MyDugsiStart learning

Surah Ar-Ra'd in Sinhala: translation and audio

Surah 13 · الرعد · The Thunder · 43 verses

Surah Ar-Ra'd verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Ar-Ra'd word by word in English.

Verse 1

الٓمٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ

Transliteration alif-lam-meem-ra til'ka āyātu l-kitābi wa-alladhī unzila ilayka min rabbika l-ḥaqu walākinna akthara l-nāsi lā yu'minūna

Sinhala අලිෆ්, ලාම්, රා. මෙය දේව ග්‍රන්ථයේ වදන් වේ. නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති.

Verse 2

ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَـٰوَٰتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ

Transliteration al-lahu alladhī rafaʿa l-samāwāti bighayri ʿamadin tarawnahā thumma is'tawā ʿalā l-ʿarshi wasakhara l-shamsa wal-qamara kullun yajrī li-ajalin musamman yudabbiru l-amra yufaṣṣilu l-āyāti laʿallakum biliqāi rabbikum tūqinūna

Sinhala කිසිදු කුලුනකින් තොර ව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහුය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත වූයේය. ඔහු හිරු හා සඳු වසඟ කළේය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමු ව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි.

Verse 3

وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٰسِىَ وَأَنْهَـٰرًا ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Transliteration wahuwa alladhī madda l-arḍa wajaʿala fīhā rawāsiya wa-anhāran wamin kulli l-thamarāti jaʿala fīhā zawjayni ith'nayni yugh'shī al-layla l-nahāra inna fī dhālika laāyātin liqawmin yatafakkarūna

Sinhala මහපොළොව දිග හැර එහි කඳු හා ගංගා ඇති කළේ ඔහුමය. තවද සෑම ඵල වගාවකින්ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩුද ඇති කළේය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන්ම වටහා ගන්නා ජනයාට මෙහි සාධක ඇත.

Verse 4

وَفِى ٱلْأَرْضِ قِطَعٌ مُّتَجَـٰوِرَٰتٌ وَجَنَّـٰتٌ مِّنْ أَعْنَـٰبٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَآءٍ وَٰحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِى ٱلْأُكُلِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

Transliteration wafī l-arḍi qiṭaʿun mutajāwirātun wajannātun min aʿnābin wazarʿun wanakhīlun ṣin'wānun waghayru ṣin'wānin yus'qā bimāin wāḥidin wanufaḍḍilu baʿḍahā ʿalā baʿḍin fī l-ukuli inna fī dhālika laāyātin liqawmin yaʿqilūna

Sinhala මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද අතු සහිත හා අතු රහිත රටඉඳි ගස් ද ඇත.ඒ සියල්ලටම එක ආකාරයේ ජලය සපයනු ලැබේ. අනුභව කිරීමේදී ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම මෙහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.

Verse 5

۞ وَإِن تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِى خَلْقٍ جَدِيدٍ ۗ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ ٱلْأَغْلَـٰلُ فِىٓ أَعْنَاقِهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ

Transliteration wa-in taʿjab faʿajabun qawluhum a-idhā kunnā turāban a-innā lafī khalqin jadīdin ulāika alladhīna kafarū birabbihim wa-ulāika l-aghlālu fī aʿnāqihim wa-ulāika aṣḥābu l-nāri hum fīhā khālidūna

Sinhala (ඔවුන් තුල විශ්වාසයක් නැත යනුවෙන් නබිවරය) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් ඔවුහු "අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු ද?" යැයි පැවැසීම (මීටවඩා) පුදුමයක් වේ.තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. (එබැවින් මරණින් මතුවට) ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද මොවුහුමය. තවද නිරාවාසීහු ද මොවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

Verse 6

وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَـٰتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ

Transliteration wayastaʿjilūnaka bil-sayi-ati qabla l-ḥasanati waqad khalat min qablihimu l-mathulātu wa-inna rabbaka ladhū maghfiratin lilnnāsi ʿalā ẓul'mihim wa-inna rabbaka lashadīdu l-ʿiqābi

Sinhala තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් ඉකුත් ව ගොස් ඇත. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධ වලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්තය. එමෙන්ම නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩිය.

Verse 7

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦٓ ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ

Transliteration wayaqūlu alladhīna kafarū lawlā unzila ʿalayhi āyatun min rabbihi innamā anta mundhirun walikulli qawmin hādin

Sinhala තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති. (නබිවරය) නුඹ අවවාද කරන්නෙකු පමණි. සෑම සමූහයකටම මග පෙන්වන්නෙකු විය.

Verse 8

ٱللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَىْءٍ عِندَهُۥ بِمِقْدَارٍ

Transliteration al-lahu yaʿlamu mā taḥmilu kullu unthā wamā taghīḍu l-arḥāmu wamā tazdādu wakullu shayin ʿindahu bimiq'dārin

Sinhala සෑම කතක්ම උසුලන දෑ ද ගර්භාෂයේ අඩු වන දෑ ද එහි වැඩි වන දෑ ද අල්ලාහ් දනී. තවද සෑම දෙයක්ම ඔහු අබියස නියමිත ප්‍රමාණයක් අනුව පිහිටයි.

Verse 9

عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ٱلْكَبِيرُ ٱلْمُتَعَالِ

Transliteration ʿālimu l-ghaybi wal-shahādati l-kabīru l-mutaʿāli

Sinhala ඔහු (අල්ලාහ්) අදෘෂ්‍යමාන දෑ හා දෘෂ්‍යමාන දෑ (මනාව) දන්නාය. අති මහත් අති උත්තරීතරය.

Verse 10

سَوَآءٌ مِّنكُم مَّنْ أَسَرَّ ٱلْقَوْلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنْ هُوَ مُسْتَخْفٍۭ بِٱلَّيْلِ وَسَارِبٌۢ بِٱلنَّهَارِ

Transliteration sawāon minkum man asarra l-qawla waman jahara bihi waman huwa mus'takhfin bi-al-layli wasāribun bil-nahāri

Sinhala නුඹලා අතුරින් ප්‍රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද තවද රාත්‍රියෙහි සැඟවෙන්නා ද දහවල් කාලයේ සැරිසරන්නා ද (අල්ලාහ් ඉදිරියේ) එක සමානය.

Verse 11

لَهُۥ مُعَقِّبَـٰتٌ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍ سُوٓءًا فَلَا مَرَدَّ لَهُۥ ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ

Transliteration lahu muʿaqqibātun min bayni yadayhi wamin khalfihi yaḥfaẓūnahu min amri l-lahi inna l-laha lā yughayyiru mā biqawmin ḥattā yughayyirū mā bi-anfusihim wa-idhā arāda l-lahu biqawmin sūan falā maradda lahu wamā lahum min dūnihi min wālin

Sinhala ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහු ව ආරක්ෂා කරන ලුහුබඳින්නන් ඔහුට වෙති. ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි. යම් පිරිසකට අල්ලාහ් යම් නපුරක් අපේක්ෂා කළේ නම් එවිට ඔහුට වැළකීමක් නොමැත. තවද ඔහුගෙන් තොර ව වෙනත් කිසිදු භාරකරුවකු ද ඔවුනට නොමැත.

Verse 12

هُوَ ٱلَّذِى يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ

Transliteration huwa alladhī yurīkumu l-barqa khawfan waṭamaʿan wayunshi-u l-saḥāba l-thiqāla

Sinhala ඔහු වනාහි බියක් හා (වැසි) බලාපොරොත්තුවක් ලෙසින් විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නාය. තවද ඔහු ඝන වලාකුළු නිර්මාණය කරයි.

Verse 13

وَيُسَبِّحُ ٱلرَّعْدُ بِحَمْدِهِۦ وَٱلْمَلَـٰٓئِكَةُ مِنْ خِيفَتِهِۦ وَيُرْسِلُ ٱلصَّوَٰعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَآءُ وَهُمْ يُجَـٰدِلُونَ فِى ٱللَّهِ وَهُوَ شَدِيدُ ٱلْمِحَالِ

Transliteration wayusabbiḥu l-raʿdu biḥamdihi wal-malāikatu min khīfatihi wayur'silu l-ṣawāʿiqa fayuṣību bihā man yashāu wahum yujādilūna fī l-lahi wahuwa shadīdu l-miḥāli

Sinhala ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අයට විපාකය ඇති කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.

Verse 14

لَهُۥ دَعْوَةُ ٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَىْءٍ إِلَّا كَبَـٰسِطِ كَفَّيْهِ إِلَى ٱلْمَآءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَـٰلِغِهِۦ ۚ وَمَا دُعَآءُ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ

Transliteration lahu daʿwatu l-ḥaqi wa-alladhīna yadʿūna min dūnihi lā yastajībūna lahum bishayin illā kabāsiṭi kaffayhi ilā l-māi liyablugha fāhu wamā huwa bibālighihi wamā duʿāu l-kāfirīna illā fī ḍalālin

Sinhala සැබෑ ප්‍රාර්ථනාව ඔහුටම සතුවේ. තවද ඔහුගෙන් තොර ව ඔවුන් අයැද සිටින්නන් විසින් ඔවුනට කිසිවකින් ප්‍රතිචාර නොදක්වති. එය (කෙසේද යත්) තම කටට ජලය ළඟා කරවීමට තම දෑත් ජලයට දිගු කරන්නෙකු මෙන් මිස නැත. එය ඔහු වෙත ළඟා වන්නක් නොවේ. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ අයැදුම මුළාවක මිස නැත.

Verse 15

وَلِلَّهِ يَسْجُدُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَـٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْـَٔاصَالِ ۩

Transliteration walillahi yasjudu man fī l-samāwāti wal-arḍi ṭawʿan wakarhan waẓilāluhum bil-ghuduwi wal-āṣāli

Sinhala අහස්හි හා මහපොළොවේ ඇති දෑ කැමැත්තෙන් වුව ද අකමැත්තෙන් වුව ද අල්ලාහ්ටම සුජූද් කරති. ඔවුන්ගේ හෙවණැලි ද උදේ හා හවස (සුජූද් කරති.)

Verse 16

قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ قُلِ ٱللَّهُ ۚ قُلْ أَفَٱتَّخَذْتُم مِّن دُونِهِۦٓ أَوْلِيَآءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِى ٱلظُّلُمَـٰتُ وَٱلنُّورُ ۗ أَمْ جَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ خَلَقُوا۟ كَخَلْقِهِۦ فَتَشَـٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍ وَهُوَ ٱلْوَٰحِدُ ٱلْقَهَّـٰرُ

Transliteration qul man rabbu l-samāwāti wal-arḍi quli l-lahu qul afa-ittakhadhtum min dūnihi awliyāa lā yamlikūna li-anfusihim nafʿan walā ḍarran qul hal yastawī l-aʿmā wal-baṣīru am hal tastawī l-ẓulumātu wal-nūru am jaʿalū lillahi shurakāa khalaqū kakhalqihi fatashābaha l-khalqu ʿalayhim quli l-lahu khāliqu kulli shayin wahuwa l-wāḥidu l-qahāru

Sinhala අහස්හි හා මහපොළොවේ පරමාධිපතියාණන් කවුරුන්දැ?යි නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ්ගෙන් තොර ව තමන් වෙත කිසිදු ප්‍රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැයි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවිද ? එමෙන්ම අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ?යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.

Verse 17

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًا رَّابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَـٰعٍ زَبَدٌ مِّثْلُهُۥ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَـٰطِلَ ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءً ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ

Transliteration anzala mina l-samāi māan fasālat awdiyatun biqadarihā fa-iḥ'tamala l-saylu zabadan rābiyan wamimmā yūqidūna ʿalayhi fī l-nāri ib'tighāa ḥil'yatin aw matāʿin zabadun mith'luhu kadhālika yaḍribu l-lahu l-ḥaqa wal-bāṭila fa-ammā l-zabadu fayadhhabu jufāan wa-ammā mā yanfaʿu l-nāsa fayamkuthu fī l-arḍi kadhālika yaḍribu l-lahu l-amthāla

Sinhala ඔහු අහසින් ජලය පහළ කළේය. එවිට ඇළදොළ එහි ප්‍රමාණයට අනුව ගලා යයි. එම ගංවතුර (ඊට) ඉහළින් පිහිටන පෙණ පිඬු උසුලයි. තවද ආභරණ හා භාණ්ඩ සොයමින් ගින්නෙහි ඔවුන් ඒවා උණු කරන දැයින් ද ඒ හා සමාන පෙණ පිඬු ඇත. මෙලෙසය අල්ලාහ් සත්‍යය හා අසත්‍යයට උපමා කරනුයේ. එනම් පෙණ පිඬු වූ කලී එය තුරන් වී යයි. නමුත් මිනිසාට ප්‍රයෝජනය ගෙන දෙන දෑ වූ කලී එය මහපොළොවේ රැඳෙයි. එලෙසය අල්ලාහ් උපමාවන් ගෙන හැර පානුයේ.

Verse 18

لِلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمُ ٱلْحُسْنَىٰ ۚ وَٱلَّذِينَ لَمْ يَسْتَجِيبُوا۟ لَهُۥ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦٓ ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ سُوٓءُ ٱلْحِسَابِ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمِهَادُ

Transliteration lilladhīna is'tajābū lirabbihimu l-ḥus'nā wa-alladhīna lam yastajībū lahu law anna lahum mā fī l-arḍi jamīʿan wamith'lahu maʿahu la-if'tadaw bihi ulāika lahum sūu l-ḥisābi wamawāhum jahannamu wabi'sa l-mihādu

Sinhala තම පරමාධිපතිගෙන් ප්‍රතිචාර පැතූවනට යහපත් දෑ තිබේ. ඔහුගෙන් පිළිතුරු නොපැතූවන් නියත වශයෙන්ම ඔවුනට මහපොළොවේ ඇති සියලු දෑ ද ඒ සමගම ඒ හා සමානයක් ද වී නම් ඔවුහු එය (සියල්ල) වන්දි වශයෙන් දෙනු ඇත. නපුරු විනිශ්චයක් ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. එම නවාතැන නපුරු විය.

Verse 19

۞ أَفَمَن يَعْلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰٓ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

Transliteration afaman yaʿlamu annamā unzila ilayka min rabbika l-ḥaqu kaman huwa aʿmā innamā yatadhakkaru ulū l-albābi

Sinhala නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයක්ම බව දැන ගන්නා, ( මෙම සත්‍ය නොදැන සිටින) අන්ධයා මෙන් වූ ඔහු වැනි ද? නියත වශයෙන්ම උපදෙස් ලබනුයේ බුද්ධිය ඇත්තන්ය.

Verse 20

ٱلَّذِينَ يُوفُونَ بِعَهْدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلْمِيثَـٰقَ

Transliteration alladhīna yūfūna biʿahdi l-lahi walā yanquḍūna l-mīthāqa

Sinhala ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණ ව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නොකරති.

Verse 21

وَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوٓءَ ٱلْحِسَابِ

Transliteration wa-alladhīna yaṣilūna mā amara l-lahu bihi an yūṣala wayakhshawna rabbahum wayakhāfūna sūa l-ḥisābi

Sinhala තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ ව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති.

Verse 22

وَٱلَّذِينَ صَبَرُوا۟ ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَنفَقُوا۟ مِمَّا رَزَقْنَـٰهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ أُو۟لَـٰٓئِكَ لَهُمْ عُقْبَى ٱلدَّارِ

Transliteration wa-alladhīna ṣabarū ib'tighāa wajhi rabbihim wa-aqāmū l-ṣalata wa-anfaqū mimmā razaqnāhum sirran waʿalāniyatan wayadraūna bil-ḥasanati l-sayi-ata ulāika lahum ʿuq'bā l-dāri

Sinhala තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත් ව ඉටු කළහ. අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනටමය.

Verse 23

جَنَّـٰتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّـٰتِهِمْ ۖ وَٱلْمَلَـٰٓئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ

Transliteration jannātu ʿadnin yadkhulūnahā waman ṣalaḥa min ābāihim wa-azwājihim wadhurriyyātihim wal-malāikatu yadkhulūna ʿalayhim min kulli bābin

Sinhala අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතුරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති.

Verse 24

سَلَـٰمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى ٱلدَّارِ

Transliteration salāmun ʿalaykum bimā ṣabartum faniʿ'ma ʿuq'bā l-dāri

Sinhala නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා එහෙයින් අවසන් නිවහන යහපත් විය. (යැයි පවසති.)

Verse 25

وَٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَـٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۙ أُو۟لَـٰٓئِكَ لَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ

Transliteration wa-alladhīna yanquḍūna ʿahda l-lahi min baʿdi mīthāqihi wayaqṭaʿūna mā amara l-lahu bihi an yūṣala wayuf'sidūna fī l-arḍi ulāika lahumu l-laʿnatu walahum sūu l-dāri

Sinhala නමුත් ඔවුන් වනාහි අල්ලාහ්ගේ ගිවිසුම තහවුරු කිරීමෙන් පසු එය කඩ කරන්නන්ද. තවද අල්ලාහ් විසින් නියෝග කරන ලද (ඥාතී සම්බන්ධතා වැනි) දෑ විසන්ධිකරන්නන්ද . තවද මහපොළොවේ කලහකම් කරන්නන්ද වෙති. ශාපය ඔවුනටමය. තවද නපුරු නිවහන ද ඔවුනට ඇත.

Verse 26

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا فِى ٱلْـَٔاخِرَةِ إِلَّا مَتَـٰعٌ

Transliteration al-lahu yabsuṭu l-riz'qa liman yashāu wayaqdiru wafariḥū bil-ḥayati l-dun'yā wamā l-ḥayatu l-dun'yā fī l-ākhirati illā matāʿun

Sinhala අල්ලාහ් ඔහු කැමති අයට ජීවන පහසුකම් දිගු හරියි. තවද ඔහු (එය) සීමා කරයි. ඔවුහු මෙලොව ජීවිතය පිළිබඳ ව සතුටු වෙති. තවද මෙලොව ජීවිතය මතු ලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමක් මිස නැත.

Verse 27

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦ ۗ قُلْ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَنْ أَنَابَ

Transliteration wayaqūlu alladhīna kafarū lawlā unzila ʿalayhi āyatun min rabbihi qul inna l-laha yuḍillu man yashāu wayahdī ilayhi man anāba

Sinhala ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් විමසති. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට අභිමත අය ව නොමගට යොමු කරයි. තවද ඔහු වෙතට යොමුවන්නන්හට ඔහු මග පෙන්වයි යැයි පවසනු.

Verse 28

ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ ٱللَّهِ ۗ أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ

Transliteration alladhīna āmanū wataṭma-innu qulūbuhum bidhik'ri l-lahi alā bidhik'ri l-lahi taṭma-innu l-qulūbu

Sinhala විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වෙති. දැන ගනු අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වේ.

Verse 29

ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَـَٔابٍ

Transliteration alladhīna āmanū waʿamilū l-ṣāliḥāti ṭūbā lahum waḥus'nu maābin

Sinhala විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත.

Verse 30

كَذَٰلِكَ أَرْسَلْنَـٰكَ فِىٓ أُمَّةٍ قَدْ خَلَتْ مِن قَبْلِهَآ أُمَمٌ لِّتَتْلُوَا۟ عَلَيْهِمُ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِٱلرَّحْمَـٰنِ ۚ قُلْ هُوَ رَبِّى لَآ إِلَـٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ

Transliteration kadhālika arsalnāka fī ummatin qad khalat min qablihā umamun litatluwā ʿalayhimu alladhī awḥaynā ilayka wahum yakfurūna bil-raḥmāni qul huwa rabbī lā ilāha illā huwa ʿalayhi tawakkaltu wa-ilayhi matābi

Sinhala (නබිවරය) එලෙස අපි සමූහයක් වෙත ඔබ ව දූතයෙකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත් ව ගියෝය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන් ව ප්‍රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහාය. ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ යැයි (නබිවරය,) නුඹ පවසනු.

Verse 31

وَلَوْ أَنَّ قُرْءَانًا سُيِّرَتْ بِهِ ٱلْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ ٱلْأَرْضُ أَوْ كُلِّمَ بِهِ ٱلْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ ٱلْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَا۟يْـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن لَّوْ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ تُصِيبُهُم بِمَا صَنَعُوا۟ قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِىَ وَعْدُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ

Transliteration walaw anna qur'ānan suyyirat bihi l-jibālu aw quṭṭiʿat bihi l-arḍu aw kullima bihi l-mawtā bal lillahi l-amru jamīʿan afalam yāy'asi alladhīna āmanū an law yashāu l-lahu lahadā l-nāsa jamīʿan walā yazālu alladhīna kafarū tuṣībuhum bimā ṣanaʿū qāriʿatun aw taḥullu qarīban min dārihim ḥattā yatiya waʿdu l-lahi inna l-laha lā yukh'lifu l-mīʿāda

Sinhala (ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන්ම (වෙනත්) කුර්ආනයක් තිබී එමගින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමගින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමගින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නොකරති.) නමුත් සියලු කරුණු අල්ලාහ් සතුය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයා හට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ නගරයට සමීපයෙන් එය(අර්බුද ය) සිදු වීම අඛණ්ඩ ව පවතිනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතිඥා ව කඩ නොකරයි.

Verse 32

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا۟ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ

Transliteration walaqadi us'tuh'zi-a birusulin min qablika fa-amlaytu lilladhīna kafarū thumma akhadhtuhum fakayfa kāna ʿiqābi

Sinhala සැබැවින්ම නුඹට පෙර සිටම දූතවරුන් සමච්චලයට ගනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසු ව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වීද?

Verse 33

أَفَمَنْ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعْلَمُ فِى ٱلْأَرْضِ أَم بِظَـٰهِرٍ مِّنَ ٱلْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا۟ مَكْرُهُمْ وَصُدُّوا۟ عَنِ ٱلسَّبِيلِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ

Transliteration afaman huwa qāimun ʿalā kulli nafsin bimā kasabat wajaʿalū lillahi shurakāa qul sammūhum am tunabbiūnahu bimā lā yaʿlamu fī l-arḍi am biẓāhirin mina l-qawli bal zuyyina lilladhīna kafarū makruhum waṣuddū ʿani l-sabīli waman yuḍ'lili l-lahu famā lahu min hādin

Sinhala සෑම ආත්මයක් කෙරෙහිම ඔවුන් ඉපැයූ දෑ පිළිබඳ ව ඔහු නිරීක්ෂා කරන්නෙකු ව සිටිය දී ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝ ද? (නබිවරය,) ඔවුහු ඔවුන් නම් කළෝ ද නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ ඔහුට ඔවුන් දන්වන්නේ ද නැතහොත් එය මතුපිටින් පවතින ප්‍රකාශයක් ද? නමුත් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාරවත් කරන ලදී. තවද යහ මගින් ඔවුන් වළක්වන ලදී. තවද කවුරුන්ව අල්ලාහ් නොමග යවන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොමැත.

Verse 34

لَّهُمْ عَذَابٌ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍ

Transliteration lahum ʿadhābun fī l-ḥayati l-dun'yā walaʿadhābu l-ākhirati ashaqqu wamā lahum mina l-lahi min wāqin

Sinhala මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත.

Verse 35

۞ مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ أُكُلُهَا دَآئِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى ٱلَّذِينَ ٱتَّقَوا۟ ۖ وَّعُقْبَى ٱلْكَـٰفِرِينَ ٱلنَّارُ

Transliteration mathalu l-janati allatī wuʿida l-mutaqūna tajrī min taḥtihā l-anhāru ukuluhā dāimun waẓilluhā til'ka ʿuq'bā alladhīna ittaqaw waʿuq'bā l-kāfirīna l-nāru

Sinhala දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයට උපමාවක් නම් ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්‍රතික්ෂේපකයින්ගේ අවසානය (නිරා) ගින්නයි.

Verse 36

وَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَفْرَحُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ ٱلْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُۥ ۚ قُلْ إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ وَلَآ أُشْرِكَ بِهِۦٓ ۚ إِلَيْهِ أَدْعُوا۟ وَإِلَيْهِ مَـَٔابِ

Transliteration wa-alladhīna ātaynāhumu l-kitāba yafraḥūna bimā unzila ilayka wamina l-aḥzābi man yunkiru baʿḍahu qul innamā umir'tu an aʿbuda l-laha walā ush'rika bihi ilayhi adʿū wa-ilayhi maābi

Sinhala අප වසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙතද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව සතුටු වෙති. එම කණ්ඩායම් අතුරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට ගැතිකම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම අයැදිමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.

Verse 37

وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا وَاقٍ

Transliteration wakadhālika anzalnāhu ḥuk'man ʿarabiyyan wala-ini ittabaʿta ahwāahum baʿdamā jāaka mina l-ʿil'mi mā laka mina l-lahi min waliyyin walā wāqin

Sinhala එලෙස අපි එය අරාබි බසින් වූ නීති(ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසු ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නොමැත.

Verse 38

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَٰجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ

Transliteration walaqad arsalnā rusulan min qablika wajaʿalnā lahum azwājan wadhurriyyatan wamā kāna lirasūlin an yatiya biāyatin illā bi-idh'ni l-lahi likulli ajalin kitābun

Sinhala සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම දේව ග්‍රන්ථයක් විය.

Verse 39

يَمْحُوا۟ ٱللَّهُ مَا يَشَآءُ وَيُثْبِتُ ۖ وَعِندَهُۥٓ أُمُّ ٱلْكِتَـٰبِ

Transliteration yamḥū l-lahu mā yashāu wayuth'bitu waʿindahu ummu l-kitābi

Sinhala අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) තිබෙන්නට ද හරියි. තවද මාතෘ ග්‍රන්ථය ඇත්තේ ඔහු අබියසය.

Verse 40

وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ وَعَلَيْنَا ٱلْحِسَابُ

Transliteration wa-in mā nuriyannaka baʿḍa alladhī naʿiduhum aw natawaffayannaka fa-innamā ʿalayka l-balāghu waʿalaynā l-ḥisābu

Sinhala අප ඔවුනට ප්‍රතිඥා කරන දෑ නුඹට අපි පෙන්වූවද නැතහොත් (ඊට පෙර) නුඹ ව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) දන්වා සිටීම පමණි. විනිශ්චය කිරීම අපගේ වගකීමය.

Verse 41

أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَٱللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِۦ ۚ وَهُوَ سَرِيعُ ٱلْحِسَابِ

Transliteration awalam yaraw annā natī l-arḍa nanquṣuhā min aṭrāfihā wal-lahu yaḥkumu lā muʿaqqiba liḥuk'mihi wahuwa sarīʿu l-ḥisābi

Sinhala නියත වශයෙන්ම අපි මහපොළොවට පැමිණ එහි වර්ග ප්‍රමාණයෙන් පටු කරන බව ඔවුහු නොදුටුවෝද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

Verse 42

وَقَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ ٱلْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ ٱلْكُفَّـٰرُ لِمَنْ عُقْبَى ٱلدَّارِ

Transliteration waqad makara alladhīna min qablihim falillahi l-makru jamīʿan yaʿlamu mā taksibu kullu nafsin wasayaʿlamu l-kufāru liman ʿuq'bā l-dāri

Sinhala ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. සියලු කුමන්ත්‍රණ අල්ලාහ් සතුය. සෑම ආත්මයක්ම උපයන දෑ ඔහු දනී. අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හටදැයි දේව ප්‍රතික්ෂේපකයෝ මතු දැන ගනිති.

Verse 43

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ وَمَنْ عِندَهُۥ عِلْمُ ٱلْكِتَـٰبِ

Transliteration wayaqūlu alladhīna kafarū lasta mur'salan qul kafā bil-lahi shahīdan baynī wabaynakum waman ʿindahu ʿil'mu l-kitābi

Sinhala නුඹ (අල්ලාහ් විසින්) එවනු ලැබූ (රසූල්වරයකු) නොවේ යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පවසති. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් හා කවරෙකු අබියස දේව ග්‍රන්ථයේ ඥානය ඇත්තේ ද එවන් අය ප්‍රමාණවත් යැයි නුඹ පවසනු.

Read Surah Ar-Ra'd in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.