MyDugsiStart learning

Surah An-Najm in Sinhala: translation and audio

Surah 53 · النجم · The Star · 62 verses

Surah An-Najm verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah An-Najm word by word in English.

Verse 1

وَٱلنَّجْمِ إِذَا هَوَىٰ

Transliteration wal-najmi idhā hawā

Sinhala තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්,

Verse 2

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ

Transliteration mā ḍalla ṣāḥibukum wamā ghawā

Sinhala තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මංමුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.

Verse 3

وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ

Transliteration wamā yanṭiqu ʿani l-hawā

Sinhala තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.

Verse 4

إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ

Transliteration in huwa illā waḥyun yūḥā

Sinhala එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත.

Verse 5

عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ

Transliteration ʿallamahu shadīdu l-quwā

Sinhala අති බලවත් කෙනෙකු (වන ජිබ්රයීල්) එය ඉගැන්වීය.

Verse 6

ذُو مِرَّةٍ فَٱسْتَوَىٰ

Transliteration dhū mirratin fa-is'tawā

Sinhala (ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (ඉහළට නැග නබි ඉදිරියේ) දිස් වූවේය.

Verse 7

وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ

Transliteration wahuwa bil-ufuqi l-aʿlā

Sinhala තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය.

Verse 8

ثُمَّ دَنَا فَتَدَلَّىٰ

Transliteration thumma danā fatadallā

Sinhala පසු ව ඔහු පහළට පැමිණ (ඔහු) අසළටම පැමිණියේය.

Verse 9

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ

Transliteration fakāna qāba qawsayni aw adnā

Sinhala එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයට විය. එසේ නැතහොත් ඊටත් වඩා සමීප විය.

Verse 10

فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ

Transliteration fa-awḥā ilā ʿabdihi mā awḥā

Sinhala එවිට (අල්ලාහ්) ඔහුට හෙළි කළ දේ, ඔහු ඔහුගේ ගැත්තා ( වූ නබිවරයා) ට හෙළි කළේය.

Verse 11

مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ

Transliteration mā kadhaba l-fuādu mā raā

Sinhala ඔහු (නබිවරයා) දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය.

Verse 12

أَفَتُمَـٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ

Transliteration afatumārūnahu ʿalā mā yarā

Sinhala එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?

Verse 13

وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ

Transliteration walaqad raāhu nazlatan ukh'rā

Sinhala තවද, නිසකවම ඔහු (නබිවරයා) තවත් වතාවක් ඔහු (ජිබ්රයීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේය.

Verse 14

عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ

Transliteration ʿinda sid'rati l-muntahā

Sinhala සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.

Verse 15

عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ

Transliteration ʿindahā jannatu l-mawā

Sinhala ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.

Verse 16

إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ

Transliteration idh yaghshā l-sid'rata mā yaghshā

Sinhala සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට.

Verse 17

مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ

Transliteration mā zāgha l-baṣaru wamā ṭaghā

Sinhala බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්ම නොවීය.

Verse 18

لَقَدْ رَأَىٰ مِنْ ءَايَـٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ

Transliteration laqad raā min āyāti rabbihi l-kub'rā

Sinhala තම උත්තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය.

Verse 19

أَفَرَءَيْتُمُ ٱللَّـٰتَ وَٱلْعُزَّىٰ

Transliteration afara-aytumu l-lāta wal-ʿuzā

Sinhala ලාත් හා උzස්zසා නුඹලා දුටුවෙහු ද?

Verse 20

وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ

Transliteration wamanata l-thālithata l-ukh'rā

Sinhala අනෙක් තුන්වැනියා මනාත්ය

Verse 21

أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ

Transliteration alakumu l-dhakaru walahu l-unthā

Sinhala නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද?

Verse 22

تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰٓ

Transliteration til'ka idhan qis'matun ḍīzā

Sinhala එවිට එය අසාධාරණ බෙදීමකි.

Verse 23

إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ

Transliteration in hiya illā asmāon sammaytumūhā antum waābāukum mā anzala l-lahu bihā min sul'ṭānin in yattabiʿūna illā l-ẓana wamā tahwā l-anfusu walaqad jāahum min rabbihimu l-hudā

Sinhala ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස නැත. ඒවා පිළිබඳ කිසිදු බලතල අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.

Verse 24

أَمْ لِلْإِنسَـٰنِ مَا تَمَنَّىٰ

Transliteration am lil'insāni mā tamannā

Sinhala එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?

Verse 25

فَلِلَّهِ ٱلْـَٔاخِرَةُ وَٱلْأُولَىٰ

Transliteration falillahi l-ākhiratu wal-ūlā

Sinhala එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය.

Verse 26

۞ وَكَم مِّن مَّلَكٍ فِى ٱلسَّمَـٰوَٰتِ لَا تُغْنِى شَفَـٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ

Transliteration wakam min malakin fī l-samāwāti lā tugh'nī shafāʿatuhum shayan illā min baʿdi an yadhana l-lahu liman yashāu wayarḍā

Sinhala අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස.

Verse 27

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَـٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ

Transliteration inna alladhīna lā yu'minūna bil-ākhirati layusammūna l-malāikata tasmiyata l-unthā

Sinhala නියත වශයෙන්ම කව්රුන් මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.

Verse 28

وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا

Transliteration wamā lahum bihi min ʿil'min in yattabiʿūna illā l-ẓana wa-inna l-ẓana lā yugh'nī mina l-ḥaqi shayan

Sinhala තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව වූ කිසිවකට ප්‍රයෝජනවත් නොවනු ඇත.

Verse 29

فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا

Transliteration fa-aʿriḍ ʿan man tawallā ʿan dhik'rinā walam yurid illā l-ḥayata l-dun'yā

Sinhala එහෙයින් අප මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු.

Verse 30

ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ

Transliteration dhālika mablaghuhum mina l-ʿil'mi inna rabbaka huwa aʿlamu biman ḍalla ʿan sabīlihi wahuwa aʿlamu bimani ih'tadā

Sinhala එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.

Verse 31

وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَـٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى

Transliteration walillahi mā fī l-samāwāti wamā fī l-arḍi liyajziya alladhīna asāū bimā ʿamilū wayajziya alladhīna aḥsanū bil-ḥus'nā

Sinhala තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය.

Verse 32

ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ

Transliteration alladhīna yajtanibūna kabāira l-ith'mi wal-fawāḥisha illā l-lamama inna rabbaka wāsiʿu l-maghfirati huwa aʿlamu bikum idh ansha-akum mina l-arḍi wa-idh antum ajinnatun fī buṭūni ummahātikum falā tuzakkū anfusakum huwa aʿlamu bimani ittaqā

Sinhala ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටියවුන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.

Verse 33

أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ

Transliteration afara-ayta alladhī tawallā

Sinhala (සත්‍යය මාර්ගයෙන්) හැරී ගොස්,

Verse 34

وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰٓ

Transliteration wa-aʿṭā qalīlan wa-akdā

Sinhala ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත් අය ව නුඹ නොදුටුවෙහි ද?

Verse 35

أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ

Transliteration aʿindahu ʿil'mu l-ghaybi fahuwa yarā

Sinhala ඔහු දකින්නට නම්, ඔහු වෙත සැඟැවුණු ඥානය තිබේද?

Verse 36

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ

Transliteration am lam yunabba bimā fī ṣuḥufi mūsā

Sinhala එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?

Verse 37

وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ

Transliteration wa-ib'rāhīma alladhī waffā

Sinhala (ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?

Verse 38

أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ

Transliteration allā taziru wāziratun wiz'ra ukh'rā

Sinhala එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.

Verse 39

وَأَن لَّيْسَ لِلْإِنسَـٰنِ إِلَّا مَا سَعَىٰ

Transliteration wa-an laysa lil'insāni illā mā saʿā

Sinhala මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.

Verse 40

وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ

Transliteration wa-anna saʿyahu sawfa yurā

Sinhala තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.

Verse 41

ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ

Transliteration thumma yuj'zāhu l-jazāa l-awfā

Sinhala පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. (යනුවෙන් මූසා හා ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)

Verse 42

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ

Transliteration wa-anna ilā rabbika l-muntahā

Sinhala තවද නියත වශයෙන්ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයාම, නුඹගේ පරමාධිපති වෙතයි.

Verse 43

وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ

Transliteration wa-annahu huwa aḍḥaka wa-abkā

Sinhala තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමටද සලස්වන්නේය.

Verse 44

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا

Transliteration wa-annahu huwa amāta wa-aḥyā

Sinhala තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද නැවත ප්‍රාණය දෙන්නේය.

Verse 45

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ

Transliteration wa-annahu khalaqa l-zawjayni l-dhakara wal-unthā

Sinhala නියත වශයෙන්ම ඔහු ස්ත්‍රී පුරුෂ ලෙසින් යුවල මවා ඇත්තේය.

Verse 46

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ

Transliteration min nuṭ'fatin idhā tum'nā

Sinhala නියත වශයෙන්ම ඔහු ශුක්‍රාණු බිඳුවකින් එය විදින විට ( නුඹලාව නිර්මාණය කරන්නේය).

Verse 47

وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ

Transliteration wa-anna ʿalayhi l-nashata l-ukh'rā

Sinhala තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු කෙරෙහි (වූ වගකීමක්) ය.

Verse 48

وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ

Transliteration wa-annahu huwa aghnā wa-aqnā

Sinhala තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පත් කරවන්නේය.

Verse 49

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ

Transliteration wa-annahu huwa rabbu l-shiʿ'rā

Sinhala තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.

Verse 50

وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ

Transliteration wa-annahu ahlaka ʿādan l-ūlā

Sinhala තවද නියත වශයෙන්ම පෙර විසූ ආද් ජනයා විනාශ කළේ ද ඔහුය.

Verse 51

وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ

Transliteration wathamūdā famā abqā

Sinhala තවද සමූද් ජනයා ද (විනාශ කළේය) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.

Verse 52

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ

Transliteration waqawma nūḥin min qablu innahum kānū hum aẓlama wa-aṭghā

Sinhala තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.

Verse 53

وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ

Transliteration wal-mu'tafikata ahwā

Sinhala තවද උඩු යටිකුරු කරනු ලැබූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.

Verse 54

فَغَشَّىٰهَا مَا غَشَّىٰ

Transliteration faghashāhā mā ghashā

Sinhala එවිට ආවරණය කළ දෑ (වේදනාව) එය ආවරණය කළේය.

Verse 55

فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ

Transliteration fabi-ayyi ālāi rabbika tatamārā

Sinhala එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?

Verse 56

هَـٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ

Transliteration hādhā nadhīrun mina l-nudhuri l-ūlā

Sinhala මෙය පෙර පැවති අවවාද අතුරින් වූ අවවාදයකි.

Verse 57

أَزِفَتِ ٱلْـَٔازِفَةُ

Transliteration azifati l-āzifatu

Sinhala සමීප වන දෑ (විනිශ්චය දිනය) සමීප වී ඇත.

Verse 58

لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ

Transliteration laysa lahā min dūni l-lahi kāshifatun

Sinhala අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.

Verse 59

أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ

Transliteration afamin hādhā l-ḥadīthi taʿjabūna

Sinhala එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද ?

Verse 60

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ

Transliteration wataḍḥakūna walā tabkūna

Sinhala තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.

Verse 61

وَأَنتُمْ سَـٰمِدُونَ

Transliteration wa-antum sāmidūna

Sinhala නුඹලා නොසැලකිල්ලෙන් සිටිහුය.

Verse 62

فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩

Transliteration fa-us'judū lillahi wa-uʿ'budū

Sinhala එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.

Read Surah An-Najm in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.