‍යය පැමිණි කල්හි එය බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නොවී ද?

Verse 69

وَٱلَّذِينَ جَـٰهَدُوا۟ فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلْمُحْسِنِينَ

Transliteration wa-alladhīna jāhadū fīnā lanahdiyannahum subulanā wa-inna l-laha lamaʿa l-muḥ'sinīna

Sinhala තවද අප විෂයයෙහි කැපවූවන් වනාහි අපි ඔවුනට අපගේ මාර්ග පෙන්වා දෙන්නෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන් සමග සිටින්නේය.

Read Surah Al-'Ankabut in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.