MyDugsiStart learning

Surah Al-Furqan in Sinhala: translation and audio

Surah 25 · الفرقان · The Criterion · 77 verses

Surah Al-Furqan verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Furqan word by word in English.

Verse 1

تَبَارَكَ ٱلَّذِى نَزَّلَ ٱلْفُرْقَانَ عَلَىٰ عَبْدِهِۦ لِيَكُونَ لِلْعَـٰلَمِينَ نَذِيرًا

Transliteration tabāraka alladhī nazzala l-fur'qāna ʿalā ʿabdihi liyakūna lil'ʿālamīna nadhīran

Sinhala ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත ( සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය.

Verse 2

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌ فِى ٱلْمُلْكِ وَخَلَقَ كُلَّ شَىْءٍ فَقَدَّرَهُۥ تَقْدِيرًا

Transliteration alladhī lahu mul'ku l-samāwāti wal-arḍi walam yattakhidh waladan walam yakun lahu sharīkun fī l-mul'ki wakhalaqa kulla shayin faqaddarahu taqdīran

Sinhala ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය ඔහු සතුය. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්‍යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය.

Verse 3

وَٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةً لَّا يَخْلُقُونَ شَيْـًٔا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَوٰةً وَلَا نُشُورًا

Transliteration wa-ittakhadhū min dūnihi ālihatan lā yakhluqūna shayan wahum yukh'laqūna walā yamlikūna li-anfusihim ḍarran walā nafʿan walā yamlikūna mawtan walā ḥayatan walā nushūran

Sinhala ඔවුහු ඔහුගෙන් තොර ව වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුහු පවා මවනු ලැබූවන් ලෙස සිටිය දී ඔවුහු කිසිවක් නොමවති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුහු බලය නොදරති. තවද ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුහු බලය නොදරති.

Verse 4

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّآ إِفْكٌ ٱفْتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيْهِ قَوْمٌ ءَاخَرُونَ ۖ فَقَدْ جَآءُو ظُلْمًا وَزُورًا

Transliteration waqāla alladhīna kafarū in hādhā illā if'kun if'tarāhu wa-aʿānahu ʿalayhi qawmun ākharūna faqad jāū ẓul'man wazūran

Sinhala මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එහෙයින් සැබැවින්ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝය.

Verse 5

وَقَالُوٓا۟ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ٱكْتَتَبَهَا فَهِىَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا

Transliteration waqālū asāṭīru l-awalīna ik'tatabahā fahiya tum'lā ʿalayhi buk'ratan wa-aṣīlan

Sinhala ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති.

Verse 6

قُلْ أَنزَلَهُ ٱلَّذِى يَعْلَمُ ٱلسِّرَّ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ غَفُورًا رَّحِيمًا

Transliteration qul anzalahu alladhī yaʿlamu l-sira fī l-samāwāti wal-arḍi innahu kāna ghafūran raḥīman

Sinhala අහස්හි හා මහපොළොවේ රහස්‍ය දෑ දන්නා, එය පහළ කළේය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි (නබිවරය) නුඹ පවසනු.

Verse 7

وَقَالُوا۟ مَالِ هَـٰذَا ٱلرَّسُولِ يَأْكُلُ ٱلطَّعَامَ وَيَمْشِى فِى ٱلْأَسْوَاقِ ۙ لَوْلَآ أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا

Transliteration waqālū māli hādhā l-rasūli yakulu l-ṭaʿāma wayamshī fī l-aswāqi lawlā unzila ilayhi malakun fayakūna maʿahu nadhīran

Sinhala මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළ වල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමග (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නොවේ ද? යැයි ඔවුහු පවසති.

Verse 8

أَوْ يُلْقَىٰٓ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُۥ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

Transliteration aw yul'qā ilayhi kanzun aw takūnu lahu jannatun yakulu min'hā waqāla l-ẓālimūna in tattabiʿūna illā rajulan masḥūran

Sinhala එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබිය යුතු නොවේ ද? එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමගින් අනුභව කළ යුතු නොවේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසූහ.

Verse 9

ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَـٰلَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا

Transliteration unẓur kayfa ḍarabū laka l-amthāla faḍallū falā yastaṭīʿūna sabīlan

Sinhala ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියහ. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදැරූහ.

Verse 10

تَبَارَكَ ٱلَّذِىٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيْرًا مِّن ذَٰلِكَ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ وَيَجْعَل لَّكَ قُصُورًۢا

Transliteration tabāraka alladhī in shāa jaʿala laka khayran min dhālika jannātin tajrī min taḥtihā l-anhāru wayajʿal laka quṣūran

Sinhala ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි.

Verse 11

بَلْ كَذَّبُوا۟ بِٱلسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا

Transliteration bal kadhabū bil-sāʿati wa-aʿtadnā liman kadhaba bil-sāʿati saʿīran

Sinhala නමුත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ බොරු කළෝය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු.

Verse 12

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍۭ بَعِيدٍ سَمِعُوا۟ لَهَا تَغَيُّظًا وَزَفِيرًا

Transliteration idhā ra-athum min makānin baʿīdin samiʿū lahā taghayyuẓan wazafīran

Sinhala ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි ඇවිළෙන මහා හඬට ද ගර්ජනයට ද ඔවුහු සවන් දෙති.

Verse 13

وَإِذَآ أُلْقُوا۟ مِنْهَا مَكَانًا ضَيِّقًا مُّقَرَّنِينَ دَعَوْا۟ هُنَالِكَ ثُبُورًا

Transliteration wa-idhā ul'qū min'hā makānan ḍayyiqan muqarranīna daʿaw hunālika thubūran

Sinhala තවද ඔවුන් බැඳ දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති.

Verse 14

لَّا تَدْعُوا۟ ٱلْيَوْمَ ثُبُورًا وَٰحِدًا وَٱدْعُوا۟ ثُبُورًا كَثِيرًا

Transliteration lā tadʿū l-yawma thubūran wāḥidan wa-id'ʿū thubūran kathīran

Sinhala (ප්‍රතික්ෂේපකයිනි) අද දින නුඹලා එක් විනාශයක් පමණක් නොඅයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු.

Verse 15

قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ ٱلْخُلْدِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَآءً وَمَصِيرًا

Transliteration qul adhālika khayrun am jannatu l-khul'di allatī wuʿida l-mutaqūna kānat lahum jazāan wamaṣīran

Sinhala එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය උතුම් ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා ගමනාන්තයක් විය යැයි (නබිවරය නුඹ) පවසනු!

Verse 16

لَّهُمْ فِيهَا مَا يَشَآءُونَ خَـٰلِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَّسْـُٔولًا

Transliteration lahum fīhā mā yashāūna khālidīna kāna ʿalā rabbika waʿdan masūlan

Sinhala ඔවුනට එහි අභිමත කරන දෑ ඇත. (ඔවුහු එහි) සදහටම රඳා පවතින්නෝය. එය නුඹගේ පරමාධිපති වෙත පතනු ලැබූ ප්‍රතිඥාවක් විය.

Verse 17

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِى هَـٰٓؤُلَآءِ أَمْ هُمْ ضَلُّوا۟ ٱلسَّبِيلَ

Transliteration wayawma yaḥshuruhum wamā yaʿbudūna min dūni l-lahi fayaqūlu a-antum aḍlaltum ʿibādī hāulāi am hum ḍallū l-sabīla

Sinhala තවද එදින ඔවුන් හා අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ?යි (අල්ලාහ්) විමසන්නේය.

Verse 18

قَالُوا۟ سُبْحَـٰنَكَ مَا كَانَ يَنۢبَغِى لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَآءَ وَلَـٰكِن مَّتَّعْتَهُمْ وَءَابَآءَهُمْ حَتَّىٰ نَسُوا۟ ٱلذِّكْرَ وَكَانُوا۟ قَوْمًۢا بُورًا

Transliteration qālū sub'ḥānaka mā kāna yanbaghī lanā an nattakhidha min dūnika min awliyāa walākin mattaʿtahum waābāahum ḥattā nasū l-dhik'ra wakānū qawman būran

Sinhala නුඹ සුපිවිතුරුය. නුඹගෙන් තොර ව භාරකරුවන් ගැනීමට අපට යුතු නොවීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන් හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහිය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ යැයි ඔවුහු පවසා සිටිනු ඇත.

Verse 19

فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا

Transliteration faqad kadhabūkum bimā taqūlūna famā tastaṭīʿūna ṣarfan walā naṣran waman yaẓlim minkum nudhiq'hu ʿadhāban kabīran

Sinhala නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතුරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.

Verse 20

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا

Transliteration wamā arsalnā qablaka mina l-mur'salīna illā innahum layakulūna l-ṭaʿāma wayamshūna fī l-aswāqi wajaʿalnā baʿḍakum libaʿḍin fit'natan ataṣbirūna wakāna rabbuka baṣīran

Sinhala නුඹට පෙර වූ දහම් දූතයින් අතුරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය.

Verse 21

۞ وَقَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا لَوْلَآ أُنزِلَ عَلَيْنَا ٱلْمَلَـٰٓئِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ ٱسْتَكْبَرُوا۟ فِىٓ أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِيرًا

Transliteration waqāla alladhīna lā yarjūna liqāanā lawlā unzila ʿalaynā l-malāikatu aw narā rabbanā laqadi is'takbarū fī anfusihim waʿataw ʿutuwwan kabīran

Sinhala අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නොවේ ද? (යැයි කියමින්) සැබැවින්ම ඔවුනොවුන් තුළම උඩඟු වූහ. මහත් ලෙස ඉක්මවා යමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය.

Verse 22

يَوْمَ يَرَوْنَ ٱلْمَلَـٰٓئِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَّحْجُورًا

Transliteration yawma yarawna l-malāikata lā bush'rā yawma-idhin lil'muj'rimīna wayaqūlūna ḥij'ran maḥjūran

Sinhala ඔවුන් මලක්වරුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.

Verse 23

وَقَدِمْنَآ إِلَىٰ مَا عَمِلُوا۟ مِنْ عَمَلٍ فَجَعَلْنَـٰهُ هَبَآءً مَّنثُورًا

Transliteration waqadim'nā ilā mā ʿamilū min ʿamalin fajaʿalnāhu habāan manthūran

Sinhala ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි පැමිණියෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කළෙමු.

Verse 24

أَصْحَـٰبُ ٱلْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا

Transliteration aṣḥābu l-janati yawma-idhin khayrun mus'taqarran wa-aḥsanu maqīlan

Sinhala (ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්‍රේෂ්ඨයෝ වෙති. තවද (මධ්‍යහ්න) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති.

Verse 25

وَيَوْمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلْغَمَـٰمِ وَنُزِّلَ ٱلْمَلَـٰٓئِكَةُ تَنزِيلًا

Transliteration wayawma tashaqqaqu l-samāu bil-ghamāmi wanuzzila l-malāikatu tanzīlan

Sinhala එදින වලාකුළු මගින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.

Verse 26

ٱلْمُلْكُ يَوْمَئِذٍ ٱلْحَقُّ لِلرَّحْمَـٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى ٱلْكَـٰفِرِينَ عَسِيرًا

Transliteration al-mul'ku yawma-idhin l-ḥaqu lilrraḥmāni wakāna yawman ʿalā l-kāfirīna ʿasīran

Sinhala එදින සැබෑ ආධිපත්‍යය කරුණාන්විතයාණන් සතුය. තවද එය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් විය.

Verse 27

وَيَوْمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَـٰلَيْتَنِى ٱتَّخَذْتُ مَعَ ٱلرَّسُولِ سَبِيلًا

Transliteration wayawma yaʿaḍḍu l-ẓālimu ʿalā yadayhi yaqūlu yālaytanī ittakhadhtu maʿa l-rasūli sabīlan

Sinhala තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ ! දූතයාණන් සමග මා මගක් ගන්නට තිබුණා නොවේ දැයි ඔහු පවසයි.

Verse 28

يَـٰوَيْلَتَىٰ لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا

Transliteration yāwaylatā laytanī lam attakhidh fulānan khalīlan

Sinhala අහෝ ! මාගේ විනාශය ! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නොගන්නට තිබුණා නොවේ ද?

Verse 29

لَّقَدْ أَضَلَّنِى عَنِ ٱلذِّكْرِ بَعْدَ إِذْ جَآءَنِى ۗ وَكَانَ ٱلشَّيْطَـٰنُ لِلْإِنسَـٰنِ خَذُولًا

Transliteration laqad aḍallanī ʿani l-dhik'ri baʿda idh jāanī wakāna l-shayṭānu lil'insāni khadhūlan

Sinhala මෙනෙහි කිරීම (හෙවත් අල් කුර්ආනය) මා වෙත පැමිණි පසු ව සැබැවින්ම ඔහු මා එයින් නොමග යැවීය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්‍රෝහියකු විය.

Verse 30

وَقَالَ ٱلرَّسُولُ يَـٰرَبِّ إِنَّ قَوْمِى ٱتَّخَذُوا۟ هَـٰذَا ٱلْقُرْءَانَ مَهْجُورًا

Transliteration waqāla l-rasūlu yārabbi inna qawmī ittakhadhū hādhā l-qur'āna mahjūran

Sinhala අහෝ! මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මාගේ ජනයා මෙම කුර්ආනය අත හැර දමනු ලබන්නක් වශයෙන් ගත්තෝ යැයි (රසූල්වරයා) පණිවිඩකරු පැවසීය.

Verse 31

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّا مِّنَ ٱلْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا

Transliteration wakadhālika jaʿalnā likulli nabiyyin ʿaduwwan mina l-muj'rimīna wakafā birabbika hādiyan wanaṣīran

Sinhala එලෙස අපි සෑම නබිවරයෙකුටම අපරාධකරුවන් අතුරින් සතුරෙකු පත් කළෙමු. මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් වේ.

Verse 32

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةً وَٰحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَـٰهُ تَرْتِيلًا

Transliteration waqāla alladhīna kafarū lawlā nuzzila ʿalayhi l-qur'ānu jum'latan wāḥidatan kadhālika linuthabbita bihi fuādaka warattalnāhu tartīlan

Sinhala ඔහු වෙත අල් කුර්ආනය එකවර එකම ගොනුවක් සේ පහළ කළ යුතු නොවේ දැ? යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. (අහෝ මුහම්මද්!) එලෙස අපි එමගින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිස අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු.

Verse 33

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَـٰكَ بِٱلْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا

Transliteration walā yatūnaka bimathalin illā ji'nāka bil-ḥaqi wa-aḥsana tafsīran

Sinhala තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන ආව ද සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු.

Verse 34

ٱلَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُو۟لَـٰٓئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ سَبِيلًا

Transliteration alladhīna yuḥ'sharūna ʿalā wujūhihim ilā jahannama ulāika sharrun makānan wa-aḍallu sabīlan

Sinhala තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහුමය නවාතැනින් නපුරු දනන් වන්නේ, තවද මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් වන්නේ.

Verse 35

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَجَعَلْنَا مَعَهُۥٓ أَخَاهُ هَـٰرُونَ وَزِيرًا

Transliteration walaqad ātaynā mūsā l-kitāba wajaʿalnā maʿahu akhāhu hārūna wazīran

Sinhala අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු.

Verse 36

فَقُلْنَا ٱذْهَبَآ إِلَى ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا فَدَمَّرْنَـٰهُمْ تَدْمِيرًا

Transliteration faqul'nā idh'habā ilā l-qawmi alladhīna kadhabū biāyātinā fadammarnāhum tadmīran

Sinhala අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. තවද අපි ඔවුන් සහමුලින්ම විනාශ කළෙමු.

Verse 37

وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا۟ ٱلرُّسُلَ أَغْرَقْنَـٰهُمْ وَجَعَلْنَـٰهُمْ لِلنَّاسِ ءَايَةً ۖ وَأَعْتَدْنَا لِلظَّـٰلِمِينَ عَذَابًا أَلِيمًا

Transliteration waqawma nūḥin lammā kadhabū l-rusula aghraqnāhum wajaʿalnāhum lilnnāsi āyatan wa-aʿtadnā lilẓẓālimīna ʿadhāban alīman

Sinhala තවද නූහ්ගේ ජනයා ද, ඔවුහු එම දහම් දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු.

Verse 38

وَعَادًا وَثَمُودَا۟ وَأَصْحَـٰبَ ٱلرَّسِّ وَقُرُونًۢا بَيْنَ ذَٰلِكَ كَثِيرًا

Transliteration waʿādan wathamūdā wa-aṣḥāba l-rasi waqurūnan bayna dhālika kathīran

Sinhala තවද ආද් ජනයා සමූද් ජනයා රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)

Verse 39

وَكُلًّا ضَرَبْنَا لَهُ ٱلْأَمْثَـٰلَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا

Transliteration wakullan ḍarabnā lahu l-amthāla wakullan tabbarnā tatbīran

Sinhala තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සියල්ලන් අපි දරුණු ලෙස විනාශ කර දැමුවෙමු.

Verse 40

وَلَقَدْ أَتَوْا۟ عَلَى ٱلْقَرْيَةِ ٱلَّتِىٓ أُمْطِرَتْ مَطَرَ ٱلسَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا۟ يَرَوْنَهَا ۚ بَلْ كَانُوا۟ لَا يَرْجُونَ نُشُورًا

Transliteration walaqad ataw ʿalā l-qaryati allatī um'ṭirat maṭara l-sawi afalam yakūnū yarawnahā bal kānū lā yarjūna nushūran

Sinhala තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින්ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නොදුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නොකරන්නන් ලෙස සිටියහ.

Verse 41

وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا ٱلَّذِى بَعَثَ ٱللَّهُ رَسُولًا

Transliteration wa-idhā ra-awka in yattakhidhūnaka illā huzuwan ahādhā alladhī baʿatha l-lahu rasūlan

Sinhala තවද ඔවුන් නුඹ ව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹ ව නොගනිති.

Verse 42

إِن كَادَ لَيُضِلُّنَا عَنْ ءَالِهَتِنَا لَوْلَآ أَن صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ ٱلْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا

Transliteration in kāda layuḍillunā ʿan ālihatinā lawlā an ṣabarnā ʿalayhā wasawfa yaʿlamūna ḥīna yarawna l-ʿadhāba man aḍallu sabīlan

Sinhala අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නොසිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන්දැයි ඔවුහු මතු දැන ගනු ඇත.

Verse 43

أَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَـٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا

Transliteration ara-ayta mani ittakhadha ilāhahu hawāhu afa-anta takūnu ʿalayhi wakīlan

Sinhala තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද?

Verse 44

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَٱلْأَنْعَـٰمِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا

Transliteration am taḥsabu anna aktharahum yasmaʿūna aw yaʿqilūna in hum illā kal-anʿāmi bal hum aḍallu sabīlan

Sinhala නියත වශයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහුය.

Verse 45

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ ٱلظِّلَّ وَلَوْ شَآءَ لَجَعَلَهُۥ سَاكِنًا ثُمَّ جَعَلْنَا ٱلشَّمْسَ عَلَيْهِ دَلِيلًا

Transliteration alam tara ilā rabbika kayfa madda l-ẓila walaw shāa lajaʿalahu sākinan thumma jaʿalnā l-shamsa ʿalayhi dalīlan

Sinhala නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු.

Verse 46

ثُمَّ قَبَضْنَـٰهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا

Transliteration thumma qabaḍnāhu ilaynā qabḍan yasīran

Sinhala පසු ව අපි එය (හෙවණැල්ල) සීරුවෙන් අප වෙත හසුකරගනිමින් අත්පත් කර ගන්නෙමු.

Verse 47

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِبَاسًا وَٱلنَّوْمَ سُبَاتًا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورًا

Transliteration wahuwa alladhī jaʿala lakumu al-layla libāsan wal-nawma subātan wajaʿala l-nahāra nushūran

Sinhala රාත්‍රිය වස්ත්‍රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහුය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේද ඔහුය.

Verse 48

وَهُوَ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَـٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦ ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً طَهُورًا

Transliteration wahuwa alladhī arsala l-riyāḥa bush'ran bayna yaday raḥmatihi wa-anzalnā mina l-samāi māan ṭahūran

Sinhala ඔහුගේ ආශිර්වාදය අතුරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහුය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.

Verse 49

لِّنُحْـِۧىَ بِهِۦ بَلْدَةً مَّيْتًا وَنُسْقِيَهُۥ مِمَّا خَلَقْنَآ أَنْعَـٰمًا وَأَنَاسِىَّ كَثِيرًا

Transliteration linuḥ'yiya bihi baldatan maytan wanus'qiyahu mimmā khalaqnā anʿāman wa-anāsiyya kathīran

Sinhala එමගින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතුරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත්ය.

Verse 50

وَلَقَدْ صَرَّفْنَـٰهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا۟ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًا

Transliteration walaqad ṣarrafnāhu baynahum liyadhakkarū fa-abā aktharu l-nāsi illā kufūran

Sinhala ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. නමුත් ජනයා අතුරින් බොහෝමයක් දෙනා ගුණමකුභාවයෙන් මිස එය පිළිගත්තේ නැත.

Verse 51

وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِى كُلِّ قَرْيَةٍ نَّذِيرًا

Transliteration walaw shi'nā labaʿathnā fī kulli qaryatin nadhīran

Sinhala අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකටම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි.

Verse 52

فَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَجَـٰهِدْهُم بِهِۦ جِهَادًا كَبِيرًا

Transliteration falā tuṭiʿi l-kāfirīna wajāhid'hum bihi jihādan kabīran

Sinhala එහෙයින් දේව ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවනත නොවනු. තවද නුඹ ඔවුන් සමග එමගින් දැඩි පරිශ්‍රමයකින් යුතුව කැපවීම් කරනු.

Verse 53

۞ وَهُوَ ٱلَّذِى مَرَجَ ٱلْبَحْرَيْنِ هَـٰذَا عَذْبٌ فُرَاتٌ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَّحْجُورًا

Transliteration wahuwa alladhī maraja l-baḥrayni hādhā ʿadhbun furātun wahādhā mil'ḥun ujājun wajaʿala baynahumā barzakhan waḥij'ran maḥjūran

Sinhala මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහුය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූ තහනම් සීමාවක් ඔහු ඇති කළේය.

Verse 54

وَهُوَ ٱلَّذِى خَلَقَ مِنَ ٱلْمَآءِ بَشَرًا فَجَعَلَهُۥ نَسَبًا وَصِهْرًا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًا

Transliteration wahuwa alladhī khalaqa mina l-māi basharan fajaʿalahu nasaban waṣih'ran wakāna rabbuka qadīran

Sinhala ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව ශක්තිය ඇත්තාය.

Verse 55

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ ٱلْكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرًا

Transliteration wayaʿbudūna min dūni l-lahi mā lā yanfaʿuhum walā yaḍurruhum wakāna l-kāfiru ʿalā rabbihi ẓahīran

Sinhala තවද ඔවුහු අල්ලාහ්ගෙන් තොර වූ තමන්හට ප්‍රයෝජනයක් ලබා දිය නොහැකි එමෙන්ම තමන්හට හානියක් සිදු කළ නොහැකි දෑට නැමඳුම් කරති. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහි ව උර දෙන්නකු විය.

Verse 56

وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا

Transliteration wamā arsalnāka illā mubashiran wanadhīran

Sinhala ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹ ව නොඑව්වෙමු.

Verse 57

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا

Transliteration qul mā asalukum ʿalayhi min ajrin illā man shāa an yattakhidha ilā rabbihi sabīlan

Sinhala කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නොඉල්ලමි යැයි (නබිවරය) නුඹ පවසනු.

Verse 58

وَتَوَكَّلْ عَلَى ٱلْحَىِّ ٱلَّذِى لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِۦ ۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا

Transliteration watawakkal ʿalā l-ḥayi alladhī lā yamūtu wasabbiḥ biḥamdihi wakafā bihi bidhunūbi ʿibādihi khabīran

Sinhala තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත්ය.

Verse 59

ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ ٱلرَّحْمَـٰنُ فَسْـَٔلْ بِهِۦ خَبِيرًا

Transliteration alladhī khalaqa l-samāwāti wal-arḍa wamā baynahumā fī sittati ayyāmin thumma is'tawā ʿalā l-ʿarshi l-raḥmānu fasal bihi khabīran

Sinhala ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේය. පසු ව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඒ පිළිබඳ ව අභිඥානවන්තයා(වන ඔහු) ගෙන්ම විමසනු.

Verse 60

وَإِذَا قِيلَ لَهُمُ ٱسْجُدُوا۟ لِلرَّحْمَـٰنِ قَالُوا۟ وَمَا ٱلرَّحْمَـٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ۩

Transliteration wa-idhā qīla lahumu us'judū lilrraḥmāni qālū wamā l-raḥmānu anasjudu limā tamurunā wazādahum nufūran

Sinhala තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැයි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේය.

Verse 61

تَبَارَكَ ٱلَّذِى جَعَلَ فِى ٱلسَّمَآءِ بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَٰجًا وَقَمَرًا مُّنِيرًا

Transliteration tabāraka alladhī jaʿala fī l-samāi burūjan wajaʿala fīhā sirājan waqamaran munīran

Sinhala අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා)ද ආලෝකය විහිදුවන සඳු ද ඔහු එහි ඇති කළේය.

Verse 62

وَهُوَ ٱلَّذِى جَعَلَ ٱلَّيْلَ وَٱلنَّهَارَ خِلْفَةً لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا

Transliteration wahuwa alladhī jaʿala al-layla wal-nahāra khil'fatan liman arāda an yadhakkara aw arāda shukūran

Sinhala තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල විවිධත්වයෙන් යුතුව ඇති කළේ ඔහුය.

Verse 63

وَعِبَادُ ٱلرَّحْمَـٰنِ ٱلَّذِينَ يَمْشُونَ عَلَى ٱلْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ ٱلْجَـٰهِلُونَ قَالُوا۟ سَلَـٰمًا

Transliteration waʿibādu l-raḥmāni alladhīna yamshūna ʿalā l-arḍi hawnan wa-idhā khāṭabahumu l-jāhilūna qālū salāman

Sinhala මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමග කතා කළ විට සාමය වේවා! යැයි පවසති.

Verse 64

وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَـٰمًا

Transliteration wa-alladhīna yabītūna lirabbihim sujjadan waqiyāman

Sinhala තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.

Verse 65

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا

Transliteration wa-alladhīna yaqūlūna rabbanā iṣ'rif ʿannā ʿadhāba jahannama inna ʿadhābahā kāna gharāman

Sinhala තවද අපෙග් පරමාධිපතියාණෙනි, නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම එහි දඬුවම අනිවාර්යය වන්නක් විය.

Verse 66

إِنَّهَا سَآءَتْ مُسْتَقَرًّا وَمُقَامًا

Transliteration innahā sāat mus'taqarran wamuqāman

Sinhala නියත වශයෙන්ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් නපුරු විය.

Verse 67

وَٱلَّذِينَ إِذَآ أَنفَقُوا۟ لَمْ يُسْرِفُوا۟ وَلَمْ يَقْتُرُوا۟ وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًا

Transliteration wa-alladhīna idhā anfaqū lam yus'rifū walam yaqturū wakāna bayna dhālika qawāman

Sinhala තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. ඒ අතර මැද මාවතක එය විය.

Verse 68

وَٱلَّذِينَ لَا يَدْعُونَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ وَلَا يَقْتُلُونَ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا

Transliteration wa-alladhīna lā yadʿūna maʿa l-lahi ilāhan ākhara walā yaqtulūna l-nafsa allatī ḥarrama l-lahu illā bil-ḥaqi walā yaznūna waman yafʿal dhālika yalqa athāman

Sinhala තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය යුක්තියෙන් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු ප්‍රතිවිපාකය ලබනු ඇත.

Verse 69

يُضَـٰعَفْ لَهُ ٱلْعَذَابُ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَيَخْلُدْ فِيهِۦ مُهَانًا

Transliteration yuḍāʿaf lahu l-ʿadhābu yawma l-qiyāmati wayakhlud fīhi muhānan

Sinhala මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත් ව සදාකල් වෙසෙනු ඇත.

Verse 70

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلًا صَـٰلِحًا فَأُو۟لَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمْ حَسَنَـٰتٍ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا

Transliteration illā man tāba waāmana waʿamila ʿamalan ṣāliḥan fa-ulāika yubaddilu l-lahu sayyiātihim ḥasanātin wakāna l-lahu ghafūran raḥīman

Sinhala නමුත් පශ්චාත්තාප වී විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විතයාණන් විය.

Verse 71

وَمَن تَابَ وَعَمِلَ صَـٰلِحًا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابًا

Transliteration waman tāba waʿamila ṣāliḥan fa-innahu yatūbu ilā l-lahi matāban

Sinhala තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන්ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත.

Verse 72

وَٱلَّذِينَ لَا يَشْهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّوا۟ بِٱللَّغْوِ مَرُّوا۟ كِرَامًا

Transliteration wa-alladhīna lā yashhadūna l-zūra wa-idhā marrū bil-laghwi marrū kirāman

Sinhala තවද ඔවුහු වනාහි බොරුව ට සාක්ෂි නොදරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු ගමන් ගනිති.

Verse 73

وَٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا۟ عَلَيْهَا صُمًّا وَعُمْيَانًا

Transliteration wa-alladhīna idhā dhukkirū biāyāti rabbihim lam yakhirrū ʿalayhā ṣumman waʿum'yānan

Sinhala තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නොවැටෙති.

Verse 74

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَٰجِنَا وَذُرِّيَّـٰتِنَا قُرَّةَ أَعْيُنٍ وَٱجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

Transliteration wa-alladhīna yaqūlūna rabbanā hab lanā min azwājinā wadhurriyyātinā qurrata aʿyunin wa-ij'ʿalnā lil'muttaqīna imāman

Sinhala තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණෙනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පිනවන සිසිල අපට ඇති කරනු මැනව ! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව ! යැයි පවසන්නන් වෙති.

Verse 75

أُو۟لَـٰٓئِكَ يُجْزَوْنَ ٱلْغُرْفَةَ بِمَا صَبَرُوا۟ وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَـٰمًا

Transliteration ulāika yuj'zawna l-ghur'fata bimā ṣabarū wayulaqqawna fīhā taḥiyyatan wasalāman

Sinhala ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහුමය. තවද ඔවුහු එහි සුබ පැතුම් සමග හා (සලාම්) සමාදානයෙන් පිළිගනු ලබති.

Verse 76

خَـٰلِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا

Transliteration khālidīna fīhā ḥasunat mus'taqarran wamuqāman

Sinhala ඔවුහු එහි සදාතනිකයින් වෙති. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය.

Verse 77

قُلْ مَا يَعْبَؤُا۟ بِكُمْ رَبِّى لَوْلَا دُعَآؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًۢا

Transliteration qul mā yaʿba-u bikum rabbī lawlā duʿāukum faqad kadhabtum fasawfa yakūnu lizāman

Sinhala නුඹලාගේ කන්නලව් නොවී නම් මාගේ පරමාධිපති නුඹලා ව නොසලකා හරිනු ඇත. නමුත් නුඹලා බොරු කළෙහුය. එහෙයින් (දඬුවමේ) නියමය මතු සිදු වනු ඇත.

Read Surah Al-Furqan in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.