MyDugsiStart learning

Surah Al-Ma'arij in Sinhala: translation and audio

Surah 70 · المعارج · The Ascending Stairways · 44 verses

Surah Al-Ma'arij verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Ma'arij word by word in English.

Verse 1

سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ

Transliteration sa-ala sāilun biʿadhābin wāqiʿin

Sinhala සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.

Verse 2

لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ

Transliteration lil'kāfirīna laysa lahu dāfiʿun

Sinhala දේව ප්‍රතික්ෂේපකයින්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.

Verse 3

مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ

Transliteration mina l-lahi dhī l-maʿāriji

Sinhala (එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).

Verse 4

تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ

Transliteration taʿruju l-malāikatu wal-rūḥu ilayhi fī yawmin kāna miq'dāruhu khamsīna alfa sanatin

Sinhala එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන්ද, ආත්මයද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.

Verse 5

فَٱصْبِرْ صَبْرًا جَمِيلًا

Transliteration fa-iṣ'bir ṣabran jamīlan

Sinhala එහෙයින් ඔබ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.

Verse 6

إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا

Transliteration innahum yarawnahu baʿīdan

Sinhala නියත වශයෙන්ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.

Verse 7

وَنَرَىٰهُ قَرِيبًا

Transliteration wanarāhu qarīban

Sinhala නමුත් අපි එය සමීපයෙන් දකිමු.

Verse 8

يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ

Transliteration yawma takūnu l-samāu kal-muh'li

Sinhala එදින අහස උණු වූ තඹ මෙන් වනු ඇත.

Verse 9

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ

Transliteration watakūnu l-jibālu kal-ʿih'ni

Sinhala තවද කඳු ලොම් මෙන් වනු ඇත.

Verse 10

وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا

Transliteration walā yasalu ḥamīmun ḥamīman

Sinhala මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.

Verse 11

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ

Transliteration yubaṣṣarūnahum yawaddu l-muj'rimu law yaftadī min ʿadhābi yawmi-idhin bibanīhi

Sinhala ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දියක් වශයෙන්) තම දරුවන්;

Verse 12

وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ

Transliteration waṣāḥibatihi wa-akhīhi

Sinhala තම බිරිය තම සොහොයුරන්;

Verse 13

وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ

Transliteration wafaṣīlatihi allatī tu'wīhi

Sinhala ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;

Verse 14

وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ

Transliteration waman fī l-arḍi jamīʿan thumma yunjīhi

Sinhala තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.

Verse 15

كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ

Transliteration kallā innahā laẓā

Sinhala එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.

Verse 16

نَزَّاعَةً لِّلشَّوَىٰ

Transliteration nazzāʿatan lilshawā

Sinhala (එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.

Verse 17

تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ

Transliteration tadʿū man adbara watawallā

Sinhala එය (සත්‍ය ප්‍රතික්ෂේප කර ) පසුපස හැරී පලා ගිය අයලුවන්ව අඬගසයි.

Verse 18

وَجَمَعَ فَأَوْعَىٰٓ

Transliteration wajamaʿa fa-awʿā

Sinhala (වස්තුව) රැස් කොට එය තැන්පත් කර (සඟවා) තැබු අයට ආරාධනා කරයි.

Verse 19

۞ إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا

Transliteration inna l-insāna khuliqa halūʿan

Sinhala නියත වශයෙන්ම මිනිසා කලබලකාරී ලෙසින් මවනු ලැබීය.

Verse 20

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا

Transliteration idhā massahu l-sharu jazūʿan

Sinhala ඔහුට අයහපතක් වැලඳුණු විට නොසන්සුන්වන්නකු ලෙස සිටියි.

Verse 21

وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا

Transliteration wa-idhā massahu l-khayru manūʿan

Sinhala තවද ඔහුට යහපත වැලඳුණු විට (නොදී) රඳවා ගන්නකු ලෙස සිටියි.

Verse 22

إِلَّا ٱلْمُصَلِّينَ

Transliteration illā l-muṣalīna

Sinhala නමුත් සලාතය ඉටු කරන්නන් හැර.

Verse 23

ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ

Transliteration alladhīna hum ʿalā ṣalātihim dāimūna

Sinhala ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නන් වෙති.

Verse 24

وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ مَّعْلُومٌ

Transliteration wa-alladhīna fī amwālihim ḥaqqun maʿlūmun

Sinhala තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක් ඇත.

Verse 25

لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ

Transliteration lilssāili wal-maḥrūmi

Sinhala අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට (කොටසක් ඇත.)

Verse 26

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ

Transliteration wa-alladhīna yuṣaddiqūna biyawmi l-dīni

Sinhala තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව සත්‍යය කරති.

Verse 27

وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ

Transliteration wa-alladhīna hum min ʿadhābi rabbihim mush'fiqūna

Sinhala තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ ව බියෙන් සිටිති.

Verse 28

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

Transliteration inna ʿadhāba rabbihim ghayru mamūnin

Sinhala නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම බිය නොවී සිටිය හැකි කරුණක් නොවේ.

Verse 29

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ

Transliteration wa-alladhīna hum lifurūjihim ḥāfiẓūna

Sinhala තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පතිවත සුරක්ෂා කර ගන්නෝ වෙති.

Verse 30

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

Transliteration illā ʿalā azwājihim aw mā malakat aymānuhum fa-innahum ghayru malūmīna

Sinhala නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.

Verse 31

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ

Transliteration famani ib'taghā warāa dhālika fa-ulāika humu l-ʿādūna

Sinhala එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහුමය උල්ලංඝනය කරන්නෝ.

Verse 32

وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ

Transliteration wa-alladhīna hum li-amānātihim waʿahdihim rāʿūna

Sinhala තවද ඔවුහු (විශ්වාසවන්තයින්) ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) රකින්නන් වෙති.

Verse 33

وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٰتِهِمْ قَآئِمُونَ

Transliteration wa-alladhīna hum bishahādātihim qāimūna

Sinhala තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නන් වෙති.

Verse 34

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

Transliteration wa-alladhīna hum ʿalā ṣalātihim yuḥāfiẓūna

Sinhala තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂා (කර ඉටු) කරන්නෝ වෙති.

Verse 35

أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍ مُّكْرَمُونَ

Transliteration ulāika fī jannātin muk'ramūna

Sinhala ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.

Verse 36

فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ

Transliteration famāli alladhīna kafarū qibalaka muh'ṭiʿīna

Sinhala මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.

Verse 37

عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ

Transliteration ʿani l-yamīni waʿani l-shimāli ʿizīna

Sinhala දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).

Verse 38

أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ

Transliteration ayaṭmaʿu kullu im'ri-in min'hum an yud'khala jannata naʿīmin

Sinhala ඔවුන් අතුරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?

Verse 39

كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ

Transliteration kallā innā khalaqnāhum mimmā yaʿlamūna

Sinhala එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.

Verse 40

فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ

Transliteration falā uq'simu birabbi l-mashāriqi wal-maghāribi innā laqādirūna

Sinhala පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.

Verse 41

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

Transliteration ʿalā an nubaddila khayran min'hum wamā naḥnu bimasbūqīna

Sinhala (ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් (ඔවුන් වෙනුවට) බිහි කිරීම කෙරෙහි හැකියාව ඇත්තන් වෙමු. මන්ද කිසිවෙකුට අප අබිබවා යාමට නොහැක..

Verse 42

فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ

Transliteration fadharhum yakhūḍū wayalʿabū ḥattā yulāqū yawmahumu alladhī yūʿadūna

Sinhala ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.

Verse 43

يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ

Transliteration yawma yakhrujūna mina l-ajdāthi sirāʿan ka-annahum ilā nuṣubin yūfiḍūna

Sinhala පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුහු බැහැර වෙති.

Verse 44

خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ

Transliteration khāshiʿatan abṣāruhum tarhaquhum dhillatun dhālika l-yawmu alladhī kānū yūʿadūna

Sinhala ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.

Read Surah Al-Ma'arij in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.