Surah Yunus in Sinhala: translation and audio
Surah 10 · يونس · Jonah · 109 verses
Surah Yunus verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Yunus word by word in English.
Verse 1
الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْحَكِيمِ
Transliteration alif-lam-ra til'ka āyātu l-kitābi l-ḥakīmi
Sinhala අලිෆ් ලාම් රා. මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි.
Verse 2
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ ٱلْكَـٰفِرُونَ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ مُّبِينٌ
Transliteration akāna lilnnāsi ʿajaban an awḥaynā ilā rajulin min'hum an andhiri l-nāsa wabashiri alladhīna āmanū anna lahum qadama ṣid'qin ʿinda rabbihim qāla l-kāfirūna inna hādhā lasāḥirun mubīnun
Sinhala ‘නුඹ ජනයාට අවවාද කරනු. තවද විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින්ම සැබෑ පෙරමුණක් ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතුරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයා ව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන්ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේව ප්රතික්ෂේපකයෝ පැවසුවෝය.
Verse 3
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ يُدَبِّرُ ٱلْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ
Transliteration inna rabbakumu l-lahu alladhī khalaqa l-samāwāti wal-arḍa fī sittati ayyāmin thumma is'tawā ʿalā l-ʿarshi yudabbiru l-amra mā min shafīʿin illā min baʿdi idh'nihi dhālikumu l-lahu rabbukum fa-uʿ'budūhu afalā tadhakkarūna
Sinhala නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් ඔහු අහස් හා මහපොළොව දින හයකින් මවා පසු ව ඔහු රාජාසනය (අර්ෂ්) මත ස්ථාපිත විය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසු ව මිස (ඔහු ඉදිරියේ) වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
Verse 4
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ إِنَّهُۥ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ بِٱلْقِسْطِ ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ
Transliteration ilayhi marjiʿukum jamīʿan waʿda l-lahi ḥaqqan innahu yabda-u l-khalqa thumma yuʿīduhu liyajziya alladhīna āmanū waʿamilū l-ṣāliḥāti bil-qis'ṭi wa-alladhīna kafarū lahum sharābun min ḥamīmin waʿadhābun alīmun bimā kānū yakfurūna
Sinhala නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන්ම පූර්වාදර්ශයකින් තොර ව සියලු මැවීම් ඔහු බිහි කළේය. පසු ව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය(එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත.
Verse 5
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءً وَٱلْقَمَرَ نُورًا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ
Transliteration huwa alladhī jaʿala l-shamsa ḍiyāan wal-qamara nūran waqaddarahu manāzila litaʿlamū ʿadada l-sinīna wal-ḥisāba mā khalaqa l-lahu dhālika illā bil-ḥaqi yufaṣṣilu l-āyāti liqawmin yaʿlamūna
Sinhala ඔහු වනාහි වර්ෂ ගණනය හා කාලපරිච්ඡේද නුඹලා හඳුනා ගනු පිණිස හිරු ආලෝකය ලබා දෙන්නක් ලෙස ද සඳු ආලෝකය විහිදුවන්නක් ලෙස ද මවා එයට ස්ථාන නියම කළේය. එය සත්‍යයයෙන් යුතුව මිස අල්ලාහ් මැව්වේ නැත. දැනමුතුකම් ලබන ජනයාට මෙම වදන් ඔහු (මෙසේ) පැහැදිලි කරයි.
Verse 6
إِنَّ فِى ٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَتَّقُونَ
Transliteration inna fī ikh'tilāfi al-layli wal-nahāri wamā khalaqa l-lahu fī l-samāwāti wal-arḍi laāyātin liqawmin yattaqūna
Sinhala රාත්‍රිය හා දහවල වෙනස් වීමෙහි ද අහස් හි හා මහාපොළොවේ අල්ලාහ් මැවූ දෑහි ද බියබැතිමත් ලෙස කටයුතු කරන ජනයාට සංඥාවන් ඇත.
Verse 7
إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّوا۟ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَـٰتِنَا غَـٰفِلُونَ
Transliteration inna alladhīna lā yarjūna liqāanā waraḍū bil-ḥayati l-dun'yā wa-iṭ'ma-annū bihā wa-alladhīna hum ʿan āyātinā ghāfilūna
Sinhala අපගේ හමුව අපේක්ෂා නොකරන, මෙලොව ජීවිතය පිළිගෙන එහි පමණක් රැඳී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානී ව සිටියවුන් වනාහි…
Verse 8
أُو۟لَـٰٓئِكَ مَأْوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُوا۟ يَكْسِبُونَ
Transliteration ulāika mawāhumu l-nāru bimā kānū yaksibūna
Sinhala .. ඔවුහු වනාහි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය වෙති.
Verse 9
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَـٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَـٰرُ فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ
Transliteration inna alladhīna āmanū waʿamilū l-ṣāliḥāti yahdīhim rabbuhum biīmānihim tajrī min taḥtihimu l-anhāru fī jannāti l-naʿīmi
Sinhala නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් ඔවුනට මඟ පෙන්වනු ඇත. (ඔවුනට සතු) සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
Verse 10
دَعْوَىٰهُمْ فِيهَا سُبْحَـٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَـٰمٌ ۚ وَءَاخِرُ دَعْوَىٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration daʿwāhum fīhā sub'ḥānaka l-lahuma wataḥiyyatuhum fīhā salāmun waākhiru daʿwāhum ani l-ḥamdu lillahi rabbi l-ʿālamīna
Sinhala එහි ඔවුන්ගේ පැතුම වනුයේ අහෝ අල්ලාහ් ! ඔබ සුපිවිතුරුය යන්නයි. තවද එහි ඔවුන්ගේ සුබ පැතුම වනුයේ සලාම් (ශාන්තිය) යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සතුය යන්නයි.
Verse 11
۞ وَلَوْ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسْتِعْجَالَهُم بِٱلْخَيْرِ لَقُضِىَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ
Transliteration walaw yuʿajjilu l-lahu lilnnāsi l-shara is'tiʿ'jālahum bil-khayri laquḍiya ilayhim ajaluhum fanadharu alladhīna lā yarjūna liqāanā fī ṭugh'yānihim yaʿmahūna
Sinhala ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් අල්ලාහ් ද නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් සීමාව ඉක්මවීමෙහි අයාලෙ යන්නට හරින්නෙමු.
Verse 12
وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّ مَّسَّهُۥ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ
Transliteration wa-idhā massa l-insāna l-ḍuru daʿānā lijanbihi aw qāʿidan aw qāiman falammā kashafnā ʿanhu ḍurrahu marra ka-an lam yadʿunā ilā ḍurrin massahu kadhālika zuyyina lil'mus'rifīna mā kānū yaʿmalūna
Sinhala තවද මිනිසාට පීඩාව ස්පර්ශ වූ විට ඔහුගේ ඇලපැත්තට වී හෝ වාඩිවෙමින් හෝ සිටගනිමින් හෝ අපගෙන් පතයි. නමුත් අපි ඔහුගෙන් ඔහුගේ පීඩාව ඉවත් කළ කල්හි ඔහුට ඇති වූ පීඩාව සඳහා ඔහු අපගෙන් නොපැතුවාක් මෙන් ගමන් කරනු ඇත. සීමාව ඉක්මවූවන් හට තමන් කරමින් සිටින දෑ අලංකාරවත් කර පෙන්වන ලද්දේ එලෙසය.
Verse 13
وَلَقَدْ أَهْلَكْنَا ٱلْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا۟ ۙ وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ وَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ
Transliteration walaqad ahlaknā l-qurūna min qablikum lammā ẓalamū wajāathum rusuluhum bil-bayināti wamā kānū liyu'minū kadhālika najzī l-qawma l-muj'rimīna
Sinhala තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින්ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. නමුත් ඔවුහු විශ්වාස කරන්නට නොවූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
Verse 14
ثُمَّ جَعَلْنَـٰكُمْ خَلَـٰٓئِفَ فِى ٱلْأَرْضِ مِنۢ بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ
Transliteration thumma jaʿalnākum khalāifa fī l-arḍi min baʿdihim linanẓura kayfa taʿmalūna
Sinhala ඔවුනට පසු ව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැයි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලා ව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.
Verse 15
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَاتُنَا بَيِّنَـٰتٍ ۙ قَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا ٱئْتِ بِقُرْءَانٍ غَيْرِ هَـٰذَآ أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِىٓ أَنْ أُبَدِّلَهُۥ مِن تِلْقَآئِ نَفْسِىٓ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۖ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍ
Transliteration wa-idhā tut'lā ʿalayhim āyātunā bayyinātin qāla alladhīna lā yarjūna liqāanā i'ti biqur'ānin ghayri hādhā aw baddil'hu qul mā yakūnu lī an ubaddilahu min til'qāi nafsī in attabiʿu illā mā yūḥā ilayya innī akhāfu in ʿaṣaytu rabbī ʿadhāba yawmin ʿaẓīmin
Sinhala තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය) නුඹ පවසනු.
Verse 16
قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَىٰكُم بِهِۦ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ
Transliteration qul law shāa l-lahu mā talawtuhu ʿalaykum walā adrākum bihi faqad labith'tu fīkum ʿumuran min qablihi afalā taʿqilūna
Sinhala අල්ලාහ් අභිමත කළේ නම් මම එය පාරායනය නොකරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නොදන්වන්නට තිබුණි. සැබැවින්ම මම මීට පෙර නුඹලා අතර ජීවිත කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නොවේ ද?
Verse 17
فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَـٰتِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْمُجْرِمُونَ
Transliteration faman aẓlamu mimmani if'tarā ʿalā l-lahi kadhiban aw kadhaba biāyātihi innahu lā yuf'liḥu l-muj'rimūna
Sinhala එබැවින් අල්ලාහ් වෙත බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම, වැරදිකරුවෝ ජය නොලබති.
Verse 18
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَـٰٓؤُلَآءِ شُفَعَـٰٓؤُنَا عِندَ ٱللَّهِ ۚ قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ
Transliteration wayaʿbudūna min dūni l-lahi mā lā yaḍurruhum walā yanfaʿuhum wayaqūlūna hāulāi shufaʿāunā ʿinda l-lahi qul atunabbiūna l-laha bimā lā yaʿlamu fī l-samāwāti walā fī l-arḍi sub'ḥānahu wataʿālā ʿammā yush'rikūna
Sinhala අල්ලාහ් හැර ඔවුනට විපතක් නොකරන එමෙන්ම ඔවුනට ප්‍රයෝජනවත් නොවන දෑට ඔවුහු නැමැදුම් කරති. මොවුහු අල්ලාහ් වෙතින් වූ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි (නබිවරය) නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
Verse 19
وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةً وَٰحِدَةً فَٱخْتَلَفُوا۟ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ
Transliteration wamā kāna l-nāsu illā ummatan wāḥidatan fa-ikh'talafū walawlā kalimatun sabaqat min rabbika laquḍiya baynahum fīmā fīhi yakhtalifūna
Sinhala මිනිස් සමූහය එකම සමූහයක් මිස නොවීය. පසු ව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවී නම් ඔවුහු කවර විෂයක මතභේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි.
Verse 20
وَيَقُولُونَ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦ ۖ فَقُلْ إِنَّمَا ٱلْغَيْبُ لِلَّهِ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ
Transliteration wayaqūlūna lawlā unzila ʿalayhi āyatun min rabbihi faqul innamā l-ghaybu lillahi fa-intaẓirū innī maʿakum mina l-muntaẓirīna
Sinhala ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නොවේ දැයි ඔවුහු පවසති. "සියලු ගුප්ත දෑ අල්ලාහ් සතුය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතුරින් වෙමි" යැයි (නබිවරය) නුඹ පවසන්න.
Verse 21
وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةً مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌ فِىٓ ءَايَاتِنَا ۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ
Transliteration wa-idhā adhaqnā l-nāsa raḥmatan min baʿdi ḍarrāa massathum idhā lahum makrun fī āyātinā quli l-lahu asraʿu makran inna rusulanā yaktubūna mā tamkurūna
Sinhala ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන් වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අති වේගවත්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ දූතවරු සටහන් කරති යැයි පවසනු.
Verse 22
هُوَ ٱلَّذِى يُسَيِّرُكُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۖ حَتَّىٰٓ إِذَا كُنتُمْ فِى ٱلْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُوا۟ بِهَا جَآءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَآءَهُمُ ٱلْمَوْجُ مِن كُلِّ مَكَانٍ وَظَنُّوٓا۟ أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ
Transliteration huwa alladhī yusayyirukum fī l-bari wal-baḥri ḥattā idhā kuntum fī l-ful'ki wajarayna bihim birīḥin ṭayyibatin wafariḥū bihā jāathā rīḥun ʿāṣifun wajāahumu l-mawju min kulli makānin waẓannū annahum uḥīṭa bihim daʿawū l-laha mukh'liṣīna lahu l-dīna la-in anjaytanā min hādhihi lanakūnanna mina l-shākirīna
Sinhala ගොඩබිමේ හා මුහුදේ නුඹලා ව ගමන් කරවනුයේ ඔහුය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටු ව යාත්‍රා කරයි. තවද එමගින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණෙයි. තවද සෑම තැනකින්ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණෙයි. එවිට නියත වශයෙන්ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන්ම අපි කෘතවේදීන් අතුරින් වෙමුයි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති.
Verse 23
فَلَمَّآ أَنجَىٰهُمْ إِذَا هُمْ يَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۗ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰٓ أَنفُسِكُم ۖ مَّتَـٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
Transliteration falammā anjāhum idhā hum yabghūna fī l-arḍi bighayri l-ḥaqi yāayyuhā l-nāsu innamā baghyukum ʿalā anfusikum matāʿa l-ḥayati l-dun'yā thumma ilaynā marjiʿukum fanunabbi-ukum bimā kuntum taʿmalūna
Sinhala ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි ! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිවමය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසු ව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹට දන්වන්නෙමු.
Verse 24
إِنَّمَا مَثَلُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَـٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ مِمَّا يَأْكُلُ ٱلنَّاسُ وَٱلْأَنْعَـٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلْأَرْضُ زُخْرُفَهَا وَٱزَّيَّنَتْ وَظَنَّ أَهْلُهَآ أَنَّهُمْ قَـٰدِرُونَ عَلَيْهَآ أَتَىٰهَآ أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًا فَجَعَلْنَـٰهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ
Transliteration innamā mathalu l-ḥayati l-dun'yā kamāin anzalnāhu mina l-samāi fa-ikh'talaṭa bihi nabātu l-arḍi mimmā yakulu l-nāsu wal-anʿāmu ḥattā idhā akhadhati l-arḍu zukh'rufahā wa-izzayyanat waẓanna ahluhā annahum qādirūna ʿalayhā atāhā amrunā laylan aw nahāran fajaʿalnāhā ḥaṣīdan ka-an lam taghna bil-amsi kadhālika nufaṣṣilu l-āyāti liqawmin yatafakkarūna
Sinhala මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු වෙයි. මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන එය අලංකාරවත් වෙයි. එහි වැසියෝ නියත වශයෙන්ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතති. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණියේය. පසු ව එය නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි එය පත් කළෙමු. එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නොගත්තාක් මෙන් විය. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙසය.
Verse 25
وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَىٰ دَارِ ٱلسَّلَـٰمِ وَيَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Transliteration wal-lahu yadʿū ilā dāri l-salāmi wayahdī man yashāu ilā ṣirāṭin mus'taqīmin
Sinhala තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි.
Verse 26
۞ لِّلَّذِينَ أَحْسَنُوا۟ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا ذِلَّةٌ ۚ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ
Transliteration lilladhīna aḥsanū l-ḥus'nā waziyādatun walā yarhaqu wujūhahum qatarun walā dhillatun ulāika aṣḥābu l-janati hum fīhā khālidūna
Sinhala දැහැමි කටයුතු කළවුනට දැහැමි දෑ ද ඊට අමතර දෑ ද ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ අවමානය හෝ වෙළා නොගනී. ඔවුහු ස්වර්ගවාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
Verse 27
وَٱلَّذِينَ كَسَبُوا۟ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةٍۭ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ ۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍ ۖ كَأَنَّمَآ أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِّنَ ٱلَّيْلِ مُظْلِمًا ۚ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ
Transliteration wa-alladhīna kasabū l-sayiāti jazāu sayyi-atin bimith'lihā watarhaquhum dhillatun mā lahum mina l-lahi min ʿāṣimin ka-annamā ugh'shiyat wujūhuhum qiṭaʿan mina al-layli muẓ'liman ulāika aṣḥābu l-nāri hum fīhā khālidūna
Sinhala තවද කව්රුන් නපුරු දෑ රැස් කරයිද ඒ හා සමාන ප්රතිවිපාකය ලබා ගනී. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු රාත්‍රියේ කළු කඩතුරු වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
Verse 28
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا۟ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ
Transliteration wayawma naḥshuruhum jamīʿan thumma naqūlu lilladhīna ashrakū makānakum antum washurakāukum fazayyalnā baynahum waqāla shurakāuhum mā kuntum iyyānā taʿbudūna
Sinhala තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසු ව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසු ව ඔවුන් අතර අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවන් පවසති.
Verse 29
فَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَـٰفِلِينَ
Transliteration fakafā bil-lahi shahīdan baynanā wabaynakum in kunnā ʿan ʿibādatikum laghāfilīna
Sinhala අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් සිටීමට අල්ලාහ් ප්රමාණවත්ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටිය ද …
Verse 30
هُنَالِكَ تَبْلُوا۟ كُلُّ نَفْسٍ مَّآ أَسْلَفَتْ ۚ وَرُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ
Transliteration hunālika tablū kullu nafsin mā aslafat waruddū ilā l-lahi mawlāhumu l-ḥaqi waḍalla ʿanhum mā kānū yaftarūna
Sinhala එවිට සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ විඳවයි. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් නැති වී යයි.
Verse 31
قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَمَّن يَمْلِكُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَمَن يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَمَن يُدَبِّرُ ٱلْأَمْرَ ۚ فَسَيَقُولُونَ ٱللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ
Transliteration qul man yarzuqukum mina l-samāi wal-arḍi amman yamliku l-samʿa wal-abṣāra waman yukh'riju l-ḥaya mina l-mayiti wayukh'riju l-mayita mina l-ḥayi waman yudabbiru l-amra fasayaqūlūna l-lahu faqul afalā tattaqūna
Sinhala අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැයි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැයි නුඹ විමසනු.
Verse 32
فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلْحَقُّ ۖ فَمَاذَا بَعْدَ ٱلْحَقِّ إِلَّا ٱلضَّلَـٰلُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ
Transliteration fadhālikumu l-lahu rabbukumu l-ḥaqu famādhā baʿda l-ḥaqi illā l-ḍalālu fa-annā tuṣ'rafūna
Sinhala ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
Verse 33
كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓا۟ أَنَّهُمْ لَا يُؤْمِنُونَ
Transliteration kadhālika ḥaqqat kalimatu rabbika ʿalā alladhīna fasaqū annahum lā yu'minūna
Sinhala පාපකම් කළවුනට නුඹගේ පරමාධිපතිගේ වදන නියම වූයේ එලෙසය. නියත වශයෙන්ම ඔවුහු විශ්වාස නොකරති.
Verse 34
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۚ قُلِ ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
Transliteration qul hal min shurakāikum man yabda-u l-khalqa thumma yuʿīduhu quli l-lahu yabda-u l-khalqa thumma yuʿīduhu fa-annā tu'fakūna
Sinhala මැවීම් උත්පාදනය කොට පසු ව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතුරින් සිටිත් දැ?යි නුඹ අසනු. මැවීම් උත්පාදනය කොට පසු ව එය නැවත ගෙන එන්නේ අල්ලාහ්ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේදැ?යි නුඹ අසනු.
Verse 35
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ ۚ قُلِ ٱللَّهُ يَهْدِى لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّىٓ إِلَّآ أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
Transliteration qul hal min shurakāikum man yahdī ilā l-ḥaqi quli l-lahu yahdī lil'ḥaqqi afaman yahdī ilā l-ḥaqi aḥaqqu an yuttabaʿa amman lā yahiddī illā an yuh'dā famā lakum kayfa taḥkumūna
Sinhala සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ?යි නුඹ අසනු.සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නොකරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු දෙනුයේ කෙසේ ද?
Verse 36
وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ
Transliteration wamā yattabiʿu aktharuhum illā ẓannan inna l-ẓana lā yugh'nī mina l-ḥaqi shayan inna l-laha ʿalīmun bimā yafʿalūna
Sinhala ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව, කිසිවකට ඵලක් නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
Verse 37
وَمَا كَانَ هَـٰذَا ٱلْقُرْءَانُ أَن يُفْتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَـٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ ٱلْكِتَـٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration wamā kāna hādhā l-qur'ānu an yuf'tarā min dūni l-lahi walākin taṣdīqa alladhī bayna yadayhi watafṣīla l-kitābi lā rayba fīhi min rabbi l-ʿālamīna
Sinhala මෙම කුර්ආනය අල්ලාහ්ගෙන් තොර ව (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලැබූවක් නොවීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් ද ලේඛනය විග්රහ කරන්නක් ද විය. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූවක් බවට කිසිදු සැකයක් නැත.
Verse 38
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِسُورَةٍ مِّثْلِهِۦ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ
Transliteration am yaqūlūna if'tarāhu qul fatū bisūratin mith'lihi wa-id'ʿū mani is'taṭaʿtum min dūni l-lahi in kuntum ṣādiqīna
Sinhala නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නේද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් අල්ලාහ්ගෙන් තොර ව නුඹලා හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු.
Verse 39
بَلْ كَذَّبُوا۟ بِمَا لَمْ يُحِيطُوا۟ بِعِلْمِهِۦ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُۥ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلظَّـٰلِمِينَ
Transliteration bal kadhabū bimā lam yuḥīṭū biʿil'mihi walammā yatihim tawīluhu kadhālika kadhaba alladhīna min qablihim fa-unẓur kayfa kāna ʿāqibatu l-ẓālimīna
Sinhala එසේ නොව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය නොකළ බැවින් ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි බැවින් ද ඔවුහු බොරු කළෝය. මෙලෙසම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ නිරීක්ෂාවෙන් බලනු.
Verse 40
وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِۦ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِۦ ۚ وَرَبُّكَ أَعْلَمُ بِٱلْمُفْسِدِينَ
Transliteration wamin'hum man yu'minu bihi wamin'hum man lā yu'minu bihi warabbuka aʿlamu bil-muf'sidīna
Sinhala ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතුරින් වෙති. එමෙන්ම ඒ ගැන විශ්වාස නොකරන්නන් ද ඔවුන් අතුරින් වෙති. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නාය.
Verse 41
وَإِن كَذَّبُوكَ فَقُل لِّى عَمَلِى وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعْمَلُ وَأَنَا۠ بَرِىٓءٌ مِّمَّا تَعْمَلُونَ
Transliteration wa-in kadhabūka faqul lī ʿamalī walakum ʿamalukum antum barīūna mimmā aʿmalu wa-anā barīon mimmā taʿmalūna
Sinhala තවද ඔවුහු නුඹ ව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මට සතුය නුඹලාගේ ක්‍රියාව නුඹලාට සතුය. නුඹලා මම කරන දැයින් මිදෙන්නන් වෙති. මාද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
Verse 42
وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ وَلَوْ كَانُوا۟ لَا يَعْقِلُونَ
Transliteration wamin'hum man yastamiʿūna ilayka afa-anta tus'miʿu l-ṣuma walaw kānū lā yaʿqilūna
Sinhala තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් (මෙන් රඟපාන්නන්)ද වෙති. ඔවුන් වටහා නොගනිමින් සිටිය ද නුඹ බිහිරාට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?
Verse 43
وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَ ۚ أَفَأَنتَ تَهْدِى ٱلْعُمْىَ وَلَوْ كَانُوا۟ لَا يُبْصِرُونَ
Transliteration wamin'hum man yanẓuru ilayka afa-anta tahdī l-ʿum'ya walaw kānū lā yub'ṣirūna
Sinhala තවද ඔවුන් අතුරින් නුඹ වෙත බලන්නන් (මෙන් රඟපාන්නන්)ද වෙති. ඔවුන් නොබලමින් සිටිය ද නුඹ අන්ධයාට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?
Verse 44
إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ ٱلنَّاسَ شَيْـًٔا وَلَـٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ
Transliteration inna l-laha lā yaẓlimu l-nāsa shayan walākinna l-nāsa anfusahum yaẓlimūna
Sinhala නියත වශයෙන්ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නොකරයි. එනමුත් ජනයා තමන්ටම අපරාධ කර ගනිති.
Verse 45
وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةً مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُوا۟ مُهْتَدِينَ
Transliteration wayawma yaḥshuruhum ka-an lam yalbathū illā sāʿatan mina l-nahāri yataʿārafūna baynahum qad khasira alladhīna kadhabū biliqāi l-lahi wamā kānū muh'tadīna
Sinhala ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් එක් මොහොතක් මිස රැඳී නොසිටියාක් මෙන් පවතී. ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරුකළවුන් සැබැවින්ම පරාජයට පත් වූහ. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නොසිටියහ.
Verse 46
وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ
Transliteration wa-immā nuriyannaka baʿḍa alladhī naʿiduhum aw natawaffayannaka fa-ilaynā marjiʿuhum thumma l-lahu shahīdun ʿalā mā yafʿalūna
Sinhala අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අප නුඹට පෙන්වුවද, නැතහොත් අප නුඹ ව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතමය. පසු ව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරුවකු ව සිටී.
Verse 47
وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌ ۖ فَإِذَا جَآءَ رَسُولُهُمْ قُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ
Transliteration walikulli ummatin rasūlun fa-idhā jāa rasūluhum quḍiya baynahum bil-qis'ṭi wahum lā yuẓ'lamūna
Sinhala සෑම සමූහයකටම දහම් දූතයකු විය. ඔවුන්ගේ දහම් දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්තිගරුක ව තීන්දු දෙන ලදී. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
Verse 48
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ
Transliteration wayaqūlūna matā hādhā l-waʿdu in kuntum ṣādiqīna
Sinhala නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි (දහම් දූතයින්ගෙන්) ඔවුහු විමසති.
Verse 49
قُل لَّآ أَمْلِكُ لِنَفْسِى ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَآءَ أَجَلُهُمْ فَلَا يَسْتَـْٔخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
Transliteration qul lā amliku linafsī ḍarran walā nafʿan illā mā shāa l-lahu likulli ummatin ajalun idhā jāa ajaluhum falā yastakhirūna sāʿatan walā yastaqdimūna
Sinhala අල්ලාහ් අභිමත කළ දෑ මිස මාහට කිසිදු හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ කිරීමට මා සතු නොවන බව නුඹ පවසනු. සෑම සමූහයකටම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවෙති. එමෙන්ම ඔවුහු ඉක්මන් ද නොවෙති.
Verse 50
قُلْ أَرَءَيْتُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُهُۥ بَيَـٰتًا أَوْ نَهَارًا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ ٱلْمُجْرِمُونَ
Transliteration qul ara-aytum in atākum ʿadhābuhu bayātan aw nahāran mādhā yastaʿjilu min'hu l-muj'rimūna
Sinhala රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? ඒ ගැන වැරදිකරුවෝ ඉක්මන් වනුයේ ඇයි දැයි නුඹ අසනු.
Verse 51
أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓ ۚ ءَآلْـَٔـٰنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ
Transliteration athumma idhā mā waqaʿa āmantum bihi āl'āna waqad kuntum bihi tastaʿjilūna
Sinhala එය සිදු වූ පසු ව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා ඒ ගැන ඉක්මන් විය යුතු යැයි පතමින් සිටියෙහුය.
Verse 52
ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنتُمْ تَكْسِبُونَ
Transliteration thumma qīla lilladhīna ẓalamū dhūqū ʿadhāba l-khul'di hal tuj'zawna illā bimā kuntum taksibūna
Sinhala පසු ව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ.
Verse 53
۞ وَيَسْتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ
Transliteration wayastanbiūnaka aḥaqqun huwa qul ī warabbī innahu laḥaqqun wamā antum bimuʿ'jizīna
Sinhala එය සත්‍යය දැයි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන් නියත වශයෙන්ම එයමය සත්‍යය වනුයේ. නුඹලා අබිබවා යන්නන් නොවෙති යැයි නුඹ පවසනු.
Verse 54
وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِى ٱلْأَرْضِ لَٱفْتَدَتْ بِهِۦ ۗ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ
Transliteration walaw anna likulli nafsin ẓalamat mā fī l-arḍi la-if'tadat bihi wa-asarrū l-nadāmata lammā ra-awū l-ʿadhāba waquḍiya baynahum bil-qis'ṭi wahum lā yuẓ'lamūna
Sinhala අපරාධ කළ සෑම ආත්මයකටම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල (තම සිත් තුළ) වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්තිගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
Verse 55
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Transliteration alā inna lillahi mā fī l-samāwāti wal-arḍi alā inna waʿda l-lahi ḥaqqun walākinna aktharahum lā yaʿlamūna
Sinhala අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
Verse 56
هُوَ يُحْىِۦ وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ
Transliteration huwa yuḥ'yī wayumītu wa-ilayhi tur'jaʿūna
Sinhala ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. තවද නුඹලා නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතටය.
Verse 57
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ
Transliteration yāayyuhā l-nāsu qad jāatkum mawʿiẓatun min rabbikum washifāon limā fī l-ṣudūri wahudan waraḥmatun lil'mu'minīna
Sinhala අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද දේව විශ්වාසවන්තයින්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත.
Verse 58
قُلْ بِفَضْلِ ٱللَّهِ وَبِرَحْمَتِهِۦ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا۟ هُوَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
Transliteration qul bifaḍli l-lahi wabiraḥmatihi fabidhālika falyafraḥū huwa khayrun mimmā yajmaʿūna
Sinhala (මෙය පැමිණ ඇත්තේ) අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ දයාව තුළිනි. මෙමගින් ඔවුන් සතුටු වෙත්වා ! යැයි නුඹ පවසනු. එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
Verse 59
قُلْ أَرَءَيْتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزْقٍ فَجَعَلْتُم مِّنْهُ حَرَامًا وَحَلَـٰلًا قُلْ ءَآللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى ٱللَّهِ تَفْتَرُونَ
Transliteration qul ara-aytum mā anzala l-lahu lakum min riz'qin fajaʿaltum min'hu ḥarāman waḥalālan qul āllahu adhina lakum am ʿalā l-lahi taftarūna
Sinhala පෝෂණයෙන් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා කුමක් පවසන්නෙහු ද? එවිට නුඹලා එයින් (අතැම් දෑ) තහනම් ලෙසත් (ඇතැම් දෑ) අනුමත ලෙසත් පත් කර ගත්තෙහුය. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් දැ?යි නුඹ අසනු. එසේ නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහු දැ?යි අසනු.
Verse 60
وَمَا ظَنُّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ
Transliteration wamā ẓannu alladhīna yaftarūna ʿalā l-lahi l-kadhiba yawma l-qiyāmati inna l-laha ladhū faḍlin ʿalā l-nāsi walākinna aktharahum lā yashkurūna
Sinhala මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ගේ අනුමාන සිතුවිලි කුමක් වේවි ද? නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්නය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
Verse 61
وَمَا تَكُونُ فِى شَأْنٍ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ
Transliteration wamā takūnu fī shanin wamā tatlū min'hu min qur'ānin walā taʿmalūna min ʿamalin illā kunnā ʿalaykum shuhūdan idh tufīḍūna fīhi wamā yaʿzubu ʿan rabbika min mith'qāli dharratin fī l-arḍi walā fī l-samāi walā aṣghara min dhālika walā akbara illā fī kitābin mubīnin
Sinhala තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දැයක් කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි !) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත සාක්ෂිකරුවන් ලෙසින් අපි සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත.
Verse 62
أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
Transliteration alā inna awliyāa l-lahi lā khawfun ʿalayhim walā hum yaḥzanūna
Sinhala නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමීපතයින් වන ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති.
Verse 63
ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ
Transliteration alladhīna āmanū wakānū yattaqūna
Sinhala ඔවුන් වනාහි ඔවුහු විශ්වාස කළහ. තවද බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් වූහ.
Verse 64
لَهُمُ ٱلْبُشْرَىٰ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَـٰتِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Transliteration lahumu l-bush'rā fī l-ḥayati l-dun'yā wafī l-ākhirati lā tabdīla likalimāti l-lahi dhālika huwa l-fawzu l-ʿaẓīmu
Sinhala මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එයමය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
Verse 65
وَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًا ۚ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Transliteration walā yaḥzunka qawluhum inna l-ʿizata lillahi jamīʿan huwa l-samīʿu l-ʿalīmu
Sinhala ඔවුන්ගේ ප්‍රකාශය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන්ම සියල්ලෙහි ගෞරවය අල්ලාහ්ට හිමිය. ඔහු සර්ව ශ්රාවකය. සර්වඥානීය.
Verse 66
أَلَآ إِنَّ لِلَّهِ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ
Transliteration alā inna lillahi man fī l-samāwāti waman fī l-arḍi wamā yattabiʿu alladhīna yadʿūna min dūni l-lahi shurakāa in yattabiʿūna illā l-ẓana wa-in hum illā yakhruṣūna
Sinhala අහස්හි ඇති අයද මහපොළොවෙහි ඇති අයද නියත වශයෙන්ම අල්ලාහ් සතු යැයි දැන ගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් ඇරයුම් කරන, සමානයන් අනුගමනය කරන්නන් ඔවුන් අනුගමනය කරනුයේ අනුමානය මිස නොමැත. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත.
Verse 67
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَسْمَعُونَ
Transliteration huwa alladhī jaʿala lakumu al-layla litaskunū fīhi wal-nahāra mub'ṣiran inna fī dhālika laāyātin liqawmin yasmaʿūna
Sinhala නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද, පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහුය. සැබැවින්ම සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
Verse 68
قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًا ۗ سُبْحَـٰنَهُۥ ۖ هُوَ ٱلْغَنِىُّ ۖ لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَـٰنٍۭ بِهَـٰذَآ ۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ
Transliteration qālū ittakhadha l-lahu waladan sub'ḥānahu huwa l-ghaniyu lahu mā fī l-samāwāti wamā fī l-arḍi in ʿindakum min sul'ṭānin bihādhā ataqūlūna ʿalā l-lahi mā lā taʿlamūna
Sinhala අල්ලාහ් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරුය. ඔහු පොහොසත් (අවශ්යතාවන්ගෙන් තොර)ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතුය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි පවසන්නෙහු ද?
Verse 69
قُلْ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ
Transliteration qul inna alladhīna yaftarūna ʿalā l-lahi l-kadhiba lā yuf'liḥūna
Sinhala නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නොලබනු ඇතැයි (නබිවරය) නුඹ පවසනු.
Verse 70
مَتَـٰعٌ فِى ٱلدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ ٱلْعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُوا۟ يَكْفُرُونَ
Transliteration matāʿun fī l-dun'yā thumma ilaynā marjiʿuhum thumma nudhīquhumu l-ʿadhāba l-shadīda bimā kānū yakfurūna
Sinhala (මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නැවත යොමු වීමේ ස්ථානය අප වෙතය. පසු ව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.
Verse 71
۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِۦ يَـٰقَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِى وَتَذْكِيرِى بِـَٔايَـٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوٓا۟ أَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ ٱقْضُوٓا۟ إِلَىَّ وَلَا تُنظِرُونِ
Transliteration wa-ut'lu ʿalayhim naba-a nūḥin idh qāla liqawmihi yāqawmi in kāna kabura ʿalaykum maqāmī watadhkīrī biāyāti l-lahi faʿalā l-lahi tawakkaltu fa-ajmiʿū amrakum washurakāakum thumma lā yakun amrukum ʿalaykum ghummatan thumma iq'ḍū ilayya walā tunẓirūni
Sinhala (නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට මාගේ ජනයිනි ! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසු ව නුඹලාගේ තීරණය හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා රැස් කර ගනු. පසු ව නුඹලාගේ තීරණය නුඹලාට එරෙහි ව මුළාවක් වශයෙන් නොවිය යුතුය. පසු ව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු.
Verse 72
فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ
Transliteration fa-in tawallaytum famā sa-altukum min ajrin in ajriya illā ʿalā l-lahi wa-umir'tu an akūna mina l-mus'limīna
Sinhala නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස නැත. තවද මුස්ලිම්වරුන් අතුරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.’
Verse 73
فَكَذَّبُوهُ فَنَجَّيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ وَجَعَلْنَـٰهُمْ خَلَـٰٓئِفَ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ
Transliteration fakadhabūhu fanajjaynāhu waman maʿahu fī l-ful'ki wajaʿalnāhum khalāifa wa-aghraqnā alladhīna kadhabū biāyātinā fa-unẓur kayfa kāna ʿāqibatu l-mundharīna
Sinhala නමුත් ඔවුහු ඔහු ව ප්‍රතික්ෂේප කළෝය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන ඔවුන් ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ බලනු.
Verse 74
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِۦ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَـٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ بِهِۦ مِن قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ ٱلْمُعْتَدِينَ
Transliteration thumma baʿathnā min baʿdihi rusulan ilā qawmihim fajāūhum bil-bayināti famā kānū liyu'minū bimā kadhabū bihi min qablu kadhālika naṭbaʿu ʿalā qulūbi l-muʿ'tadīna
Sinhala ඔහුගෙන් පසු ව දහම් දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. මීට පෙර ඔවුන් කවර දෙයක් බොරු කළේ ද එය විශ්වාස කරන්නට ඔවුහු නොවූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙසමය.
Verse 75
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ وَهَـٰرُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ بِـَٔايَـٰتِنَا فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا مُّجْرِمِينَ
Transliteration thumma baʿathnā min baʿdihim mūsā wahārūna ilā fir'ʿawna wamala-ihi biāyātinā fa-is'takbarū wakānū qawman muj'rimīna
Sinhala අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි අපගේ පැහැදිලි සාධක සමග මූසා හා හාරූන් ව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද ඔවුහු අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
Verse 76
فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوٓا۟ إِنَّ هَـٰذَا لَسِحْرٌ مُّبِينٌ
Transliteration falammā jāahumu l-ḥaqu min ʿindinā qālū inna hādhā lasiḥ'run mubīnun
Sinhala අප වෙතින් ඔවුනට සත්‍යය පැමිණි කල්හි ‘නියත වශයෙන්ම මෙය පැහැදිලි හූනියමකි’ යැයි ඔවුහු පැවසුවෝය.
Verse 77
قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْ ۖ أَسِحْرٌ هَـٰذَا وَلَا يُفْلِحُ ٱلسَّـٰحِرُونَ
Transliteration qāla mūsā ataqūlūna lil'ḥaqqi lammā jāakum asiḥ'run hādhā walā yuf'liḥu l-sāḥirūna
Sinhala නුඹලා වෙත සත්‍යය පැමිණි කල්හි එයට ‘මෙය හූනියමක්’ යැයි නුඹලා කියන්නෙහු ද? තවද හූනියම්කරුවෝ ජය නොලබති යැයි මූසා පැවසුවේය.
Verse 78
قَالُوٓا۟ أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلْكِبْرِيَآءُ فِى ٱلْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ
Transliteration qālū aji'tanā litalfitanā ʿammā wajadnā ʿalayhi ābāanā watakūna lakumā l-kib'riyāu fī l-arḍi wamā naḥnu lakumā bimu'minīna
Sinhala අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත්, මහපොළොවේ උසස්කම නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියේ ද? නමුත් නුඹලා දෙදෙනා ව අපි විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 79
وَقَالَ فِرْعَوْنُ ٱئْتُونِى بِكُلِّ سَـٰحِرٍ عَلِيمٍ
Transliteration waqāla fir'ʿawnu i'tūnī bikulli sāḥirin ʿalīmin
Sinhala තවද ‘මනා දැනුම ඇති සෑම හූනියම්කරුවකුම මා වෙත නුඹලා ගෙන එනු’යි ෆිර්අවුන් පැවසුවේය.
Verse 80
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ
Transliteration falammā jāa l-saḥaratu qāla lahum mūsā alqū mā antum mul'qūna
Sinhala හූනියම්කරුවෝ පැමිණි කල්හි ‘නුඹලා හෙළන්නට සිටින දෑ නුඹලා හෙළනු’ යැයි මූසා ඔවුනට කීවේය.
Verse 81
فَلَمَّآ أَلْقَوْا۟ قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ ٱلسِّحْرُ ۖ إِنَّ ٱللَّهَ سَيُبْطِلُهُۥٓ ۖ إِنَّ ٱللَّهَ لَا يُصْلِحُ عَمَلَ ٱلْمُفْسِدِينَ
Transliteration falammā alqaw qāla mūsā mā ji'tum bihi l-siḥ'ru inna l-laha sayub'ṭiluhu inna l-laha lā yuṣ'liḥu ʿamala l-muf'sidīna
Sinhala ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය හූනියමකි. නියත වශයෙන්ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්‍රියාව විධිමත් නොකරනු ඇත’ යැයි මූසා පැවසුවේය.
Verse 82
وَيُحِقُّ ٱللَّهُ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ
Transliteration wayuḥiqqu l-lahu l-ḥaqa bikalimātihi walaw kariha l-muj'rimūna
Sinhala වැරදිකරුවෝ පිළිකුල් කළද අල්ලාහ් ඔහුගේ ප්‍රකාශයන් මගින් සත්‍යය සනාථ කරනු ඇත.
Verse 83
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٌ مِّن قَوْمِهِۦ عَلَىٰ خَوْفٍ مِّن فِرْعَوْنَ وَمَلَإِي۟هِمْ أَن يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِى ٱلْأَرْضِ وَإِنَّهُۥ لَمِنَ ٱلْمُسْرِفِينَ
Transliteration famā āmana limūsā illā dhurriyyatun min qawmihi ʿalā khawfin min fir'ʿawna wamala-ihim an yaftinahum wa-inna fir'ʿawna laʿālin fī l-arḍi wa-innahu lamina l-mus'rifīna
Sinhala ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට කලහකම් සිදු වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසා ව විශ්වාස නොකළේය. තවද නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ මැරවරයෙක් විය. තවද නියතවශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරිනි.
Verse 84
وَقَالَ مُوسَىٰ يَـٰقَوْمِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّسْلِمِينَ
Transliteration waqāla mūsā yāqawmi in kuntum āmantum bil-lahi faʿalayhi tawakkalū in kuntum mus'limīna
Sinhala ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කර සිටියෙහු නම්, නුඹලා අවනතවන්නන් ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙතම (සියල්ල) භාර කරනු’ යැයි මූසා කීවේය.
Verse 85
فَقَالُوا۟ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ
Transliteration faqālū ʿalā l-lahi tawakkalnā rabbanā lā tajʿalnā fit'natan lil'qawmi l-ẓālimīna
Sinhala එවිට ‘අපි අල්ලාහ් වෙත භාර කළෙමු. අපගේ පරමාධිපතියාණෙනි! අපරාධකාරී ජනයාට පරීක්ෂාවක් ලෙස අප පත් නොකරනු මැනව!’ යැයි ඔවුහු පවසා ප්‍රාර්ථනා කළහ.
Verse 86
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ
Transliteration wanajjinā biraḥmatika mina l-qawmi l-kāfirīna
Sinhala තවද ඔබේ දයාවෙන් දේව ප්‍රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවා ගනු මැනව.
Verse 87
وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَٱجْعَلُوا۟ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ
Transliteration wa-awḥaynā ilā mūsā wa-akhīhi an tabawwaā liqawmikumā bimiṣ'ra buyūtan wa-ij'ʿalū buyūtakum qib'latan wa-aqīmū l-ṣalata wabashiri l-mu'minīna
Sinhala තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන (නැමදුම්) දිශාව බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේව විශ්වාසවන්තයින්ට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු.
Verse 88
وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُۥ زِينَةً وَأَمْوَٰلًا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا۟ عَن سَبِيلِكَ ۖ رَبَّنَا ٱطْمِسْ عَلَىٰٓ أَمْوَٰلِهِمْ وَٱشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا۟ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ
Transliteration waqāla mūsā rabbanā innaka ātayta fir'ʿawna wamala-ahu zīnatan wa-amwālan fī l-ḥayati l-dun'yā rabbanā liyuḍillū ʿan sabīlika rabbanā iṭ'mis ʿalā amwālihim wa-ush'dud ʿalā qulūbihim falā yu'minū ḥattā yarawū l-ʿadhāba l-alīma
Sinhala අපගේ පරමාධිපතියාණෙනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන් හට නුඹගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යනු පිණිස මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහිය. අපගේ පරමාධිපතියාණෙනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් බැඳ දමනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරනු ඇත.
Verse 89
قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَٱسْتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ
Transliteration qāla qad ujībat daʿwatukumā fa-is'taqīmā walā tattabiʿānni sabīla alladhīna lā yaʿlamūna
Sinhala සැබැවින්ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබීය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා අනුගමනය නොකරනු යැයි ඔහු පැවසුවේය.
Verse 90
۞ وَجَـٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُۥ بَغْيًا وَعَدْوًا ۖ حَتَّىٰٓ إِذَآ أَدْرَكَهُ ٱلْغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱلَّذِىٓ ءَامَنَتْ بِهِۦ بَنُوٓا۟ إِسْرَٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلْمُسْلِمِينَ
Transliteration wajāwaznā bibanī is'rāīla l-baḥra fa-atbaʿahum fir'ʿawnu wajunūduhu baghyan waʿadwan ḥattā idhā adrakahu l-gharaqu qāla āmantu annahu lā ilāha illā alladhī āmanat bihi banū is'rāīla wa-anā mina l-mus'limīna
Sinhala අපි බනූ ඉස්රාඊල්වරුන් ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝය. අවසානයේ ගිලී යාම ඔහු ව ග්‍රහණය කළ විට ‘සැබැවින්ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතුරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
Verse 91
ءَآلْـَٔـٰنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ
Transliteration āl'āna waqad ʿaṣayta qablu wakunta mina l-muf'sidīna
Sinhala දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින්ම පිටුපෑවෙහිය. තවද නුඹ කලහකාරීන් අතුරින් වූයෙහිය.
Verse 92
فَٱلْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ ءَايَةً ۚ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ عَنْ ءَايَـٰتِنَا لَغَـٰفِلُونَ
Transliteration fal-yawma nunajjīka bibadanika litakūna liman khalfaka āyatan wa-inna kathīran mina l-nāsi ʿan āyātinā laghāfilūna
Sinhala එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන් හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය සුරක්ෂිත ව තබන්නෙමු. තවද නියත වශයෙන්ම ජනයා අතුරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ උදාසීනව සිටිති.
Verse 93
وَلَقَدْ بَوَّأْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ فَمَا ٱخْتَلَفُوا۟ حَتَّىٰ جَآءَهُمُ ٱلْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ
Transliteration walaqad bawwanā banī is'rāīla mubawwa-a ṣid'qin warazaqnāhum mina l-ṭayibāti famā ikh'talafū ḥattā jāahumu l-ʿil'mu inna rabbaka yaqḍī baynahum yawma l-qiyāmati fīmā kānū fīhi yakhtalifūna
Sinhala තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවන් ව සැබෑ වාසස්ථාන වල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නොගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන්ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
Verse 94
فَإِن كُنتَ فِى شَكٍّ مِّمَّآ أَنزَلْنَآ إِلَيْكَ فَسْـَٔلِ ٱلَّذِينَ يَقْرَءُونَ ٱلْكِتَـٰبَ مِن قَبْلِكَ ۚ لَقَدْ جَآءَكَ ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ
Transliteration fa-in kunta fī shakkin mimmā anzalnā ilayka fasali alladhīna yaqraūna l-kitāba min qablika laqad jāaka l-ḥaqu min rabbika falā takūnanna mina l-mum'tarīna
Sinhala (නබිවරය) නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට මීට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් (ඒ ගැන) විමසනු. සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත මෙම (දේව ග්‍රන්ථය හෙවත්) සත්‍යය පැමිණ ඇත. එබැවින් නුඹ සැකකරන්නන් අතුරින් නොවනු.
Verse 95
وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلْخَـٰسِرِينَ
Transliteration walā takūnanna mina alladhīna kadhabū biāyāti l-lahi fatakūna mina l-khāsirīna
Sinhala තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතුරින් නුඹ නොවනු. එවිට නුඹ අලාභවන්තයින් අතුරින් වනු ඇත.
Verse 96
إِنَّ ٱلَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ
Transliteration inna alladhīna ḥaqqat ʿalayhim kalimatu rabbika lā yu'minūna
Sinhala නිසැකවම කවුරුන් කෙරෙහි නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍ය වූයේද ඔවුහු විශ්වාස නොකරන්නෝය.
Verse 97
وَلَوْ جَآءَتْهُمْ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ
Transliteration walaw jāathum kullu āyatin ḥattā yarawū l-ʿadhāba l-alīma
Sinhala ඔවුන් වෙත සියලු සාක්ෂීන් පැමිණියද හිංසාකාරී දඬුවම දකින තෙක් විශ්වාස නොකරන්නෝය.
Verse 98
فَلَوْلَا كَانَتْ قَرْيَةٌ ءَامَنَتْ فَنَفَعَهَآ إِيمَـٰنُهَآ إِلَّا قَوْمَ يُونُسَ لَمَّآ ءَامَنُوا۟ كَشَفْنَا عَنْهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَتَّعْنَـٰهُمْ إِلَىٰ حِينٍ
Transliteration falawlā kānat qaryatun āmanat fanafaʿahā īmānuhā illā qawma yūnusa lammā āmanū kashafnā ʿanhum ʿadhāba l-khiz'yi fī l-ḥayati l-dun'yā wamattaʿnāhum ilā ḥīnin
Sinhala යූනුස්ගේ ජනයා හැර, විශ්වාස කළ කවර හෝ ගම්වාසී පිරිසකට ඔවුන්ගේ විශ්වාසය ප්‍රයෝජනයක් වන බවට කුමක් හෝ ආදර්ශයක් තිබේද? (එවැනි කිසිඳු ආදර්ශයක් නැත) . ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු.
Verse 99
وَلَوْ شَآءَ رَبُّكَ لَـَٔامَنَ مَن فِى ٱلْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُوا۟ مُؤْمِنِينَ
Transliteration walaw shāa rabbuka laāmana man fī l-arḍi kulluhum jamīʿan afa-anta tuk'rihu l-nāsa ḥattā yakūnū mu'minīna
Sinhala නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින්ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේව විශ්වාසවන්තයින් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?
Verse 100
وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَجْعَلُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يَعْقِلُونَ
Transliteration wamā kāna linafsin an tu'mina illā bi-idh'ni l-lahi wayajʿalu l-rij'sa ʿalā alladhīna lā yaʿqilūna
Sinhala අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොහැක. වටහා නොගන්නා අයට ඔහු කිලිට ඇති කරයි.
Verse 101
قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَا تُغْنِى ٱلْـَٔايَـٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍ لَّا يُؤْمِنُونَ
Transliteration quli unẓurū mādhā fī l-samāwāti wal-arḍi wamā tugh'nī l-āyātu wal-nudhuru ʿan qawmin lā yu'minūna
Sinhala අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැයි නුඹලා සිතා බලනු. විශ්වාස නොකරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නොවනු ඇතැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු.
Verse 102
فَهَلْ يَنتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِهِمْ ۚ قُلْ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ
Transliteration fahal yantaẓirūna illā mith'la ayyāmi alladhīna khalaw min qablihim qul fa-intaẓirū innī maʿakum mina l-muntaẓirīna
Sinhala ඔවුනට පෙර සිටියවුන් අතුරින් ඉකුත් ව ගියවුන්ගේ දින වලට සමාන(විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතුරින් වෙමි යැයි (නබි මුහම්මද් !) නුඹ පවසනු.
Verse 103
ثُمَّ نُنَجِّى رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنجِ ٱلْمُؤْمِنِينَ
Transliteration thumma nunajjī rusulanā wa-alladhīna āmanū kadhālika ḥaqqan ʿalaynā nunji l-mu'minīna
Sinhala පසු ව අපි අපගේ දහම් දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේව විශ්වාසවන්තයින් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමකි.
Verse 104
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى شَكٍّ مِّن دِينِى فَلَآ أَعْبُدُ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَـٰكِنْ أَعْبُدُ ٱللَّهَ ٱلَّذِى يَتَوَفَّىٰكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ
Transliteration qul yāayyuhā l-nāsu in kuntum fī shakkin min dīnī falā aʿbudu alladhīna taʿbudūna min dūni l-lahi walākin aʿbudu l-laha alladhī yatawaffākum wa-umir'tu an akūna mina l-mu'minīna
Sinhala අහෝ ජනයිනි ! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නොකරමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේව විශ්වාසවන්තයින්ගෙන් කෙනෙකු ලෙස සිටීමට මම අණ කරනු ලැබුවෙමි.
Verse 105
وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ
Transliteration wa-an aqim wajhaka lilddīni ḥanīfan walā takūnanna mina l-mush'rikīna
Sinhala තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නොවනු.
Verse 106
وَلَا تَدْعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًا مِّنَ ٱلظَّـٰلِمِينَ
Transliteration walā tadʿu min dūni l-lahi mā lā yanfaʿuka walā yaḍurruka fa-in faʿalta fa-innaka idhan mina l-ẓālimīna
Sinhala අල්ලාහ්ගෙන් තොර ව නුඹට සෙතක් කළ නොහැකි එමෙන්ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නොකරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින්ම නුඹ අපරාධකරුවන් අතුරින් වනු ඇත.
Verse 107
وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلَا رَآدَّ لِفَضْلِهِۦ ۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
Transliteration wa-in yamsaska l-lahu biḍurrin falā kāshifa lahu illā huwa wa-in yurid'ka bikhayrin falā rādda lifaḍlihi yuṣību bihi man yashāu min ʿibādihi wahuwa l-ghafūru l-raḥīmu
Sinhala අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට එය සිදු කරයි. තවද ඔහු අතික්ෂමාශීලීය. අසමසම කරුණා ගුණයෙන් යුක්තය.
Verse 108
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنَا۠ عَلَيْكُم بِوَكِيلٍ
Transliteration qul yāayyuhā l-nāsu qad jāakumu l-ḥaqu min rabbikum famani ih'tadā fa-innamā yahtadī linafsihi waman ḍalla fa-innamā yaḍillu ʿalayhā wamā anā ʿalaykum biwakīlin
Sinhala අහෝ මිනිසුනි ! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. එබැවින් කවරෙකු මග ලබන්නේ ද එසේ ඔහු මග ලබනුයේ ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නොවෙමි.
Verse 109
وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ وَٱصْبِرْ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ ۚ وَهُوَ خَيْرُ ٱلْحَـٰكِمِينَ
Transliteration wa-ittabiʿ mā yūḥā ilayka wa-iṣ'bir ḥattā yaḥkuma l-lahu wahuwa khayru l-ḥākimīna
Sinhala තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.
Read Surah Yunus in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.