Surah Ad-Dukhan in Sinhala: translation and audio
Surah 44 · الدخان · The Smoke · 59 verses
Surah Ad-Dukhan verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Ad-Dukhan word by word in English.
Verse 1
حمٓ
Transliteration hha-meem
Sinhala හා මීම්
Verse 2
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ
Transliteration wal-kitābi l-mubīni
Sinhala පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්
Verse 3
إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةٍ مُّبَـٰرَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ
Transliteration innā anzalnāhu fī laylatin mubārakatin innā kunnā mundhirīna
Sinhala නියත වශයෙන්ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
Verse 4
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
Transliteration fīhā yuf'raqu kullu amrin ḥakīmin
Sinhala එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
Verse 5
أَمْرًا مِّنْ عِندِنَآ ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ
Transliteration amran min ʿindinā innā kunnā mur'silīna
Sinhala (එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (දහම් දූතයින්) එවන්නන් වූයෙමු.
Verse 6
رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Transliteration raḥmatan min rabbika innahu huwa l-samīʿu l-ʿalīmu
Sinhala (එය) ඔබේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
Verse 7
رَبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ
Transliteration rabbi l-samāwāti wal-arḍi wamā baynahumā in kuntum mūqinīna
Sinhala නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු. ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
Verse 8
لَآ إِلَـٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
Transliteration lā ilāha illā huwa yuḥ'yī wayumītu rabbukum warabbu ābāikumu l-awalīna
Sinhala ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
Verse 9
بَلْ هُمْ فِى شَكٍّ يَلْعَبُونَ
Transliteration bal hum fī shakkin yalʿabūna
Sinhala එසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති.
Verse 10
فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍ مُّبِينٍ
Transliteration fa-ir'taqib yawma tatī l-samāu bidukhānin mubīnin
Sinhala එහෙයින් පැහැදිලි ව පෙනෙන දුමාරයකින් යුතු ව අහස පැමිණෙන දිනය (නබිවරය) ඔබ බලාපෙරොත්තුවෙන් සිටිනු.
Verse 11
يَغْشَى ٱلنَّاسَ ۖ هَـٰذَا عَذَابٌ أَلِيمٌ
Transliteration yaghshā l-nāsa hādhā ʿadhābun alīmun
Sinhala එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
Verse 12
رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ
Transliteration rabbanā ik'shif ʿannā l-ʿadhāba innā mu'minūna
Sinhala “අපගේ පරමාධිපතියාණෙනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
Verse 13
أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌ مُّبِينٌ
Transliteration annā lahumu l-dhik'rā waqad jāahum rasūlun mubīnun
Sinhala ඔවුනට උපදෙස කෙසේ නම් වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
Verse 14
ثُمَّ تَوَلَّوْا۟ عَنْهُ وَقَالُوا۟ مُعَلَّمٌ مَّجْنُونٌ
Transliteration thumma tawallaw ʿanhu waqālū muʿallamun majnūnun
Sinhala පසු ව ඔවුහු ඔහුගෙන් හැරී ගොස් “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තා; උම්මත්තකයෙකි” යැයි ඔවුහු පැවසූහ.
Verse 15
إِنَّا كَاشِفُوا۟ ٱلْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَآئِدُونَ
Transliteration innā kāshifū l-ʿadhābi qalīlan innakum ʿāidūna
Sinhala නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා නැවත හැරී යන්නෝය.
Verse 16
يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ
Transliteration yawma nabṭishu l-baṭshata l-kub'rā innā muntaqimūna
Sinhala දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි දඬුවම් කරන්නෝ වෙමු.
Verse 17
۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌ كَرِيمٌ
Transliteration walaqad fatannā qablahum qawma fir'ʿawna wajāahum rasūlun karīmun
Sinhala තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය දහම් දූතයකු පැමිණියේය.
Verse 18
أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ ٱللَّهِ ۖ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Transliteration an addū ilayya ʿibāda l-lahi innī lakum rasūlun amīnun
Sinhala “අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දහම් දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
Verse 19
وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ ۖ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَـٰنٍ مُّبِينٍ
Transliteration wa-an lā taʿlū ʿalā l-lahi innī ātīkum bisul'ṭānin mubīnin
Sinhala “තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවෙමි.”
Verse 20
وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ
Transliteration wa-innī ʿudh'tu birabbī warabbikum an tarjumūni
Sinhala “තවද නුඹලා මා ගල් ගසා මැරීම සම්බන්ධයෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින්ද, එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින්ද, ආරක්ෂාව පතමි.”
Verse 21
وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ
Transliteration wa-in lam tu'minū lī fa-iʿ'tazilūni
Sinhala “තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
Verse 22
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌ مُّجْرِمُونَ
Transliteration fadaʿā rabbahu anna hāulāi qawmun muj'rimūna
Sinhala (ඔවුන් කලහකම් කළහ) එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.
Verse 23
فَأَسْرِ بِعِبَادِى لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ
Transliteration fa-asri biʿibādī laylan innakum muttabaʿūna
Sinhala (ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
Verse 24
وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ
Transliteration wa-ut'ruki l-baḥra rahwan innahum jundun mugh'raqūna
Sinhala “මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
Verse 25
كَمْ تَرَكُوا۟ مِن جَنَّـٰتٍ وَعُيُونٍ
Transliteration kam tarakū min jannātin waʿuyūnin
Sinhala ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
Verse 26
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ
Transliteration wazurūʿin wamaqāmin karīmin
Sinhala තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන,
Verse 27
وَنَعْمَةٍ كَانُوا۟ فِيهَا فَـٰكِهِينَ
Transliteration wanaʿmatin kānū fīhā fākihīna
Sinhala තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් (අතහැර දමා ගියෝ ද?)
Verse 28
كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَـٰهَا قَوْمًا ءَاخَرِينَ
Transliteration kadhālika wa-awrathnāhā qawman ākharīna
Sinhala එලෙසය ! තවද අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
Verse 29
فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ
Transliteration famā bakat ʿalayhimu l-samāu wal-arḍu wamā kānū munẓarīna
Sinhala එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූහ.
Verse 30
وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ
Transliteration walaqad najjaynā banī is'rāīla mina l-ʿadhābi l-muhīni
Sinhala තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.
Verse 31
مِن فِرْعَوْنَ ۚ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ ٱلْمُسْرِفِينَ
Transliteration min fir'ʿawna innahu kāna ʿāliyan mina l-mus'rifīna
Sinhala ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරින් උද්දච්ච ප්‍රධානියකු විය.
Verse 32
وَلَقَدِ ٱخْتَرْنَـٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَـٰلَمِينَ
Transliteration walaqadi ikh'tarnāhum ʿalā ʿil'min ʿalā l-ʿālamīna
Sinhala (එකල විසූ) ලෝවැසියනට දැනුවත් ව සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
Verse 33
وَءَاتَيْنَـٰهُم مِّنَ ٱلْـَٔايَـٰتِ مَا فِيهِ بَلَـٰٓؤٌا۟ مُّبِينٌ
Transliteration waātaynāhum mina l-āyāti mā fīhi balāon mubīnun
Sinhala තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
Verse 34
إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ
Transliteration inna hāulāi layaqūlūna
Sinhala නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති.
Verse 35
إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ
Transliteration in hiya illā mawtatunā l-ūlā wamā naḥnu bimunsharīna
Sinhala “මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
Verse 36
فَأْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ
Transliteration fatū biābāinā in kuntum ṣādiqīna
Sinhala එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
Verse 37
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَـٰهُمْ ۖ إِنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ
Transliteration ahum khayrun am qawmu tubbaʿin wa-alladhīna min qablihim ahlaknāhum innahum kānū muj'rimīna
Sinhala ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූහ.
Verse 38
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَـٰعِبِينَ
Transliteration wamā khalaqnā l-samāwāti wal-arḍa wamā baynahumā lāʿibīna
Sinhala තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් සඳහා අපි නොමැව්වෙමු.
Verse 39
مَا خَلَقْنَـٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Transliteration mā khalaqnāhumā illā bil-ḥaqi walākinna aktharahum lā yaʿlamūna
Sinhala ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
Verse 40
إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَـٰتُهُمْ أَجْمَعِينَ
Transliteration inna yawma l-faṣli mīqātuhum ajmaʿīna
Sinhala නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
Verse 41
يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًى شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ
Transliteration yawma lā yugh'nī mawlan ʿan mawlan shayan walā hum yunṣarūna
Sinhala එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.
Verse 42
إِلَّا مَن رَّحِمَ ٱللَّهُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Transliteration illā man raḥima l-lahu innahu huwa l-ʿazīzu l-raḥīmu
Sinhala නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාවන්ත වනුයේ.
Verse 43
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ
Transliteration inna shajarata l-zaqūmi
Sinhala නියත වශයෙන්ම zසක්කූම් ගස වනාහි,
Verse 44
طَعَامُ ٱلْأَثِيمِ
Transliteration ṭaʿāmu l-athīmi
Sinhala පාපතරයින්ගේ ආහාරයයි.
Verse 45
كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ
Transliteration kal-muh'li yaghlī fī l-buṭūni
Sinhala (එය) එය උණු කළ තඹ මෙන්ය. එය උදර තුළ උණුවෙමින් පවතින්නේය.
Verse 46
كَغَلْىِ ٱلْحَمِيمِ
Transliteration kaghalyi l-ḥamīmi
Sinhala ලෝ දිය උතුරන්නාක් මෙනි.
Verse 47
خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ
Transliteration khudhūhu fa-iʿ'tilūhu ilā sawāi l-jaḥīmi
Sinhala (නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මැදට ඇද ගෙන යනු.
Verse 48
ثُمَّ صُبُّوا۟ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ
Transliteration thumma ṣubbū fawqa rasihi min ʿadhābi l-ḥamīmi
Sinhala පසු ව ඔහුගේ හිසට ඉහළින් නුඹලා වේදනාව ඇති කරන ලෝ දිය වක් කරනු.
Verse 49
ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ
Transliteration dhuq innaka anta l-ʿazīzu l-karīmu
Sinhala ඔබ විඳිනු. නියත වශයෙන්ම ඔබ ගරුසරු ඇති බලධාරියෙකි.
Verse 50
إِنَّ هَـٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ
Transliteration inna hādhā mā kuntum bihi tamtarūna
Sinhala නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එයයි (යැයි කියනු ලැබේ.)
Verse 51
إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍ
Transliteration inna l-mutaqīna fī maqāmin amīnin
Sinhala නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
Verse 52
فِى جَنَّـٰتٍ وَعُيُونٍ
Transliteration fī jannātin waʿuyūnin
Sinhala උයන් වතු හා දිය උල්පත් අතරය.
Verse 53
يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَـٰبِلِينَ
Transliteration yalbasūna min sundusin wa-is'tabraqin mutaqābilīna
Sinhala ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
Verse 54
كَذَٰلِكَ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ
Transliteration kadhālika wazawwajnāhum biḥūrin ʿīnin
Sinhala එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
Verse 55
يَدْعُونَ فِيهَا بِكُلِّ فَـٰكِهَةٍ ءَامِنِينَ
Transliteration yadʿūna fīhā bikulli fākihatin āminīna
Sinhala ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
Verse 56
لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰ ۖ وَوَقَىٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ
Transliteration lā yadhūqūna fīhā l-mawta illā l-mawtata l-ūlā wawaqāhum ʿadhāba l-jaḥīmi
Sinhala මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත.
Verse 57
فَضْلًا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Transliteration faḍlan min rabbika dhālika huwa l-fawzu l-ʿaẓīmu
Sinhala (එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.
Verse 58
فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Transliteration fa-innamā yassarnāhu bilisānika laʿallahum yatadhakkarūna
Sinhala එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය ඔබේ දිවට පහසු කළෙමු.
Verse 59
فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ
Transliteration fa-ir'taqib innahum mur'taqibūna
Sinhala එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
Read Surah Ad-Dukhan in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.