MyDugsiStart learning

Surah Al-Hijr in Sinhala: translation and audio

Surah 15 · الحجر · The Rocky Tract · 99 verses

Surah Al-Hijr verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Hijr word by word in English.

Verse 1

الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ وَقُرْءَانٍ مُّبِينٍ

Transliteration alif-lam-ra til'ka āyātu l-kitābi waqur'ānin mubīnin

Sinhala අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.

Verse 2

رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ كَانُوا۟ مُسْلِمِينَ

Transliteration rubamā yawaddu alladhīna kafarū law kānū mus'limīna

Sinhala (මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත.

Verse 3

ذَرْهُمْ يَأْكُلُوا۟ وَيَتَمَتَّعُوا۟ وَيُلْهِهِمُ ٱلْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ

Transliteration dharhum yakulū wayatamattaʿū wayul'hihimu l-amalu fasawfa yaʿlamūna

Sinhala ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.

Verse 4

وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ

Transliteration wamā ahlaknā min qaryatin illā walahā kitābun maʿlūmun

Sinhala තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු.

Verse 5

مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ

Transliteration mā tasbiqu min ummatin ajalahā wamā yastakhirūna

Sinhala කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.

Verse 6

وَقَالُوا۟ يَـٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

Transliteration waqālū yāayyuhā alladhī nuzzila ʿalayhi l-dhik'ru innaka lamajnūnun

Sinhala තවද ( අල්කුර්ආනය හෙවත්) දේව ග්‍රන්ථය කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණෙනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.

Verse 7

لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَـٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ

Transliteration law mā tatīnā bil-malāikati in kunta mina l-ṣādiqīna

Sinhala නුඹ සත්‍යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද?

Verse 8

مَا نُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًا مُّنظَرِينَ

Transliteration mā nunazzilu l-malāikata illā bil-ḥaqi wamā kānū idhan munẓarīna

Sinhala (නබිවරය) සත්‍යය හේතුවකින් තොරව අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. (ඔවුහු වේදනාව දීම සම්බන්ධයෙන් එවනු ලබන්නේ නම්) එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති .

Verse 9

إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ

Transliteration innā naḥnu nazzalnā l-dhik'ra wa-innā lahu laḥāfiẓūna

Sinhala නියත වශයෙන්ම අපමය ( අද් දික්ර් හෙවත්) දේව ග්‍රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු.

Verse 10

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ

Transliteration walaqad arsalnā min qablika fī shiyaʿi l-awalīna

Sinhala තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.

Verse 11

وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Transliteration wamā yatīhim min rasūlin illā kānū bihi yastahziūna

Sinhala තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ (රසූල්වරයෙකු) පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කළහ.

Verse 12

كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ

Transliteration kadhālika naslukuhu fī qulūbi l-muj'rimīna

Sinhala වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය.

Verse 13

لَا يُؤْمِنُونَ بِهِۦ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ

Transliteration lā yu'minūna bihi waqad khalat sunnatu l-awalīna

Sinhala ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.

Verse 14

وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّوا۟ فِيهِ يَعْرُجُونَ

Transliteration walaw fataḥnā ʿalayhim bāban mina l-samāi faẓallū fīhi yaʿrujūna

Sinhala තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)

Verse 15

لَقَالُوٓا۟ إِنَّمَا سُكِّرَتْ أَبْصَـٰرُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ

Transliteration laqālū innamā sukkirat abṣārunā bal naḥnu qawmun masḥūrūna

Sinhala නියත වශයෙන්ම (කිසිවක් නොපෙනෙන සේ ) අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. (එපමණක්) නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු (අසත්‍යවාදීන්) පවසති.

Verse 16

وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ

Transliteration walaqad jaʿalnā fī l-samāi burūjan wazayyannāhā lilnnāẓirīna

Sinhala තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.

Verse 17

وَحَفِظْنَـٰهَا مِن كُلِّ شَيْطَـٰنٍ رَّجِيمٍ

Transliteration waḥafiẓ'nāhā min kulli shayṭānin rajīmin

Sinhala තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.

Verse 18

إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌ مُّبِينٌ

Transliteration illā mani is'taraqa l-samʿa fa-atbaʿahu shihābun mubīnun

Sinhala නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.

Verse 19

وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍ مَّوْزُونٍ

Transliteration wal-arḍa madadnāhā wa-alqaynā fīhā rawāsiya wa-anbatnā fīhā min kulli shayin mawzūnin

Sinhala තවද අපි මහපොළොව ව්‍යාප්ත කර හැරියෙමු. එහි අපි කඳුහෙල් ඇති කළෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නියමිත ආකාරයට පැළවෙන්නට සලස්වන්නෙමු.

Verse 20

وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَـٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ

Transliteration wajaʿalnā lakum fīhā maʿāyisha waman lastum lahu birāziqīna

Sinhala තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.

Verse 21

وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ

Transliteration wa-in min shayin illā ʿindanā khazāinuhu wamā nunazziluhu illā biqadarin maʿlūmin

Sinhala කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව ඇත. අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.

Verse 22

وَأَرْسَلْنَا ٱلرِّيَـٰحَ لَوَٰقِحَ فَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَسْقَيْنَـٰكُمُوهُ وَمَآ أَنتُمْ لَهُۥ بِخَـٰزِنِينَ

Transliteration wa-arsalnā l-riyāḥa lawāqiḥa fa-anzalnā mina l-samāi māan fa-asqaynākumūhu wamā antum lahu bikhāzinīna

Sinhala තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.

Verse 23

وَإِنَّا لَنَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَنَحْنُ ٱلْوَٰرِثُونَ

Transliteration wa-innā lanaḥnu nuḥ'yī wanumītu wanaḥnu l-wārithūna

Sinhala තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.

Verse 24

وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَـْٔخِرِينَ

Transliteration walaqad ʿalim'nā l-mus'taqdimīna minkum walaqad ʿalim'nā l-mus'takhirīna

Sinhala සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.

Verse 25

وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ

Transliteration wa-inna rabbaka huwa yaḥshuruhum innahu ḥakīmun ʿalīmun

Sinhala තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය.

Verse 26

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ

Transliteration walaqad khalaqnā l-insāna min ṣalṣālin min ḥama-in masnūnin

Sinhala සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.

Verse 27

وَٱلْجَآنَّ خَلَقْنَـٰهُ مِن قَبْلُ مِن نَّارِ ٱلسَّمُومِ

Transliteration wal-jāna khalaqnāhu min qablu min nāri l-samūmi

Sinhala මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.

Verse 28

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى خَـٰلِقٌۢ بَشَرًا مِّن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ

Transliteration wa-idh qāla rabbuka lil'malāikati innī khāliqun basharan min ṣalṣālin min ḥama-in masnūnin

Sinhala නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.

Verse 29

فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَـٰجِدِينَ

Transliteration fa-idhā sawwaytuhu wanafakhtu fīhi min rūḥī faqaʿū lahu sājidīna

Sinhala පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. ( යැයි නුඹගේ පරමාධිපති පැවසීය.)

Verse 30

فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

Transliteration fasajada l-malāikatu kulluhum ajmaʿūna

Sinhala එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ.

Verse 31

إِلَّآ إِبْلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ

Transliteration illā ib'līsa abā an yakūna maʿa l-sājidīna

Sinhala ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.

Verse 32

قَالَ يَـٰٓإِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ

Transliteration qāla yāib'līsu mā laka allā takūna maʿa l-sājidīna

Sinhala අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.

Verse 33

قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُۥ مِن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ

Transliteration qāla lam akun li-asjuda libasharin khalaqtahu min ṣalṣālin min ḥama-in masnūnin

Sinhala විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය.

Verse 34

قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

Transliteration qāla fa-ukh'ruj min'hā fa-innaka rajīmun

Sinhala එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.

Verse 35

وَإِنَّ عَلَيْكَ ٱللَّعْنَةَ إِلَىٰ يَوْمِ ٱلدِّينِ

Transliteration wa-inna ʿalayka l-laʿnata ilā yawmi l-dīni

Sinhala තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත.

Verse 36

قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

Transliteration qāla rabbi fa-anẓir'nī ilā yawmi yub'ʿathūna

Sinhala මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.

Verse 37

قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ

Transliteration qāla fa-innaka mina l-munẓarīna

Sinhala එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.

Verse 38

إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ

Transliteration ilā yawmi l-waqti l-maʿlūmi

Sinhala නියමිත වේලාවේ දිනය දක්වා.

Verse 39

قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى ٱلْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

Transliteration qāla rabbi bimā aghwaytanī la-uzayyinanna lahum fī l-arḍi wala-ugh'wiyannahum ajmaʿīna

Sinhala මාගේ පරමාධිපතියාණෙනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේය.

Verse 40

إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ

Transliteration illā ʿibādaka min'humu l-mukh'laṣīna

Sinhala නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.

Verse 41

قَالَ هَـٰذَا صِرَٰطٌ عَلَىَّ مُسْتَقِيمٌ

Transliteration qāla hādhā ṣirāṭun ʿalayya mus'taqīmun

Sinhala "මෙය මා වෙත (පැමිණිය හැකි) ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

Verse 42

إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَـٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْغَاوِينَ

Transliteration inna ʿibādī laysa laka ʿalayhim sul'ṭānun illā mani ittabaʿaka mina l-ghāwīna

Sinhala නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර.

Verse 43

وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ

Transliteration wa-inna jahannama lamawʿiduhum ajmaʿīna

Sinhala තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.

Verse 44

لَهَا سَبْعَةُ أَبْوَٰبٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ

Transliteration lahā sabʿatu abwābin likulli bābin min'hum juz'on maqsūmun

Sinhala "එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් (ෂයිතාන්ගේ ගමන් මග අනුගමනයකළ අය) අතුරින් (පිරිසකට විශේෂයෙන්) වෙන් කරන ලද කොටසක් ඇත" (යැයි අල්ලාහ් පවසයි.)

Verse 45

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَعُيُونٍ

Transliteration inna l-mutaqīna fī jannātin waʿuyūnin

Sinhala නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත් වල (සතුටින්) සිටිති.

Verse 46

ٱدْخُلُوهَا بِسَلَـٰمٍ ءَامِنِينَ

Transliteration ud'khulūhā bisalāmin āminīna

Sinhala නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.

Verse 47

وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍ مُّتَقَـٰبِلِينَ

Transliteration wanazaʿnā mā fī ṣudūrihim min ghillin ikh'wānan ʿalā sururin mutaqābilīna

Sinhala ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.

Verse 48

لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ

Transliteration lā yamassuhum fīhā naṣabun wamā hum min'hā bimukh'rajīna

Sinhala එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.

Verse 49

۞ نَبِّئْ عِبَادِىٓ أَنِّىٓ أَنَا ٱلْغَفُورُ ٱلرَّحِيمُ

Transliteration nabbi ʿibādī annī anā l-ghafūru l-raḥīmu

Sinhala නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.

Verse 50

وَأَنَّ عَذَابِى هُوَ ٱلْعَذَابُ ٱلْأَلِيمُ

Transliteration wa-anna ʿadhābī huwa l-ʿadhābu l-alīmu

Sinhala තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු.

Verse 51

وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٰهِيمَ

Transliteration wanabbi'hum ʿan ḍayfi ib'rāhīma

Sinhala තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.

Verse 52

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ

Transliteration idh dakhalū ʿalayhi faqālū salāman qāla innā minkum wajilūna

Sinhala ඔවුහු (දේවදූතයින්) ඔහු (ඉබ්රාහීම්) වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.

Verse 53

قَالُوا۟ لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ عَلِيمٍ

Transliteration qālū lā tawjal innā nubashiruka bighulāmin ʿalīmin

Sinhala නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය.

Verse 54

قَالَ أَبَشَّرْتُمُونِى عَلَىٰٓ أَن مَّسَّنِىَ ٱلْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ

Transliteration qāla abashartumūnī ʿalā an massaniya l-kibaru fabima tubashirūna

Sinhala මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය.

Verse 55

قَالُوا۟ بَشَّرْنَـٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَـٰنِطِينَ

Transliteration qālū basharnāka bil-ḥaqi falā takun mina l-qāniṭīna

Sinhala අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු.

Verse 56

قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ

Transliteration qāla waman yaqnaṭu min raḥmati rabbihi illā l-ḍālūna

Sinhala නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය.

Verse 57

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ

Transliteration qāla famā khaṭbukum ayyuhā l-mur'salūna

Sinhala අහෝ ! ( දෙවියන් විසින්) එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය.

Verse 58

قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ

Transliteration qālū innā ur'sil'nā ilā qawmin muj'rimīna

Sinhala නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය.

Verse 59

إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ

Transliteration illā āla lūṭin innā lamunajjūhum ajmaʿīna

Sinhala ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු.

Verse 60

إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَآ ۙ إِنَّهَا لَمِنَ ٱلْغَـٰبِرِينَ

Transliteration illā im'ra-atahu qaddarnā innahā lamina l-ghābirīna

Sinhala නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු.

Verse 61

فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ

Transliteration falammā jāa āla lūṭin l-mur'salūna

Sinhala එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි

Verse 62

قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ

Transliteration qāla innakum qawmun munkarūna

Sinhala නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.

Verse 63

قَالُوا۟ بَلْ جِئْنَـٰكَ بِمَا كَانُوا۟ فِيهِ يَمْتَرُونَ

Transliteration qālū bal ji'nāka bimā kānū fīhi yamtarūna

Sinhala නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය.

Verse 64

وَأَتَيْنَـٰكَ بِٱلْحَقِّ وَإِنَّا لَصَـٰدِقُونَ

Transliteration wa-ataynāka bil-ḥaqi wa-innā laṣādiqūna

Sinhala තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.

Verse 65

فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ وَٱتَّبِعْ أَدْبَـٰرَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَٱمْضُوا۟ حَيْثُ تُؤْمَرُونَ

Transliteration fa-asri bi-ahlika biqiṭ'ʿin mina al-layli wa-ittabiʿ adbārahum walā yaltafit minkum aḥadun wa-im'ḍū ḥaythu tu'marūna

Sinhala එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.

Verse 66

وَقَضَيْنَآ إِلَيْهِ ذَٰلِكَ ٱلْأَمْرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقْطُوعٌ مُّصْبِحِينَ

Transliteration waqaḍaynā ilayhi dhālika l-amra anna dābira hāulāi maqṭūʿun muṣ'biḥīna

Sinhala නියත වශයෙන්ම උදෑසන මොවුන් මුලින් උපුටා දමනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.

Verse 67

وَجَآءَ أَهْلُ ٱلْمَدِينَةِ يَسْتَبْشِرُونَ

Transliteration wajāa ahlu l-madīnati yastabshirūna

Sinhala (ලූත් නබිගේ) නගර වැසියෝ (කාමයේ වරදවා හැසිරීමේ අදහසින්) සතුටට පත්වෙමින් පැමිණියහ .

Verse 68

قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيْفِى فَلَا تَفْضَحُونِ

Transliteration qāla inna hāulāi ḍayfī falā tafḍaḥūni

Sinhala නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය.

Verse 69

وَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ

Transliteration wa-ittaqū l-laha walā tukh'zūni

Sinhala තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.(යැයි ලූත් නබිවරයා පැවසුවේය.)

Verse 70

قَالُوٓا۟ أَوَلَمْ نَنْهَكَ عَنِ ٱلْعَـٰلَمِينَ

Transliteration qālū awalam nanhaka ʿani l-ʿālamīna

Sinhala (එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි (ලූත් නබිවරයාගෙන්) විමසුවෝය.

Verse 71

قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَـٰعِلِينَ

Transliteration qāla hāulāi banātī in kuntum fāʿilīna

Sinhala නුඹලා එසේ (ලිංගික ආශාවන් ඉටු) කරන්නන් ලෙස සිටියෙහු නම් (නීත්‍යානුකූලව අවශ්‍යතා ඉටුකිරීමට) මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය.

Verse 72

لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ

Transliteration laʿamruka innahum lafī sakratihim yaʿmahūna

Sinhala (නබිවරය) නුඹගේ ප්‍රාණය වෙත දිවුරමින් (පවසමි) නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මනස අවුල් වියවුල්වී සිහිසුන්ව සිටිති.

Verse 73

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ

Transliteration fa-akhadhathumu l-ṣayḥatu mush'riqīna

Sinhala එබැවින්, හිරු උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.

Verse 74

فَجَعَلْنَا عَـٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ

Transliteration fajaʿalnā ʿāliyahā sāfilahā wa-amṭarnā ʿalayhim ḥijāratan min sijjīlin

Sinhala එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.

Verse 75

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّلْمُتَوَسِّمِينَ

Transliteration inna fī dhālika laāyātin lil'mutawassimīna

Sinhala නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.

Verse 76

وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ

Transliteration wa-innahā labisabīlin muqīmin

Sinhala තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය.

Verse 77

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّلْمُؤْمِنِينَ

Transliteration inna fī dhālika laāyatan lil'mu'minīna

Sinhala නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත.

Verse 78

وَإِن كَانَ أَصْحَـٰبُ ٱلْأَيْكَةِ لَظَـٰلِمِينَ

Transliteration wa-in kāna aṣḥābu l-aykati laẓālimīna

Sinhala තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.

Verse 79

فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ

Transliteration fa-intaqamnā min'hum wa-innahumā labi-imāmin mubīnin

Sinhala එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක් විය.

Verse 80

وَلَقَدْ كَذَّبَ أَصْحَـٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ

Transliteration walaqad kadhaba aṣḥābu l-ḥij'ri l-mur'salīna

Sinhala තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් (පණිවිඩකරුවන්) ව බොරු කළෝය.

Verse 81

وَءَاتَيْنَـٰهُمْ ءَايَـٰتِنَا فَكَانُوا۟ عَنْهَا مُعْرِضِينَ

Transliteration waātaynāhum āyātinā fakānū ʿanhā muʿ'riḍīna

Sinhala තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ.

Verse 82

وَكَانُوا۟ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ

Transliteration wakānū yanḥitūna mina l-jibāli buyūtan āminīna

Sinhala තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ.

Verse 83

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ

Transliteration fa-akhadhathumu l-ṣayḥatu muṣ'biḥīna

Sinhala එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.

Verse 84

فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ

Transliteration famā aghnā ʿanhum mā kānū yaksibūna

Sinhala එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.

Verse 85

وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ ۗ وَإِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌ ۖ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ

Transliteration wamā khalaqnā l-samāwāti wal-arḍa wamā baynahumā illā bil-ḥaqi wa-inna l-sāʿata laātiyatun fa-iṣ'faḥi l-ṣafḥa l-jamīla

Sinhala අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු.

Verse 86

إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّـٰقُ ٱلْعَلِيمُ

Transliteration inna rabbaka huwa l-khalāqu l-ʿalīmu

Sinhala නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු.

Verse 87

وَلَقَدْ ءَاتَيْنَـٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ

Transliteration walaqad ātaynāka sabʿan mina l-mathānī wal-qur'āna l-ʿaẓīma

Sinhala තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.

Verse 88

لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ

Transliteration lā tamuddanna ʿaynayka ilā mā mattaʿnā bihi azwājan min'hum walā taḥzan ʿalayhim wa-ikh'fiḍ janāḥaka lil'mu'minīna

Sinhala ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු.

Verse 89

وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ

Transliteration waqul innī anā l-nadhīru l-mubīnu

Sinhala නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.

Verse 90

كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ

Transliteration kamā anzalnā ʿalā l-muq'tasimīna

Sinhala බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්

Verse 91

ٱلَّذِينَ جَعَلُوا۟ ٱلْقُرْءَانَ عِضِينَ

Transliteration alladhīna jaʿalū l-qur'āna ʿiḍīna

Sinhala ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.

Verse 92

فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ

Transliteration fawarabbika lanasalannahum ajmaʿīna

Sinhala එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.

Verse 93

عَمَّا كَانُوا۟ يَعْمَلُونَ

Transliteration ʿammā kānū yaʿmalūna

Sinhala ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)

Verse 94

فَٱصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ

Transliteration fa-iṣ'daʿ bimā tu'maru wa-aʿriḍ ʿani l-mush'rikīna

Sinhala එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.

Verse 95

إِنَّا كَفَيْنَـٰكَ ٱلْمُسْتَهْزِءِينَ

Transliteration innā kafaynāka l-mus'tahziīna

Sinhala සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.

Verse 96

ٱلَّذِينَ يَجْعَلُونَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ

Transliteration alladhīna yajʿalūna maʿa l-lahi ilāhan ākhara fasawfa yaʿlamūna

Sinhala ඔවුහු වනාහි අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.

Verse 97

وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ

Transliteration walaqad naʿlamu annaka yaḍīqu ṣadruka bimā yaqūlūna

Sinhala තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.

Verse 98

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ

Transliteration fasabbiḥ biḥamdi rabbika wakun mina l-sājidīna

Sinhala එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු.

Verse 99

وَٱعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ ٱلْيَقِينُ

Transliteration wa-uʿ'bud rabbaka ḥattā yatiyaka l-yaqīnu

Sinhala තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු.

Read Surah Al-Hijr in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.