MyDugsiStart learning

Surah Adh-Dhariyat in Sinhala: translation and audio

Surah 51 · الذاريات · The Winnowing Winds · 60 verses

Surah Adh-Dhariyat verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Adh-Dhariyat word by word in English.

Verse 1

وَٱلذَّٰرِيَـٰتِ ذَرْوًا

Transliteration wal-dhāriyāti dharwan

Sinhala දූවිලි විසුරුවමින් දූවිලි නංවන සුළං මත දිවුරමින්.

Verse 2

فَٱلْحَـٰمِلَـٰتِ وِقْرًا

Transliteration fal-ḥāmilāti wiq'ran

Sinhala (වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්.

Verse 3

فَٱلْجَـٰرِيَـٰتِ يُسْرًا

Transliteration fal-jāriyāti yus'ran

Sinhala පහසුවෙන් යාත්‍රා කරන නැව් මත දිවුරමින්.

Verse 4

فَٱلْمُقَسِّمَـٰتِ أَمْرًا

Transliteration fal-muqasimāti amran

Sinhala (වැසි) කටයුතු බෙදා හරින මලාඉකාවරුන් මත දිවුරමින්.

Verse 5

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ

Transliteration innamā tūʿadūna laṣādiqun

Sinhala නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක්මය.

Verse 6

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌ

Transliteration wa-inna l-dīna lawāqiʿun

Sinhala තවද නියත වශයෙන්ම විනිශ්චය සිදුවන්නක්මය.

Verse 7

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ

Transliteration wal-samāi dhāti l-ḥubuki

Sinhala විවිධ මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්.

Verse 8

إِنَّكُمْ لَفِى قَوْلٍ مُّخْتَلِفٍ

Transliteration innakum lafī qawlin mukh'talifin

Sinhala නියත වශයෙන්ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතරය.

Verse 9

يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ

Transliteration yu'faku ʿanhu man ufika

Sinhala (දේව ධර්මයෙන්) හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති.

Verse 10

قُتِلَ ٱلْخَرَّٰصُونَ

Transliteration qutila l-kharāṣūna

Sinhala බොරුකාරයින් ශාප කරනු ලැබීය.

Verse 11

ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍ سَاهُونَ

Transliteration alladhīna hum fī ghamratin sāhūna

Sinhala ඔවුන් වනාහි නොදැනුවත් කමහි ගැලි (මරණින් මතු දිනය ගැන) නොසැලකිලිමත් වූවෝ වෙති.

Verse 12

يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ

Transliteration yasalūna ayyāna yawmu l-dīni

Sinhala විනිශ්චය දිනය කවදා දැයි ඔවුහු විමසති.

Verse 13

يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ

Transliteration yawma hum ʿalā l-nāri yuf'tanūna

Sinhala එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබයි.

Verse 14

ذُوقُوا۟ فِتْنَتَكُمْ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ

Transliteration dhūqū fit'natakum hādhā alladhī kuntum bihi tastaʿjilūna

Sinhala කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.

Verse 15

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَعُيُونٍ

Transliteration inna l-mutaqīna fī jannātin waʿuyūnin

Sinhala නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත් වලය.

Verse 16

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ

Transliteration ākhidhīna mā ātāhum rabbuhum innahum kānū qabla dhālika muḥ'sinīna

Sinhala ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන්ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝය.

Verse 17

كَانُوا۟ قَلِيلًا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ

Transliteration kānū qalīlan mina al-layli mā yahjaʿūna

Sinhala ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.

Verse 18

وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

Transliteration wabil-asḥāri hum yastaghfirūna

Sinhala තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති.

Verse 19

وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ

Transliteration wafī amwālihim ḥaqqun lilssāili wal-maḥrūmi

Sinhala තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් (දන්දීම) උරුමයක් විය.

Verse 20

وَفِى ٱلْأَرْضِ ءَايَـٰتٌ لِّلْمُوقِنِينَ

Transliteration wafī l-arḍi āyātun lil'mūqinīna

Sinhala තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.

Verse 21

وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ

Transliteration wafī anfusikum afalā tub'ṣirūna

Sinhala තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නොබලන්නෙහු ද?

Verse 22

وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

Transliteration wafī l-samāi riz'qukum wamā tūʿadūna

Sinhala තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ තිබේ.

Verse 23

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ

Transliteration fawarabbi l-samāi wal-arḍi innahu laḥaqqun mith'la mā annakum tanṭiqūna

Sinhala අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන්ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින්ම එය සත්‍යයක්මය.

Verse 24

هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ

Transliteration hal atāka ḥadīthu ḍayfi ib'rāhīma l-muk'ramīna

Sinhala ඉබ්‍රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?

Verse 25

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًا ۖ قَالَ سَلَـٰمٌ قَوْمٌ مُّنكَرُونَ

Transliteration idh dakhalū ʿalayhi faqālū salāman qāla salāmun qawmun munkarūna

Sinhala ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසූහ. ඔහු ද සලාම් (සාමයයි) පැවසීය. ( මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේය.)

Verse 26

فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍ سَمِينٍ

Transliteration farāgha ilā ahlihi fajāa biʿij'lin samīnin

Sinhala එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේය.

Verse 27

فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ

Transliteration faqarrabahu ilayhim qāla alā takulūna

Sinhala ඔහු එය ඔවුන් වෙත සමීප කරවීය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නොකරන්නෙහු දැ”යි ඔහු විමසීය.

Verse 28

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَـٰمٍ عَلِيمٍ

Transliteration fa-awjasa min'hum khīfatan qālū lā takhaf wabasharūhu bighulāmin ʿalīmin

Sinhala ඔවුන් ගැන බියක් ඔහු තුළ දැනුනි. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.

Verse 29

فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ

Transliteration fa-aqbalati im'ra-atuhu fī ṣarratin faṣakkat wajhahā waqālat ʿajūzun ʿaqīmun

Sinhala එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවාය.

Verse 30

قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ

Transliteration qālū kadhāliki qāla rabbuki innahu huwa l-ḥakīmu l-ʿalīmu

Sinhala “නුඹලාගේ පරමාධිපති පැවසුවේ එලෙසය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්තයාය.” යැයි ඔවුහු පැවසූහ.

Verse 31

۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ

Transliteration qāla famā khaṭbukum ayyuhā l-mur'salūna

Sinhala අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ?යි ඔහු (ඉබ්‍රාහීම්) විමසීය.

Verse 32

قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ

Transliteration qālū innā ur'sil'nā ilā qawmin muj'rimīna

Sinhala “සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන්ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.

Verse 33

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ

Transliteration linur'sila ʿalayhim ḥijāratan min ṭīnin

Sinhala “මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”

Verse 34

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ

Transliteration musawwamatan ʿinda rabbika lil'mus'rifīna

Sinhala “සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”

Verse 35

فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ

Transliteration fa-akhrajnā man kāna fīhā mina l-mu'minīna

Sinhala එවිට එහි සිටියවුන් අතරින් දෙවියන් විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.

Verse 36

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ

Transliteration famā wajadnā fīhā ghayra baytin mina l-mus'limīna

Sinhala එහෙයින් අවනතවන්නන් අතුරින් එක් නිවසක් හැර එහි (වෙනත් කිසිදු නිවසක්) නොදුටුවෙමු.

Verse 37

وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ

Transliteration wataraknā fīhā āyatan lilladhīna yakhāfūna l-ʿadhāba l-alīma

Sinhala තවද වේදනීය දඬුවමට බියවන්නන් හට අපි එහි සංඥාවක් (අත හැර දමා) ඉතිරි කළෙමු.

Verse 38

وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍ مُّبِينٍ

Transliteration wafī mūsā idh arsalnāhu ilā fir'ʿawna bisul'ṭānin mubīnin

Sinhala තවද මූසා තුළ ද අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමග එවූ අවස්ථාවේ (සාධකයක්) විය.

Verse 39

فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌ

Transliteration fatawallā biruk'nihi waqāla sāḥirun aw majnūnun

Sinhala එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් (විශ්වාස කිරීමට) පිටුපෑවේය. තවද (මූසා) “හූනියම් කරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය.

Verse 40

فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ

Transliteration fa-akhadhnāhu wajunūdahu fanabadhnāhum fī l-yami wahuwa mulīmun

Sinhala එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.

Verse 41

وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ

Transliteration wafī ʿādin idh arsalnā ʿalayhimu l-rīḥa l-ʿaqīma

Sinhala තවද ආද් ජනයා තුළ ද (සංඥාවන් ඇත) ඔවුන් වෙත අපි වනසන සුළඟක් එවූ අවස්ථාවේ ද (සංඥාවක් විය.)

Verse 42

مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ

Transliteration mā tadharu min shayin atat ʿalayhi illā jaʿalathu kal-ramīmi

Sinhala ඒ වෙත පැමිණි කිසිවෙක් හෝ එය දිරාපත් නටබුන් මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.

Verse 43

وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ

Transliteration wafī thamūda idh qīla lahum tamattaʿū ḥattā ḥīnin

Sinhala තවද සමූද් ජනයා තුළ ද “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ ද (සංඥාවක්) විය.

Verse 44

فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ

Transliteration faʿataw ʿan amri rabbihim fa-akhadhathumu l-ṣāʿiqatu wahum yanẓurūna

Sinhala නමුත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූහ. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේය.

Verse 45

فَمَا ٱسْتَطَـٰعُوا۟ مِن قِيَامٍ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ

Transliteration famā is'taṭāʿū min qiyāmin wamā kānū muntaṣirīna

Sinhala එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ටම උදව් කරගන්නන් නොවූහ.

Verse 46

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ

Transliteration waqawma nūḥin min qablu innahum kānū qawman fāsiqīna

Sinhala තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන්ම ඔවුහු පාපිත සමාජයක් වූහ.

Verse 47

وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْي۟دٍ وَإِنَّا لَمُوسِعُونَ

Transliteration wal-samāa banaynāhā bi-aydin wa-innā lamūsiʿūna

Sinhala තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන්ම අපි ව්‍යාප්ත කරන්නන් වෙමු.

Verse 48

وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ

Transliteration wal-arḍa farashnāhā faniʿ'ma l-māhidūna

Sinhala තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.

Verse 49

وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Transliteration wamin kulli shayin khalaqnā zawjayni laʿallakum tadhakkarūna

Sinhala නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක්ම යුගල වශයෙන්ම අපි මැව්වෙමු.

Verse 50

فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ

Transliteration fafirrū ilā l-lahi innī lakum min'hu nadhīrun mubīnun

Sinhala එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා පැමිණි ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.

Verse 51

وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ

Transliteration walā tajʿalū maʿa l-lahi ilāhan ākhara innī lakum min'hu nadhīrun mubīnun

Sinhala තවද නුඹලා අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් නොකරනු. නියත වශයෙන්ම මම ඔහුගෙන් නුඹලා සඳහා පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.

Verse 52

كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ

Transliteration kadhālika mā atā alladhīna min qablihim min rasūlin illā qālū sāḥirun aw majnūnun

Sinhala එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් දහම් දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නොවීය.

Verse 53

أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ

Transliteration atawāṣaw bihi bal hum qawmun ṭāghūna

Sinhala ඔවුන් එකිනෙකා මේ ගැන උපදෙස් දෙන්නෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.

Verse 54

فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ

Transliteration fatawalla ʿanhum famā anta bimalūmin

Sinhala එහෙයින් නුඹ ඔවුන්ගෙන් හැරී යනු. හේතුව නුඹ දොස් නගනු ලබන්නෙකු නොවනු ඇත.

Verse 55

وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ

Transliteration wadhakkir fa-inna l-dhik'rā tanfaʿu l-mu'minīna

Sinhala තවද නුඹ මෙනෙහි කරනු. හේතුව නියත වශයෙන්ම මෙනෙහි කිරීම දේව විශ්වාසවන්තයින්ට ප්‍රයෝජනවත් වනු ඇත.

Verse 56

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

Transliteration wamā khalaqtu l-jina wal-insa illā liyaʿbudūni

Sinhala තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි.

Verse 57

مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ

Transliteration mā urīdu min'hum min riz'qin wamā urīdu an yuṭ'ʿimūni

Sinhala ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.

Verse 58

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ

Transliteration inna l-laha huwa l-razāqu dhū l-quwati l-matīnu

Sinhala නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයාය.

Verse 59

فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ

Transliteration fa-inna lilladhīna ẓalamū dhanūban mith'la dhanūbi aṣḥābihim falā yastaʿjilūni

Sinhala එහෙයින් නියත වශයෙන්ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නොපැතිය යුතුය.

Verse 60

فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ

Transliteration fawaylun lilladhīna kafarū min yawmihimu alladhī yūʿadūna

Sinhala ප්‍රතික්ෂේප කළවුනට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබුනු ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.

Read Surah Adh-Dhariyat in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.