Surah Saba in Sinhala: translation and audio
Surah 34 · سبإ · Sheba · 54 verses
Surah Saba verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Saba word by word in English.
Verse 1
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْـَٔاخِرَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ
Transliteration al-ḥamdu lillahi alladhī lahu mā fī l-samāwāti wamā fī l-arḍi walahu l-ḥamdu fī l-ākhirati wahuwa l-ḥakīmu l-khabīru
Sinhala අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතුය. තවද ඔහු සියුම් ඥානී වූ අභිඥානවන්තය.
Verse 2
يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلْغَفُورُ
Transliteration yaʿlamu mā yaliju fī l-arḍi wamā yakhruju min'hā wamā yanzilu mina l-samāi wamā yaʿruju fīhā wahuwa l-raḥīmu l-ghafūru
Sinhala මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට එසවෙන දෑ ද ඔහු දනී. තවද ඔහු අතික්ෂමාශීලී මහාකරුණාන්විතය.
Verse 3
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَأْتِينَا ٱلسَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَـٰلِمِ ٱلْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ
Transliteration waqāla alladhīna kafarū lā tatīnā l-sāʿatu qul balā warabbī latatiyannakum ʿālimi l-ghaybi lā yaʿzubu ʿanhu mith'qālu dharratin fī l-samāwāti walā fī l-arḍi walā aṣgharu min dhālika walā akbaru illā fī kitābin mubīnin
Sinhala තවද ‘අවසන් හෝරාව අප වෙත නොපැමිණෙනු ඇතැ’යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව අදෘශ්‍යමාන දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරමින්, නියත වශයෙන්ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත.
Verse 4
لِّيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۚ أُو۟لَـٰٓئِكَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
Transliteration liyajziya alladhīna āmanū waʿamilū l-ṣāliḥāti ulāika lahum maghfiratun wariz'qun karīmun
Sinhala (මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. ඔවුනට සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් ඇත්තවුන් ඔවුහුමය.
Verse 5
وَٱلَّذِينَ سَعَوْ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ
Transliteration wa-alladhīna saʿaw fī āyātinā muʿājizīna ulāika lahum ʿadhābun min rij'zin alīmun
Sinhala කව්රුන් අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කරන්නෝද, එවැන්නන් වනාහි ඔවුනට නපුරු දඬුවම් ඇත.
Verse 6
وَيَرَى ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
Transliteration wayarā alladhīna ūtū l-ʿil'ma alladhī unzila ilayka min rabbika huwa l-ḥaqa wayahdī ilā ṣirāṭi l-ʿazīzi l-ḥamīdi
Sinhala තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ, එයමය සත්‍යය යැයි ද, එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද, ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත.
Verse 7
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِى خَلْقٍ جَدِيدٍ
Transliteration waqāla alladhīna kafarū hal nadullukum ʿalā rajulin yunabbi-ukum idhā muzziq'tum kulla mumazzaqin innakum lafī khalqin jadīdin
Sinhala නුඹලා පූර්ණ ලෙස කීතු කීතු වලට ඉරා දමනු ලැබූ විට, නියත වශයෙන්ම නව මැවීමක් තුළට නුඹලා පත් වීම ගැන නුඹලාට දැනුම් දෙන මිනිසෙකු සම්බන්ධයෙන් නුඹලාට අපි දන්වා සිටින්නදැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
Verse 8
أَفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةٌۢ ۗ بَلِ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ فِى ٱلْعَذَابِ وَٱلضَّلَـٰلِ ٱلْبَعِيدِ
Transliteration aftarā ʿalā l-lahi kadhiban am bihi jinnatun bali alladhīna lā yu'minūna bil-ākhirati fī l-ʿadhābi wal-ḍalāli l-baʿīdi
Sinhala ඔහු (මුහම්මද්) අල්ලාහ් වෙත ප්රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතු ලොව පිළිබඳ ව විශ්වාස නොකරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති.
Verse 9
أَفَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ ٱلْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ ٱلسَّمَآءِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّكُلِّ عَبْدٍ مُّنِيبٍ
Transliteration afalam yaraw ilā mā bayna aydīhim wamā khalfahum mina l-samāi wal-arḍi in nasha nakhsif bihimu l-arḍa aw nus'qiṭ ʿalayhim kisafan mina l-samāi inna fī dhālika laāyatan likulli ʿabdin munībin
Sinhala අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නොබැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන්ම නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහාම එහි සංඥාවක් ඇත.
Verse 10
۞ وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًا ۖ يَـٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ
Transliteration walaqad ātaynā dāwūda minnā faḍlan yājibālu awwibī maʿahu wal-ṭayra wa-alannā lahu l-ḥadīda
Sinhala තවද සැබැවින්ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමග නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.
Verse 11
أَنِ ٱعْمَلْ سَـٰبِغَـٰتٍ وَقَدِّرْ فِى ٱلسَّرْدِ ۖ وَٱعْمَلُوا۟ صَـٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Transliteration ani iʿ'mal sābighātin waqaddir fī l-sardi wa-iʿ'malū ṣāliḥan innī bimā taʿmalūna baṣīrun
Sinhala (ආරක්ෂිත යුද ඇඳුම්) සන්නාහ තනනු. තවද පුරුක් තුළ (බලවත්) ප්‍රමාණයට (සකස්කර) තබනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක වෙමි.
Verse 12
وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِ ۖ وَمِنَ ٱلْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِۦ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ ٱلسَّعِيرِ
Transliteration walisulaymāna l-rīḥa ghuduwwuhā shahrun warawāḥuhā shahrun wa-asalnā lahu ʿayna l-qiṭ'ri wamina l-jini man yaʿmalu bayna yadayhi bi-idh'ni rabbihi waman yazigh min'hum ʿan amrinā nudhiq'hu min ʿadhābi l-saʿīri
Sinhala තවද සුලෙයිමාන්ට සුළඟ ද (අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන ගමනෙහි දුර මසකි. තවද එහි සවස් ගමනෙහි දුර මසකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින් වර්ගයා අතුරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතුරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.
Verse 13
يَعْمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَـٰرِيبَ وَتَمَـٰثِيلَ وَجِفَانٍ كَٱلْجَوَابِ وَقُدُورٍ رَّاسِيَـٰتٍ ۚ ٱعْمَلُوٓا۟ ءَالَ دَاوُۥدَ شُكْرًا ۚ وَقَلِيلٌ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ
Transliteration yaʿmalūna lahu mā yashāu min maḥārība watamāthīla wajifānin kal-jawābi waqudūrin rāsiyātin iʿ'malū āla dāwūda shuk'ran waqalīlun min ʿibādiya l-shakūru
Sinhala උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්‍ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සිදු කර දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. මාගේ ගැත්තන් අතුරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.
Verse 14
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ ٱلْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُۥ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلْجِنُّ أَن لَّوْ كَانُوا۟ يَعْلَمُونَ ٱلْغَيْبَ مَا لَبِثُوا۟ فِى ٱلْعَذَابِ ٱلْمُهِينِ
Transliteration falammā qaḍaynā ʿalayhi l-mawta mā dallahum ʿalā mawtihi illā dābbatu l-arḍi takulu minsa-atahu falammā kharra tabayyanati l-jinu an law kānū yaʿlamūna l-ghayba mā labithū fī l-ʿadhābi l-muhīni
Sinhala අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳ ව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ සතුන්ට හැර ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි අදෘශ්‍යමාන දෑ පිළිබඳ දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නොතිබුණා යැයි ජින්වවරුන්ට පැහැදිලි විය.
Verse 15
لَقَدْ كَانَ لِسَبَإٍ فِى مَسْكَنِهِمْ ءَايَةٌ ۖ جَنَّتَانِ عَن يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا۟ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُوا۟ لَهُۥ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ
Transliteration laqad kāna lisaba-in fī maskanihim āyatun jannatāni ʿan yamīnin washimālin kulū min riz'qi rabbikum wa-ush'kurū lahu baldatun ṭayyibatun warabbun ghafūrun
Sinhala නිසැකවම සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථාන වල සංඥාවක් විය. එහි දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපති (විසින්) ප්‍රධානය කර ඇති ආහාරයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. (එය) පිවිතුරු නගරයකි. අතික්ෂමාශීලී හිමියෙකි. (යනුවෙන් ඔවුන්ට පවසන ලදි).
Verse 16
فَأَعْرَضُوا۟ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَـٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَىْءٍ مِّن سِدْرٍ قَلِيلٍ
Transliteration fa-aʿraḍū fa-arsalnā ʿalayhim sayla l-ʿarimi wabaddalnāhum bijannatayhim jannatayni dhawātay ukulin khamṭin wa-athlin washayin min sid'rin qalīlin
Sinhala නමුත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත අරිම් (නම් මිටියාවතේ) ජල ගැල්ම ඔවුන් වෙත එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන්ම මසන් ගස් වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් ලෙසට අපි වෙනස් කළෙමු.
Verse 17
ذَٰلِكَ جَزَيْنَـٰهُم بِمَا كَفَرُوا۟ ۖ وَهَلْ نُجَـٰزِىٓ إِلَّا ٱلْكَفُورَ
Transliteration dhālika jazaynāhum bimā kafarū wahal nujāzī illā l-kafūra
Sinhala එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර අපි එම ප්‍රතිවිපාක ලබා දෙන්නෙමුද?
Verse 18
وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا قُرًى ظَـٰهِرَةً وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَ ۖ سِيرُوا۟ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ
Transliteration wajaʿalnā baynahum wabayna l-qurā allatī bāraknā fīhā quran ẓāhiratan waqaddarnā fīhā l-sayra sīrū fīhā layāliya wa-ayyāman āminīna
Sinhala ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන නිර්ණය කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල්කාලයන්හි සුරක්ෂිත ව ගමන් කරනු.
Verse 19
فَقَالُوا۟ رَبَّنَا بَـٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَـٰهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ
Transliteration faqālū rabbanā bāʿid bayna asfārinā waẓalamū anfusahum fajaʿalnāhum aḥādītha wamazzaqnāhum kulla mumazzaqin inna fī dhālika laāyātin likulli ṣabbārin shakūrin
Sinhala “අපගේ පරමාධිපතියාණෙනි, අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු පැවසූහ. ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය. එහෙයින් අපි ඔවුන් (අවමානයට ලක්වූ) පුවතක් බවට පත් කළෙමු. ඔවුන් කීතු කීතු වලට ඉරා දැමුවෙමු. නියත වශයෙන්ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුටම සංඥා ඇත.
Verse 20
وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ ٱلْمُؤْمِنِينَ
Transliteration walaqad ṣaddaqa ʿalayhim ib'līsu ẓannahu fa-ittabaʿūhu illā farīqan mina l-mu'minīna
Sinhala ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවීය. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් පිරිසක් හැර ඔවුහු ඔහු (සත්යවාදියකු ලෙස සලකා) අනුගමනය කළෝය.
Verse 21
وَمَا كَانَ لَهُۥ عَلَيْهِم مِّن سُلْطَـٰنٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِٱلْـَٔاخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِى شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌ
Transliteration wamā kāna lahu ʿalayhim min sul'ṭānin illā linaʿlama man yu'minu bil-ākhirati mimman huwa min'hā fī shakkin warabbuka ʿalā kulli shayin ḥafīẓun
Sinhala තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නොවීය. නමුත් මතු ලොව පිළිබඳ ව ඒ ගැන සැකයෙහි පසුවන අය අතුරින් විශ්වාස කරනුයේ කවුරුන්දැයි අප දැනගනු පිණිස මිස එය නොවීය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ සංරක්ෂා කරන්නාය.
Verse 22
قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِ ٱللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍ وَمَا لَهُۥ مِنْهُم مِّن ظَهِيرٍ
Transliteration quli id'ʿū alladhīna zaʿamtum min dūni l-lahi lā yamlikūna mith'qāla dharratin fī l-samāwāti walā fī l-arḍi wamā lahum fīhimā min shir'kin wamā lahu min'hum min ẓahīrin
Sinhala අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු.
Verse 23
وَلَا تَنفَعُ ٱلشَّفَـٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنْ أَذِنَ لَهُۥ ۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا۟ مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا۟ ٱلْحَقَّ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ
Transliteration walā tanfaʿu l-shafāʿatu ʿindahu illā liman adhina lahu ḥattā idhā fuzziʿa ʿan qulūbihim qālū mādhā qāla rabbukum qālū l-ḥaqa wahuwa l-ʿaliyu l-kabīru
Sinhala කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම (කිසිවෙකුට) ප්‍රයෝජනවත් නොවෙයි. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැයි ඔවුහු විමසූහ. සත්‍යය යැයි ඔවුහු පැවසූහ. තවද ඔහු අතිශ්‍රේෂ්ඨ අති උත්තරීතරය.
Verse 24
۞ قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُلِ ٱللَّهُ ۖ وَإِنَّآ أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِى ضَلَـٰلٍ مُّبِينٍ
Transliteration qul man yarzuqukum mina l-samāwāti wal-arḍi quli l-lahu wa-innā aw iyyākum laʿalā hudan aw fī ḍalālin mubīnin
Sinhala “අහස් වලින් හා මහපොළොවේ නුඹලාට පෝෂණය දෙනුයේ කවුදැයි” (නබිවරය!) ඔබ විමසනු. “අල්ලාහ්” යැයි ඔබ පවසනු. “තවද නියත වශයෙන්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත හෝ එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”
Verse 25
قُل لَّا تُسْـَٔلُونَ عَمَّآ أَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُونَ
Transliteration qul lā tus'alūna ʿammā ajramnā walā nus'alu ʿammā taʿmalūna
Sinhala “අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නොලබන්නෙහුය. එමෙන්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අපි විමසනු නොලබන්නෙමු” යැයි (නබිවරය!) ඔබ පවසනු.
Verse 26
قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِٱلْحَقِّ وَهُوَ ٱلْفَتَّاحُ ٱلْعَلِيمُ
Transliteration qul yajmaʿu baynanā rabbunā thumma yaftaḥu baynanā bil-ḥaqi wahuwa l-fatāḥu l-ʿalīmu
Sinhala “අපගේ පරමාධිපති අප අතර එක්රැස් කර යුක්තියෙන් යුතු ව අප අතර තීන්දු දෙයි. තවද ඔහු සර්වඥානී මහා තීරකය” යැයි පවසනු.
Verse 27
قُلْ أَرُونِىَ ٱلَّذِينَ أَلْحَقْتُم بِهِۦ شُرَكَآءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Transliteration qul arūniya alladhīna alḥaqtum bihi shurakāa kallā bal huwa l-lahu l-ʿazīzu l-ḥakīmu
Sinhala “නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මා හට පෙන්වනු. එසේ නොව, අල්ලාහ් වන ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීයය” යැයි (නබිවරය) පවසනු.
Verse 28
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا كَآفَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
Transliteration wamā arsalnāka illā kāffatan lilnnāsi bashīran wanadhīran walākinna akthara l-nāsi lā yaʿlamūna
Sinhala මිනිස් සංහතියට සමස්තයක් වශයෙන් ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබ නොඑව්වෙමු. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.
Verse 29
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ
Transliteration wayaqūlūna matā hādhā l-waʿdu in kuntum ṣādiqīna
Sinhala තවද “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ”යි ඔවුහු විමසති.
Verse 30
قُل لَّكُم مِّيعَادُ يَوْمٍ لَّا تَسْتَـْٔخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ
Transliteration qul lakum mīʿādu yawmin lā tastakhirūna ʿanhu sāʿatan walā tastaqdimūna
Sinhala “එක් දිනක ප්‍රතිඥාව නුඹලාට ඇත. නුඹලා එයින් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. තවද නුඹලා පෙරටු වන්නේ ද නැත” යැයි (නබිවරය) පවසනු.
Verse 31
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَن نُّؤْمِنَ بِهَـٰذَا ٱلْقُرْءَانِ وَلَا بِٱلَّذِى بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ ٱلْقَوْلَ يَقُولُ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لَوْلَآ أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ
Transliteration waqāla alladhīna kafarū lan nu'mina bihādhā l-qur'āni walā bi-alladhī bayna yadayhi walaw tarā idhi l-ẓālimūna mawqūfūna ʿinda rabbihim yarjiʿu baʿḍuhum ilā baʿḍin l-qawla yaqūlu alladhīna us'tuḍ'ʿifū lilladhīna is'takbarū lawlā antum lakunnā mu'minīna
Sinhala “සැබැවින්ම අපි මෙම කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නොකරන්නෙමු” යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියහ. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවන් උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නොවී නම් අපි දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති.
Verse 32
قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لِلَّذِينَ ٱسْتُضْعِفُوٓا۟ أَنَحْنُ صَدَدْنَـٰكُمْ عَنِ ٱلْهُدَىٰ بَعْدَ إِذْ جَآءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ
Transliteration qāla alladhīna is'takbarū lilladhīna us'tuḍ'ʿifū anaḥnu ṣadadnākum ʿani l-hudā baʿda idh jāakum bal kuntum muj'rimīna
Sinhala උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසු ව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”
Verse 33
وَقَالَ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ بَلْ مَكْرُ ٱلَّيْلِ وَٱلنَّهَارِ إِذْ تَأْمُرُونَنَآ أَن نَّكْفُرَ بِٱللَّهِ وَنَجْعَلَ لَهُۥٓ أَندَادًا ۚ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ وَجَعَلْنَا ٱلْأَغْلَـٰلَ فِىٓ أَعْنَاقِ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ
Transliteration waqāla alladhīna us'tuḍ'ʿifū lilladhīna is'takbarū bal makru al-layli wal-nahāri idh tamurūnanā an nakfura bil-lahi wanajʿala lahu andādan wa-asarrū l-nadāmata lammā ra-awū l-ʿadhāba wajaʿalnā l-aghlāla fī aʿnāqi alladhīna kafarū hal yuj'zawna illā mā kānū yaʿmalūna
Sinhala දුර්වල වූවන් උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ් ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. දඬුවම ඔවුහු දුටු කළ පසුතැවිල්ලට පත් වෙති. ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදුකරමින් සිටි දෑට මිස ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?
Verse 34
وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ
Transliteration wamā arsalnā fī qaryatin min nadhīrin illā qāla mut'rafūhā innā bimā ur'sil'tum bihi kāfirūna
Sinhala කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත.
Verse 35
وَقَالُوا۟ نَحْنُ أَكْثَرُ أَمْوَٰلًا وَأَوْلَـٰدًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
Transliteration waqālū naḥnu aktharu amwālan wa-awlādan wamā naḥnu bimuʿadhabīna
Sinhala තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වන්නෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතුරින් නොවෙමු” යැයි ඔවුහු පැවසූහ.
Verse 36
قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
Transliteration qul inna rabbī yabsuṭu l-riz'qa liman yashāu wayaqdiru walākinna akthara l-nāsi lā yaʿlamūna
Sinhala “නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති” යැයි (නබිවරය) පවසනු.
Verse 37
وَمَآ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَـٰدُكُم بِٱلَّتِى تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰٓ إِلَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَأُو۟لَـٰٓئِكَ لَهُمْ جَزَآءُ ٱلضِّعْفِ بِمَا عَمِلُوا۟ وَهُمْ فِى ٱلْغُرُفَـٰتِ ءَامِنُونَ
Transliteration wamā amwālukum walā awlādukum bi-allatī tuqarribukum ʿindanā zul'fā illā man āmana waʿamila ṣāliḥan fa-ulāika lahum jazāu l-ḍiʿ'fi bimā ʿamilū wahum fī l-ghurufāti āminūna
Sinhala නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ අප අබියසට නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. නමුත් විශ්වාස කොට යහකම් කළ අය හැර, ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුහු (ස්වර්ග) කුටි වල සුරක්ෂිතයෝ වෙති.
Verse 38
وَٱلَّذِينَ يَسْعَوْنَ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ
Transliteration wa-alladhīna yasʿawna fī āyātinā muʿājizīna ulāika fī l-ʿadhābi muḥ'ḍarūna
Sinhala තවද අපගේ වදන් නිශ්ඵල කරන්නට කැප වී සිටින්නන් වන ඔවුහු දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ වෙති.
Verse 39
قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥ ۚ وَمَآ أَنفَقْتُم مِّن شَىْءٍ فَهُوَ يُخْلِفُهُۥ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ
Transliteration qul inna rabbī yabsuṭu l-riz'qa liman yashāu min ʿibādihi wayaqdiru lahu wamā anfaqtum min shayin fahuwa yukh'lifuhu wahuwa khayru l-rāziqīna
Sinhala “නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නෙහු ද ඔහු එයට යහපත් ප්‍රතිචාර දක්වයි.තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය) පවසනු.
Verse 40
وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَـٰٓئِكَةِ أَهَـٰٓؤُلَآءِ إِيَّاكُمْ كَانُوا۟ يَعْبُدُونَ
Transliteration wayawma yaḥshuruhum jamīʿan thumma yaqūlu lil'malāikati ahāulāi iyyākum kānū yaʿbudūna
Sinhala තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි විමසයි.
Verse 41
قَالُوا۟ سُبْحَـٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا۟ يَعْبُدُونَ ٱلْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ
Transliteration qālū sub'ḥānaka anta waliyyunā min dūnihim bal kānū yaʿbudūna l-jina aktharuhum bihim mu'minūna
Sinhala “ඔබ සුවිශුද්ධය. ඔවුන් නොව ඔබමය අපගේ භාරකරු. නමුත් ඔවුහු ජින් වර්ගයාට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති.
Verse 42
فَٱلْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ
Transliteration fal-yawma lā yamliku baʿḍukum libaʿḍin nafʿan walā ḍarran wanaqūlu lilladhīna ẓalamū dhūqū ʿadhāba l-nāri allatī kuntum bihā tukadhibūna
Sinhala එහෙයින් අද දින නුඹලා අතුරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ (බලයක්) සතු නොවෙයි. “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු”යැයි අපරාධ කළවුනට අපි පවසන්නෙමු.
Verse 43
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ قَالُوا۟ مَا هَـٰذَآ إِلَّا رَجُلٌ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُكُمْ وَقَالُوا۟ مَا هَـٰذَآ إِلَّآ إِفْكٌ مُّفْتَرًى ۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
Transliteration wa-idhā tut'lā ʿalayhim āyātunā bayyinātin qālū mā hādhā illā rajulun yurīdu an yaṣuddakum ʿammā kāna yaʿbudu ābāukum waqālū mā hādhā illā if'kun muf'taran waqāla alladhīna kafarū lil'ḥaqqi lammā jāahum in hādhā illā siḥ'run mubīnun
Sinhala ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට “ඔහු නුඹලාගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට බලන මිනිසෙකු මිස නැතැයි” ඔවුහු පැවසූහ. තවද “මෙය ගොතනු ලැබූ ප්‍රබන්ධයක් මිස නැතැයි” ද ඔවුහු පැවසූහ. ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි” එය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
Verse 44
وَمَآ ءَاتَيْنَـٰهُم مِّن كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَآ أَرْسَلْنَآ إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍ
Transliteration wamā ātaynāhum min kutubin yadrusūnahā wamā arsalnā ilayhim qablaka min nadhīrin
Sinhala එනමුත් (මෙයට පෙර) ඔවුන්ට හැදෑරිය හැකි දේව ග්රන්ථ කිසිවක් අපි ඔවුනට නොදුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නකු අපි ඔවුන් වෙත නොඑව්වෙමු.
Verse 45
وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا۟ مِعْشَارَ مَآ ءَاتَيْنَـٰهُمْ فَكَذَّبُوا۟ رُسُلِى ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
Transliteration wakadhaba alladhīna min qablihim wamā balaghū miʿ'shāra mā ātaynāhum fakadhabū rusulī fakayfa kāna nakīri
Sinhala ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ ඔවුහු නොලැබූහ. නමුත් ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසූහ. එසේ නම් මාගේ දඬුවම කෙසේ වීද?
Verse 46
۞ قُلْ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍ ۖ أَن تَقُومُوا۟ لِلَّهِ مَثْنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُوا۟ ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَىْ عَذَابٍ شَدِيدٍ
Transliteration qul innamā aʿiẓukum biwāḥidatin an taqūmū lillahi mathnā wafurādā thumma tatafakkarū mā biṣāḥibikum min jinnatin in huwa illā nadhīrun lakum bayna yaday ʿadhābin shadīdin
Sinhala “නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ මිතුරාට උමතුවක් නැත. ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස ඔහු නැත” යැයි (නබිවරය!) ඔබ පවසනු.
Verse 47
قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
Transliteration qul mā sa-altukum min ajrin fahuwa lakum in ajriya illā ʿalā l-lahi wahuwa ʿalā kulli shayin shahīdun
Sinhala “මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය නුඹලා සතුය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය” යැයි ඔබ පවසනු.
Verse 48
قُلْ إِنَّ رَبِّى يَقْذِفُ بِٱلْحَقِّ عَلَّـٰمُ ٱلْغُيُوبِ
Transliteration qul inna rabbī yaqdhifu bil-ḥaqi ʿallāmu l-ghuyūbi
Sinhala “නියත වශයෙන්ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානියා වූ මාගේ පරමාධිපති සත්‍යය පැහැදිලි කරනු ඇතැයි” නබිවරය ඔබ පවසනු.
Verse 49
قُلْ جَآءَ ٱلْحَقُّ وَمَا يُبْدِئُ ٱلْبَـٰطِلُ وَمَا يُعِيدُ
Transliteration qul jāa l-ḥaqu wamā yub'di-u l-bāṭilu wamā yuʿīdu
Sinhala “සත්‍යය (දහම) පැමිණියේය. අසත්‍යය (කිසිවක්) නොකළේය එමෙන්ම මතුවට කරන්නේද නැත”. යැයි (නබිවරය) ඔබ පවසනු.
Verse 50
قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفْسِى ۖ وَإِنِ ٱهْتَدَيْتُ فَبِمَا يُوحِىٓ إِلَىَّ رَبِّىٓ ۚ إِنَّهُۥ سَمِيعٌ قَرِيبٌ
Transliteration qul in ḍalaltu fa-innamā aḍillu ʿalā nafsī wa-ini ih'tadaytu fabimā yūḥī ilayya rabbī innahu samīʿun qarībun
Sinhala “මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන්ම නොමග යනුයේ මටම එරෙහිවය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්රාවකය. ඉතා සමීපය” යැයි (නබිවරය!) පවසනු.
Verse 51
وَلَوْ تَرَىٰٓ إِذْ فَزِعُوا۟ فَلَا فَوْتَ وَأُخِذُوا۟ مِن مَّكَانٍ قَرِيبٍ
Transliteration walaw tarā idh faziʿū falā fawta wa-ukhidhū min makānin qarībin
Sinhala ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝය.
Verse 52
وَقَالُوٓا۟ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانٍۭ بَعِيدٍ
Transliteration waqālū āmannā bihi wa-annā lahumu l-tanāwushu min makānin baʿīdin
Sinhala “අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර ස්ථානයකින් ඔවුන් විශ්වාසය ලැබීම ඔවුනට කෙසේ නම් විය හැකිද?
Verse 53
وَقَدْ كَفَرُوا۟ بِهِۦ مِن قَبْلُ ۖ وَيَقْذِفُونَ بِٱلْغَيْبِ مِن مَّكَانٍۭ بَعِيدٍ
Transliteration waqad kafarū bihi min qablu wayaqdhifūna bil-ghaybi min makānin baʿīdin
Sinhala මීට පෙර ද සැබැවින්ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු දූර ස්ථානයක සිට අදෘශ්‍යමාන දෑ පිළිබඳ සැක පහළ කරති.
Verse 54
وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا۟ فِى شَكٍّ مُّرِيبٍۭ
Transliteration waḥīla baynahum wabayna mā yashtahūna kamā fuʿila bi-ashyāʿihim min qablu innahum kānū fī shakkin murībin
Sinhala මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබීය. නියත වශයෙන්ම ඔවුහු අන්ත සැකයෙහි සිටියහ.
Read Surah Saba in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.