MyDugsiStart learning

Surah Al-Jathiyah in Sinhala: translation and audio

Surah 45 · الجاثية · The Crouching · 37 verses

Surah Al-Jathiyah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Jathiyah word by word in English.

Verse 1

حمٓ

Transliteration hha-meem

Sinhala හා මීම්

Verse 2

تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

Transliteration tanzīlu l-kitābi mina l-lahi l-ʿazīzi l-ḥakīmi

Sinhala මෙම ග්‍රන්ථයේ පහළ කිරීම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරියාණන් වූ අල්ලාහ්ගෙනි.

Verse 3

إِنَّ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ لَـَٔايَـٰتٍ لِّلْمُؤْمِنِينَ

Transliteration inna fī l-samāwāti wal-arḍi laāyātin lil'mu'minīna

Sinhala නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දෙවියන් විශ්වාස කරන්නන්හට සංඥා ඇත.

Verse 4

وَفِى خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَـٰتٌ لِّقَوْمٍ يُوقِنُونَ

Transliteration wafī khalqikum wamā yabuthu min dābbatin āyātun liqawmin yūqinūna

Sinhala නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.

Verse 5

وَٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزْقٍ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ ٱلرِّيَـٰحِ ءَايَـٰتٌ لِّقَوْمٍ يَعْقِلُونَ

Transliteration wa-ikh'tilāfi al-layli wal-nahāri wamā anzala l-lahu mina l-samāi min riz'qin fa-aḥyā bihi l-arḍa baʿda mawtihā wataṣrīfi l-riyāḥi āyātun liqawmin yaʿqilūna

Sinhala රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමගින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.

Verse 6

تِلْكَ ءَايَـٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَ ٱللَّهِ وَءَايَـٰتِهِۦ يُؤْمِنُونَ

Transliteration til'ka āyātu l-lahi natlūhā ʿalayka bil-ḥaqi fabi-ayyi ḥadīthin baʿda l-lahi waāyātihi yu'minūna

Sinhala ඒවා අල්ලාහ්ගේ වදන් වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන් වලට පසු ව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?

Verse 7

وَيْلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ

Transliteration waylun likulli affākin athīmin

Sinhala සෑම මහා බොරුකාර පාපතරයකුටම විනාශය අත් වේවා!

Verse 8

يَسْمَعُ ءَايَـٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ

Transliteration yasmaʿu āyāti l-lahi tut'lā ʿalayhi thumma yuṣirru mus'takbiran ka-an lam yasmaʿhā fabashir'hu biʿadhābin alīmin

Sinhala ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට ඔහු සවන් දෙයි. පසු ව ඔහු එයට සවන් නොදුන්නාක් මෙන් උඩඟුවෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳ ව (නබිතුමනි!) ඔබ ඔහුට ශුභාරංචි දෙනු.

Verse 9

وَإِذَا عَلِمَ مِنْ ءَايَـٰتِنَا شَيْـًٔا ٱتَّخَذَهَا هُزُوًا ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

Transliteration wa-idhā ʿalima min āyātinā shayan ittakhadhahā huzuwan ulāika lahum ʿadhābun muhīnun

Sinhala ඔහු අපගේ වදන් අතුරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේය. නින්දා සහගත දඬුවමක් තමන් සතු කර ගත්තෝ ඔවුහුමය.

Verse 10

مِّن وَرَآئِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِى عَنْهُم مَّا كَسَبُوا۟ شَيْـًٔا وَلَا مَا ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Transliteration min warāihim jahannamu walā yugh'nī ʿanhum mā kasabū shayan walā mā ittakhadhū min dūni l-lahi awliyāa walahum ʿadhābun ʿaẓīmun

Sinhala ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නොවනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත.

Verse 11

هَـٰذَا هُدًى ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ

Transliteration hādhā hudan wa-alladhīna kafarū biāyāti rabbihim lahum ʿadhābun min rij'zin alīmun

Sinhala මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත.

Verse 12

۞ ٱللَّهُ ٱلَّذِى سَخَّرَ لَكُمُ ٱلْبَحْرَ لِتَجْرِىَ ٱلْفُلْكُ فِيهِ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

Transliteration al-lahu alladhī sakhara lakumu l-baḥra litajriya l-ful'ku fīhi bi-amrihi walitabtaghū min faḍlihi walaʿallakum tashkurūna

Sinhala නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ්ය.

Verse 13

وَسَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ جَمِيعًا مِّنْهُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Transliteration wasakhara lakum mā fī l-samāwāti wamā fī l-arḍi jamīʿan min'hu inna fī dhālika laāyātin liqawmin yatafakkarūna

Sinhala තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු විසින් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. නියත වශයෙන්ම සිතිය හැකි ජනයාට මෙහි සංඥා ඇත.

Verse 14

قُل لِّلَّذِينَ ءَامَنُوا۟ يَغْفِرُوا۟ لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجْزِىَ قَوْمًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ

Transliteration qul lilladhīna āmanū yaghfirū lilladhīna lā yarjūna ayyāma l-lahi liyajziya qawman bimā kānū yaksibūna

Sinhala තමන් උපයමින් සිටි දෑ හේතුවෙන් පිරිසකට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහා අල්ලාහ්ගේ දඬුවම් දිනයන් අපේක්ෂා නොකරන්නන්හට සමාව දෙන්නැයි විශ්වාස කළවුනට (නබිවරය,) ඔබ පවසනු.

Verse 15

مَنْ عَمِلَ صَـٰلِحًا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ

Transliteration man ʿamila ṣāliḥan falinafsihi waman asāa faʿalayhā thumma ilā rabbikum tur'jaʿūna

Sinhala කවරෙකු යම් යහපතක් සිදු කළේද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) එයට එරෙහිවය. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.

Verse 16

وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَى ٱلْعَـٰلَمِينَ

Transliteration walaqad ātaynā banī is'rāīla l-kitāba wal-ḥuk'ma wal-nubuwata warazaqnāhum mina l-ṭayibāti wafaḍḍalnāhum ʿalā l-ʿālamīna

Sinhala තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවනට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද අපි ලෝවැසියන් අතර ඔවුන් උසස් කළෙමු.

Verse 17

وَءَاتَيْنَـٰهُم بَيِّنَـٰتٍ مِّنَ ٱلْأَمْرِ ۖ فَمَا ٱخْتَلَفُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

Transliteration waātaynāhum bayyinātin mina l-amri famā ikh'talafū illā min baʿdi mā jāahumu l-ʿil'mu baghyan baynahum inna rabbaka yaqḍī baynahum yawma l-qiyāmati fīmā kānū fīhi yakhtalifūna

Sinhala සියලු (ආගමික) කරුණු වල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. නමුත් ඔවුන් වෙත ඥානය පැමිණිමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස (වෙනත් කිසිවක් සඳහා) ඔවුහු මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මතුලොවෙහි විනිශ්චය කරනු ඇත.

Verse 18

ثُمَّ جَعَلْنَـٰكَ عَلَىٰ شَرِيعَةٍ مِّنَ ٱلْأَمْرِ فَٱتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ

Transliteration thumma jaʿalnāka ʿalā sharīʿatin mina l-amri fa-ittabiʿ'hā walā tattabiʿ ahwāa alladhīna lā yaʿlamūna

Sinhala පසු ව එම කරුණ තුළින් යම් පිළිවෙතක් මත අපි ඔබ ව පත් කළෙමු. එහෙයින් ඔබ එය අනුගමනය කරනු. තවද දැනුමකින් තොර සිටින්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු.

Verse 19

إِنَّهُمْ لَن يُغْنُوا۟ عَنكَ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ وَإِنَّ ٱلظَّـٰلِمِينَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۖ وَٱللَّهُ وَلِىُّ ٱلْمُتَّقِينَ

Transliteration innahum lan yugh'nū ʿanka mina l-lahi shayan wa-inna l-ẓālimīna baʿḍuhum awliyāu baʿḍin wal-lahu waliyyu l-mutaqīna

Sinhala නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔබ මුදවා ගෙන) ඔබට ප්‍රයොජනයක් සලසන්නේම නැත. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරුය.

Verse 20

هَـٰذَا بَصَـٰٓئِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُوقِنُونَ

Transliteration hādhā baṣāiru lilnnāsi wahudan waraḥmatun liqawmin yūqinūna

Sinhala මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.

Verse 21

أَمْ حَسِبَ ٱلَّذِينَ ٱجْتَرَحُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن نَّجْعَلَهُمْ كَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَوَآءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَآءَ مَا يَحْكُمُونَ

Transliteration am ḥasiba alladhīna ij'taraḥū l-sayiāti an najʿalahum ka-alladhīna āmanū waʿamilū l-ṣāliḥāti sawāan maḥyāhum wamamātuhum sāa mā yaḥkumūna

Sinhala විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.

Verse 22

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Transliteration wakhalaqa l-lahu l-samāwāti wal-arḍa bil-ḥaqi walituj'zā kullu nafsin bimā kasabat wahum lā yuẓ'lamūna

Sinhala තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.

Verse 23

أَفَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَـٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِۦ وَقَلْبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَـٰوَةً فَمَن يَهْدِيهِ مِنۢ بَعْدِ ٱللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ

Transliteration afara-ayta mani ittakhadha ilāhahu hawāhu wa-aḍallahu l-lahu ʿalā ʿil'min wakhatama ʿalā samʿihi waqalbihi wajaʿala ʿalā baṣarihi ghishāwatan faman yahdīhi min baʿdi l-lahi afalā tadhakkarūna

Sinhala (නබිවරය) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද. ඔහුව ඔබ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග හැරියේය. ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා ‍තැබුවේය. ඔහුගේ බැල්ම මත ආවරණයක් තැබුවේය. අල්ලාහ්ගෙන් පසු ව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?

Verse 24

وَقَالُوا۟ مَا هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَآ إِلَّا ٱلدَّهْرُ ۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ

Transliteration waqālū mā hiya illā ḥayātunā l-dun'yā namūtu wanaḥyā wamā yuh'likunā illā l-dahru wamā lahum bidhālika min ʿil'min in hum illā yaẓunnūna

Sinhala “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නොකරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමාන කරනු මිස නැත.

Verse 25

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّآ أَن قَالُوا۟ ٱئْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ

Transliteration wa-idhā tut'lā ʿalayhim āyātunā bayyinātin mā kāna ḥujjatahum illā an qālū i'tū biābāinā in kuntum ṣādiqīna

Sinhala අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස ඔවුන්ගේ සාධකය නොවීය.

Verse 26

قُلِ ٱللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَا رَيْبَ فِيهِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Transliteration quli l-lahu yuḥ'yīkum thumma yumītukum thumma yajmaʿukum ilā yawmi l-qiyāmati lā rayba fīhi walākinna akthara l-nāsi lā yaʿlamūna

Sinhala (නබිවරය) ඔබ පවසන්න. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි, පසු ව නුඹලා මරණයට පත් කරයි, පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි, එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.

Verse 27

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ ٱلْمُبْطِلُونَ

Transliteration walillahi mul'ku l-samāwāti wal-arḍi wayawma taqūmu l-sāʿatu yawma-idhin yakhsaru l-mub'ṭilūna

Sinhala අහස් හා මහපොළොව අල්ලාහ් සතුය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින අසත්‍යකරුවෝ පරාජයට පත් වෙති.

Verse 28

وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةً ۚ كُلُّ أُمَّةٍ تُدْعَىٰٓ إِلَىٰ كِتَـٰبِهَا ٱلْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration watarā kulla ummatin jāthiyatan kullu ummatin tud'ʿā ilā kitābihā l-yawma tuj'zawna mā kuntum taʿmalūna

Sinhala සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහුය.” (යැයි කියනු ලැබේ.)

Verse 29

هَـٰذَا كِتَـٰبُنَا يَنطِقُ عَلَيْكُم بِٱلْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration hādhā kitābunā yanṭiqu ʿalaykum bil-ḥaqi innā kunnā nastansikhu mā kuntum taʿmalūna

Sinhala මෙය නුඹලාට එරෙහි ව සත්‍යයෙන් යුතු ව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන්ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.

Verse 30

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِى رَحْمَتِهِۦ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْمُبِينُ

Transliteration fa-ammā alladhīna āmanū waʿamilū l-ṣāliḥāti fayud'khiluhum rabbuhum fī raḥmatihi dhālika huwa l-fawzu l-mubīnu

Sinhala විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණය වනුයේ.

Verse 31

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓا۟ أَفَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَٱسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًا مُّجْرِمِينَ

Transliteration wa-ammā alladhīna kafarū afalam takun āyātī tut'lā ʿalaykum fa-is'takbartum wakuntum qawman muj'rimīna

Sinhala තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නොතිබුණේ ද? එවිට නුඹලා උඩගු වූහ. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූහ. (යැයි කියනු ලැබේ.)

Verse 32

وَإِذَا قِيلَ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَٱلسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِى مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ

Transliteration wa-idhā qīla inna waʿda l-lahi ḥaqqun wal-sāʿatu lā rayba fīhā qul'tum mā nadrī mā l-sāʿatu in naẓunnu illā ẓannan wamā naḥnu bimus'tayqinīna

Sinhala “තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැයි අපි නොදනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නොසිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නොවූයෙමු යැයි නුඹලා පැවසුවෙහුය.

Verse 33

وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Transliteration wabadā lahum sayyiātu mā ʿamilū waḥāqa bihim mā kānū bihi yastahziūna

Sinhala ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේය.

Verse 34

وَقِيلَ ٱلْيَوْمَ نَنسَىٰكُمْ كَمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ

Transliteration waqīla l-yawma nansākum kamā nasītum liqāa yawmikum hādhā wamawākumu l-nāru wamā lakum min nāṣirīna

Sinhala “නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ.

Verse 35

ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذْتُمْ ءَايَـٰتِ ٱللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ فَٱلْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ

Transliteration dhālikum bi-annakumu ittakhadhtum āyāti l-lahi huzuwan wagharratkumu l-ḥayatu l-dun'yā fal-yawma lā yukh'rajūna min'hā walā hum yus'taʿtabūna

Sinhala “මෙයට හේතුව, නියත වශයෙන්ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලා මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නොවෙති. තවද ඔවුහු සමාව පිළිගනු ලබන්නන් නොවෙති.

Verse 36

فَلِلَّهِ ٱلْحَمْدُ رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَرَبِّ ٱلْأَرْضِ رَبِّ ٱلْعَـٰلَمِينَ

Transliteration falillahi l-ḥamdu rabbi l-samāwāti warabbi l-arḍi rabbi l-ʿālamīna

Sinhala අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා!

Verse 37

وَلَهُ ٱلْكِبْرِيَآءُ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Transliteration walahu l-kib'riyāu fī l-samāwāti wal-arḍi wahuwa l-ʿazīzu l-ḥakīmu

Sinhala තවද අහස්හි හා මහපොළොවේ සියලු ශ්‍රේෂ්ඨත්වයන් ඔහු සතුය. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීය.

Read Surah Al-Jathiyah in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.