MyDugsiStart learning

Surah Al-Qasas in Sinhala: translation and audio

Surah 28 · القصص · The Stories · 88 verses

Surah Al-Qasas verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Qasas word by word in English.

Verse 1

طسٓمٓ

Transliteration tta-seen-meem

Sinhala තා, සීන්, මීම්

Verse 2

تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ

Transliteration til'ka āyātu l-kitābi l-mubīni

Sinhala එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් වේ.

Verse 3

نَتْلُوا۟ عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِٱلْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَ

Transliteration natlū ʿalayka min naba-i mūsā wafir'ʿawna bil-ḥaqi liqawmin yu'minūna

Sinhala විශ්වාස කරන ජනයාට මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු.

Verse 4

إِنَّ فِرْعَوْنَ عَلَا فِى ٱلْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَآئِفَةً مِّنْهُمْ يُذَبِّحُ أَبْنَآءَهُمْ وَيَسْتَحْىِۦ نِسَآءَهُمْ ۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلْمُفْسِدِينَ

Transliteration inna fir'ʿawna ʿalā fī l-arḍi wajaʿala ahlahā shiyaʿan yastaḍʿifu ṭāifatan min'hum yudhabbiḥu abnāahum wayastaḥyī nisāahum innahu kāna mina l-muf'sidīna

Sinhala නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම් වලට බෙදා ඔවුන් අතුරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවීය. නියත වශයෙන්ම ඔහු කලහකාරීන් අතුරින් කෙනෙකු විය.

Verse 5

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ فِى ٱلْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ ٱلْوَٰرِثِينَ

Transliteration wanurīdu an namunna ʿalā alladhīna us'tuḍ'ʿifū fī l-arḍi wanajʿalahum a-immatan wanajʿalahumu l-wārithīna

Sinhala මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන් හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අදහස් කළෙමු.

Verse 6

وَنُمَكِّنَ لَهُمْ فِى ٱلْأَرْضِ وَنُرِىَ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا۟ يَحْذَرُونَ

Transliteration wanumakkina lahum fī l-arḍi wanuriya fir'ʿawna wahāmāna wajunūdahumā min'hum mā kānū yaḥdharūna

Sinhala තවද ඔවුනට අපි මහපොළොවේ පහසුකම් සලසා දීමටත් ෆිර්අවුන් හා හාමාන්ට ද ,ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද, ඔවුන් අතුරින් කවර දෙයක් පිළිබඳ ඔවුන් ප්‍රවේශමෙන් කටයුතු කළේ ද එය ඔවුනට අප පෙන්වීමටත් අපි අදහස් කළෙමු.

Verse 7

وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓ ۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ

Transliteration wa-awḥaynā ilā ummi mūsā an arḍiʿīhi fa-idhā khif'ti ʿalayhi fa-alqīhi fī l-yami walā takhāfī walā taḥzanī innā rāddūhu ilayki wajāʿilūhu mina l-mur'salīna

Sinhala ඔහුට කිරි දෙන මෙන් ද, ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමන් මෙන් ද, තවද ඔබ බිය නොවනු තවද ඔබ දුක් නොවනු යැයි ද, නියත වශයෙන්ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු එමෙන්ම අපි ඔහු ධර්ම දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු යැයි ද අපි මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු.

Verse 8

فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا كَانُوا۟ خَـٰطِـِٔينَ

Transliteration fal-taqaṭahu ālu fir'ʿawna liyakūna lahum ʿaduwwan waḥazanan inna fir'ʿawna wahāmāna wajunūdahumā kānū khāṭiīna

Sinhala (මූසාගේ මව ඔහුව ගඟට දැමුවාය. ඉන්පසු) ෆිර්අවුන්ගේ නිවැසියන් ඔහුව අරගත්හ. එය ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිසය. නියත වශයෙන්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නෝ වූහ.

Verse 9

وَقَالَتِ ٱمْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِّى وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ

Transliteration waqālati im'ra-atu fir'ʿawna qurratu ʿaynin lī walaka lā taqtulūhu ʿasā an yanfaʿanā aw nattakhidhahu waladan wahum lā yashʿurūna

Sinhala මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නොදමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැක. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවාය. තවද (සැබෑ යථාර්ථය) ඔවුනට නොවැටහුණි.

Verse 10

وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَـٰرِغًا ۖ إِن كَادَتْ لَتُبْدِى بِهِۦ لَوْلَآ أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

Transliteration wa-aṣbaḥa fuādu ummi mūsā fārighan in kādat latub'dī bihi lawlā an rabaṭnā ʿalā qalbihā litakūna mina l-mu'minīna

Sinhala මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නියන් අතුරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නොකළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි.

Verse 11

وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ

Transliteration waqālat li-ukh'tihi quṣṣīhi fabaṣurat bihi ʿan junubin wahum lā yashʿurūna

Sinhala ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවාය. එවිට ඔවුන් නොදැනුවත් ව සිටිය දී (ඔවුන්) අසලින්ම සිට ඔහු දෙස ඇය විපරම් කළාය.

Verse 12

۞ وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰٓ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُۥ لَكُمْ وَهُمْ لَهُۥ نَـٰصِحُونَ

Transliteration waḥarramnā ʿalayhi l-marāḍiʿa min qablu faqālat hal adullukum ʿalā ahli baytin yakfulūnahu lakum wahum lahu nāṣiḥūna

Sinhala අපි (මවට භාරදීමට) පෙර කිරි දෙන මව්වරුන් ඔහු වෙත තහනම් කළෙමු. එවිට ඔහු භාරගන්නා නිවැසියන් පිළිබඳ ව මම නුඹලාට දන්වන්නෙම් ද? ඔවුහු ඔහුට උපදෙස් දෙන්නෝ වෙති යැයි ඇය (සහෝදරිය) පැවසුවාය.

Verse 13

فَرَدَدْنَـٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Transliteration faradadnāhu ilā ummihi kay taqarra ʿaynuhā walā taḥzana walitaʿlama anna waʿda l-lahi ḥaqqun walākinna aktharahum lā yaʿlamūna

Sinhala අපි ඔහුව (මූසාව) ඔහුගේ මව වෙතම නැවත භාර දුනිමු. (එබැවින්) ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නොවීමටද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගැනීමට ද සැලැස්සුවෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

Verse 14

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسْتَوَىٰٓ ءَاتَيْنَـٰهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

Transliteration walammā balagha ashuddahu wa-is'tawā ātaynāhu ḥuk'man waʿil'man wakadhālika najzī l-muḥ'sinīna

Sinhala ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

Verse 15

وَدَخَلَ ٱلْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَـٰذَا مِن شِيعَتِهِۦ وَهَـٰذَا مِنْ عَدُوِّهِۦ ۖ فَٱسْتَغَـٰثَهُ ٱلَّذِى مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِى مِنْ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَـٰذَا مِنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ ۖ إِنَّهُۥ عَدُوٌّ مُّضِلٌّ مُّبِينٌ

Transliteration wadakhala l-madīnata ʿalā ḥīni ghaflatin min ahlihā fawajada fīhā rajulayni yaqtatilāni hādhā min shīʿatihi wahādhā min ʿaduwwihi fa-is'taghāthahu alladhī min shīʿatihi ʿalā alladhī min ʿaduwwihi fawakazahu mūsā faqaḍā ʿalayhi qāla hādhā min ʿamali l-shayṭāni innahu ʿaduwwun muḍillun mubīnun

Sinhala එහි වැසියන් නොසැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසීය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු ගහ මරා ගත්හ. එවිට තම පාර්ශවයේ පුද්ගලයා තම සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහි ව ඔහුගෙන් උදව් පැතීය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසීය. එවිට ඔහු වෙත (මරණය) තීන්දු විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන්ම ඔහු නොමග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසීය.

Verse 16

قَالَ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى فَٱغْفِرْ لِى فَغَفَرَ لَهُۥٓ ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

Transliteration qāla rabbi innī ẓalamtu nafsī fa-igh'fir lī faghafara lahu innahu huwa l-ghafūru l-raḥīmu

Sinhala මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව ! යැයි ඔහු ප්‍රාර්ථනා කළේය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේය. නියත වශයෙන්ම මහා කරුණාන්විත ලෙසද අතික්ෂමාශීලී ලෙසද සිටින්නේ ඔහුමය .

Verse 17

قَالَ رَبِّ بِمَآ أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِّلْمُجْرِمِينَ

Transliteration qāla rabbi bimā anʿamta ʿalayya falan akūna ẓahīran lil'muj'rimīna

Sinhala මාගේ පරමාධිපතියාණෙනි, ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන් හට උර දෙන්නෙකු නොවෙමි යැයි ඔහු පැවසීය.

Verse 18

فَأَصْبَحَ فِى ٱلْمَدِينَةِ خَآئِفًا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِى ٱسْتَنصَرَهُۥ بِٱلْأَمْسِ يَسْتَصْرِخُهُۥ ۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِىٌّ مُّبِينٌ

Transliteration fa-aṣbaḥa fī l-madīnati khāifan yataraqqabu fa-idhā alladhī is'tanṣarahu bil-amsi yastaṣrikhuhu qāla lahu mūsā innaka laghawiyyun mubīnun

Sinhala එවිට ඔහු බියට පත් ව නගරය තුළ නිරීක්ෂාවෙන් ගමන් කරන්නෙකු බවට පත් විය. පෙර දින ඔහුගෙන් උදව් පැතූ අයම නැවතත් ඔහුගෙන් උදව් පැතීය. එවිට නියත වශයෙන්ම ඔබ පැහැදිලි අපරාධකාරයකි යැයි මූසා ඔහුට පැවසීය.

Verse 19

فَلَمَّآ أَنْ أَرَادَ أَن يَبْطِشَ بِٱلَّذِى هُوَ عَدُوٌّ لَّهُمَا قَالَ يَـٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقْتُلَنِى كَمَا قَتَلْتَ نَفْسًۢا بِٱلْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًا فِى ٱلْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلْمُصْلِحِينَ

Transliteration falammā an arāda an yabṭisha bi-alladhī huwa ʿaduwwun lahumā qāla yāmūsā aturīdu an taqtulanī kamā qatalta nafsan bil-amsi in turīdu illā an takūna jabbāran fī l-arḍi wamā turīdu an takūna mina l-muṣ'liḥīna

Sinhala ඔවුන් දෙදෙනාටම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි අහෝ! මූසා, පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස (වෙනකක්) අදහස් කරන්නේ නැත. එමෙන්ම ප්‍රතිසංස්කරණ කරන්නන් අතර සිටීමට ඔබ නොසිතන්නෙහිය යැයි ඔහු පැවසීය.

Verse 20

وَجَآءَ رَجُلٌ مِّنْ أَقْصَا ٱلْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَـٰمُوسَىٰٓ إِنَّ ٱلْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَٱخْرُجْ إِنِّى لَكَ مِنَ ٱلنَّـٰصِحِينَ

Transliteration wajāa rajulun min aqṣā l-madīnati yasʿā qāla yāmūsā inna l-mala-a yatamirūna bika liyaqtulūka fa-ukh'ruj innī laka mina l-nāṣiḥīna

Sinhala නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ ! මූසා නියත වශයෙන්ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ බැහැර ව යනු. නියත වශයෙන්ම මම ඔබට උපදෙස් දෙන්නන් අතුරින් කෙනෙකු වීමි යැයි ඔහු පැවසීය.

Verse 21

فَخَرَجَ مِنْهَا خَآئِفًا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ

Transliteration fakharaja min'hā khāifan yataraqqabu qāla rabbi najjinī mina l-qawmi l-ẓālimīna

Sinhala එවිට ඔහු බියට පත් ව නිරීක්ෂාකාරී ව ඉන් බැහැර වී ‘මාගේ පරමාධිපතියාණෙනි, අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු’ යැයි ඔහු පැවසීය.

Verse 22

وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّىٓ أَن يَهْدِيَنِى سَوَآءَ ٱلسَّبِيلِ

Transliteration walammā tawajjaha til'qāa madyana qāla ʿasā rabbī an yahdiyanī sawāa l-sabīli

Sinhala තවද ඔහු මද්යන් දෙසට මුහුණලා ගිය කල්හි, මාගේ පරමාධිපති මට නිවැරදි මග පෙන්වන්නට පුළුවණැයි ඔහු පැවසීය.

Verse 23

وَلَمَّا وَرَدَ مَآءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ ٱلنَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِى حَتَّىٰ يُصْدِرَ ٱلرِّعَآءُ ۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ

Transliteration walammā warada māa madyana wajada ʿalayhi ummatan mina l-nāsi yasqūna wawajada min dūnihimu im'ra-atayni tadhūdāni qāla mā khaṭbukumā qālatā lā nasqī ḥattā yuṣ'dira l-riʿāu wa-abūnā shaykhun kabīrun

Sinhala මද්යන්හි ජලාශය අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතුරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැයි ඔහු විමසීය. මෙම එඬේරුන් පිට ව යන තෙක් අපට ජලය සැපයිය නොහැක. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසූහ.

Verse 24

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّى لِمَآ أَنزَلْتَ إِلَىَّ مِنْ خَيْرٍ فَقِيرٌ

Transliteration fasaqā lahumā thumma tawallā ilā l-ẓili faqāla rabbi innī limā anzalta ilayya min khayrin faqīrun

Sinhala එවිට ඔවුන් දෙදෙනාහට ඔහු(මූසා) ජලය සපයා පසු ව හෙවණ වෙත හැරී ගොස් ‘මාගේ පරමාධිපතියාණෙනි, ඔබ මා වෙත පහළ කළ යහපත කෙරෙහි මම අවශ්‍යතා ඇත්තෙකු වෙමි’ යැයි ඔහු පැවසීය.

Verse 25

فَجَآءَتْهُ إِحْدَىٰهُمَا تَمْشِى عَلَى ٱسْتِحْيَآءٍ قَالَتْ إِنَّ أَبِى يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيْهِ ٱلْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ

Transliteration fajāathu iḥ'dāhumā tamshī ʿalā is'tiḥ'yāin qālat inna abī yadʿūka liyajziyaka ajra mā saqayta lanā falammā jāahu waqaṣṣa ʿalayhi l-qaṣaṣa qāla lā takhaf najawta mina l-qawmi l-ẓālimīna

Sinhala ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ නියත වශයෙන්ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කළේ යැයි පැවසුවාය. එවිට ඔහු(මූසා) ඔහු(අය්යූබ්) වෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසීය. ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසීය.

Verse 26

قَالَتْ إِحْدَىٰهُمَا يَـٰٓأَبَتِ ٱسْتَـْٔجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ ٱسْتَـْٔجَرْتَ ٱلْقَوِىُّ ٱلْأَمِينُ

Transliteration qālat iḥ'dāhumā yāabati is'tajir'hu inna khayra mani is'tajarta l-qawiyu l-amīnu

Sinhala මාගේ පියාණනි, ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවාය.

Verse 27

قَالَ إِنِّىٓ أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ٱبْنَتَىَّ هَـٰتَيْنِ عَلَىٰٓ أَن تَأْجُرَنِى ثَمَـٰنِىَ حِجَجٍ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِندِكَ ۖ وَمَآ أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰلِحِينَ

Transliteration qāla innī urīdu an unkiḥaka iḥ'dā ib'natayya hātayni ʿalā an tajuranī thamāniya ḥijajin fa-in atmamta ʿashran famin ʿindika wamā urīdu an ashuqqa ʿalayka satajidunī in shāa l-lahu mina l-ṣāliḥīna

Sinhala වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන්ම මම අදහස් කරමි. එසේ ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුවය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්‍රිය නොකරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතුරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසීය.

Verse 28

قَالَ ذَٰلِكَ بَيْنِى وَبَيْنَكَ ۖ أَيَّمَا ٱلْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَٰنَ عَلَىَّ ۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ

Transliteration qāla dhālika baynī wabaynaka ayyamā l-ajalayni qaḍaytu falā ʿud'wāna ʿalayya wal-lahu ʿalā mā naqūlu wakīlun

Sinhala එය මා අතර හා ඔබ අතර වූවකි. කාලයන් දෙකින් කවර(කාලය)ක් මා ඉටු කළ ද එවිට මා වෙත කිසිදු සතුරුකමක් නැත. තවද අල්ලාහ් අප පවසන දෑ වෙත භාරකරුය යැයි ඔහු(අය්යූබ්) පැවසීය.

Verse 29

۞ فَلَمَّا قَضَىٰ مُوسَى ٱلْأَجَلَ وَسَارَ بِأَهْلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ

Transliteration falammā qaḍā mūsā l-ajala wasāra bi-ahlihi ānasa min jānibi l-ṭūri nāran qāla li-ahlihi um'kuthū innī ānastu nāran laʿallī ātīkum min'hā bikhabarin aw jadhwatin mina l-nāri laʿallakum taṣṭalūna

Sinhala මූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමග ගමන් ගත් කල්හි තූර් කඳු අසල දුරකින් ගින්නක් දුටුවේය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන්ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසීය.

Verse 30

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ مِن شَـٰطِئِ ٱلْوَادِ ٱلْأَيْمَنِ فِى ٱلْبُقْعَةِ ٱلْمُبَـٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَـٰمُوسَىٰٓ إِنِّىٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ

Transliteration falammā atāhā nūdiya min shāṭi-i l-wādi l-aymani fī l-buq'ʿati l-mubārakati mina l-shajarati an yāmūsā innī anā l-lahu rabbu l-ʿālamīna

Sinhala එවිට ඒ වෙත ඔහු පැමිණි කල්හි ආශිර්වාද කරනු ලැබූ භූමි භාගයේ දකුණු මිටියාවත අද්දර වූ ගසින් ‘අහෝ! මූසා, සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් මම වෙමි යැයි අමතනු ලැබීය.

Verse 31

وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَـٰمُوسَىٰٓ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ ٱلْـَٔامِنِينَ

Transliteration wa-an alqi ʿaṣāka falammā raāhā tahtazzu ka-annahā jānnun wallā mud'biran walam yuʿaqqib yāmūsā aqbil walā takhaf innaka mina l-āminīna

Sinhala තවද ඔබ ඔබේ සැරයටිය හෙළනු. එය සර්පයකු මෙන් දඟලනු ඔහු දුටු කල්හි පසුපස හැරී ගියේය. තවද ඔහු (නැවත) හැරී නොබැලුවේය. අහෝ! මූසා, ඔබ ඉදිරියට එනු. තවද ඔබ බිය නොවනු. නියත වශයෙන්ම ඔබ ආරක්ෂා කරනු ලැබූවන් අතුරිනි. (යැයි පවසනු ලැබීය.)

Verse 32

ٱسْلُكْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ وَٱضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ ٱلرَّهْبِ ۖ فَذَٰنِكَ بُرْهَـٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ

Transliteration us'luk yadaka fī jaybika takhruj bayḍāa min ghayri sūin wa-uḍ'mum ilayka janāḥaka mina l-rahbi fadhānika bur'hānāni min rabbika ilā fir'ʿawna wamala-ihi innahum kānū qawman fāsiqīna

Sinhala ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොර ව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ ඇළපත ඔබ වෙතට ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන්ම ඔවුහු පාපතර පිරිසක් වූහ.

Verse 33

قَالَ رَبِّ إِنِّى قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَن يَقْتُلُونِ

Transliteration qāla rabbi innī qataltu min'hum nafsan fa-akhāfu an yaqtulūni

Sinhala මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් අතුරින් කෙනෙකු ව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.

Verse 34

وَأَخِى هَـٰرُونُ هُوَ أَفْصَحُ مِنِّى لِسَانًا فَأَرْسِلْهُ مَعِىَ رِدْءًا يُصَدِّقُنِىٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ

Transliteration wa-akhī hārūnu huwa afṣaḥu minnī lisānan fa-arsil'hu maʿiya rid'an yuṣaddiqunī innī akhāfu an yukadhibūni

Sinhala තවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුරය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමග එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි (යැයි මූසා පැවසීය.)

Verse 35

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَـٰنًا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِـَٔايَـٰتِنَآ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلْغَـٰلِبُونَ

Transliteration qāla sanashuddu ʿaḍudaka bi-akhīka wanajʿalu lakumā sul'ṭānan falā yaṣilūna ilaykumā biāyātinā antumā wamani ittabaʿakumā l-ghālibūna

Sinhala (එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මගින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නොවනු ඇත. අපගේ සංඥා මගින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති.

Verse 36

فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَـٰتِنَا بَيِّنَـٰتٍ قَالُوا۟ مَا هَـٰذَآ إِلَّا سِحْرٌ مُّفْتَرًى وَمَا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ

Transliteration falammā jāahum mūsā biāyātinā bayyinātin qālū mā hādhā illā siḥ'run muf'taran wamā samiʿ'nā bihādhā fī ābāinā l-awalīna

Sinhala මූසා අපගේ පැහැදිලි සංඥා සමග ඔවුන් වෙත පැමිණි කල්හි ‘මෙය නිර්මාණය කරනු ලැබූ හූනියමක් මිස නැතැයි ද අපගේ මුල් මුතුන්මිත්තන් තුළ අපි මේ ගැන අසා නැත්තෙමු’ යැයි ද ඔවුහු පැවසූහ.

Verse 37

وَقَالَ مُوسَىٰ رَبِّىٓ أَعْلَمُ بِمَن جَآءَ بِٱلْهُدَىٰ مِنْ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَـٰقِبَةُ ٱلدَّارِ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ

Transliteration waqāla mūsā rabbī aʿlamu biman jāa bil-hudā min ʿindihi waman takūnu lahu ʿāqibatu l-dāri innahu lā yuf'liḥu l-ẓālimūna

Sinhala තමන් වෙතින් යහමග රැගෙන ආවේ කවුරුන් දැයි ද අවසන් නිවහන කවුරුන් සතු වන්නේ දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නියත වශයෙන්ම අපරාධකරුවන් ජය නොලබනු ඇතැයි මූසා පැවසීය.

Verse 38

وَقَالَ فِرْعَوْنُ يَـٰٓأَيُّهَا ٱلْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرِى فَأَوْقِدْ لِى يَـٰهَـٰمَـٰنُ عَلَى ٱلطِّينِ فَٱجْعَل لِّى صَرْحًا لَّعَلِّىٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ مِنَ ٱلْكَـٰذِبِينَ

Transliteration waqāla fir'ʿawnu yāayyuhā l-mala-u mā ʿalim'tu lakum min ilāhin ghayrī fa-awqid lī yāhāmānu ʿalā l-ṭīni fa-ij'ʿal lī ṣarḥan laʿallī aṭṭaliʿu ilā ilāhi mūsā wa-innī la-aẓunnuhu mina l-kādhibīna

Sinhala තවද ෆිර්අව්න් (මෙසේ) පැවැසුවේය, අහෝ ! ප්‍රධානියනි, මා හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට ඇතැයි මම නොදනිමි. එහෙයින් අහෝ! හාමාන්, මූසාගේ දෙවියා වෙත එබී බැලිය හැකිවනු පිණිස මා වෙනුවෙන් උස් මැඳුරක් තනනු. තවද නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතුරින් යැයි මම සිතමි.

Verse 39

وَٱسْتَكْبَرَ هُوَ وَجُنُودُهُۥ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَظَنُّوٓا۟ أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ

Transliteration wa-is'takbara huwa wajunūduhu fī l-arḍi bighayri l-ḥaqi waẓannū annahum ilaynā lā yur'jaʿūna

Sinhala ඔහු හා ඔහුගේ සේනාවන් යුක්තියෙන් තොර ව මහපොළොවෙහි අහංකාරකම් පෑවෝය. නියත වශයෙන්ම තමන් අප වෙත නැවත හැරී එනු නොලබන බව ඔවුහු සිතූහ.

Verse 40

فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلظَّـٰلِمِينَ

Transliteration fa-akhadhnāhu wajunūdahu fanabadhnāhum fī l-yami fa-unẓur kayfa kāna ʿāqibatu l-ẓālimīna

Sinhala එහෙයින් ඔහු හා ඔහුගේ සේනාව අපි හසු කළෙමු. අපි ඔවුන් මුහුදට හෙළුවෙමු. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.

Verse 41

وَجَعَلْنَـٰهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى ٱلنَّارِ ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ لَا يُنصَرُونَ

Transliteration wajaʿalnāhum a-immatan yadʿūna ilā l-nāri wayawma l-qiyāmati lā yunṣarūna

Sinhala තවද අපි ඔවුන් නිරය වෙත ඇරයුම් කරන නායකයින් බවට පත් කළෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උදව් කරනු නොලබති.

Verse 42

وَأَتْبَعْنَـٰهُمْ فِى هَـٰذِهِ ٱلدُّنْيَا لَعْنَةً ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ هُم مِّنَ ٱلْمَقْبُوحِينَ

Transliteration wa-atbaʿnāhum fī hādhihi l-dun'yā laʿnatan wayawma l-qiyāmati hum mina l-maqbūḥīna

Sinhala මෙලොවෙහි ශාපයක් අපි ඔවුන් පසුපස එවන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු දුරස් කරනු ලබන්නන් අතුරින් වෙති.

Verse 43

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ مِنۢ بَعْدِ مَآ أَهْلَكْنَا ٱلْقُرُونَ ٱلْأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ

Transliteration walaqad ātaynā mūsā l-kitāba min baʿdi mā ahlaknā l-qurūna l-ūlā baṣāira lilnnāsi wahudan waraḥmatan laʿallahum yatadhakkarūna

Sinhala තවද මුල් පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසු ව මිනිසා උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔහුට සාධක වශයෙන් ද මගපෙන්වීමක් හා දයාවක් වශයෙන් ද සැබැවින්ම අපි මූසාට දහම් ග්‍රන්ථය පිරිනැමුවෙමු.

Verse 44

وَمَا كُنتَ بِجَانِبِ ٱلْغَرْبِىِّ إِذْ قَضَيْنَآ إِلَىٰ مُوسَى ٱلْأَمْرَ وَمَا كُنتَ مِنَ ٱلشَّـٰهِدِينَ

Transliteration wamā kunta bijānibi l-gharbiyi idh qaḍaynā ilā mūsā l-amra wamā kunta mina l-shāhidīna

Sinhala මූසාට නීයෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර අසල නොසිටියෙහිය. තවද ඔබ සාක්ෂිකරුවන් අතුරින් ද නොවීය.

Verse 45

وَلَـٰكِنَّآ أَنشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۚ وَمَا كُنتَ ثَاوِيًا فِىٓ أَهْلِ مَدْيَنَ تَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِنَا وَلَـٰكِنَّا كُنَّا مُرْسِلِينَ

Transliteration walākinnā anshanā qurūnan fataṭāwala ʿalayhimu l-ʿumuru wamā kunta thāwiyan fī ahli madyana tatlū ʿalayhim āyātinā walākinnā kunnā mur'silīna

Sinhala එනමුත් අපි පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නොවීය. එනමුත් අප දූතයින් එවන්නන් වූයෙමු.

Verse 46

وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذْ نَادَيْنَا وَلَـٰكِن رَّحْمَةً مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

Transliteration wamā kunta bijānibi l-ṭūri idh nādaynā walākin raḥmatan min rabbika litundhira qawman mā atāhum min nadhīrin min qablika laʿallahum yatadhakkarūna

Sinhala අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නොවූයෙහිය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි.

Verse 47

وَلَوْلَآ أَن تُصِيبَهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ ءَايَـٰتِكَ وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

Transliteration walawlā an tuṣībahum muṣībatun bimā qaddamat aydīhim fayaqūlū rabbanā lawlā arsalta ilaynā rasūlan fanattabiʿa āyātika wanakūna mina l-mu'minīna

Sinhala ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් විපතක් සිදු වී ‘අපගේ පරමාධිපතියාණෙනි, අප වෙත දූතයකු එවිය යුතු නොවේ ද? එවිට ඔබගේ වදන් අපි පිළිපදින්නට තිබුණි තවද දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි ඔවුහු නොපවසනු පිණිසය.

Verse 48

فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوا۟ لَوْلَآ أُوتِىَ مِثْلَ مَآ أُوتِىَ مُوسَىٰٓ ۚ أَوَلَمْ يَكْفُرُوا۟ بِمَآ أُوتِىَ مُوسَىٰ مِن قَبْلُ ۖ قَالُوا۟ سِحْرَانِ تَظَـٰهَرَا وَقَالُوٓا۟ إِنَّا بِكُلٍّ كَـٰفِرُونَ

Transliteration falammā jāahumu l-ḥaqu min ʿindinā qālū lawlā ūtiya mith'la mā ūtiya mūsā awalam yakfurū bimā ūtiya mūsā min qablu qālū siḥ'rāni taẓāharā waqālū innā bikullin kāfirūna

Sinhala අප වෙතින් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි මූසාට දෙනු ලැබූවාක් මෙන් යමක් දෙනු ලැබිය යුතු නොවේ දැ?යි විමසති. මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ ඔවුහු ප්‍රතික්ෂේප නොකළෝ ද? ඔවුන් එකිනෙකාට සහය දෙන හූනියම් කරුවන් දෙදෙනෙකි යැයි ඔවුහු පැවසූහ. තවද නියත වශයෙන්ම අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පැවසූහ.

Verse 49

قُلْ فَأْتُوا۟ بِكِتَـٰبٍ مِّنْ عِندِ ٱللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَآ أَتَّبِعْهُ إِن كُنتُمْ صَـٰدِقِينَ

Transliteration qul fatū bikitābin min ʿindi l-lahi huwa ahdā min'humā attabiʿ'hu in kuntum ṣādiqīna

Sinhala නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන දහම් ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි නබිවරය ඔබ පවසනු.

Verse 50

فَإِن لَّمْ يَسْتَجِيبُوا۟ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًى مِّنَ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ

Transliteration fa-in lam yastajībū laka fa-iʿ'lam annamā yattabiʿūna ahwāahum waman aḍallu mimmani ittabaʿa hawāhu bighayri hudan mina l-lahi inna l-laha lā yahdī l-qawma l-ẓālimīna

Sinhala ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු. නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගියවුන් කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.

Verse 51

۞ وَلَقَدْ وَصَّلْنَا لَهُمُ ٱلْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

Transliteration walaqad waṣṣalnā lahumu l-qawla laʿallahum yatadhakkarūna

Sinhala තවද සැබැවින්ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු.

Verse 52

ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ مِن قَبْلِهِۦ هُم بِهِۦ يُؤْمِنُونَ

Transliteration alladhīna ātaynāhumu l-kitāba min qablihi hum bihi yu'minūna

Sinhala මීට පෙර අපි ඔවුනට දහම් ග්‍රන්ථය පිරිනැමූ අය වනාහි ඔවුහු එය විශ්වාස කරති.

Verse 53

وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوٓا۟ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبْلِهِۦ مُسْلِمِينَ

Transliteration wa-idhā yut'lā ʿalayhim qālū āmannā bihi innahu l-ḥaqu min rabbinā innā kunnā min qablihi mus'limīna

Sinhala තවද ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි එය විශ්වාස කළෙමු. නියත වශයෙන්ම එය අපගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි. නියත වශයෙන්ම අපි මීට පෙර පවා අවනත වන්නන් ලෙස සිටියෙමු’ යැයි ඔවුහු පැවසූහ.

Verse 54

أُو۟لَـٰٓئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا۟ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ

Transliteration ulāika yu'tawna ajrahum marratayni bimā ṣabarū wayadraūna bil-ḥasanati l-sayi-ata wamimmā razaqnāhum yunfiqūna

Sinhala ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළකා ගත් බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කළ බැවින් ද ඔවුන්ගේ කුලිය දෙවතාවක් දෙනු ලබන්නන් ඔවුහුමය.

Verse 55

وَإِذَا سَمِعُوا۟ ٱللَّغْوَ أَعْرَضُوا۟ عَنْهُ وَقَالُوا۟ لَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ سَلَـٰمٌ عَلَيْكُمْ لَا نَبْتَغِى ٱلْجَـٰهِلِينَ

Transliteration wa-idhā samiʿū l-laghwa aʿraḍū ʿanhu waqālū lanā aʿmālunā walakum aʿmālukum salāmun ʿalaykum lā nabtaghī l-jāhilīna

Sinhala නිෂ්ඵල දෑට ඔවුන් සවන් දුන් විට ඔවුන් එය පිටු දැක ‘අපගේ ක්‍රියාවන් අපටය. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාටය. නුඹලා වෙත ශාන්තිය අත් වේවා! (මිතුරුකම් පෑමට) අඥානයින් අපි නොසොයන්නෙමු.’ යැයි ඔවුහු පැවසූහ.

Verse 56

إِنَّكَ لَا تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَـٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

Transliteration innaka lā tahdī man aḥbabta walākinna l-laha yahdī man yashāu wahuwa aʿlamu bil-muh'tadīna

Sinhala නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය.

Verse 57

وَقَالُوٓا۟ إِن نَّتَّبِعِ ٱلْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَآ ۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا ءَامِنًا يُجْبَىٰٓ إِلَيْهِ ثَمَرَٰتُ كُلِّ شَىْءٍ رِّزْقًا مِّن لَّدُنَّا وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Transliteration waqālū in nattabiʿi l-hudā maʿaka nutakhaṭṭaf min arḍinā awalam numakkin lahum ḥaraman āminan yuj'bā ilayhi thamarātu kulli shayin riz'qan min ladunnā walākinna aktharahum lā yaʿlamūna

Sinhala අපි ඔබ සමග යහමග අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමු යැයි ඔවුහු පැවසූහ. අප වෙතින් වූ පෝෂණයක් වශයෙන් සෑම වර්ගයකම පලතුරු ඒ වෙත ගෙන දෙන අභයදායී සුරක්ෂිත (දේශයක්) ලෙස අපි ඔවුනට පත් නොකළෙමු ද? එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

Verse 58

وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍۭ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَـٰكِنُهُمْ لَمْ تُسْكَن مِّنۢ بَعْدِهِمْ إِلَّا قَلِيلًا ۖ وَكُنَّا نَحْنُ ٱلْوَٰرِثِينَ

Transliteration wakam ahlaknā min qaryatin baṭirat maʿīshatahā fatil'ka masākinuhum lam tus'kan min baʿdihim illā qalīlan wakunnā naḥnu l-wārithīna

Sinhala තවද තම සැපවත් ජීවිතයට ගුණමකු වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ එම වාසස්ථාන වල ස්වල්ප දෙනෙකු මිස වාසය කරනු නොලැබීය. තවද අපි උරුමක්කරුවන් වූයෙමු.

Verse 59

وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِىٓ أُمِّهَا رَسُولًا يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِى ٱلْقُرَىٰٓ إِلَّا وَأَهْلُهَا ظَـٰلِمُونَ

Transliteration wamā kāna rabbuka muh'lika l-qurā ḥattā yabʿatha fī ummihā rasūlan yatlū ʿalayhim āyātinā wamā kunnā muh'likī l-qurā illā wa-ahluhā ẓālimūna

Sinhala අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වන දූතයකු එහි මව් නගරයට එවන තෙක් ඔබේ පරමාධිපති එම ගම්මානය විනාශ කරන්නකු නොවීය. තවද අපි එහි වැසියන් අපරාධකරුවන් ව සිටිය දී මිස එම ගම්මානය විනාශ කරන්නන් නොවූයෙමු.

Verse 60

وَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰٓ ۚ أَفَلَا تَعْقِلُونَ

Transliteration wamā ūtītum min shayin famatāʿu l-ḥayati l-dun'yā wazīnatuhā wamā ʿinda l-lahi khayrun wa-abqā afalā taʿqilūna

Sinhala තවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨය. සදාකාලිකය. නුඹලා වටහා නොගන්නෙහු ද?

Verse 61

أَفَمَن وَعَدْنَـٰهُ وَعْدًا حَسَنًا فَهُوَ لَـٰقِيهِ كَمَن مَّتَّعْنَـٰهُ مَتَـٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ ٱلْقِيَـٰمَةِ مِنَ ٱلْمُحْضَرِينَ

Transliteration afaman waʿadnāhu waʿdan ḥasanan fahuwa lāqīhi kaman mattaʿnāhu matāʿa l-ḥayati l-dun'yā thumma huwa yawma l-qiyāmati mina l-muḥ'ḍarīna

Sinhala අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා මෙලොව ජීවිතයේ සම්පත් අපි ඔහුට භුක්ති විඳීමට සලස්වා පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඉදිරිපත් කරනු ලබන්නන් අතුරින් වන්නෙකු මෙන් ද?

Verse 62

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

Transliteration wayawma yunādīhim fayaqūlu ayna shurakāiya alladhīna kuntum tazʿumūna

Sinhala තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැයි විමසයි.

Verse 63

قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغْوَيْنَآ أَغْوَيْنَـٰهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَآ إِلَيْكَ ۖ مَا كَانُوٓا۟ إِيَّانَا يَعْبُدُونَ

Transliteration qāla alladhīna ḥaqqa ʿalayhimu l-qawlu rabbanā hāulāi alladhīna aghwaynā aghwaynāhum kamā ghawaynā tabarranā ilayka mā kānū iyyānā yaʿbudūna

Sinhala ‘අපගේ පරමාධිපතියාණනි, අප නොමග යැවූ මොවූහු අප නොමග ගියාක් මෙන්ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නොවූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.

Verse 64

وَقِيلَ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَرَأَوُا۟ ٱلْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا۟ يَهْتَدُونَ

Transliteration waqīla id'ʿū shurakāakum fadaʿawhum falam yastajībū lahum wara-awū l-ʿadhāba law annahum kānū yahtadūna

Sinhala නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට (සමානයන් උපකල්පනය කළ) ඔවුහු ඔවුන් අමතති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන්ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්! (කොතරම් අගනේද!)

Verse 65

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَآ أَجَبْتُمُ ٱلْمُرْسَلِينَ

Transliteration wayawma yunādīhim fayaqūlu mādhā ajabtumu l-mur'salīna

Sinhala එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහුදැ?යි විමසයි.

Verse 66

فَعَمِيَتْ عَلَيْهِمُ ٱلْأَنۢبَآءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَآءَلُونَ

Transliteration faʿamiyat ʿalayhimu l-anbāu yawma-idhin fahum lā yatasāalūna

Sinhala සිදුවීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී ගොස් තිබේ. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නොගනිති.

Verse 67

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلْمُفْلِحِينَ

Transliteration fa-ammā man tāba waāmana waʿamila ṣāliḥan faʿasā an yakūna mina l-muf'liḥīna

Sinhala නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔහු ජයග්‍රාහකයින් අතුරින් වන්නට පුළුවණ.

Verse 68

وَرَبُّكَ يَخْلُقُ مَا يَشَآءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ ٱلْخِيَرَةُ ۚ سُبْحَـٰنَ ٱللَّهِ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Transliteration warabbuka yakhluqu mā yashāu wayakhtāru mā kāna lahumu l-khiyaratu sub'ḥāna l-lahi wataʿālā ʿammā yush'rikūna

Sinhala තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේය. ඔහු තෝරා ගන්නේය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.

Verse 69

وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ

Transliteration warabbuka yaʿlamu mā tukinnu ṣudūruhum wamā yuʿ'linūna

Sinhala තවද නුඹලාගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද ඔබේ පරමාධිපති දන්නේය.

Verse 70

وَهُوَ ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْحَمْدُ فِى ٱلْأُولَىٰ وَٱلْـَٔاخِرَةِ ۖ وَلَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

Transliteration wahuwa l-lahu lā ilāha illā huwa lahu l-ḥamdu fī l-ūlā wal-ākhirati walahu l-ḥuk'mu wa-ilayhi tur'jaʿūna

Sinhala තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතුය. තීන්දුව ද ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.

Verse 71

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِضِيَآءٍ ۖ أَفَلَا تَسْمَعُونَ

Transliteration qul ara-aytum in jaʿala l-lahu ʿalaykumu al-layla sarmadan ilā yawmi l-qiyāmati man ilāhun ghayru l-lahi yatīkum biḍiyāin afalā tasmaʿūna

Sinhala මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි (නබිවරය) ඔබ විමසනු.

Verse 72

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلنَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ

Transliteration qul ara-aytum in jaʿala l-lahu ʿalaykumu l-nahāra sarmadan ilā yawmi l-qiyāmati man ilāhun ghayru l-lahi yatīkum bilaylin taskunūna fīhi afalā tub'ṣirūna

Sinhala මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි වාසය කරන රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නොවේ ද? යැයි (නබිවරය) ඔබ විමසනු.

Verse 73

وَمِن رَّحْمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ لِتَسْكُنُوا۟ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

Transliteration wamin raḥmatihi jaʿala lakumu al-layla wal-nahāra litaskunū fīhi walitabtaghū min faḍlihi walaʿallakum tashkurūna

Sinhala එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්‍රිය හා දහවල ඇති කළේය.

Verse 74

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

Transliteration wayawma yunādīhim fayaqūlu ayna shurakāiya alladhīna kuntum tazʿumūna

Sinhala තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැ?යි ඔහු (අල්ලාහ්) විමසයි.

Verse 75

وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا۟ بُرْهَـٰنَكُمْ فَعَلِمُوٓا۟ أَنَّ ٱلْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Transliteration wanazaʿnā min kulli ummatin shahīdan faqul'nā hātū bur'hānakum faʿalimū anna l-ḥaqa lillahi waḍalla ʿanhum mā kānū yaftarūna

Sinhala සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අපි වෙන් කර නුඹලාගේ සාධක ගෙන එනුයි අපි පවසන්නෙමු. එවිට නියත වශයෙන්ම සත්‍යය අල්ලාහ් සතු යැයි ඔවුන් දැන ගනු ඇත. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යයි.

Verse 76

۞ إِنَّ قَـٰرُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَءَاتَيْنَـٰهُ مِنَ ٱلْكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُو۟لِى ٱلْقُوَّةِ إِذْ قَالَ لَهُۥ قَوْمُهُۥ لَا تَفْرَحْ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْفَرِحِينَ

Transliteration inna qārūna kāna min qawmi mūsā fabaghā ʿalayhim waātaynāhu mina l-kunūzi mā inna mafātiḥahu latanūu bil-ʿuṣ'bati ulī l-quwati idh qāla lahu qawmuhu lā tafraḥ inna l-laha lā yuḥibbu l-fariḥīna

Sinhala නියත වශයෙන්ම කාරූන් මූසාගේ ජනයා අතුරින් කෙනෙකු විය. නමුත් ඔහු ඔවුනට එරෙහි ව සීමාව ඉක්මවා කටයුතු කළේය. තවද අපි ඔහුට නිධන් වස්තු පිරිනැමුවෙමු. නියත වශයෙන්ම එහි යතුරු ශක්තිමත් කණ්ඩායමක් විසින් ඉතා අසීරුවෙන් උසුලන්නක් විය. ඔබ උදම් නොවනු යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම අල්ලාහ් උදම් වන්නන් ප්‍රිය නොකරයි.

Verse 77

وَٱبْتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلْـَٔاخِرَةَ ۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنْيَا ۖ وَأَحْسِن كَمَآ أَحْسَنَ ٱللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ ٱلْفَسَادَ فِى ٱلْأَرْضِ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ

Transliteration wa-ib'taghi fīmā ātāka l-lahu l-dāra l-ākhirata walā tansa naṣībaka mina l-dun'yā wa-aḥsin kamā aḥsana l-lahu ilayka walā tabghi l-fasāda fī l-arḍi inna l-laha lā yuḥibbu l-muf'sidīna

Sinhala අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ දෑහි මතු ලොව නිවහන ඔබ සොයනු. තවද මෙලොවෙහි ඔබේ කොටස අමතක නොකරනු. අල්ලාහ් ඔබ වෙත උපකාරශීලී ව කටයුතු කළාක් මෙන් ඔබ ද උපකාරශීලී ව කටයුතු කරනු. තවද මහපොළොවේ කලහකම් කිරීමට නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන් ප්‍රිය නොකරයි.

Verse 78

قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍ عِندِىٓ ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ ٱللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِۦ مِنَ ٱلْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًا ۚ وَلَا يُسْـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلْمُجْرِمُونَ

Transliteration qāla innamā ūtītuhu ʿalā ʿil'min ʿindī awalam yaʿlam anna l-laha qad ahlaka min qablihi mina l-qurūni man huwa ashaddu min'hu quwwatan wa-aktharu jamʿan walā yus'alu ʿan dhunūbihimu l-muj'rimūna

Sinhala මෙය මට දෙනු ලැබුවේ මා වෙත තිබෙන දැනුම හේතුකොටගෙනය යැයි (කාරූන්) පැවසීය. ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් බලවත් එමෙන්ම පිරිසෙන් වැඩි පරම්පරාවන් අල්ලාහ් විනාශ කර ඇති බව ඔහු නොදත්තේ ද? අපරාධකරුවන් ඔවුන්ගේ පාපයන් ගැන විමසනු නොලබති.

Verse 79

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ فِى زِينَتِهِۦ ۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا يَـٰلَيْتَ لَنَا مِثْلَ مَآ أُوتِىَ قَـٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٍ

Transliteration fakharaja ʿalā qawmihi fī zīnatihi qāla alladhīna yurīdūna l-ḥayata l-dun'yā yālayta lanā mith'la mā ūtiya qārūnu innahu ladhū ḥaẓẓin ʿaẓīmin

Sinhala ඔහුගේ අලංකාරය තුළ ඔහු ඔහුගේ ජනයා වෙත පිටතට පැමිණියේය. මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ කාරූන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද තිබුණා නම්! නියත වශයෙන්ම ඔහු ඉමහත් භාග්‍යය සම්පන්නයකු යැයි පැවසූහ.

Verse 80

وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ ٱللَّهِ خَيْرٌ لِّمَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًا وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّـٰبِرُونَ

Transliteration waqāla alladhīna ūtū l-ʿil'ma waylakum thawābu l-lahi khayrun liman āmana waʿamila ṣāliḥan walā yulaqqāhā illā l-ṣābirūna

Sinhala නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම්ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නොලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ.

Verse 81

فَخَسَفْنَا بِهِۦ وَبِدَارِهِ ٱلْأَرْضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٍ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلْمُنتَصِرِينَ

Transliteration fakhasafnā bihi wabidārihi l-arḍa famā kāna lahu min fi-atin yanṣurūnahu min dūni l-lahi wamā kāna mina l-muntaṣirīna

Sinhala එවිට අපි ඔහු හා ඔහුගේ නිවස මහපොළොවට ගිල්වූයෙමු. එහෙයින් අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු උදව් ලබන්නන් අතුරින් ද නොවීය.

Verse 82

وَأَصْبَحَ ٱلَّذِينَ تَمَنَّوْا۟ مَكَانَهُۥ بِٱلْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ ۖ لَوْلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ

Transliteration wa-aṣbaḥa alladhīna tamannaw makānahu bil-amsi yaqūlūna wayka-anna l-laha yabsuṭu l-riz'qa liman yashāu min ʿibādihi wayaqdiru lawlā an manna l-lahu ʿalaynā lakhasafa binā wayka-annahu lā yuf'liḥu l-kāfirūna

Sinhala අහෝ! තම ගැත්තන් අතුරින් අල්ලාහ් අභිමත කරන අයට පෝෂණ සම්පත් ඔහු ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ප්‍රමාණ කොට දෙයි. අල්ලාහ් අප වෙත කාරුණික නොවූයේ නම් අප ද ගිලී යන්නට තිබුණි. අහෝ! දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇතැයි පෙර දින ඔහුගේ නිලයට ආශා කළවුන් පවසන්නන් බවට පත් වූහ.

Verse 83

تِلْكَ ٱلدَّارُ ٱلْـَٔاخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِى ٱلْأَرْضِ وَلَا فَسَادًا ۚ وَٱلْعَـٰقِبَةُ لِلْمُتَّقِينَ

Transliteration til'ka l-dāru l-ākhiratu najʿaluhā lilladhīna lā yurīdūna ʿuluwwan fī l-arḍi walā fasādan wal-ʿāqibatu lil'muttaqīna

Sinhala ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්‍රිය නොකරන්නන් හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන් හටය.

Verse 84

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌ مِّنْهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَى ٱلَّذِينَ عَمِلُوا۟ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ

Transliteration man jāa bil-ḥasanati falahu khayrun min'hā waman jāa bil-sayi-ati falā yuj'zā alladhīna ʿamilū l-sayiāti illā mā kānū yaʿmalūna

Sinhala කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා උතුම් දෑ ඔහුට ඇත. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එසේ නපුරුකම් සිදු කළ අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස ප්‍රතිඵල දෙනු නොලැබේ.

Verse 85

إِنَّ ٱلَّذِى فَرَضَ عَلَيْكَ ٱلْقُرْءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُل رَّبِّىٓ أَعْلَمُ مَن جَآءَ بِٱلْهُدَىٰ وَمَنْ هُوَ فِى ضَلَـٰلٍ مُّبِينٍ

Transliteration inna alladhī faraḍa ʿalayka l-qur'āna larādduka ilā maʿādin qul rabbī aʿlamu man jāa bil-hudā waman huwa fī ḍalālin mubīnin

Sinhala ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබ ව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයටම ගෙන යනු ඇත. යහමග රැගෙන එන්නා කවුරුන් දැයි ද පැහැදිලි මුළාවෙහි සිටින්නා කවුරුන්දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි පවසන්න.

Verse 86

وَمَا كُنتَ تَرْجُوٓا۟ أَن يُلْقَىٰٓ إِلَيْكَ ٱلْكِتَـٰبُ إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِّلْكَـٰفِرِينَ

Transliteration wamā kunta tarjū an yul'qā ilayka l-kitābu illā raḥmatan min rabbika falā takūnanna ẓahīran lil'kāfirīna

Sinhala තවද දේව ග්‍රන්ථය ඔබ වෙත පහළ කරනු ලැබේ යැයි ඔබ අපේක්ෂා කරමින් නොසිටියෙහිය. එය ඔබගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් මිස නැත. එහෙයින් ඔබ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට උර දෙන්නකු නොවනු.

Verse 87

وَلَا يَصُدُّنَّكَ عَنْ ءَايَـٰتِ ٱللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَ ۖ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ

Transliteration walā yaṣuddunnaka ʿan āyāti l-lahi baʿda idh unzilat ilayka wa-ud'ʿu ilā rabbika walā takūnanna mina l-mush'rikīna

Sinhala අල්ලාහ්ගේ වදන් ඔබ වෙත පහළ කරනු ලැබුවායින් පසු ව ඒවායින් ඔවුන් ඔබ ව නොවැළැක්විය යුතුයි. තවද ඔබ ඔබේ පරමාධිපති වෙත ඇරයුම් කරනු. තවද ඔබ දෙවියන්ට ආදේශ කරන්නන් අතුරින් නොවනු.

Verse 88

وَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۘ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُۥ ۚ لَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

Transliteration walā tadʿu maʿa l-lahi ilāhan ākhara lā ilāha illā huwa kullu shayin hālikun illā wajhahu lahu l-ḥuk'mu wa-ilayhi tur'jaʿūna

Sinhala තවද ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහුගේ මුහුණ හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නක්ය. නීතිය ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.

Read Surah Al-Qasas in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.