Surah Al-Hashr in Sinhala: translation and audio
Surah 59 · الحشر · The Exile · 24 verses
Surah Al-Hashr verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Sinhala translation by Ruwwad Center. For the meaning of every word, see Surah Al-Hashr word by word in English.
Verse 1
سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Transliteration sabbaḥa lillahi mā fī l-samāwāti wamā fī l-arḍi wahuwa l-ʿazīzu l-ḥakīmu
Sinhala අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරති. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරියාණන්ය.
Verse 2
هُوَ ٱلَّذِىٓ أَخْرَجَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ مِن دِيَـٰرِهِمْ لِأَوَّلِ ٱلْحَشْرِ ۚ مَا ظَنَنتُمْ أَن يَخْرُجُوا۟ ۖ وَظَنُّوٓا۟ أَنَّهُم مَّانِعَتُهُمْ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا۟ ۖ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُم بِأَيْدِيهِمْ وَأَيْدِى ٱلْمُؤْمِنِينَ فَٱعْتَبِرُوا۟ يَـٰٓأُو۟لِى ٱلْأَبْصَـٰرِ
Transliteration huwa alladhī akhraja alladhīna kafarū min ahli l-kitābi min diyārihim li-awwali l-ḥashri mā ẓanantum an yakhrujū waẓannū annahum māniʿatuhum ḥuṣūnuhum mina l-lahi fa-atāhumu l-lahu min ḥaythu lam yaḥtasibū waqadhafa fī qulūbihimu l-ruʿ'ba yukh'ribūna buyūtahum bi-aydīhim wa-aydī l-mu'minīna fa-iʿ'tabirū yāulī l-abṣāri
Sinhala සේනාවේ පළමු රැස්වීමේදී දේව ග්රන්ථ ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කළේ ඔහුය. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නොසිතූහ. තවද තම බලකොටු අල්ලාගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝය. එවිට අල්ලාහ්(ගේ ප්‍රකෝපය) ඔවුන් නොසිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දැමුවෝය. අහෝ ප්රඥසම්පන්න අයලුවනි! (මෙයින්) නුඹලා පාඩමක් ලබා ගනු.
Verse 3
وَلَوْلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيْهِمُ ٱلْجَلَآءَ لَعَذَّبَهُمْ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابُ ٱلنَّارِ
Transliteration walawlā an kataba l-lahu ʿalayhimu l-jalāa laʿadhabahum fī l-dun'yā walahum fī l-ākhirati ʿadhābu l-nāri
Sinhala එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නොතිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබැවින්ම දඬුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතු ලොවෙහි (නිරා) ගින්නේ දඬුවම ඇත.
Verse 4
ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
Transliteration dhālika bi-annahum shāqqū l-laha warasūlahu waman yushāqqi l-laha fa-inna l-laha shadīdu l-ʿiqābi
Sinhala එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව ක්‍රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
Verse 5
مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذْنِ ٱللَّهِ وَلِيُخْزِىَ ٱلْفَـٰسِقِينَ
Transliteration mā qaṭaʿtum min līnatin aw taraktumūhā qāimatan ʿalā uṣūlihā fabi-idh'ni l-lahi waliyukh'ziya l-fāsiqīna
Sinhala නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද පාපතරයින්ව නින්දාවට පත් කිරීම පිණිසය.
Verse 6
وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْهُمْ فَمَآ أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَـٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Transliteration wamā afāa l-lahu ʿalā rasūlihi min'hum famā awjaftum ʿalayhi min khaylin walā rikābin walākinna l-laha yusalliṭu rusulahu ʿalā man yashāu wal-lahu ʿalā kulli shayin qadīrun
Sinhala ඔවුන්ගෙන් තම දූතයාණන්හට අල්ලාහ් කවර දෙයක් පිරිනැමූවේද ඒ(වා ලබා ගැනීම) සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. නමුත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන් පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කිරීමෙහි ශක්තිය ඇත්තාය.
Verse 7
مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْ أَهْلِ ٱلْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ كَىْ لَا يَكُونَ دُولَةًۢ بَيْنَ ٱلْأَغْنِيَآءِ مِنكُمْ ۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
Transliteration mā afāa l-lahu ʿalā rasūlihi min ahli l-qurā falillahi walilrrasūli walidhī l-qur'bā wal-yatāmā wal-masākīni wa-ib'ni l-sabīli kay lā yakūna dūlatan bayna l-aghniyāi minkum wamā ātākumu l-rasūlu fakhudhūhu wamā nahākum ʿanhu fa-intahū wa-ittaqū l-laha inna l-laha shadīdu l-ʿiqābi
Sinhala ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද හිමිය. එය නුඹලා අතුරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නොවනු පිණිසය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට කුමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
Verse 8
لِلْفُقَرَآءِ ٱلْمُهَـٰجِرِينَ ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَـٰرِهِمْ وَأَمْوَٰلِهِمْ يَبْتَغُونَ فَضْلًا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ
Transliteration lil'fuqarāi l-muhājirīna alladhīna ukh'rijū min diyārihim wa-amwālihim yabtaghūna faḍlan mina l-lahi wariḍ'wānan wayanṣurūna l-laha warasūlahu ulāika humu l-ṣādiqūna
Sinhala ඔවුන්ගේ (උපන්) නිවෙස් වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු (මුහාජිර්වරු) න්ට ද කොටසක් හිමිය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහුමය සත්‍යවාදීහු.
Verse 9
وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلْإِيمَـٰنَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِى صُدُورِهِمْ حَاجَةً مِّمَّآ أُوتُوا۟ وَيُؤْثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۚ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
Transliteration wa-alladhīna tabawwaū l-dāra wal-īmāna min qablihim yuḥibbūna man hājara ilayhim walā yajidūna fī ṣudūrihim ḥājatan mimmā ūtū wayu'thirūna ʿalā anfusihim walaw kāna bihim khaṣāṣatun waman yūqa shuḥḥa nafsihi fa-ulāika humu l-muf'liḥūna
Sinhala තවද (මදීනාවෙහි) වාසස්ථානය හා ඔවුනට පෙර විශ්වාසය සලසා ගත්තවුන්ට ද (අන්සාරිවරුන්ටද) කොටසක් හිමිය. උපන් දේශයෙන් නික්ම වී ඔවුන් වෙත පැමිණි (මුහාජිර්) අය ව ඔවුහු ප්‍රිය කරති. ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ ව අවශ්‍යතාවක් ඔවුන්ගේ සිත් තුළ දකින්නට නොවීය. තමන්ට අවශ්‍යතාවක් තිබුණ ද, තමන්ට වඩා ඔවුනට මුල්තැන දෙති. කවරෙකු තම සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහුමය ජයග්‍රාහකයෝ වන්නේ.
Verse 10
وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا ٱغْفِرْ لَنَا وَلِإِخْوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلْإِيمَـٰنِ وَلَا تَجْعَلْ فِى قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَآ إِنَّكَ رَءُوفٌ رَّحِيمٌ
Transliteration wa-alladhīna jāū min baʿdihim yaqūlūna rabbanā igh'fir lanā wali-ikh'wāninā alladhīna sabaqūnā bil-īmāni walā tajʿal fī qulūbinā ghillan lilladhīna āmanū rabbanā innaka raūfun raḥīmun
Sinhala ඔවුනට පසු ව පැමිණියවුන් ‘අපගේ පරමාධිපතියාණෙනි! අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත් ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව! විශ්වාස කළවුන් පිළිබඳ ව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නොකරනු මැනව! අපගේ පරමාධිපතියාණෙනි! නියත වශයෙන්ම නුඹ සෙනෙහෙවන්තය මහා කාරුණාන්විතය යැයි පවසති.
Verse 11
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُوا۟ يَقُولُونَ لِإِخْوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِن قُوتِلْتُمْ لَنَنصُرَنَّكُمْ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَـٰذِبُونَ
Transliteration alam tara ilā alladhīna nāfaqū yaqūlūna li-ikh'wānihimu alladhīna kafarū min ahli l-kitābi la-in ukh'rij'tum lanakhrujanna maʿakum walā nuṭīʿu fīkum aḥadan abadan wa-in qūtil'tum lananṣurannakum wal-lahu yashhadu innahum lakādhibūna
Sinhala “නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අප ද නුඹලා සමග බැහැර වන්නෙමු. නුඹලා විෂයයෙහි කිසිවිටෙක කිසිවකුට අපි අවනත නොවන්නෙමු. නුඹලා පහර දෙනු ලැබුවෙහු නම් අපි නුඹලාට උදව් කරන්නෙමු” යැයි දේව ග්රන්ථ ලැබූවන් අතුරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නොදුටුවෙහි ද? තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලාහ් සාක්ෂි දරයි.
Verse 12
لَئِنْ أُخْرِجُوا۟ لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُوا۟ لَا يَنصُرُونَهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ ٱلْأَدْبَـٰرَ ثُمَّ لَا يُنصَرُونَ
Transliteration la-in ukh'rijū lā yakhrujūna maʿahum wala-in qūtilū lā yanṣurūnahum wala-in naṣarūhum layuwallunna l-adbāra thumma lā yunṣarūna
Sinhala ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමග (කුහකයින් වන) මොවුහු බැහැර නොවෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නොකරති. සැබැවින්ම ඔවුන් උදව් කළේ නම්, තවද ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසු ව ඔවුහු උදව් කරනු නොලබති.
Verse 13
لَأَنتُمْ أَشَدُّ رَهْبَةً فِى صُدُورِهِم مِّنَ ٱللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ
Transliteration la-antum ashaddu rahbatan fī ṣudūrihim mina l-lahi dhālika bi-annahum qawmun lā yafqahūna
Sinhala අල්ලාහ්ට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුළ පවතී. එය නියත වශයෙන්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි.
Verse 14
لَا يُقَـٰتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِى قُرًى مُّحَصَّنَةٍ أَوْ مِن وَرَآءِ جُدُرٍۭ ۚ بَأْسُهُم بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُونَ
Transliteration lā yuqātilūnakum jamīʿan illā fī quran muḥaṣṣanatin aw min warāi judurin basuhum baynahum shadīdun taḥsabuhum jamīʿan waqulūbuhum shattā dhālika bi-annahum qawmun lā yaʿqilūna
Sinhala ආරක්ෂිත ගම්මානයන් තුළ සිට හෝ බැමි වලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමග එක් ව ඔවුහු සටන් නොකරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්රබලය. ඔවුන් එක් ව සිටිනු ඇතැයි නුඹ සිතන්නෙහිය. නමුත් ඔවුන්ගේ හදවත් භින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කර ගන්නා පිරිසක් නොවන බැවිනි.
Verse 15
كَمَثَلِ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَرِيبًا ۖ ذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
Transliteration kamathali alladhīna min qablihim qarīban dhāqū wabāla amrihim walahum ʿadhābun alīmun
Sinhala ඔවුහු ඔවුනට පෙර සමීපයෙන් බැහැරවූවන් මෙනි. ඔවුන්ගේ විෂයයෙහි වූ දඬුවම ඔවුහු භුක්ති වින්දෝය. තවද (මතු ජීවියෙහි) ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
Verse 16
كَمَثَلِ ٱلشَّيْطَـٰنِ إِذْ قَالَ لِلْإِنسَـٰنِ ٱكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّى بَرِىٓءٌ مِّنكَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَـٰلَمِينَ
Transliteration kamathali l-shayṭāni idh qāla lil'insāni uk'fur falammā kafara qāla innī barīon minka innī akhāfu l-laha rabba l-ʿālamīna
Sinhala (කුහකයෝ) ෂෙයිතාන්ගේ උපමාවට සමානය. එනම් “නුඹ ප්‍රතික්ෂේප කරනු” යැයි ඔහු මිනිසාට කී විට එසේ (මිනිසා වන) ඔහු ප්‍රතික්ෂේප කළ කල්හි “නියත වශයෙන්ම මම නුඹෙන් ඉවත් වූයෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට නියත වශයෙන්ම මම බිය වෙමි” යැයි ඔහු (ෂෙයිතාන්) පවසයි.
Verse 17
فَكَانَ عَـٰقِبَتَهُمَآ أَنَّهُمَا فِى ٱلنَّارِ خَـٰلِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّـٰلِمِينَ
Transliteration fakāna ʿāqibatahumā annahumā fī l-nāri khālidayni fīhā wadhālika jazāu l-ẓālimīna
Sinhala ඔවුන් දෙදෙනාගේ අවසානය, නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා (නිරා) ගින්නට වනු ඇත. ඔවුහු එහි සදාතනිකයින්ය. තවද එය අපරාධකරුවන්ගේ ප්රතිවිපාකයයි.
Verse 18
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَلْتَنظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
Transliteration yāayyuhā alladhīna āmanū ittaqū l-laha waltanẓur nafsun mā qaddamat lighadin wa-ittaqū l-laha inna l-laha khabīrun bimā taʿmalūna
Sinhala අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සෑම ආත්මයක්ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැ යි බලත්වා ! තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
Verse 19
وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمْ أَنفُسَهُمْ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ
Transliteration walā takūnū ka-alladhīna nasū l-laha fa-ansāhum anfusahum ulāika humu l-fāsiqūna
Sinhala තවද නුඹලා අල්ලාහ් ව අමතක කළවුන් මෙන් නොවනු. එහෙයින් ඔහු ඔවුන් ගැන ඔවුනටම අමතක කෙරෙව්වේය. ඔවුහුමය (අකීකරු) පාපතරයින් වන්නෝ.
Verse 20
لَا يَسْتَوِىٓ أَصْحَـٰبُ ٱلنَّارِ وَأَصْحَـٰبُ ٱلْجَنَّةِ ۚ أَصْحَـٰبُ ٱلْجَنَّةِ هُمُ ٱلْفَآئِزُونَ
Transliteration lā yastawī aṣḥābu l-nāri wa-aṣḥābu l-janati aṣḥābu l-janati humu l-fāizūna
Sinhala (නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නොවෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහුමය ජයග්රහකයෝ.
Verse 21
لَوْ أَنزَلْنَا هَـٰذَا ٱلْقُرْءَانَ عَلَىٰ جَبَلٍ لَّرَأَيْتَهُۥ خَـٰشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ ٱللَّهِ ۚ وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
Transliteration law anzalnā hādhā l-qur'āna ʿalā jabalin lara-aytahu khāshiʿan mutaṣaddiʿan min khashyati l-lahi watil'ka l-amthālu naḍribuhā lilnnāsi laʿallahum yatafakkarūna
Sinhala මෙම කුර්ආනය අපි කන්දක් මතට පහළ කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදරා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු.
Verse 22
هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ۖ هُوَ ٱلرَّحْمَـٰنُ ٱلرَّحِيمُ
Transliteration huwa l-lahu alladhī lā ilāha illā huwa ʿālimu l-ghaybi wal-shahādati huwa l-raḥmānu l-raḥīmu
Sinhala ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔහු අපරමිත දයාන්විත අසමසම කරුණාන්විතය.
Verse 23
هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْمَلِكُ ٱلْقُدُّوسُ ٱلسَّلَـٰمُ ٱلْمُؤْمِنُ ٱلْمُهَيْمِنُ ٱلْعَزِيزُ ٱلْجَبَّارُ ٱلْمُتَكَبِّرُ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ
Transliteration huwa l-lahu alladhī lā ilāha illā huwa l-maliku l-qudūsu l-salāmu l-mu'minu l-muhayminu l-ʿazīzu l-jabāru l-mutakabiru sub'ḥāna l-lahi ʿammā yush'rikūna
Sinhala ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජුය. පාරිශුද්ධය. සාමය ඇති කරන්නාය. අභයදායීය. සංරක්ෂකය. සර්ව බලධාරීය. මහෝදරයාණන්ය. ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
Verse 24
هُوَ ٱللَّهُ ٱلْخَـٰلِقُ ٱلْبَارِئُ ٱلْمُصَوِّرُ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Transliteration huwa l-lahu l-khāliqu l-bāri-u l-muṣawiru lahu l-asmāu l-ḥus'nā yusabbiḥu lahu mā fī l-samāwāti wal-arḍi wahuwa l-ʿazīzu l-ḥakīmu
Sinhala ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
Read Surah Al-Hashr in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Azerbaijani
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Sinhala: the Qur’an in Sinhala.
Sinhala translation: Ruwwad Center, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.