MyDugsiStart learning

Surah Al-Mumtahanah in Sinhala: translation and audio

Surah 60 · الممتحنة · She that is to be examined · 13 verses

Surah Al-Mumtahanah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Mumtahanah word by word in English.

Verse 1

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ عَدُوِّى وَعَدُوَّكُمْ أَوْلِيَآءَ تُلْقُونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَقَدْ كَفَرُوا۟ بِمَا جَآءَكُم مِّنَ ٱلْحَقِّ يُخْرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُوا۟ بِٱللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَـٰدًا فِى سَبِيلِى وَٱبْتِغَآءَ مَرْضَاتِى ۚ تُسِرُّونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَأَنَا۠ أَعْلَمُ بِمَآ أَخْفَيْتُمْ وَمَآ أَعْلَنتُمْ ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ

Transliteration yāayyuhā alladhīna āmanū lā tattakhidhū ʿaduwwī waʿaduwwakum awliyāa tul'qūna ilayhim bil-mawadati waqad kafarū bimā jāakum mina l-ḥaqi yukh'rijūna l-rasūla wa-iyyākum an tu'minū bil-lahi rabbikum in kuntum kharajtum jihādan fī sabīlī wa-ib'tighāa marḍātī tusirrūna ilayhim bil-mawadati wa-anā aʿlamu bimā akhfaytum wamā aʿlantum waman yafʿalhu minkum faqad ḍalla sawāa l-sabīli

Sinhala අහෝ විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නොගනු. තවද සත්‍යයෙන් යුතු ව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලා ව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහුය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද අල්ලාහ් මැනවින් දන්නාය. තවද නුඹලා අතුරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේය.

Verse 2

إِن يَثْقَفُوكُمْ يَكُونُوا۟ لَكُمْ أَعْدَآءً وَيَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّوا۟ لَوْ تَكْفُرُونَ

Transliteration in yathqafūkum yakūnū lakum aʿdāan wayabsuṭū ilaykum aydiyahum wa-alsinatahum bil-sūi wawaddū law takfurūna

Sinhala ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වන්නේය. තවද නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරන්නෝය. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් යැයි ඔවුහු ප්‍රිය කරති.

Verse 3

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَآ أَوْلَـٰدُكُمْ ۚ يَوْمَ ٱلْقِيَـٰمَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Transliteration lan tanfaʿakum arḥāmukum walā awlādukum yawma l-qiyāmati yafṣilu baynakum wal-lahu bimā taʿmalūna baṣīrun

Sinhala මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.

Verse 4

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِىٓ إِبْرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذْ قَالُوا۟ لِقَوْمِهِمْ إِنَّا بُرَءَٰٓؤُا۟ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ ٱلْعَدَٰوَةُ وَٱلْبَغْضَآءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا۟ بِٱللَّهِ وَحْدَهُۥٓ إِلَّا قَوْلَ إِبْرَٰهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَآ أَمْلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَىْءٍ ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ

Transliteration qad kānat lakum us'watun ḥasanatun fī ib'rāhīma wa-alladhīna maʿahu idh qālū liqawmihim innā buraāu minkum wamimmā taʿbudūna min dūni l-lahi kafarnā bikum wabadā baynanā wabaynakumu l-ʿadāwatu wal-baghḍāu abadan ḥattā tu'minū bil-lahi waḥdahu illā qawla ib'rāhīma li-abīhi la-astaghfiranna laka wamā amliku laka mina l-lahi min shayin rabbanā ʿalayka tawakkalnā wa-ilayka anabnā wa-ilayka l-maṣīru

Sinhala ඉබ්‍රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත.’ නමුත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්‍රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. ( අනිකුත් කරුණුවල ආදර්ශයක් ඇත්තේය. තවද ඉබ්‍රාහීම්) “අපගේ පරමාධිපතියාණෙනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙතම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙතය.”

Verse 5

رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا۟ وَٱغْفِرْ لَنَا رَبَّنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Transliteration rabbanā lā tajʿalnā fit'natan lilladhīna kafarū wa-igh'fir lanā rabbanā innaka anta l-ʿazīzu l-ḥakīmu

Sinhala “අපගේ පරමාධිපතියාණෙනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙසින් අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණෙනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.

Verse 6

لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْـَٔاخِرَ ۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

Transliteration laqad kāna lakum fīhim us'watun ḥasanatun liman kāna yarjū l-laha wal-yawma l-ākhira waman yatawalla fa-inna l-laha huwa l-ghaniyu l-ḥamīdu

Sinhala අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර (යහපත්) ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්‍යතාවන්ගෙන් තොරය. ප්‍රසංශාලාභීය.

Verse 7

۞ عَسَى ٱللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ ٱلَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةً ۚ وَٱللَّهُ قَدِيرٌ ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

Transliteration ʿasā l-lahu an yajʿala baynakum wabayna alladhīna ʿādaytum min'hum mawaddatan wal-lahu qadīrun wal-lahu ghafūrun raḥīmun

Sinhala නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තාය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

Verse 8

لَّا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمْ يُقَـٰتِلُوكُمْ فِى ٱلدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَـٰرِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوٓا۟ إِلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ

Transliteration lā yanhākumu l-lahu ʿani alladhīna lam yuqātilūkum fī l-dīni walam yukh'rijūkum min diyārikum an tabarrūhum watuq'siṭū ilayhim inna l-laha yuḥibbu l-muq'siṭīna

Sinhala දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.

Verse 9

إِنَّمَا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَـٰتَلُوكُمْ فِى ٱلدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَـٰرِكُمْ وَظَـٰهَرُوا۟ عَلَىٰٓ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ

Transliteration innamā yanhākumu l-lahu ʿani alladhīna qātalūkum fī l-dīni wa-akhrajūkum min diyārikum waẓāharū ʿalā ikh'rājikum an tawallawhum waman yatawallahum fa-ulāika humu l-ẓālimūna

Sinhala නියත වශයෙන්ම අල්ලාහ් වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අයගෙනි. තවද නුඹලා ඔවුන් මිතුරන් ලෙස ගැනීමත්ය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.

Verse 10

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا جَآءَكُمُ ٱلْمُؤْمِنَـٰتُ مُهَـٰجِرَٰتٍ فَٱمْتَحِنُوهُنَّ ۖ ٱللَّهُ أَعْلَمُ بِإِيمَـٰنِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَـٰتٍ فَلَا تَرْجِعُوهُنَّ إِلَى ٱلْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَءَاتُوهُم مَّآ أَنفَقُوا۟ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا۟ بِعِصَمِ ٱلْكَوَافِرِ وَسْـَٔلُوا۟ مَآ أَنفَقْتُمْ وَلْيَسْـَٔلُوا۟ مَآ أَنفَقُوا۟ ۚ ذَٰلِكُمْ حُكْمُ ٱللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Transliteration yāayyuhā alladhīna āmanū idhā jāakumu l-mu'minātu muhājirātin fa-im'taḥinūhunna l-lahu aʿlamu biīmānihinna fa-in ʿalim'tumūhunna mu'minātin falā tarjiʿūhunna ilā l-kufāri lā hunna ḥillun lahum walā hum yaḥillūna lahunna waātūhum mā anfaqū walā junāḥa ʿalaykum an tankiḥūhunna idhā ātaytumūhunna ujūrahunna walā tum'sikū biʿiṣami l-kawāfiri wasalū mā anfaqtum walyasalū mā anfaqū dhālikum ḥuk'mu l-lahi yaḥkumu baynakum wal-lahu ʿalīmun ḥakīmun

Sinhala අහෝ විශ්වාස කළවුනි! විශ්වාසවන්ත කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ (සත්‍ය තත්වය) මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන් දේව විශ්වාසවන්ත කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේව ප්‍රතික්ෂේපකයින් වෙත නුඹලා ඔවුන් හරවා නොයවනු. මොවුන් ඔවුනට අනුමත නොවේ. තවද ඔවුහු මොවුනට අනුමත නොවෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්‍යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේව ප්‍රතික්ෂේපිත කාන්තාවන් සමග වූ විවාහ බන්ධනය පවත්වාගෙන නොයනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේව ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. මහා ප්‍රඥාවන්තය.

Verse 11

وَإِن فَاتَكُمْ شَىْءٌ مِّنْ أَزْوَٰجِكُمْ إِلَى ٱلْكُفَّارِ فَعَاقَبْتُمْ فَـَٔاتُوا۟ ٱلَّذِينَ ذَهَبَتْ أَزْوَٰجُهُم مِّثْلَ مَآ أَنفَقُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ

Transliteration wa-in fātakum shayon min azwājikum ilā l-kufāri faʿāqabtum faātū alladhīna dhahabat azwājuhum mith'la mā anfaqū wa-ittaqū l-laha alladhī antum bihi mu'minūna

Sinhala තවද, නුඹලාගේ බිරියන් අතුරින් කිසිවෙක් (ආගමෙන් ඉවත්ව) නුඹලා හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් වෙත ගියේ නම් පසුව (යුද්ධයකදී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නෝද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු.

Verse 12

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا جَآءَكَ ٱلْمُؤْمِنَـٰتُ يُبَايِعْنَكَ عَلَىٰٓ أَن لَّا يُشْرِكْنَ بِٱللَّهِ شَيْـًٔا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَـٰدَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَـٰنٍ يَفْتَرِينَهُۥ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِى مَعْرُوفٍ ۙ فَبَايِعْهُنَّ وَٱسْتَغْفِرْ لَهُنَّ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

Transliteration yāayyuhā l-nabiyu idhā jāaka l-mu'minātu yubāyiʿ'naka ʿalā an lā yush'rik'na bil-lahi shayan walā yasriq'na walā yaznīna walā yaqtul'na awlādahunna walā yatīna bibuh'tānin yaftarīnahu bayna aydīhinna wa-arjulihinna walā yaʿṣīnaka fī maʿrūfin fabāyiʿ'hunna wa-is'taghfir lahunna l-laha inna l-laha ghafūrun raḥīmun

Sinhala අහෝ නබිවරය! දෙවියන් විශ්වාස කරන කාන්තාවෝ නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණ, ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නොවන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නොකරන බවටත්, ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද අතර ඔවුන් කවර කරුණක් ගෙතුවේ ද එවන් අවලාදයක් ඔවුන් නොගෙනන බවටත්, යහපත් කටයුතු වලදී ඔවුන් නුඹට පිටු නොපාන බවට ප්‍රතිඥා දුන් විට එය පිළිගනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

Verse 13

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَوَلَّوْا۟ قَوْمًا غَضِبَ ٱللَّهُ عَلَيْهِمْ قَدْ يَئِسُوا۟ مِنَ ٱلْـَٔاخِرَةِ كَمَا يَئِسَ ٱلْكُفَّارُ مِنْ أَصْحَـٰبِ ٱلْقُبُورِ

Transliteration yāayyuhā alladhīna āmanū lā tatawallaw qawman ghaḍiba l-lahu ʿalayhim qad ya-isū mina l-ākhirati kamā ya-isa l-kufāru min aṣḥābi l-qubūri

Sinhala අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නොගනු. මිනී වළවල්හී තබන ලැබුවන් (නැවත නැගිට්ටවනු ලැබීම) ගැන දේව ප්‍රතික්ෂේපකයෝ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් සැබැවින්ම මොවුන් මතු ලොව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත.

Read Surah Al-Mumtahanah in another language

All languages

All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.

Learn it in MyDugsi

Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.